ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට අයත් නුගේගොඩ, පාගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩා 4 ක් මුද්‍රා තබයි

ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට අයත් නුගේගොඩ, පාගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩා 4 ක් මුද්‍රා තබයි


ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට අයත් නුගේගොඩ, පාගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩා 4 ක් මුද්‍රා තබයි

(04.06.2026 – facebook.com/CAASriLanka/)

නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුගේ ගබඩා පරිශ්‍රයක් 2026.06.03 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් හදිසි වැටලීමකට ලක් කර තිබේ. මෙම වැටලීමේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් සිදු කළ වැරදි රැසක් අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් අදාළ ගබඩා 4 ක් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

මෙම ගබඩා හරහා දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල් ආයතන සහ වෙළඳපොළ වෙත තොග වශයෙන් ආහාර ද්‍රව්‍ය සපයා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. ඒ අතරට චීස් සහ බටර් ඇතුළු කිරි නිෂ්පාදන, චොකලට් සහ කොකෝවා කුඩු, ටින් කළ පළතුරු සහ එළවළු, පැස්ටා වර්ග, මස් වර්ග සහ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය රැසක්ද අයත් වේ.

විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගත් ප්‍රධානතම ගැටලුවක් වන්නේ, මෙහි ගබඩා කර තිබූ බොහෝ නිෂ්පාදනවල ආනයනකරු පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් කර නොතිබීමයි. තවද, භාණ්ඩවල මුල් ඇසුරුම්වල ඇති නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු කිසිවක් නොමැතිව එම භාණ්ඩ වෙනත් ඇසුරුම්වලට බහාලීමේ ක්‍රියාවලියක්ද මෙම ස්ථානයේ ක්‍රියාත්මක වී ඇති බව නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. මීට අමතරව, හෝටල් සහ වෙළඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ නිෂ්පාදන තොගයක්ද මෙහි තිබී සොයාගෙන තිබේ.

මෙම නීති විරෝධී ක්‍රියාවන් මගින් පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යයට දැඩි අවදානමක් එල්ල වන බැවින්, මේ පිළිබඳව පුළුල් විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. වැඩිදුර විමර්ශන සඳහා ගබඩා මුද්‍රා තබා ඇති අතර, අදාළ ව්‍යාපාරික ආයතනයට සහ සැකකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතය.

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී භාණ්ඩවල ලේබලය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සහ ආනයනකරුගේ තොරතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන්, ආහාර නිෂ්පාදන ආයතනවලින් මෙන්ම හෝටල් හිමියන්ගෙන්ද ඉල්ලා සිටියි. පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙවැනි වැටලීම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

+++

+++

Asriel Holdings (PVT) LTD,
1/4, 6th lane, Pagoda, Nugegoda.

+


නාවික සැතපුම් 12,000 ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට

(04.06.2026 – hirunews.lk)

අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරයේ සිට නාවික සැතපුම් 12,000 ක ඓතිහාසික මුහුදු ගමනක් නිමා කරමින් මෙරටට පැමිණි ‘SLNS සමුද්‍ර විජය’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සේවයට නිල වශයෙන් එක් කිරීම අද (04) කොළඹ වරායේදී සිදු කෙරුණා.

එහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වැඩ බලන තානාපති ජේන් හොවෙල්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වා ඇති අතර, මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාවක් සිය රටට ගෙන ඒම සඳහා මෙතෙක් සිදු කළ දීර්ඝතම නාවික ගමන වනු ඇති.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ නෞකාවක් පැනමා ඇළ හරහා යාත්‍රා කළ පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වෙනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක හමුදාවේ ‘Decisive’ කටර් නෞකාව ලෙස හැඳින්වූ ‘SLNS සමුද්‍ර විජය’, එක්සත් ජනපද අතිරික්ත ආරක්ෂක උපකරණ ප්‍රදාන වැඩසටහන (EDA) යටතේ ශ්‍රී ලංකාවට පවරා දුන් සිව්වන වෙරළාරක්ෂක නෞකාවයි.

මෙම නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන්හි මුර සංචාර කටයුතු ශක්තිමත් කිරීම, නීති විරෝධී මසුන් ඇල්ලීම හා සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම, සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සිදු කිරීම මෙන්ම නිදහස්, විවෘත හා සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සහතික කිරීම වෙනුවෙන් යොදවා ගැනීමට නියමිතයි ෴

+++

+


Hiru TV Balaya Live | Episode 644 | 2026-06-04

+


Rathu Ira | Harsha De Silva | 04-06-2026 | Swarnavahini

+


AI, Deep fake තාක්‍ෂණයෙන් ජනාධිපති බොරු කියන වීඩියෝ හදලා..

(04.06.2026 – lankacnews.com)

කෘතිම බුද්ධිය (AI) සහ ‘ඩීප් ෆේක්’ (Deep fake) තාක්ෂණය අවභාවිත කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ රුව රැගත් ව්‍යාජ වීඩියෝ පට රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) නිවේදනය කරයි.

මෙම ව්‍යාජ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් ක්‍රියාත්මක වන බවට ආයතනය වෙත පැමිණිලි ලැබී තිබේ.

ශ්‍රී ලංකා සර්ට් ආයතනය පෙන්වා දෙන්නේ විවිධ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කර මාසිකව ඉහළ ප්‍රතිලාභ ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා, අගමැතිනිය මෙන්ම ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සහ විශේෂ පුද්ගලයන් ඉල්ලීම් කරන ආකාරයෙන් මෙම වීඩියෝ සකසා ඇති බවයි.

මීට අමතරව රටේ ආර්ථිකය, බදු ප්‍රතිපත්ති සහ විවිධ රැකියා අවස්ථා සම්බන්ධයෙන් ද මෙලෙස ව්‍යාජ පුවත් නිර්මාණය කර බෙදාහරිමින් පවතී.

මෙම වීඩියෝ සමඟ පළ කර ඇති සබැඳි (Links) වෙත පිවිස මුදල් ආයෝජනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සර්ට් ආයතනය සඳහන් කරයි.

එවැනි සබැඳි ඔස්සේ පරිශීලකයන් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරවා, ඔවුන්ගේ පුද්ගලික රහස්‍ය තොරතුරු සහ මුදල් සොරාගැනීමේ දැඩි අවදානමක් පවතින බවට ද එම ආයතනය අනතුරු අඟවයි.

අන්තර්ජාලය තුළ සංසරණය වන මෙවැනි ව්‍යාජ සහ නොමඟ යවන සුළු වීඩියෝ දර්ශන පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ විමසිල්ලකින් පසුවන ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, එවැනි සැකකටයුතු සබැඳි (Links) වෙත පිවිසීමෙන් වැළකී සිටින ලෙසත්, තමන්ගේ වටිනා පෞද්ගලික දත්ත වංචනිකයන් අතට පත් වීමට ඉඩ නොතබා මෙවැනි මූල්‍ය වංචාවලට ගොදුරු නොවන ලෙසත් ශ්‍රී ලංකා සර්ට් ආයතනය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී ෴


නීතිය සැමට එකයි ! නිරාගමිකයන්ට දැන් සැපයි ? (04.06.2026)

+


ටිල්වින්, ඇත්තටම ඔයා නිකම්ම නිකං ටිල්වින් කියලා, දැන්වත් තේරුම් ගනීද ? (04.06.2026)

+

නොරොච්චෝලේ ගල්අඟුරු අළුවලින් පළාතම විනාසයි… කල්පිටියේ මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ කියන කතාව (04.06.2026)

+

මේ ආණ්ඩුව මේ වගේ හැංගිමුත්තන් කරන්නේ කාව රවට්ටන්නද ? (04.06.2026)

+

ලබන අවුරුද්දෙත් ඔය විදියටම දන්සැලේ පෝලිමේ ඉන්නවද ? අපි වෙනස් වෙන්නේ නැද්ද ? (04.06.2026)

+


12 කගේ ජීවිත නැතිකළ ‘සෙනෙහසේ කැඳැල්ල’ අවුල් ජාලාවක්! ගින්නට හේතුවත් හෙළිවේ! (04.06.2026)

+


ට්‍රම්ප්ගෙන් ලංකාවටත් දරුණු ප්‍රහාරයක් (04.06.2026)

+

හොර පාරෙන් හර්ෂට එවපු ලියුම (04.06.2026)

+


ශානි අබේසේකරට මාංචු නොවැටෙන්නේ ඇයි? ඔබ ඇසිය යුතුම රහස් කතාව! (04.06.2026)

+


ප්‍රජාතන්ත්‍රවාදයේ මල ගෙදර බූරුවා ගහන විපක්ෂය (04.06.2026)

+


‘හැඟුම්වලට ඉඩදී මොහොතක්’ (26) – උදය ගම්මන්පිල – ස්වර්ණවාහිණී (02.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *