ඉදිරියේ බරපතල අනතුරු හතරක් (4) පෙන්වමින් ජනපතිට ආචාර්ය ගුණදාස අමරසේකරගෙන් මල් මිටක්..
ඉදිරියේ බරපතල අනතුරු හතරක් (4) පෙන්වමින් ජනපතිට ආචාර්ය ගුණදාස අමරසේකරගෙන් මල් මිටක්..
(28.09.2024 – 12:00 +0530 – lankacnews.com)
‘ජාතික සංවිධාන එකමුතුවේ’ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ජාතිය මුහුදෙන අභියෝගය සහ ඔබතුමාට මෙන්ම ‘ජාතික බලවේග’ ලෙස අපට ද පැවරෙන ඓතිහාසික වගකීම පිළිබඳව
පළමුවෙන්ම, සාමකාමී මැතිවරණයකින් මහජන කැමැත්ත අනුව ශ‍්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිධුරයට පත්වූ ඔබතුමාට අපගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමු. එසේම අප එම ජනවරමට ගරු කරන අතර එම ජනවරම නිර්මාණය කළ ජනතාවගේ අපේක්ෂා ආරක්ෂා කිරීමටද කැප වෙන බව ඔබතුමාට දන්වා සිටිමු.
දෙවනුව, අධිරාජ්‍යවාදී බලවේගවල සූක්ෂම මෙහෙයුම් වලට ගොදුරු නොවී මැතිවරණ ක‍්‍රියාවලිය තුළ සහ පශ්චාත් මැතිවරණ කාලය තුළ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුනොවන බවට වගබලා ගැනීම පිළිබඳව ස්තුතිවන්ත වෙමු.
තුන්වනුව, ජාතික බලවේගවල දේශපාලන විග‍්‍රහය අනුව පවතින ජාත්‍යන්තර පෙළ ගැසීම් වලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණය තුළින් පැන නගින තත්ත්වය ආශ‍්‍රිත ‘රැගුම් සැකිල්ල’ හෙවත් ‘සෙනාරිය’ විග‍්‍රහ කිරීමේදී විකල්ප තත්ත්වයන් 6 ක් පහත ආකාරයට හඳුනාගත හැක.
1) සියලු දක්ෂිණාංශික ලිබරවාදින් විසින් ‘ඊනියා ජාතිකවාදී ලිබරල් බලවේග’ ද ඇතුළත් වන ආකාරයට බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේගවල ආශිර්වාදය සහිතව පුළුල් පෙරමුණක් මගින් අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩු බලය ලබා ගැනීම. එනම් රනිල්, සජිත්, නාමල් යන අපේක්ෂක තිදෙනා (3) එකට එක්ව ආණ්ඩු බලය ලබා ගැනීමය. (අපගේ විග‍්‍රහය අනුව එය කළ නොහැකි වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ හෝ අදාළ පාර්ශවවල දුර්වලකම නිසා නොව ඓතිහාසිකව රට තුළ පවතින මතවාදී බෙදීම අනුව දේශපාලන බලවේගවල අනන්‍යතාවය තීරණය වීම නිසාය.)
2) රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා සෙසු පාර්ශවවල ප‍්‍රබල පිරිසක් දිනා ගැනීම මගින් ආණ්ඩු බලය ලබා ගැනීම. (අපගේ විග‍්‍රහය අනුව ඒ මගින් ඉන්දු – ඇමරිකානු න්‍යාය පත‍්‍රය ඉතා කෙටි කලකින් අවසන් කිරීමට හැකි වේ.)
3) අනුර දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස යන අපේක්ෂකයින් කරට කර තරග වදින තත්ත්වයක් තුළ විශේෂයෙන්ම පළමු (1) වටයේදී අනුර දිසානායක මහතාගේ ජයග‍්‍රහණය කරන තත්ත්වයක් තුළ දෙවන (2) මනාප මගින් එම තත්ත්වය වෙනස් වීම සහ ඒ තුළින් සමාජය තුළ ප‍්‍රචණ්ඩ ගැටුමක් නිර්මාණය වීමට ඉඩ සැලසීම. (අපගේ විග‍්‍රහය අනුව එවැනි තත්ත්වයක් අධිරාජ්‍යවාදී බලවේග විසින් තම වාසියට යොදා ගනිමින් බංගලාදේශය තුළ සිදු කළ ආකාරයට මහා විනාශයක් කැඳවීමට සහ එම තත්වය ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීම දක්වා වර්ධනය කිරීමේ හැකියාවක් තිබුණි.)
4) සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදුන් අති බහුතරයකගේ දෙවැනි (2) මනාපය ලබාගැනීමට අසමත්වීම නිසා අනුර දිසානායක මහතාට ජයග‍්‍රහණය හිමිවීම.
5) අනුර දිසානායක මහතා 50% කට වැඩි ඡන්ද ලබා ගැනීම මගින් බහුතර කැමැත්ත මත පැහැදිලි ජයක් ලබා ගැනීම. (අපගේ විග‍්‍රහය අනුව බහුතර කැමැත්ත යන්න සාපේක්ෂව අර්ථකථනය කිරීමට සිදුවේ. ඊට හේතුව 20% ඡන්දදායකින් ඡන්දය ප‍්‍රකාශ නොකිරීම තුළ ජයග‍්‍රහකයාට ලැබෙන්නේ සමස්ත ඡන්දදායකයන්ගෙන් 40% ක කැමැත්ත පමණක් බවය.)
6) සජිත් පේ‍්‍රමදාස මහතා 50% කට වැඩි පැහැදිලි ජයක් ලබා ගැනීම (අපගේ විග‍්‍රහයන් අනුව විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල සහ කඳුරට ඡන්දය භාවිතා කිරීමේ ප‍්‍රවණතාවය අනුව ඔහුට අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රබල බලපෑමක් ඇතිවේ)
ඉහත 6 වැනි ‘සෙනාරිය’ අනුව ජාතික බලවේගවලට සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාවාදීම්වලට එරෙහිව බහුතර සිංහල බෞද්ධ බලවේග පෙළගැස්විය හැකි බවට න්‍යායාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කළ හැක. නමුත් ප‍්‍රායෝගිකව ගත්විට සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සෙසු ප‍්‍රතිගාමී මෙන්ම යම් ප‍්‍රගතිශිලී බලවේග වල සහාය ලබා ගනිමින් අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය කෙටි කලකින් අවසන් කිරීමේ හැකියාව තිබෙන බව තේරුම් ගැනීම අපහසු නැත.
ඒ අනුව පහත සඳහන් හේතු මත ඔබතුමාගේ ජයග‍්‍රහණය පිළිබඳව අප සතුටු වන අතර ඔබ වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම ඉටු කිරීම සඳහා ඔබට ඡන්දය ලබා දුන් ජනතාවගේ මතයට ගරු කරන බවද ඔවුන්ගේ සැබෑ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින බව ඔබතුමාට ඉතා ඕනෑකමින් දන්වා සිටිමි.
1) එදා 2002 දී රනිල් වික‍්‍රසිංහ මහතා අගමැතිවරයා ලෙස සටන් විරාම ගිවිසුමට මුවාවී ජාත්‍යන්තර ගිවිසුමක් මගින් බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් නමින් ‘ඊළාම් රාජ්‍යයේ පූර්ව බල ඒකකය’ පිහිටුවීමට ක‍්‍රියා කළ අවස්ථාවේදී ඔබතුමා, සෝමවංශ අමරසිංහ මහතා සහ විමල් වීරවංශ මහතා ඇතුළු ‘ජනතා විමුක්ති පෙරමුණේ’ නායකයින් මහත් කැපවීමකින් කටයුතු කර එම දුෂ්ඨ පාවාදීමේ උත්සාහය පරාජය කිරීම. (නෝර්වේ රාජ්‍ය විසින් සූඩානය බෙදා වෙන්කර එම ජනතාව මරා ගැනීමට සැලැස්වීම සඳහා යොදාගත් සැලසුම සහ ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීම සඳහා යොදා ගත් සැලසුම සෑම අතින්ම සමාන වුවද එකම වෙනස වූයේ ‘ජනතා විමුක්ති පෙරමුණ’ මෙන් බෙදුම්වාදී විරෝධී ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් සුඩානයේ ක‍්‍රියාත්මක නොවීමය.)
2) අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයට එරෙහිව ක‍්‍රියාත්මකවීමේ දී එදා ‘ජනතා විමුක්ති පෙරමුණ’ සුළුතරයේ ආසාධාරණ ඉල්ලීම් වලට වඩා බහුතරයේ සාධාරණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ‘ජාතික බලවේග’ සමග සන්ධාන ගතවීම සහ ඒ මගින් රට තුළ ‘බෙදුම්වාදී විරෝධී මතවාදය’ තහවුරු කිරීම.
3) ඊට පෙර ‘ඉන්දු – ලංකා ගිවිසුම’ට එරෙහිව 1987 දී ජීවිත පරිත්‍යාගයෙන් මහා වන්දියක් ගෙවීම මගින් ‘පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක්’ බිහිකිරීම වැළැක්වීම නිසා අද වනතුරු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට කිසිදු පාලකයෙකුට ධෛර්යක් නොමැතිවීම සහ එම ගෞරවය ඔබගේ පුරෝගාමී නායකයන්ට හිමිවීම. (එම පරිත්‍යාගයේ තරම අනුව ‘ජාතික ජන බලවේගය’ නමින් අද එකතු වී සිටින එදා ඔබගේ පුරෝගාමී නායකයින්ගේ න්‍යායාත්මක ඉගැන්වීම් වලට විරුද්ධ මත දරන පිරිස් වල බලපෑම්වලට යටත් වීම සඳහා ඔබතුමාට ලැබෙන හෘද සාක්ෂියේ අවකාශය සීමා සහිතවීම)
4) ‘ජනතා විමුක්ති පෙරමුණ’ යනු සංවිධානයක්, පක්ෂයක් හෝ යම් නායකයන්ගේ ප‍්‍රතිරූප අභිබවා යන සමාජ මනෝභාවයක් වන බැවින් සහ එම සමාජ මනෝභාවය අප රටේ සභ්‍යත්වයේම දිගුවක් වන බැවින් ඔබට ඡන්දය ලබා දුන් අති බහුතරය එම මනෝභාවයට ගරු කිරීම නිසා ඔබතුමාට මනාපය පළ කරන බව පැහැදිලිව දැක ගත හැකි වීම. එම සමාජ මනෝභාවය පදනම් වන්නේ අප රටේ ඓතිහාසික සභ්‍යත්වය, විශේෂයෙන්ම ‘බුද්ධ වචනය’ මතය. එනම් ‘අධර්මයෙන් ජීවත්වීම’ සහ ‘ධර්මයෙන් මරණයට මුහුණ දීම’ යන විකල්ප අතරින් ‘ධර්මයෙන් වන මරණය උතුම්වේ’ යන බුද්ධ වචනය මතය. (එම නිසා ඔබට හෝ ‘ජනතා විමුකිත් පෙරමුණ’ නැමති දේශපාලන ව්‍යාපාරයට අප රටේ ඓතිහාසික සභ්‍යත්වයට එරෙහිව කටයුතු කිරීමේ ඉඩක් නැත.)
5) ඔබට ඡන්දය ප‍්‍රකාශ කළ සමාජ ස්ථරයන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන ආකාරයට ඔබගේ ජනවරම නිර්මාණය කරනු ලබන්නේ බලවේග රාශියක එකතුවක් මගිනි. එනම් ‘ජවිපෙ අතීත උරුමය’ට එනම් ඉහත සඳහන් කළ සමාජ මනෝභාවය සමඟ ඥාන්තීත්වය සහිත පිරිස්, බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම සඳහා ජීවිත සහ අතපය දන් දුන් මිනිසුන්ගේ ඥාති පරම්පරාවන්, හොරකම, දූෂණය, වංචාවට එරෙහිවන සහ මහා සමාජ පරිවර්තනයක අපේක්ෂාවන් සහිත තරුණ පරපුර, සමාජවාදී සිහින දකින අහිංසක වැඩිහිටියන් ආදී වශයෙන් එම ජන්ද පදනම බහු පාර්ශවීය වීම.
