හොරු රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන මග දමා පැන ගිහින්.. නම් ගම් සහිත හෙලිදරවුවක්..

හොරු රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන මග දමා පැන ගිහින්.. නම් ගම් සහිත හෙලිදරවුවක්..


හොරු රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන මග දමා පැන ගිහින්.. නම් ගම් සහිත හෙලිදරවුවක්..

(25.09.2024 – 14:10 +0530 – lankacnews.com)

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253 ක් ඉන් පරිබාහිර කටයුතු සඳහා යොදවා ඇති බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 830 ක් ලේඛනගතව ඇති බවද පැවසූ ඔහු ඉන් වාහන 29 ක් අතුරුදහන්ව ඇති බවද කියා සිටියේය.

අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු එම වාහන රැසක් තැන් තැන්වල නවත්වා ගොස් ඇති බවත් ගාලු මුවදොර පිටිය, පදනම් ආයතනය, ලක්සල ඉදිරිපිට ආදි ස්ථානවල මෙසේ වාහන දමා ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම වාහන බාර දුන්නේ කාටද ඒවා භාර ගත්තේ කවුද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විමර්ශනයක් සිදුකර එම නම් ගම් රටට හෙළිදරව් කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ගාළුමුවදොර එවන් වාහන නවත්වා ඇති ස්ථානයකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

++++++++

+

+

+


මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 65 ක ජල කප්පාදුවක්

(25.09.2024 – 13:02 +0530 – sinhala.adaderana.lk)

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, මේ හේතුවෙන් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක (2) කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවය.

වසර දෙකකට (2) වරක් සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජලය අනිද්දා (27) මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට සැලසුම්කර තිබේ.

මහවැලි අධිකාරිය සඳහන් කළේ, වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමත් රජරට කෘෂිකාර්මික කටයුතු මෙම දිනවල අවසන්ව තිබීමත් හේතුවෙන් ජලාශයේ නඩත්තු කටයුතු මෙම දිනවලදී සිදුකිරීමට තීරණය කළ බවය.

ඒ අනුව ජලාශයේ රැස්ව තිබෙන ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරීමට නියමිතය.

ජලාශය හිස්වීමත් සමඟ ක්‍රීඩා කිරීමට හෝ මසුන් ඇල්ලීමට මහවැලි ගඟට බැසීම අවදානම් බැවින් එලෙස ක්‍රියාකිරීමෙන් වළකින ලෙස මහවැලි අධිකාරිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.

පොල්ගොල්ල ජලාශය හිස් කිරීමත් සමඟ විසල් මහනුවර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට 28 වැනිදා සහ 29 වැනිදා යන දෙදින තුළ ජලය ලබා ගැනීමේ හැකියාවක් නොපවතින බැවින් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව සෙනසුරාදා අලුයම 01 සිට සැප්තැම්බර් 30 වන දා පස්වරු 06:00 දක්වා පැය 65 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

මහනුවර නගර සභා බලප්‍රදේශයට, හාස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර සහ අකුරණ ජල සම්පාදන ක්‍රමවලට අයත් ප්‍රදේශවලට, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන සහ වලල යන ප්‍රදේශ හා විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ ජලය බෙදාහරින මාවතගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි ෴


මාලිමාව වැඩේ හොඳටම පටන් ගනී | අපි ඇඟිලි ගහන්නේ නෑ ඔයාලා වැඩේ කරගෙන යන්න (25.09.2024)

+


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්

(25.09.2024 – itnnews.lk)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ‘උදිත ගයෙශාන්’ මහතා පත් කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ නව සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අතින් පත්වීම ලබාගත්තා.

+

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ‘සෙනේෂ් බණ්ඩාර’

(25.09.2024 – itnnews.lk)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ‘සෙනේෂ් බණ්ඩාර’ මහතා පත්කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ නව සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අතින් පත්වීම ලබාගත්තා.

+++++++++

ස්වාධීන රූපවාහිනී සභාපති ප්‍රියන්ත වෙදමුල්ල

(25.09.2024 – gossiplankanews.com)

ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපතිවරයා ලෙස ‘ප්‍රියන්ත කුමාර වෙදමුල්ල’ මහතාව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කළේය.

ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත වෙදමුල්ල පේරාදණිය හා කොළඹ විශ්ව විදයාල වලින් පළමු ‍හා දෙවන උපාධි සම්පූර්ණ කර ඇත. මෙවනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් හදාරමින් සිටී.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අකුණ, විසංවාදය, ඇත්ත නැත්ත, ජූරිය ඔබයි වැනි කාලීන වැඩසටහන් රැසක නිෂ්පාදකයා වන්නේද ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතායි ෴


පොලිසිය තිතට වැඩ.. අල්ලස් එපා කියයි.. දෙන්න හැදු අයෙක් අත්අඩංගුවට..

(25.09.2024 – 12:43 +0530 – lankacnews.com)

24.09.2024 වන දින උදෑසන කාලයේ මාතලේ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000/= ක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කල පුද්ගලයෙකු මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාතලේ පොලිස් ස්ථානය වෙත පැමිණි පුද්ගලයකු තමන් පුද්ගලික බැංකුවක වාහන අත්පත් කර ගැනීමේ නියෝජිතයෙකු බව සඳහන් කරමින් ලොරි රථයක් අත්පත් කරගැනිම සඳහා නමක් හෝ නිල මුද්‍රාවක් නොමැති බලය පැවරීමේ ලිපියක් ඉදිරිපත් කර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා ඇත.

එහිදි විවිධ පැමිණිළි අංශයේ ස්ථානාධිපති විසින් වගකිව යුතු නිලධාරියෙකුගේ නම සහිත නිලමුද්‍රාව තබා ලිපියක් රැගෙන ඒමට උපදෙස් ලබා දී ඇති අතර, එම පුද්ගලයා විසින් එසේ කටයුතු නොකර පොලිස් පරීක්ෂකවරයාට රුපියල් 5000 ක මුදල් ලබා දීමට උත්සහ ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන මාපාකන්ද උතුර, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාතලේ පොලිසිය වැඩිදුර විර්මශනය සිදු කරනු ලබයි ෴


ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රිමාන්ඩ් කිරීමට නියෝග

(25.09.2024 – 16:23 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් පාලන සමයේ ඊ-විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට (2) පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන අය විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයාට කියවා දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා විසින් වග උත්තරකරුට අදාළ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විවෘත අධිකරණය කියවා දුන්නා.

වගඋත්තරකාර ආගමන හා විගමන පාලකවරයා සඳහන් කළේ තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවයි.

එම අවස්ථාවේදී වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මෙම අධිකරණය නියෝගය ක්‍රියාත්මක කිරීම හිතාමතාම පැහැර හැරීමට කටයුතු නොකළ බව සඳහන් කළා.

ඉකුත් අගෝස්තු මස දෙවනදා (02) නිකුත් කළ මෙම අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීමට තම සේවාදායකයා අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බවත් මතුවූ ප්‍රායෝගික හා තාක්ෂණික අපහසුතා හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව පැවසුවා.

කෙසේ වෙතත් එම නියෝගය සතියක් තුළ ක්‍රියාත්මක කිරීමට තම සේවා දායකයා ප්‍රතිඥා ලබාදෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වග උත්තරකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසම තුළින් අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි බව සඳහන් කොට ඇතැයි කියා සිටියා.

අද (25) නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා මාස දෙකක (2) කාලයක් මුලින් ඉල්ලා සිටි වග උත්තරකරු අවසානයේදී සතියක් ඉල්ලා සිටීම තුළින් ඔහු දරන පරස්පර ස්ථාවරය පැහැදිලි වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මොහු පැහැදිලිවම අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව අවධාරණය කළා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විවෘත අධිකරණය ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වය සහ අධිකාරි බලයේ ගෞරවය ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීම බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය යනු මෙරට තිබෙන ඉහළම අධිකරණය බවත් එම අධිකරණය විසින් නිකුත් කරන නියෝග හෑල්ලුකොට සුළුවෙන් දැකීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් මෙහිදී සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි අවධාරණය කළා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධානයන් ප්‍රකාරව මෙම වග උත්තරකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් නියෝග කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල යළි ජනවාරි මස 22 වන දා කැඳවීමටද දින නියම වුණා.

ඊ-වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පුද්ගලික සමාගම් දෙකකට (2) පැවරීමට ඉකුත් පාලන සමයේ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු මස දෙවනදා (02) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර, එම වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරැණි ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දන්වා ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක්ද නිකුත් කර තිබුනා.

ඊ-වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරැණි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මෙම චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා ෴

+


පළාත් 9 ට ආණ්ඩුකාරවරුන් පත් කරයි

(25.09.2024 – itnnews.lk)

අද (25) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම ජනාධිපති විසින් සිදුකරනු ලැබුවා.

අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාමලේඛනය පහතින් :

  1. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර
  2. සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර
  3. බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර
  4. තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර
  5. වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර
  6. නාගලිංගම් චේතනායහන් මහතා – උතුර පළාත් ආණ්ඩුකාර
  7. ජයන්ත ලාල් රත්නසේකර මහතා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
  8. චම්පා ජානකී රාජරත්න මහත්මිය – සබරගමුව පළාත් ආණ්ඩුකාර
  9. කපිල ජයසේකර මහතා – ඌව පළාත් ආණ්ඩුකාර

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්වී සිටියා ෴

++++++

++++++

මිනිස්සු බලා සිටි වැඩක් සිද්ධ වෙයි | අනුරගෙන් අලුත්ම ආණ්ඩුකාරවරු 09ක් | හිටපු මුහුණු දකින්නත් නැහැ (25.09.2024)

+


අගමැති කාර්යාලයේ සේවකයින් එක්ක හරිනි හදිස්සි රැස්වීමක් කැඳවයි | කවුරුත් බලාපොරොත්තු නොවූ උපදෙසක් (25.09.2024)

+


ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතා සිදු කල විශේෂ ප්‍රකාශය (25.09.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *