ඉන්ධන මිල පහළට
(30.09.2024 – 21:43 +0530 – hirunews.lk/sinhala)
මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.
ඒ අනුව, රුපියල් 332 ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 311 ක් ලෙස සටහන් වුණා.
රුපියල් 307 ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 283 ක්.
එමෙන්ම රුපියල් 352 ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33 කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 319 ක්
එමෙන්ම රුපියල් 202 ක්ව පැවති, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19 කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 183 ක්
ඔක්ටේන් 95 පෙට්‍රල් සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටරයක මිල රුපියල් 377 ක් ලෙස පවතිනවා.
මහ මැතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ නාමලේඛන ප්‍රදර්ශණය කෙරේ
(30.09.2024 – 20:49 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සදහා ඡන්ද හිමි නාමලේඛන හෙට (01) සිට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව කම්කරු දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සහ තැපැල් මූලස්ථානය ඇතුලු තවත් රාජ්‍ය ආයතන 07 ක ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කරන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.
මේ අතර 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනය පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද භාවිත කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙටින් (01) ආරම්භ වන අතර එම කටයුතු ලබන මස 08 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුදෙනා මේ සදහා නැවතත් අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.
මේ අතර මහ කන්නයේ වී ගොවීන් සදහා රුපියල් 25,000 ක දීමනාවක් සහ ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු ලැබුවා.
මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී මෙවැනි සහනාධාරයක් ලබාදීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැළකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද ජනාධිපතිවරණය කැඳවූ අවස්ථාවේදී පොහොර සහ ඉන්ධන සහනාධාරය ලබා දිමට පියවර ගත් අතර, එයද මැතිවරණ කොමිසම විසින් අත්හිටවනු ලැබුවා.
මේ අතර නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනත් දිනයකදී පවත්වන ලෙසට ඉල්ලා ‘ශාක්‍ය පුත්‍රයෝ’ ජාතික සංවිධානය මැතිවරණ කොමිසමට අද (30) පැමිණිල්ලක් ඉදිරිපත් කළා ෴
+
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නෑ
(30.09.2024 – 18:00 +0530 – hirunews.lk/sinhala)
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
එම විභාගයේ පළමු (1) ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනකට (3) සම්පූර්ණ ලකුණු ප්‍රදානය කිරීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ ෴
+
ගෝල් ෆේස් හි ගාල් කර ඇති වාහන ගැන විශේෂ නිවේදනයක්
(30.09.2024 – 14:57 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ පසුගිය දින කිහිපය තුළ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් රථ වාහන 107 ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථ වාහන නොවන බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිය ධූර කාලය තුළ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බවයි.
එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ කඩ නොමැති නිසා බවත්, කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවද ජනාධිපති කාර්යාලය දැනුම් දෙනු ලබනවා.
+
+
අමාරුවේ වැටෙන්න කලින් අහන්නම ඕන කතාවක් පොලිසියෙන් | පොලිසියෙන් මුළු රටට විශේෂ දැනුම් දීමක් (30.09.2024)
+
‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු රුවන්පුර බැකෝ මැණික් පතල
(30.09.2024 – 23:36 +0530 – hirunews.lk/sinhala)
රත්නපුර, කරන්ගොඩ ප්‍රදේශයෙන් හංගමුව ගඟ වනසමින් නීතිවිරෝධී පතල් පවත්වාගෙන ගිය ස්ථාන ඉවත් කිරීමට පොලිසිය සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් අද (30) පියවර ගත්තා.
ඔවුන්ට එලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට හදිසියේ මතක් වී තිබුණේ ‘හිරු CIA’ හරහා මෙම මහා පරිමාණ පරිසර විනාශය ඊයේ (29) හෙළි කිරීමෙන් පසුවයි.
රත්නපුර, පොත්ගුල් විහාර මාවත, කරන්ගොඩ ප්‍රදේශයෙන් හංගමුව ගංගාව මුළුමනින්ම හරස් කරමින් ලී හා ලෑලි යොදා නීතිවිරෝධී මැණික් පතල් දිගු කලක පටන් පවත්වාගෙන ගොස් තිබුණේ සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්.
මෙම අනවසර ක්‍රියාවලිය සම්බන්ධයෙන්, පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කළ හැකි ආයතන කොතෙක් දැනුවත් කළත් ඊට කිසිදු නීතිමය පිළිසරණක් ගම්වාසීන්ට ලැබී තිබුණේ නැහැ.
ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක නොවන පසුබිමක් තුළ මෙම නීතිවිරෝධී පතල්වලට විරුද්ධ වූ ගම්වාසීන්ට මරණ තර්ජන පවා එල්ල කර භීතිය පැතිරවීමට ද ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙනවා.
හංගමුව ගඟ වනසන මෙම විනාශය ‘හිරු CIA’ හරහා ඊයේ (29) අප රට හමුවේ අනාවරණ කළේ, මෙවැනි පසුබිමක් තුළයි.
එම අනාවරණයෙන් පැය 24 ක් යාමටත් මත්තෙන් මෙතෙක් කලක් නීතිය ක්‍රියාත්මක කිරීම අමතකව නිද්‍රාශීලීව සිටි පොලිසිය සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් අදාළ ස්ථානයේ නිරීක්ෂණයට අද (30) පැමිණියා.
ඒ අනූව හංගමුව ගඟ හරස් කරමින් යොදා තිබූ බාධක ඔවුන් ඉවත් කිරීම සිදු කළා.
+
‘ෆේස්බුක් සාදයක්’ වටලා තරුණ පිරිසක් අත්අඩංගුවට
(30.09.2024 – 23:16 +0530 – hirunews.lk/sinhala)
රාගම කැන්දලියැද්ද පාළුව ප්‍රදේශයේ වසා දමා තිබූ නිවසක ‘ෆේස්බුක් සාදයක්’ පවත්වමින් සිටි අවුරුදු 14 – 19 අතර තරුණයින් 16 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු (2) රාගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අත්අඩංගුවට ගන්නා විට අඩ නිරුවතින් සිට ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 160 ක් කේරල ගංජා ග්‍රෑම් 19 ක් සහ මත්පෙති තොගයක් ද සොයාගෙන තිබෙනවා.
මේ සැකකරුවන් පිරිස කොටහේන, දෙමටගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
අදාළ නිවස හිමි කාන්තාවගේ 16 හැවිරිදි පිරිමි දරුවෙකු මෙම සාදය සංවිධාන කර තිබෙනවා.
ඔහු සිය මවට තර්ජනය කර සාදය වෙනුවෙන් මෙම නිවස බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
+
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට ජනපති මව්පියන්ට දුන් විසඳුම
(30.09.2024 – 23:33 +0530 – sinhala.adaderana.lk)
ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතරකරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ.
අද (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය තමන්ට දැනුම්දුන් බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම එහිදී ඔවුන් පවසා සිටියේ, පළමු පත්‍රය නැවත පවත්වන මෙන්ද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා මව්පියන් පිරිසක් අද (30) දවස පුරා බත්තරමුල්ලේදී සහ කොළඹදී විරෝධතාවල නිරත වූහ.
පසුව ඔවුන් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ද රැඳී සිටිමින් විරෝධතාවේ නිරත වූ අතර, එහිදී මව්පියන් හය දෙනෙකුට (6) ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට හිමිව ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව මව්පියන් මෙසේ අදහස් දැක්වූහ.
“එතුමා කියනවා කිව්වා උත්තර ප්‍රශ්න පරීක්ෂාව නතර කරනවා කියලා. අපි ඉල්ලීමක් කළා පළමු පත්‍රය තියන්න.
අපේ සටන ජයග්‍රහණය කරා කියලා අද දවසේ සතුටු වෙන්න පුළුවන්” ෴
මිනිසුන්ට නිදහසේ සිල්ගන්න දෙන්න මැතිවරණය පසු දිනයකට ගන්න.. (30.09.2024)
+
නව කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම්දීමේ පළමු මාධ්‍ය හමුව (01.10.2024)
+
දේශීය පොල්තෙල් කර්මාන්තයට අවදානමක්
(01.10.2024 – 13:24 +0530 – hirunews.lk/sinhala)
විශාල ලෙස පොල්තෙල් ආනයනය කිරීම තුළ දේශිය පොල්තෙල් කර්මාන්තය බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බව ‘සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිශ්පාදකයින්ගේ සංගමය’ පවසනවා.
එම සංගමයේ නියෝජිත බුද්ධික ද සිල්වා කොළඹ ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ කෘත්‍රිමව පිරිපහදු කරන සෞඛ්‍යට අහිතකර පොල්තෙල් කිලෝ මිලියන 80,000 ක් පමණ වසරකට මෙරටට ආනයනය කරන බවයි.
ආනයනය පොල්තෙල් දේශීයව නිශ්පාදනය කෙරෙන පොල්තෙල් ලෙස රට පුරා බෙදාහැරීමේ කූට ක්‍රියාවලිය තවමත් සිදුවන බව ද ඔහු සදහන් කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