ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට (3) දිවි අහිමි වෙයි

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට (3) දිවි අහිමි වෙයි


ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට (3) දිවි අහිමි වෙයි

(04.06.2026 – 09:12 +0530 – sinhala.adaderana.lk)

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු (1) ඇතුළු තිදෙනෙකු (3) ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද (04) උදෑසන මෙම අනතුර සිදුවී ඇති අතර පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පැවසීය.

කෙසේවෙතත් අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා දිවි බේරාගැනීමට සමත්වී තිබේ.

අද (04) උදෑසන 06:45 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

පසුව නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කඩාවැටීමෙන් ඊට යටවී මියගොස් සිටි තිදෙනාගේ (3) සිරුරු ඉවතට ගෙන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත්වී තිබූ එම යූකැලිප්ටස් වර්ගයේ ගස කපා ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්වය වෙත දැනුම්දී තිබුණත්, එයට මෙතෙක් විසදුම් නොලැබීම හමුවේ මෙම අනතුර සිදුවී ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+++

+++

+


ආගම අනතුරේ බේර ගන්න එකාබද්ධ විපක්ෂය එක්ක මහා සංඝයා වහාම රැස්වෙයි (04.06.2026)

+


හොරණ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා ජුනි 11 දක්වා රිමාන්ඩ්

(04.06.2026 – hirunews.lk)

හොරණ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියයෑමේ සිදුවීමට අදාළව එම නිවාසයේ අධ්‍යක්ෂවරයා ජුනි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

ඊයේ (03) පස්වරුවේ ඇති වූ මෙම ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ සහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ගින්න හටගන්නා අවස්ථාවේ එම නිවාසයේ වැඩිහිටියන් 72 කු රැදී සිට ඇති අතර ඊට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු ඇතුළත් වුණා.

ගින්නට මැදි වූ 51 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කළ අතර ඔවුන් මේ වනවිට බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.

සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රියේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා පැමිණ තිබුණා.

+++

“අපි බේරගත්ත අම්මා කෙනෙක් තම මාලයට තිබුණු ආසාවට ආයෙමත් ගින්නට දිව්වා. එයත් ඉවරයි” – බටගොඩ මාපිය සෙවණේ ගින්නේ නෑසුනු කතාවක්

(04.06.2026 – hirunews.lk)

වෙසක් සඳ පායා මැකී යාමටත් මත්තෙන් අඟුරුවාතොට, බටගොඩ ගල්පාත මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසය දෙසින් ඇසුනේ හද කම්පා කරවන විලාප හඩක්.

ඒ එම නිවාසය ගින්නකට හසුවු නිසයි. ඊයේ (03) සවස 5 ත් 6 ත් අතර මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණා.

එම නිවාසයේ මානසික ආබාධ සහිත විවිධ වයස්වල කාන්තා හා පිරිමි පුද්ගලයින් 72 ක් පමණ සිට ඇතැයි මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. මෙම පිරිස රැකබලා ගැනීමට පලනාධිකාරිය පස් දෙනෙකු (5) සිට ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

තුවාල ලැබූවන් යුහුසුළුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය විශේෂ කාර්ය බලකාය ඇතුළු සහන කණ්ඩායම් එකතුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර 51 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන එම නිවාසය ඉදිරිපිට ඇති බටගොඩ ප්‍රාථමික විද්‍යාලීය ගොඩනැගිල්ලට රැගෙන ගොස් තිබූණා. ඒ යුද හමුදාවේ බස් රථවලින්. තවත් කොටසක් බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයටත් රැගෙන ගියා.

සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ මෙම සිද්ධිය මුලින්ම දුටු ප්‍රදේශවාසියෙක් පැවසුවේ මෙවැන්නක්.

“අපි කළින් දවසේ මේ නිවාසෙට 72 දෙනෙක් සඳහා දානයක් ගෙනාවා. සිද්ධිය වෙද්දි මං මෙතනට එද්දිත් ගින්න පටන් අරන් විනාඩි 05 ක් 10 ක් විතර ගතවෙලා. ඉස්සරහ සේරම යතුරු දාලා දොර ජනෙල් වහලා තිබුණේ.

ඉස්සරහම එක්කෙනෙක් දඟලමින් කෑගගහමින් හිටියා. මේ නිවාසයෙ බිමට මෙට්ට දාල තමයි මේ අය ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ මිනිස්සු මරලතෝනි තියන සද්දේ තාමත් කන්දෙකේ ඇහෙනවා වගේ.

ඇවිදින්න බැරි තුන්දෙනෙකුත් (3) හිටියා ඉස්සරහම. මගෙ කෑගැහිල්ලට අවට අයත් ආවා. අපි පිටිපස්ස පැත්තෙන් ගිහින් හරිම අමාරුවෙන් තමයි හත් අට (7-8) දෙනෙක් බේරගත්තේ. ඒ වෙනකොටත් කිට්ටු වෙන්නත් බැරි තරම් ගින්දර ඇවිලෙනවා. අපි බේරගෙන මිදුලට ගෙනාව එක අම්මා කෙනෙක් ‘අනේ මගේ මාලේ ගේ ඇතුලේ වැටිලා’ කියලා ආපහු ගේ ඇතුළට දුවලා ගියා. එයත් ඉතින් මාලේ හින්දා පිච්චිලා ගියා. ගෑස් එකත් පස්සේ පුපුරලා තිබුණා.”

