රජයේ වාහන දහස් ගණනක් ගැන තොරතුරු නැහැ – ජාතික විගණන කාර්යාලය
රජයේ වාහන දහස් ගණනක් ගැන තොරතුරු නැහැ – ජාතික විගණන කාර්යාලය
(28.09.2024 – 12:48 +0530 – sinhala.adaderana.lk)
රජයේ වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බව ‘ජාතික විගණන කාර්යාලය’ අනාවරණ කරයි.
‘රජයේ විගණකාධිපති’ ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ, වාහන අතුරුදන් හෝ අස්ථානගත වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවය.
නව රජය බලයට පත්වීමත් සමග හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් සහ ජනාධිපති උපදේශකයින් භාවිතකළ නිල වාහන රැසක් පසුගිය දිනවල ගාලුමුවදොර ගාල්කර තිබෙනු දක්නට ලැබුණි.
මෙවන් පසුබිමක ජාතික විගණන කාර්යාලයට තොරතුරු වාර්තා වී ඇත්තේ, සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, වාරිමාර්ග සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට අයත් වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අස්ථානගතවී ඇති බවය.
ඉන් වැඩිම වාහන සංඛ්‍යාවක් අස්ථානගත වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන බවට වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය සිදුකරන බවයි.
මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවද ඒ මහතා පැවසීය.
+
වාහන සොරා ගැනීම හා මුදල් වංචාවන් කළ දෙදෙනෙක් (2) අත්අඩංගුවට
(29.09.2024 – 07:02 +0530 – sinhala.adaderana.lk)
වාහන සොරා ගැනීම හා මුදල් වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (28) උදෑසන කාලයේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහු විසින් කූඨ ලේඛණ සකස් කර රුපියල් 13,000,000 ක් වටිනා කාර් රථයක් අලෙවි කිරීම සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරුද ව්‍යාජ ලේඛණ සකස් කර මෝටර් රථ මුදලට විකිණීම සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව ඔවුන් විසින් කූඨ ලේඛණ සකස් කර පන්නල ප්‍රදේශයට අලෙවි කරන ලද මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
තවදුරටත් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔවුන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස මිලදී ගැනීම, විකිණීම හා අලුතින් නිවාස ඉදි කිරීමේ ව්‍යාපාරයක්ද පවත්වා ගෙන ගොස් ඇති අතර එමගින්ද පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
සැකකරුවන් සම්බන්ධව වැලිසර හා අලුත්කඩේ යන අධිකරණ මගින් විවෘත වරෙන්තු නිකුත් වී ඇති බවටද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි ෴
පැහැරගත් බවට සැක කෙරෙන මෝටර් රථයක් හමුවෙයි
(28.09.2024 – 21:03 +0530 – sinhala.adaderana.lk)
කටුගස්තොට ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා අළුයම පැහැරගත් බවට සැක කෙරෙන මෝටර් රථයක් මාවනැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් අසල නවතා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනීමට මාවනැල්ල පොලීසිය කටයුතු කර ඇත.
මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එහි සිටි රියදුරුගෙන් ප්‍රශ්න කිරිමේදී සැකකරුට වාහනයේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිව තිබේ.
ඒ අනුව එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර වත්තේගෙදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු මත්ද්‍රව්‍ය භාවිත කිරීමට ඇබ්බැහිවූවකු බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හා මෝටර් රථය වැඩිදුර විමර්ශන සඳහා කටුගස්තොට පොලීසිය වෙත භාරදීමට නියමිතයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීමේ දින ගැන දැනුම්දීමක්
(29.09.2024 – 08:20 +0530 – hirunews.lk/sinhala)
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට එළැඹල 01 වනදා සිට 14 වනදා දක්වා අවස්ථාව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 278 5922, 011 278 4208 අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටි ෴
රටම හොයපු බාර් ලයිසන් ලැයිස්තුව – ඡන්දෙට කලින් දවසෙත් දීලා – ඔක්කොම සුද්දකරනකල් මාලිමාගඟ ගලනවා (29.09.2024)
+
හරියට දොඩම් ගෙඩිය මිරිකනවා වගේ ජූස් ටික ගත්තා, රොඩ්ඩ විසිකළා | ආරාමයේ හිමිනමක් රහස් හෙළිකරයි (29.09.2024)
+
අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිගෙන් උපදෙස්
(29.09.2024 – 20:10 +0530 – hirunews.lk/sinhala)
ප්‍රදේශ හතරක අලුතින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් චාරිත්‍රානුකූල උත්සවවලින් තොරව මහජනතාවට විවෘත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදීයී.