ඒ අනුව කෙටි කාලීනව ඔබට චතුර්විධ (4) අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව අපගේ පිළිගැනීම වේ.
1) රුසියාවට එරෙහිව යුක්රේන යුද්ධය සහ චීනයට එරෙහිව දකුණු චීන මුහුදේ ආරම්භ කිරීමට නියමිත යුද්ධය මෙන්ම ඇමරිකානු ගෝලීය ආර්ථික සහ මූල්‍යමය බිඳවැටීම තුළ ඉන්දු – ශ‍්‍රී ලංකා ආර්ථික ඒකාබද්ධ කරන උපාංග වලට සහ ‘එට්කා ගිවිසුම’ට එකඟ වීම සඳහා මෙන්ම ඇමරිකානු ‘සෝෆා ගිවිසුම’ට එකඟතාවය ලබා ගැනීම සඳහා ප‍්‍රබල බලපෑමක් එල්ල වීම.
2) පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා කෙටිකාලීන විසඳුම් නොමැති වීම සහ ගොඩනැගී ඇති ඉහළ මහජන අපේක්ෂා ඉටු කිරීම සඳහා පවතින දුෂ්කරතාවය. විශේෂයෙන්ම ඉතා ඉහළ මහජන අපේක්ෂා ගොඩනැගී ඇති තත්වයක් තුළ අපේක්ෂා භංගත්වය නිසා ඇති වන මහජන අසහනය ද වැඩිවේ. (එම මහජන අපේක්ෂා ඉටු කිරීම සඳහා බරපතළ උපායමාර්ගික හැරවුමක් අවශ්‍ය වුවද ඔබ විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ හෝ ඔබගේ ජාතිය ඇමතීමේ කතාව තුළ එවැනි ප‍්‍රවේශයක් හඳුනාගත නොහැක.)
3) ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් ඓතිහාසිකව ඉටුකළ භූමිකාව සහ ඉහත සඳහන් සමාජ මනෝභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති පිරිස් වලට ‘ජාතික ජන බලවේගයේ’ නායකත්ව භූමිකාවන් හිමිවීම තුළ ‘අතීත උරුමය’ සහ ‘වර්තමාන බලවේග’ අතර ගැටුම සමනය කිරීම හෙවත් ‘අතීත උරුමය ආරක්ෂා කිරීම’ සහ ‘ඊනියා නව පැරෂූට් නායකයින්’ මෙල්ල කිරීම.
4) ඔබතුමාට ඡන්දය ලබාදී ඇති ජනතාව පැතිරී ඇති ආකාරය සිතියම් ගත කිරීමේදී අධිරාජ්‍යවාදී බලවේග, විශේෂයෙන්ම ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන ඡන්ද ලක්ෂ 10-15 ත් අතර ප‍්‍රමාණයක්ලැබී ඇත්තේ ඔබට නොව වෙනත් පාර්ශ්වයකට බව පැහැදිලිව පෙනී යයි. එසේ ඔබට ලබාදෙන බවට ව්‍යාජ ලෙස පොරොන්දු වී එහෙත් ඔවුන්ගේ ඡන්ද පොදිය ඔබට වඩා බෙදුම්වාදී, ජාතිවාදී සහ අගමික අන්තවාදී ඉල්ලීම්වලට සංවේදී අපේක්ෂකයෙකුට ලබාදී ඇති තත්වයක් යටතේ එම බලවේගවල අපේක්ෂා සහ ඔබට සැබෑ ලෙසම ඡන්දය ලබාදුන් රටේ බහුතර ජනතාවගේ අපේක්ෂා අතර ගැටුම කළමනාකරණය කිරීම.
