‘සුවසැරිය දැන් හමුදා පාලනයක්..’ සුවසැරිය සේවකයන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතා..

‘සුවසැරිය දැන් හමුදා පාලනයක්..’ සුවසැරිය සේවකයන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතා..


‘සුවසැරිය දැන් හමුදා පාලනයක්..’ සුවසැරිය සේවකයන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතා..

(04.06.2026 – lankacnews.com)

1990 සුවසැරිය ගිලන්රථ සේවයේ සේවකයින් පිරිසක් සිය සේවාව වහාම රජයට පවරා ගන්නා ලෙසත්, තමන් මුහුණ දෙන පරිපාලන ගැටලු විසඳන ලෙසත් ඉල්ලමින් අද (04) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

වසර 10 කට අධික කාලයක් පුරා මෙරට ජනතාවට ඉටුකළ විශිෂ්ට සේවයට නිසි ඇගයීමක් ලබාදෙමින්, තමන් රජයේ ස්ථිර සේවකයින් ලෙස බඳවා ගන්නා ලෙස ඔවුහු මෙහිදී බලකර සිටියහ.

විරෝධතාවයට එක්වූ සේවකයෙකු සඳහන් කළේ 2016 වසරේ ඉන්දීය රජයේ ආධාර මත මෙරට ආරම්භ වූ සුවසැරිය සේවය, එදා සිට මේ දක්වා පාස්කු ප්‍රහාරය, විවිධ ස්වභාවික ආපදා සහ කොවිඩ් වසංගතය වැනි තීරණාත්මක අවස්ථාවලදී නොපිරිහෙලා සිය රාජකාරිය ඉටුකර ඇති බවයි.

කෙසේ වෙතත්, වසර 10 ක් පුරා සේවය කළද තවමත් තමන් ස්ථිර සේවකයින් නොවන බවත්, රජයේ සේවකයින්ට හිමිවන කිසිදු වරප්‍රසාදයක් තමන්ට හිමි නොවන බවත් සේවකයෝ චෝදනා කරති.

සුවසැරිය ආයතනය තුළ දැනට පවතින ‘මිලිටරි පාලන ක්‍රමය’ තමන්ට දැඩි පීඩනයක් එල්ල කරන බව සේවකයින් මෙහිදී අනාවරණය කළේය. විශේෂයෙන්ම නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ආයතනයේ සභාපති , මානව සම්පත් අංශය සහ විගණන අංශය වැනි තීරණාත්මක තැන්වල කටයුතු කරන බවත්, රෝගීන් සමඟ ඉතා සංවේදී ලෙස කටයුතු කරන තමන්ට මෙවැනි මිලිටරි පාලනයක් යටතේ සේවය කිරීම දුෂ්කර වී ඇති බවත් ඔවුහු පැවසූහ. මීට අමතරව, වසර ගණනාවක් සේවය කළ සේවකයින් හට අත්තනෝමතික ලෙස ස්ථාන මාරු ලබාදීම මෙම විරෝධතාවයට ආසන්නතම හේතුව වී තිබේ.

මෙම විරෝධතාවය සඳහා දිවයින පුරා සේවය කරන 1600 කට අධික සේවක මණ්ඩලයෙන් 400 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් ප්‍රතික්ෂේප කරමින් සේවකයින් අවධාරණය කළේ, රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින් තමන් මෙම විරෝධතාවයට නොපැමිණි බවත්, සේවයේ යෙදී සිටින අනෙක් පිරිස රෝගී සත්කාර කටයුතු අඛණ්ඩව සිදුකරන බවත්ය.

විරෝධතාවය අවසානයේ සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දීමටද සේවකයින් කටයුතු කළහ.

+++

+++

+


කළුතර බන්ධනාගාර පරිශ්‍රය තුළදී සිරකරුවන් දරුණු ලෙස පහර දී ජේලර් රෝහලේ..

(04.06.2026 – lankacnews.com)

කළුතර බන්ධනාගාර පරිශ්‍රය තුළදී සිරකරුවන් පිරිසකගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ බන්ධනාගාර නියාමකවරයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව කළුතර උතුර පොලිසිය වාර්තා කරයි.

‘බී’ වාට්ටුවේ සේවයේ නිරතව සිටි මෙම නිලධාරියා, මත්ද්‍රව්‍ය හා මිනීමැරුම් චෝදනා මත ‘ඩී’ වාට්ටුවේ රඳවා සිටින රැඳවියෙකු එහි පැමිණීම පිළිබඳව ප්‍රශ්න කර ඇත.

එහිදී උරණ වූ එම රැඳවියා නිලධාරියාගේ කමිසයෙන් අල්ලා ඇති අතර, අනතුරුව ඔහුගේ සෙසු සගයන් ද එකතු වී නියාමකවරයාව බිම පෙරළාගෙන අමානුෂික ලෙස තලා පෙළා තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව, මෙම පහරදීම මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරිකයෙකු වන ‘බෝම්බුවල නවින්’ නැමැත්තාගේ අනුගාමිකයන් පිරිසකි.