- කොළඹ සහ මාතලේ ඉදිකළ කෘත්‍රිම හොකී පිටිය,
- බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය,
- ඕමන්තේ වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ත ක්‍රීඩාංගණය,
- ඕමන්ත වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය
එලෙස මහජනතාවට විවෘත කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දී ඇත්තේ.
මේ අතර දේශපාලනීකරණයට ලක්වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදා ගතයුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් වසර 05 කට පසු විශේෂ වැඩමුළුවක් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන්.
ඊට එක්වෙමිනුයි ඇය මේ බව සදහන් කළේ ෴
ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් නැවත පොලිසිවලට
(29.09.2024 – 19:42 +0530 – hirunews.lk/sinhala)
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1,000 කට අධික පිරිසක් දිවයිනපුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඒ අනූව ඉදිරි දින කිහිපයේදී එම කාර්ය සිදු කරන බවයි පැවසෙන්නේ.
ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මේවන විට ඇමැති ආරක්ෂක කොට්ඨාසයට වාර්තා කරමින් රාජකාරී ගිනි අවි බාරදෙමින් සිටින බවයි බව පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි එම පොලිස් නිලධාරීන්ට පහසු පොලිස් ස්ථානයක් අනුයුක්ත කොට්ඨාසයෙන් ඉල්ලා සිටිය හැකි බව පැවසෙනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සමග සාකච්ඡා කර අදාල පොලිස් ස්ථානවලට යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් හැර දිවයින පුරා සිටින එම කොට්ඨාසයේ අනෙකුත් නිලධාරීන් ඇමැති ආරක්ෂක කොට්ඨාසයට ඉකුත් (24) කැඳවා තිබුණා.
මේ අකාරයට ප්‍රභූ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,300 කට අධික සංඛ්‍යාවක් යොදවා සිටි බවයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් හා මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ද ඉවත් කර තිබෙන බව පැවසෙනවා.
වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව අධිකරණ නියෝගයක් මත විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නියෝග කර ඇති පාර්ලිමේන්තු හෝ පළාත් නියෝජනය කළ හෝ ආණ්ඩුකාර ධූර දැරූ ප්‍රභූවරුන් වේනම් ඔවුන් වෙත පමණක් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන බවයි ඇමැති ආරක්ෂක කොට්ඨාසය පවසන්නේ ෴
බැංකු මගින් ලබාදෙන රහස්පද (OTP) අන්සතු කිරීමෙන් වළකින්නැයි පොලිසියෙන් දැනුම්දීමක්
(29.09.2024 – 18:29 +0530 – hirunews.lk/sinhala)
බරපතල මූල්‍ය වංචාවන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් බැංකු මගින් ලබාදෙන රහස්පද (OTP) කිසිඳු තත්තවයක් යටතේ කිසිවෙකු අතර බෙදාගැනීමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
රටපුරා වාර්තාවන විවිධ බරපතල මූල්‍ය වංචා පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.
බැංකු මගින් ලබාදෙන රහස්පද භාවිත කරමින් එවැනි බරපතල මූල්‍ය වංචා සිදුකරන බවටයි පොලිසියට නිරීක්ෂණය වී ඇත්තේ ෴
ගැටළුවට ලක් වූ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය
(29.09.2024 – 17:50 +0530 – hirunews.lk/sinhala)
පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීමක් පිළිබඳ ගැටළුවක් මතුවූ අතර අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඒ පිළිබද තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් (3) කළින් පිටවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව විසින් එලෙස පිටවූ බවට සැලකෙන ප්‍රශ්න තුනට (3) අදාළ සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම, නැවත විභාගය නොපැවැත්වීමටත් නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකර සියළු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අදාල නිවේදනය පහතින් දැක්වෙනවා :

සිය 5 හැවිරිදි දැරිය පිලිස්සූ මවක් අත්අඩංගුවට
(29.09.2024 – 16:38 +0530 – hirunews.lk/sinhala)
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන සිය 5 හැවිරිදි දැරිය පිලිස්සූ මවක් මහනුවර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර – නාගස්තැන්න ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක සිටි 30 හැවිරිදි මවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
ඇය විසින් හැන්දක් රත්කොට දැරියගේ ශරීරය පුලුස්සා තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, තුවාල ලැබූ දැරිය මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ, දැරියගේ සිරුරෙහි ස්ථාන 04 ක පිලිස්සුම් තුවාල දක්නට ලැබෙන බවයි.
අත්අඩංගුවට ගත් මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴
අගමැතිනියගේ ප්‍රකාශයෙන් මුස්ලිම්වරු පුදුමවෙයි | කොහෙවත් නැති වීඩියෝව | අගමැතිනිය මහනුවර | Kalu Sudda (29.09.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