ඔබතුමාගේ නායකත්වය ප‍්‍රමුඛ ‘ජනතා විමුක්ති පෙරමුණ’ නැමැති දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩනගා ඇති අතීත උරුමය සහ ‘ජාතික බලවේග’වල අපේක්ෂා අතර ගැටුමක් නැත. නමුත් ‘ජාතික ජන බලවේගය’ නැමැති දේශපාලන ව්‍යාපාරයට වෙනත් කඳවුරු වලින් සම්බන්ධ වී හෝ සම්බන්ධ කර ඇති පුද්ගලයින් සහ ‘ජාතික බලවේග’ අතර මතවාදී ගැටුම් පැවතිය හැක. එහෙත් ඓතිහාසික ‘ජාතික ව්‍යාපාරයක්’ ලෙස අප ඔබට ඡන්දය ලබා දුන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ගරු කරන අතර ඔවුන්ගේ යුක්ති සහගත අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටින බවට නැවත වතාවක් ඔබට සහතිකයක් ලබාදීමට කැමැත්තෙමු.
ඒ නිසා විවිධ බලපෑම් හේතුවෙන් සකස් කරන ලද බව පෙනෙන ඉතා කුඩා පිරිසක් විසින් පරිහරණය කරන ලිඛිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක කුමන වචන හරඹයක් සඳහන් වුවද ඒවා විග‍්‍රහ කර ගත යුත්තේ ඔබතුමාගේ පක්ෂයේ ඓතිහාසික උරුමයට සහ මහජන අපේක්ෂාවලට සාපේක්ෂව බවද අපි කල්පනා කරමු. එම නිසා ඔබට කොන්දේසි පැනවීමට අප කල්පනා නොකරන බව සඳහන් කරමින් රට තුළ ආර්ථික සහ දේශපාලන අර්බුදය උත්සන්න කිරීමට හේතු වූ සහ අනාගතයේ සමස්ත රාජ්‍ය සහ සමාජය බිඳවැටීම වැළැක්වීම සඳහා පහත සඳහන් පොදු මහජන අපේක්ෂා සැලකිල්ලට ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.
1) බෙදුම්වාදයට ගොදුරුවන ‘වර්තමාන පළාත් සභා ව්‍යුහය’ වෙනුවට ප‍්‍රාදේශීය මට්ටමට උපරිම වශයෙන් පරිපාලන බලතල විමධ්‍යගත කෙරෙන ‘පළාත් හෝ දිස්ත‍්‍රික් සංවර්ධන සභා ව්‍යුහයක්’ හඳුන්වාදීම සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජන කොටස්වලට මනුෂ්‍යයන් ලෙස සමානව සැලකීම සහතික කරන ‘අයිතිවාසිකම් කොමිසමක්’ හඳුන්වාදීම මෙන්ම පාලකයින්ගේ අත්තනෝමතික තීන්දු පාලනය කළ හැකි ප‍්‍රතිපාදන සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් වෙනත් ජනාධිපතිවරු අට දෙනෙකු (8) විසින් ධෛර්යමත් නොවූ ආකාරය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක නොකිරීම සහ ඊට අදාලව පැහැදිළි ප‍්‍රතිඥාවක් ඡන්දදායකයන්ට ලබාදීම.
2) ‘සත්‍ය සෙවීමේ’ නාමයෙන් ‘බෙදුම්වාදී මාර්ග සිතියම’ට අනුව රට තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ සලසන ‘සත්‍ය සෙවීම සහ ප‍්‍රතිසන්ධාන කොමිසම’ පිහිටුවීමට අදාල නීතිය සම්මත නොකිරීම සහ ඒ වෙනුවට දැනටමත් දන්නා සත්‍ය නැවත සොයා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීම. ඊට අමතරව ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව විවිධ ජාත්‍යන්තර ආයතන සහ බලවේග විසින් එල්ල කරනු ලබන යුද අපරාධ චෝදනා නිශේධනය කිරීම සඳහා ස්වභාවික යුක්තිය නාමයෙන් ප‍්‍රති උත්තර බැදීම.
3) 2017 විදේශ විනිමය පනත සහ 2023 මහා බැංකු පනත අහෝසිකර පූර්වගාමීව පැවැති නීති අත්‍යවශ්‍ය සංශෝධන සහිතව නැවත බලාත්මක කිරීම මගින් විදේශ විනිමය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදයට ප‍්‍රතිඵලදායක විසඳුම් ඉදිරිපත් කිරීම සදහා පදනම දැමීම.
4) බලශක්ති පද්ධති ඒකාබද්ධකරණය ඇතුළු ආර්ථික ඒකාබද්ධකරන උපාංග වලට එකඟ වීම මගින් සහ ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීම මගින් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත් කිරීමේ ඓතිහාසික වරද සිදු නොකිරීම.
5) ‘සෝෆා ගිවිසුම’ට එකඟතාවය පළ කිරීම මගින් ශ‍්‍රී ලංකාව නමැති ස්වාධීන රාජ්‍ය ඇමරිකානු හමුදාවන්ට සේවා සපයන දූපතක් බවට පත් කිරීමේ මහා පාවාදීමට ඉඩ නොතැබීම.
6) ‘ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත’ නැමැති ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ට අවශ්‍ය ආකාරයට ආර්ථිකය අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීම සඳහා සම්මත කළ පනත් ත‍්‍රිත්වය (3) අහෝසිකර පාර්ලිමේන්තුව සතු නීති හැදිමේ බලය සහ මුදල් බලය ආරක්ෂා කිරීම.
7) ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහා එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ගිවිසුම් වලට අදාළ මහජන වගවීම සහතික කිරීමට අදාළව (ඕස්ටේලියානු ආදර්ශය අනුව) සහ 1971 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 2832 යෝජනාව අනුව ‘ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීම සඳහා වන ශ‍්‍රී ලංකා රාජ්‍යයේ වගකීම’ නීතිගත කිරීමට අදාලව නව නීතියක් සම්මත කිරීම.
8) උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන විකුණා දැමීම මගින් රාජ්‍යය පාරාධීනත්වයට නතු කිරීම වැළැක්වීම සඳහා සිංගප්පූරු ආදර්ශය අනුව ‘රාජ්‍ය ඒකාබද්ධ සමාගමක්’ සහ ‘ස්වෛරී අරමුදලක්’ පිහිටුවීම.
9) අධිරාජ්‍යවාදී බලවේගවල මැදිහත්වීම මත ඉතා සැළසුම් සහගතව දියත්වන සමාජය දෘෂ්ඨිමය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම මෙන්ම පවුල සහ සංඝ සමාජය යන ඓතිහාසික සමාජ සංස්ථා බිඳවැට්ටවීම සහ සමාජය ප‍්‍රචණ්ඩකරණය කිරීම යන චතුර්විද (4) උපායමාර්ගික ප‍්‍රවේශය තවදුරටත් දිරි ගැන්වෙන ආකාරයට ‘සමලිංගික චර්යාවන් අතිශෝක්තියෙන් ප‍්‍රචලිත කිරීම’ සහ ‘ගණිකා වෘත්තිය නීතිගත කිරීම’ ආදී අප රටේ ඓතිහාසික සභ්‍යත්වයට පටහැනි ක‍්‍රියාමාර්ගවලට ගොදුරු නොවීම.
10) දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳවැට්ටවීමට සහ රටේ ආර්ථිකය පරාධීනත්වයට නතු කිරීමට හේතු වී ඇති වෙළඳාම ප‍්‍රචලිත කිරීම සහ පාරිභෝගිකයාට සහන ලබාදීම නාමයෙන් පවත්වාගෙන යන කූඨ ලෙස ආනයන ප‍්‍රචලිත කිරීමේ ක‍්‍රියාවලිය හරහා සමස්ත රටේ ආර්ථිකය ජාවාරම්කාර ආනයනකාර අතලොස්සක් විසින් හැසිරවීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කණපිට හරවන දැඩි ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් නීතිගත කිරීමෙන් තොරව හුදු පැළැස්තර ඇලවීම මගින් දේශිය කර්මාන්තකරුවා සහ ගොවියා ආරක්ෂා කළ නොහැකි බව පිළිගැනීම.
මෙම මූලික කරුණු වලට අමතරව ඔබගේ ආණ්ඩුව විසින් සැලකිල්ල යොමුකළ යුතු ‘ජාතික සංවිධාන’ විසින් සකස් කළ හැට වැදෑරුම් (60) සමාජ සම්මුතියේ පිටපතක් ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරමි.
අවසාන වශයෙන්, සංස්කෘති සගරාවට දස වසරක් පිරීම නිමිත්තෙන් 1962 දී පළකරනු ලැබූ විශේෂ කලාපයට ‘මෙරට අනාගතය බාරගන්නේ උගත් ගැමි පරපුරයි’ යන ශිර්ෂය යටතේ මා විසින් සැපයූ ලිපියක මා සඳහන් කළේ ප‍්‍රභූ පැළැන්තිය සතු රාජ්‍ය පාලන බලය ග‍්‍රාමීය උගත් නිර්ප‍්‍රභූ තරුණයින් විසින් අත්පත් කර ගත යුතු බවය. එම අනාවැකිය සහ අපේක්ෂාව සඵලවීම පිළිබඳව මාගේ පුද්ගලික සතුට ප‍්‍රකාශ කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. එසේම එම සතුට කොපමණ කාලයක් පවතිනවාද යන්න තීරණය වනු ඇත්තේ ඔබතුමාට ඡන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂා පිළිබඳව ඔබතුමා සංවේදී වන ප‍්‍රමාණය මත බවද දනිමි. කෙසේ වෙතත් ඔබතුමා වටා සිටින යම් ‘ඊනියා නිරාගමික සංකල්ප’ පතුරවන අඳබාලයින් විසින් පනවනු ලබන මානසික බාධක නොසලකා දිවුරුම් දීමෙන් පසුව ‘දළදා වහන්සේ වැඳපුදා ගැනීම’ට තීරණය කිරීම තුළින් ඔබතුමා බලයට පත්කළ බහුතර ජනතාවගේ හදගැස්ම පිළිබඳ ඔබතුමාට අවබෝධයක් තිබෙන බව පෙන්වීම ඉතා ධනාත්මක ප‍්‍රවනතාවයක් ලෙස සඳහන් කරමි.
මේ වගට,
ආචාර්ය ගුණදාස අමරසේකර,
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
අනුර ජනපති නිසා සිංහල බෞද්ධයාට අත්වන ඉරණම…| මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත… (28.09.2024)
+
පාසල් සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම් තහනම්
(28.09.2024 – 17:23 +0530 – sinhala.adaderana.lk)
පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව පැවසෙයි.
එවැනි සිදුවීම් හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යංශ ලේකම්වරිය පෙන්වා දුන්නාය.
මේ හේතුවෙන් පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නොකළ යුතු බවට අවධාරණය කර ඇති අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, එවැනි ගැටලුකාරී තත්ත්වයන් පාසල්වල ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත ෴
මහදවල් සිදුවන වන සංහාරය
(28.09.2024 – 19:44 +0530 – sinhala.adaderana.lk)
අම්පාර උහන ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක දින කිහිපයක සිට සිදුවන මහා වන සංහාරයක් පිළිබඳ ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු වාර්තා විය.
‘උකුස්සා’ගේ අද (28) අනාවරණය ඒ පිළිබඳවයි.
අම්පාර – උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජයේ රක්ෂිත වනාන්තර කලාපයකට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමකි.
උහන සමන්ගල හා බණ්ඩාරදූව ප්‍රදේශ ආසන්නයේ මෙම රක්ෂිත කලාපයේ මහා පරිමාණයෙන් වන සංහාරයක් සිදුවන බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු වාර්තා විය.
‘උකුස්සා’ එම ප්‍රදේශයට ළඟා වනවිටත් මහා වනස්පතීන් ගිනිගෙන දැවෙන අයුරු දැකගත හැකි වුණි.
සමන්ගල රක්ෂිතය ආසන්නව වසර ගණනකට පෙර සිට ප්‍රදේශයේ ජනතාව හේන් වගාවන් සිදුකර ඇති අතර පසුව පත්වූ විවිධ රජයන් ඒ සඳහා අවසරය ද ලබා දී තිබුණි.
ඒ අනුව හේන් වගාවට වෙන් කෙරුණු කොටස් මායිම් කර තිබූ අතර දැනට දෙසතියකට පමණ පෙර සිට කිසියම් පිරිසක් එම මායිම් බිඳ දමමින් රක්ෂිත කොටසේ වන විනාශයක් සිදුකරමින් සිටින බවට ප්‍රදේශවාසීන් ‘උකුස්සා’ට අනාවරණය කළේය.
අවිධිමත් ආකාරයෙන් හා බලහත්කාරයෙන් ඉඩම් හා වගාබිම් අත්පත් කරගන්නා විවිධ පිරිස් සම්බන්ධයෙන් මීට පෙරත් ‘අද දෙරණ උකුස්සා’ සිදුකළ අනාවරණ හමුවේ ඒ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට අප හැකිවුණි.
මහ දවල් සිදුවන එම වන විනාශය පිටුපස ඇත්තේ එවැනි භූමි අත්පත් කර ගැනීමක් ද නැතහොත් දැව ජාවාරමක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ටත් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
අම්පාර – උහන – සමන්ගල රක්ෂිතය ප්‍රදේශයේ සිදුවන මෙම මහා වන සංහාරය වළක්වා ගැනීමට වගකිව යුතු බලධාරීන් කඩිනමින් අවධානය යොමුකරන තෙක් ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙනි.
+
ෆේස්බුක් හරහා මුදල් වංචා කළ යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(28.09.2024 – 19:16 +0530 – sinhala.adaderana.lk)
‘පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන’ බව පවසා ෆේස්බුක් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර ඔන්ලයින් හරහා රුපියල් කෝටි දෙකකට (2,00,00,000) අධික මුදල් වංචාකළ යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
‘මෙරට පිහිටි පෞද්ගලික බැංකුවක සංවත්සරය’ වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ පසුගිය දින කිහිපය පුරාම දැන්වීම් පළකර තිබුණි.
එම දැන්වීම නරඹා එහි ඇති සබැඳිය ඇතුළු වන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු පෞද්ගලික තොරතුරු රැසක් ඊට ඇතුළත් කළ යුතු වෙයි.
එලෙස ඇතුළුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල තැම්පත් මුදල් ඔන්ලයින් හරහා පිරිසක් ජාවාරම් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ, අදාළ ජාවාරම ‘උණවටුන ප්‍රදේශයේ’ සිට සිදු කරන බවය.
එහි ගිය විමර්ශන නිලධාරීන් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත්වූයේ යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකි (2).
ඔවුන් මීට දින 5 කට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර ‘ටෙලිග්‍රෑම් සමූහයක්’ හරහා ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි ෴
කොළඹ පොත් ප්‍රදර්ශනයට ජනපති එක්වෙයි
(28.09.2024 – 13:22 +0530 – sinhala.adaderana.lk)
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ එක් විය.
එහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400 කින් පමණ සමන්විත ය.
දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමග ද කෙටි පිළිසදරක ද නිරත විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනය ඊයේ (27) ආරම්භ වූ අතර, ඔක්තෝබර් 06 වැනිදා දක්වා පැවැත්වෙයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
It is good that Mr Gunadasa Amarasekara making these valid points. Yes, Our People’s President need to be protected, and those pro active members and security authorities should take adequate precautions for his physical security. But beware that a disproportionate number of security personnel surrounding the President, and the officials and acolytes (fake friends) trying to distance the President from People would be a step in the wrong direction. His political adversaries would manipulate such situation as returning to Batalanda Ranil’s police state. I think the President is fully aware of risks facing a Head of State, as well as being a player in global politics given the strategic location of Sri Lanka in the Indian Ocean. He may also be destiny driven and be able to judge for himself between risks, his warmth, affection to and relationship with the public, and the degree of physical security that he may need and wish to maintain without distancing himself from the people that he loves..
About the video. Bosathanan Vahanse? Who the hell is this Self-appointed bosathanan or is he now a self-appointed maha rahath? Whoever publishing this nonsense are trying to brainwash Buddhist communities; they are driven by those political groups that are trying to regroup and strip national assets for their personal benefit and operating behind the smoke screen of Buddhism. Some of the leading political monks are slaves of such politcal groups as they get paid for their services. Viewers please do not fall for this junk. If anything, the creators of this video should be taken to court by law enforcement agencies for promoting dissension and division among the citizens and ethnic and religious groups. We have already had experience of fake Dharmishta Samajaya, did n’t we? Dharmishta Samajaya and Kalu Juliya, apita hondata mathakane.