මෙම සිද්ධියෙන් මියගිය 25 හැවිරිදි තරුණියක් වන ‘ධනුෂ්කි ශශී බබා’ගේ ඥාතියකු පැවසුවේ මෙවැන්නක් :

“අපි අම්බලන්ගොඩ. facebook එකේ තියෙනවා දැකලා තමයි අපේ අක්කගේ දුවව මෙහාට බාර දුන්නෙ. අක්කා රට ගිය හින්දා. මාසෙට රු. තිස්පන්දාහක් (35,000) අපි ගෙවනවා මෙහාට. අමතරව බෙහෙත් ගන්න කියලා කියන කියන වෙලාවට රු. විසි-තිස් දාහක් (20-30) කියන කියන ගණන් දෙන්න ඕනෑ. අපි එයාව බලන්න එනවා නම් එයාලට කළින් දැනුම් දීලා අවසර අරන් එන්න ඕනෑ. එතකොට හොඳට සෝදලා පිරිසිදු කරලා තියෙනවා. නැත්නම් අනිත් දවසට කිසි පිරිසිදුකමක් නෑ. දංවැල් දාලා බැඳලා තියනවා. මේගොල්ලෝ කරන්නෙ බැරි අයව පැත්තකටම දාලා තියලා ටිකක් කතාබහ කරන්න ඇවිදින්න පුළුවන් අයව එළියට අරගෙන වීඩියෝ කර කර ෆේස්බුක් දාලා හම්බ කරන එකයි.”

සිද්ධිය වෙන අවස්ථාවේ මෙම ආයතනයේ පාලකයන් නොසිටි අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් ඇති දෙමහල් නිවෙසක ඔවුන් රැදී සිටින බවයි.

මීට අමතරව වෛද්‍යවරයෙක්, හෙදියක්, ගිලන් රථයක් ඇතුළු මානසික රෝගීන්ට රැකවරණය ලබාදෙන මෙවැනි ආයතනයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කිසිදු පහසුකමක් මෙම ආයතනය තුළ නොමැති බවද ප්‍රදේශවාසීන් පවසන්නේ දැඩි කෝපයෙන්.

ගින්න පැවති අවස්ථාවේ හොරණ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙක (2) පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර කර ජලය මදි වී නැවත රැගෙන ඒමට යෑම නිසා ප්‍රමාද වූ බවද ප්‍රදේශවාසීන් පවසනවා.

තරුණ පිරිස් දුම් කවුළුව උඩට නැග මහත් පරිශ්‍රමයක් දරා ජල බටවලින් ගින්නන නිවීමට උත්සහ කර ඇති අතර රාත්‍රී දහය (10) පමණ වන තුරුම ගින්න මැඩ පැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දරා තිබෙන බව අනාවරණය වෙනවා.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලට තුවාලකරුවන් අට දෙනකු (8) රැගෙන ගොස් ඇති අතර මේ වන විට ඉන් දෙදෙනෙකු (2) මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

ගිනිගත් නිවෙසේ තිබී මළ සිරුරු දහයක් (10) සොයාගෙන ඇති අතර ඉන් නවයක් (09) කාන්තාවන් ද එක් අයෙකු (01) පිරිමියෙකු බව ද පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් ගිනිගැනීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව ආරක්ෂක අංශ පවසයි. මෙම නිවාසයේ සිටි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි එක් (01) වැඩිහිටි කාන්තාවක් වෙනම කුටියක රඳවාගෙන මේ වන විට ඇඟෙන් සිද්ධිය පිළිබඳ කට උත්තර ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.

මේ වන විට මේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති ඥාතීන් අදාළ පාලනාධිකාරියේ නිලධාරීන් සමග තර්ක කරමින් සිටින්නේ තමන්ගේ තමන්ගේ ඥාති සහෝදරයා දියණිය මිය ගියාද නැද්ද නිශ්චිතව තහවුරු කර ගැනීමක් සිදු කර නොමැති බැවින්.

හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර මළ සිරුරු හොරණ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළා.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකළ අතර පානදුර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්, රස පරීක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරනවා.

+++

රටම කම්පා කරපු වැඩිහිටි නිවාසයේ ගින්න – අද (04) උදේ අළු වෙලා තිබ්බ හැටි මෙන්න (04.06.2026)

+++

ගිනිගත් වැඩිහිටි නිවාසය ළඟ උණුසුම් තත්ත්වයක් – අනවසරෙන් කරලා දැන් වහන්නේ මොකද ? (04.06.2026)

+++

ඉස්සල්ලම ගිනි ගත්තේ මෙට්ට 80 ක් – වැඩිහිටි නිවාසයේ සේවකයෙක් හෙළි කරයි (04.06.2026)

+++

වැඩිහිටි නිවාසයේ ගින්නට හේතුව හෙළිවෙයි (04.06.2026)

+++

ලොකු අයියගේ ‘සෙනෙහසේ කැදැල්ල’ ලියාපදිංචි කර නැහැ. දැන් වෙන්න යන දේ මෙන්න (04.06.2026)

+++

“මේ දෙවැනි වතාවනේ බං! දැන්වත් ඕක නවත්තපන්,” සෙනෙහසේ කැදැල්ලේ සැඟවූ රහස් ගොඩක් එළියට (04.06.2026)

+++

+++

වැඩිහිටි නිවසේ ගින්නෙන් අසරණ වූ පිරිසක් ලොකු අයියාට අයිති වෙන වැඩිහිටි නිවසකට දාලා (04.06.2026)

+++

සෙනෙහසේ කැදැල්ලේ ලොකු අයියා කොටු කරලා බේරෙන්න හදන තෝරු මෝරු A to Z කතාව මෙන්න (04.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *