මිදිගම සහ කොහුවල වෙඩිතැබීම් පාතාලයේ වැඩ

මිදිගම සහ කොහුවල වෙඩිතැබීම් පාතාලයේ වැඩ


මිදිගම සහ කොහුවල වෙඩිතැබීම් පාතාලයේ වැඩ

(19.09.2024 – 19:36 +0530 – hirunews.lk/sinhala)

මිදිගම සහ කොහුවල ප්‍රදේශවලදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සිද්ධීන් පාතාල ක්‍රියාකාරකම් බවට අනාවරණය වී තිබෙනවා.

එසේම නිකවැරටිය – රස්නායකපුර – නම්මුවාව නගරයේ ආපනශාලාවක් තුළදී එහි හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ද නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකු කියා සිටියේ.

වැලිගම – මිදිගම – ගොවියාපාන පාලම අසලදී අද (19) උදෑසන යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් එහි හිමිකරු මියගොස්, මාළු මිලදී ගැනීම සඳහා පැමිණි දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

ජීවිතක්ෂයට පත්වූයේ අහංගම – දේනුවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු 2022 වසරේ අගෝස්තු මස 04 වනදා ගොවියාපාන ප්‍රදේශයේම හෝටලයක් තුළ මත්පැන් පානය කරමින් සිටියදී වෙඩිතබා ඝාතනය කෙරුණු අමිල සඳරුවන් නැමැත්තාගේ සොහොයුරෙක්.

අද (19) සිදුකළ වෙඩි තැබීමට ටී-56 වර්ගයේ ගිනි අවියකට අමතරව පිස්තෝලයක්ද භාවිත කර තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මිදිගම චූටි’ නැමැත්තා විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇති බවටයි.

මේ අතර, කොහුවල – සරණංකර පාර ප්‍රදේශයේ වෙළදසැලක් තුළදී ඊයේ (18) රාත්‍රියේ වෙඩිතබා ඝාතනය කළ එහි හිමිකරු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අසංක ෆොන්සේකා’ හෙවත් ‘බඩෝවිට අසංක’ගේ සමීපතමයෙකු බවට හෙලිවී තිබෙනවා.

මියගිය පුද්ගලයා ‘බඩෝවිට අසංක’ නැමැත්තා ලබාදුන් උපදෙස් මත පසුගිය සතියේ බඩෝවිට ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනයට ලක් වූ ‘තරිදු ලක්ෂාන්’ නැමැත්තාගේ අවමංගල්‍ය උත්සවයට ආහාර සපයා තිබෙනවා.

ඒ අනුව, මෙම වෙඩිතැබීම් දෙකම (2) එකම කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.

නිකවැරටිය – රස්නායකපුර – නම්මුවාව නගරයේ ආපනශාලාවක් තුළ අද (19) අලුයම අනෙක් වෙඩිතැබීම සිදුවූ අතර, එහිදී වෙඩිතබා ඝාතනය කෙරුණේ 30 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම වෙඩි තැබීමට හේතුව සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳවද මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

++++++++

+


19-09-2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *