2023 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාල කඩඉම් ලකුණු අද (20) නිකුත් කරයි

2023 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාල කඩඉම් ලකුණු අද (20) නිකුත් කරයි


2023 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාල කඩඉම් ලකුණු අද (20) නිකුත් කරයි

(20.09.2024 – 16:46 +0530 – hirunews.lk/sinhala)

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද (20) නිකුත් කරන බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

අදාල කඩඉම් ලකුණු අද (20) පස්වරු 06:00 ට නිකුත් කිරීමට නියමිතයි.

එම ලකුණු පිළිබඳව https://www.ugc.ac.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක ෴


ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(20.09.2024 – 14:57 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලගේ විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වලට අදාළ ණය සියයට 05 ත් 07 ත් අතර පොලී ප්‍රතිශතයක් යටතේ ණය ලබාගත් බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එම ප්‍රතිශතය සියයට 8.2 ක් දක්වා ඉහල නංවා පසුව එය සියයට 7.4 ක් දක්වා අඩු කිරමට රජය කටයුතු කර ඇති බව පෙත්සමේ සඳහන් වෙනවා.

මේ හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් බිලියන 16.4 ක ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 19.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ තුළින් ශ්‍රී ලාංකික ජනතාව වෙත අති විශල ආර්ථික බරක් පැටවී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

මෙම ණය මුදල් ඇමරිකානු නීතිය යටතේ ලබාගෙන තිබුණද ඒම ණය වලින් කොටසක් කප්පාදු කිරීමට හැකියාව තිබියදී රජය ඒ කෙරෙහි අවධානය යොමු නොකොට පොලී ප්‍රතිශතය ඉහල නැංවීම හරහා මෙරට ජනතාවට විශාල අගතියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව අදාල ණය ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ වැඩපිළිවෙළ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴


ජ’පුර විශ්වවිද්‍යාලය සැප්තැම්බර් 24 වැනිදා යළි විවෘත කෙරේ

(20.09.2024 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සැප්තැම්බර් 24 වැනිදා යළි විවෘත කෙරෙන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා දැනුම් දෙනු ලබනවා.

ඒ අනුව, ලබන සැප්තැම්බර් 23 වැනිදා සිට සියලුම සිසුන්ට නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවද ඔහු සඳහන් කළා.

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසුගියදා වසාදැමුණා ෴


ශිෂ්‍යත්ව ප්‍රශ්න ‘වට්ස්ඇප්’ දැමූ තිදෙනාට (3) විනය පරීක්ෂණ

(20.09.2024 – 15:52 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු (3) සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඔවුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමුකළ බවට එල්ලවන චෝදනා අනුවයි.

දිවයිනම ආවරණය වනපරිදි මධ්‍යස්ථාන 2,849 කදී පසුගිය ඉරිදා දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා.

කෙසේ වුවත් අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් ‘වට්ස්ඇප්’ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බව පවසමින් මව්පියන් සහ ගුරුවරුන් පිරිසක් පසුගිය දා චෝදනා එල්ල කළා.

මේ අතර අනුරාධපුර – රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු (3) සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට පලාත් අධ්‍යක්ෂවරයාට උපදෙස් ලැබී තිබෙනවා.

ඒ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමුකළ බවට එල්ල වූ චෝදනාවකට අනුවයි.

මේ අතර නික­වැ­ර­ටිය ප්‍රදේශයේ පාස­ලක ගුරු­ව­ර­යකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහි­ප­යක් ඔහුගේ උප­කා­රක පන්ති­ව­ලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරු­වන් පිරි­ස­කට විභා­ග­යට පෙර දින දෙක (2) තුළදී ලබාදී ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් දෙමාපියන් පිරිසක් එක්ව පාසල ඉදි­රි­පි­ටදී අත්සන් තබන ලද ලිපියක් නික­වැ­ර­ටිය කලාප අධ්‍යා­පන අධ්‍යක්ෂ­ව­ර­යාට, පාසලේ විදුහල්ප­ති­ව­ර­යාට සහ නික­වැ­ර­ටිය කොට්ඨාස භාර පොලිස් අධි­කා­රි­ව­ර­යාට යොමු කර තිබෙනවා ෴


ගුරුමේසය යටට ළමයි රිංගවලා ලිංගික අපයෝජනය කරපු ගෝතමීගම පාපතර විදුහල්පති (19.09.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *