ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300 ක් රට පුරා – නිශ්චිත කාලයේදී ලියාපදිංචි නොකළහොත් නීතිමය පියවර
ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300 ක් රට පුරා – නිශ්චිත කාලයේදී ලියාපදිංචි නොකළහොත් නීතිමය පියවර
(05.06.2026 – dinamina.lk)
456 න් ලියාපදිංචි කර ඇත්තේ 148 යි – වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය
මෙරට ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි තහවුරුව තිබෙන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා ‘දිනමිණ‘ට පැවසීය.
මේ වන විට මෙරට වැඩිහිටි නිවාස 456 ක් පවත්වාගෙන යන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මඟින් තහවුරු කරගෙන ඇත. ඒ අතරින් ලියාපදිංචි කර නිසි මාර්ගෝපදේශ අනුගමනය කරන වැඩිහිටි නිවාස ගණන 148 කි.
මෙතෙක් ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස ලියාපදිංචි කර මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යන ලෙස ඒවායේ හිමිකරුවන්ට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කර නැත.
මේ නිසා එම වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම සඳහා නිශ්චිත කාලසීමාවක් ලබාදීමටත්, එම කාලසීමාව ඇතුළත ලියාපදිංචි නොකරන නිවාස සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ ඇමැති උපාලි පන්නිල මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණයට එළැඹ ඇත.
ඒ අනුව වැඩිහිටි නිවාස ලියාපදිංචිය සඳහා දෙන කාලසීමාව තීරණය කර මෙතෙක් ලියාපදිංචි නොකළ සියලුම වැඩිහිටි නිවාසවලට ඒ බව ලිඛිතව දැනුම්දීමට පියවර ගන්නා බවත් වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා වැඩිදුරටත් පැවසීය ෴
+++
කලින් නොකියා බලන්න එන්නත් බැහැ | අන්තිම මොහොතෙත් ගැට ගහලා ඉඳලා තියෙන්නේ | මිල්ලණිය ඛේදවාචකය (05.06.2026)
+++
සෙනෙහසේ කැදැල්ලේ ඝාතකයා ඇත්තටම ලොකු අයියාද? මම ගෙන්නලා කිව්වත් ඔහු ගණන් ගත්තෙ නෑ! (05.06.2026)
+
ලංකාවේ වසරකට ආබාධ සහිත දරු උපත් 5000 ක්
(04.06.2026 – 22:51 +0530 – sinhala.adaderana.lk)
ලංකාව තුළ සිදුවන ළදරු මරණවලින් 40% කට හේතුවී ඇත්තේ උපත් ආබාධ බවත්, මෙරට තුළ වසරකට 4,000 ත් – 5,000 ත් අතර ළමයි සංඛ්‍යාවක් උපත් ආබාධ සහිතව උපදින බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතයේ මහාචාර්ය කපිල ජයරත්න මහතා පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ ඇතැම් උපත් ආබාධ දරු ගැබ තුළදීම සොයාගැනීමට හැකියාවක් තිබුණද, රටේ පවත්නා නීතිය අනුව අපිට ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය කපිල ජයරත්න මහතා :
“අවුරුද්දකට ලංකාවේ 4000 ත් – 5000 ත් අතර ළමයි සංඛ්‍යාවක් උපත් ආබාධ ඇතිව උපදිනවා. ලංකාවේ ළදරු මරණවලට 40% ක් හේතුවෙන්නේ උපත් ආබාධ.
වසරකට දරුවන් 2100 ක් විතර මිය යනවා. ඒ පිරිසෙන් 700 කට විතර හේතුව ‘උපත් ආබාධ’.
ගොඩක් දේවල් අපිට වළක්වන්න බෑ. ඇතැම් උපත් ආබාධ දරු ගැබ තුළදීම සොයාගන්න පුළුවන්. නමුත් රටේ පවත්නා නීතිය අනුව අපිට ඒ සඳහා කිසි දෙයක් කරන්න බැහැ.
මිය යනවා යැයි හොඳින්ම දන්නා දරුවෙකු කුස තුළ තබාගෙන… මවත්, ඒ දරුවාත්, සෞඛ්‍ය පද්ධතියත්, පවුලත්, සමාජයත් විඳවනවා. හරිම සංවේදී තත්ත්වයක්.
අපි ඉල්ලා සිටියේ මෙවැනි තත්ත්වයක් තහවුරු වුණු අවස්ථාවක, මවට අවශ්‍ය නම්, ඒ අයට දරු ගැබ නිමා කිරීමට අවස්ථාව උදාකරන්න කියලා” යැයි පැවසීය.
+
රේගුවේ අපේක්ෂිත අදායම ලැබුණේ නෑ – ඩොලර් එක ඉස්සරහට තව වැඩිවෙයි (05.06.2026)
+
නාවලපිටියේදී 03 දෙනෙකුට දිවි අහිමි වූ අනතුර සිදු වූ තැන උණුසුම් තත්ත්වයක් (05.06.2026)
+
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පලාත් සභා ඡන්දය තියන තුරු විතරයි | වෛද්‍ය වසන්ත බණ්ඩාර (05.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