සිද්ධියෙන් අනතුරුව, ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ ප්‍රධාන සැකකාර රැඳවියා වහාම ක්‍රියාත්මක වන පරිදි වාරියපොළ බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත ෴


හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයට

(04.06.2026 – hirunews.lk)

හොරණ ප්‍රදේශයේ පිහිටි මහජන බැංකු පරිශ්‍රය තුළදී ඊයේ (03) පස්වරුවේ රුපියල් කෝටි තුනහමාරක (රු. 35,000,000) මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුතු පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා.

ඊයේ (03) පස්වරු 02:50 ත් 02:55 ත් අතර කෙටි කාලය තුළදී මෙම සූක්ෂ්ම කොල්ලය සිදුවී ඇති අතර, බැංකුවේ සහකාර කළමනාකරු විසින් වෙනත් සේවා මධ්‍යස්ථාන දෙකක් (2) වෙත රැගෙන යාම සඳහා සකස් කළ මුදල් මලු, ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු (2) සමඟ බැංකුවෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී බැංකු පරිශ්‍රය තුළදීම පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස කොල්ලකා පලා ගොස් තිබෙනවා.

සිද්ධිය පිළිබඳව ආරක්ෂක නිලධාරීන් විසින් බැංකු කළමනාකරු දැනුවත් කිරීමෙන් පසු ඔහු වහාම ක්‍රියාත්මක වී බැංකු පරිශ්‍රයෙන් පිටත පරීක්ෂා කර ඇතත්, කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර, බැංකු කළමනාකාරීත්වය විසින් මේ පිළිබඳව වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් 5000 නෝට්ටු වලින් සමන්විත රුපියල් මිලියන 35 ක් අඩංගු, අදාළ රාජ්‍ය බැංකුවේ ලාංඡනය සහිත ලා ක්‍රීම් පැහැති මලු දෙකක් (2) මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇති බවයි.

සිද්ධියෙන් අනතුරුව මුදල් මලු භාරව සිටි සහකාර කළමනාකරු පොලිස් භාරයට ගෙන ඇති අතර, සහකාර කළමනාකරු සේප්පුවෙන් මුදල් ලබා ගන්නා අයුරු බැංකුව තුළ සවිකර තිබූ සී.සී.ටී.වී (CCTV) කැමරාවල සටහන්ව තිබුණද, බැංකුවෙන් පිටවන දොර අසල ප්‍රදේශය ආවරණය වන පරිදි කැමරා සවිකර නොතිබීම විමර්ශනවලට බාධාවක් වී තිබෙනවා ෴


මදුරු මර්දනය පිණිස විශේෂ දින තුනක් (3) ප්‍රකාශයට පත් කෙරේ

(04.06.2026 – hirunews.lk)

රට තුළ මදුරු උවදුර මර්දනය කිරීමේ අරමුණින් විශේෂ දින තුනක් (3) ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

‍ඒ අනුව එළැඹෙන ජූනි මස 08, 09 සහ 10 යන දින තුන පුරා මෙම විශේෂ මදුරු මර්දන වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම මදුරු මර්දන සතිය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති විශේෂ ක්‍රියාකාරකම් පිළිබඳව සහ ඒ සඳහා ජනතාවගේ අවධානය යොමු විය යුතු වැදගත් සෞඛ්‍ය පණිවුඩ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා ජනතාවගේ සෘජු දායකත්වය ලබා ගැනීම මෙමඟින් අපේක්ෂා කෙරේ ෴


සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී TIN අංකය අනිවාර්ය කෙරෙන පනතට කථානායකගේ අත්සන

(04.06.2026 – hirunews.lk)

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (03) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19 වැනිදා පැවැත්වුණු අතර, එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම, බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙම පනතේ අරමුණුයි.

සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මගින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වෙනවා ෴


12 අඩු දරුවන්ව විවාහ කරවලා රටේ නීතිය කඩනවා – මුස්ලිම් විවාහ නීති පනත් කෙටුම්පත වහාම අහෝසි කරනු (04.06.2026)

+


කුපිත වුණු ජනතාව මහ බැංකුව වටලයි – මිනිස්සු ගේට්ටු කඩාගෙන ඇතුලට යන්න හදයි (04.06.2026)

+++

මේ පොලු හෙල්මට් අරන් ඇවිත් පහර දෙන්න ඇවිත් ඉන්නේ – මහ බැංකුව වටලපු ජනතාව එලවන්න පොලීසිය එයි (04.06.2026)

+++

මහ බැංකු අධිපතිට මල් වඩම් ගෙනෙයි – පොලිසිය සහ විරෝධතාකරුවන් ගැටෙයි (04.06.2026)

+


අපිට සටන තියෙන්නේ අනුර කුමාර එක්ක – 2029 එන්නේ රටම කැමති විපක්ෂ අපේක්ෂකයෙක් (04.06.2026)

+


දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වුණු පාසල්වල සුහුරු පංති කාමර හදන ව්‍යාපෘතියක් | මහාචාර්ය චන්දන ජයරත්න (04.06.2026)

+


ස්වභාවධර්මයෙන් ලැබුණු හේමරතනගේ නඩු තීන්දුව | Bhanthe Maliyadewa (04.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *