ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර පිටකරලා – සහකාර ශාලාධිපති ඇතුළු 6 කට වැඩ වරදී
(17.09.2024 – divaina.lk)
පෙරේදා (15) පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර ඡායාරූප ගතකොට තවත් ගුරුවරුන් පිරිසකට යැවූ සහකාර විභාග ශාලාධිපතිවරයකු සහ සිද්ධියට සම්බන්ධ තවත් ගුරුවරුන් පස්දෙනකු (5) ප්‍රශ්න කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇත.
අනුරාධපුර නගරයට ආසන්න විභාග මධ්‍යස්ථානයක සහකාර ශාලාධිපතිවරයා විසින් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකර බෙදාහැර ඇති බවට ලද තොරතුරු මත මෙම සහකාර ශාලාධිපතිවරයා ඇතුළු ගුරුවරුන් හයදෙනා (6) මෙසේ ප්‍රශ්න කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර මෙම විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින් පළමු ප්‍රශ්න පත්‍රය දුරකථනයෙන් ඡායාරූගත කොට උපකාරක පංති පවත්වන ගුරුවරුන් කීපදෙනකුට යැවීම සම්බන්ධයෙන් සැකකාර ශාලාධිපතිවරයා සමග ගුරුවරු පස්දෙනා (5) ද ජංගම දුරකථනය ද විභාග දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම ප්‍රදේශයේ පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක්ව සිටිති. මෙම ප්‍රශ්නපත්‍රය අනුරාධපුර, නොචිචියාගම, කොළඹ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කීපයකට යවා තිබෙන බවටද තොරතුරු අනාවරණයවී තිබේ.
මේ සම්බන්ධයෙන් අතිරේක විභාග කොමසාරිස් නීල් අතුකෝරල මහතාගෙන් ඊයේ (16) කළ විමසීමේදී පැවසුවේ සිද්ධියට සම්බන්ධ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා මුදා හරින ලද බවයි. ඉදිරියේදී මෙම ගුරුවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කිරීමේ සිද්ධිය සනාථ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය :
“මෙම සිද්ධිය පිළිබඳ විස්තර ශිෂ්‍යත්ව විභාගය පැවති 15 දා පෙරවරුවේ දැන ගන්න ලැබුණා. මම ඒ මොහොතේම උතුරු මැද අධ්‍යාපන බලධාරීන්ට මේ බව දැනුම් දුන්නා. මෙවැනි දූෂණ සිදු වන්නේ ටියුෂන් ගුරුවරුන් ජාලයක් හරහායි. මෙවැනි අකටයුතුකම් සිදුකරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දීමට බලධාරීන් නොපමාව කටයුතු කළ යුතුයි. මෙවැනි දේ නිසා විභාග කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙනවා. ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි” ෴
++++++++++
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු (1) ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් (3) ඉවත් කිරීමට යෝජනා
(17.09.2024 – 13:16 +0530 – hirunews.lk/sinhala)
පෙරේදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු (1) ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් ඉවත් කිරීමට යෝජනා වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ඒ, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන්ගෙන් පිරිසක් චෝදනා කිරීමත් සමඟයි.
ඒ අනුව ප්‍රශ්න පත්‍රය පිටවූ බවට පැවසෙන කරුණුවලට අදාළව ප්‍රශ්න පත්‍රය සැකසූ පරීක්ෂක මණ්ඩලය සමග විභාග කොමසාරිස්වරයා අද (17) සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇති බව සඳහන්.
මේ අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්ව ඇති අතර, සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092 ක්ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777 ක පෙනී සිට තිබෙනවා ෴
ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි
(16.09.2024 – lankadeepa.lk)
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවද ඔහු සඳහන් කළේය.
ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බව ප්‍රකාශ කළේය.
මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් පමණ යෙදවීමට නියමිතය ෴
ලාල්කාන්ත බොරු කියන්න එපා ! (16.09.2024)
+
ලාල්කාන්ත කිව්වෙ බොරු. බලයට එන්න කැමති නම් මේ දේ කරන්න ! (17.09.2024)
+
අපේ රටේ සහ ලෝකයේ අනාගතය | ඡන්ද පොරොන්දු | වසර තුනකින් ධර්ම සංගායනාවක් (17.09.2024)
= ධම්මරාජ මහා බෝසතානන් වහන්සේගේ අනාවැකි =
+++++++++
‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
(17.09.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala)
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි වෙළඳසැළක අත්උදව්කරුවෙකු ලෙස සේවය කළ 24 හැවිරිදි අයෙක්.
වෙඩි තැබීම සඳහා භාවිත කළ උණ්ඩවල කේ.පී.අයි. ලෙස සටහන් කිරීම සහ සැකකරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා ෴
‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඇතුලු තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අද දිනයේ අත්අඩංගුවට සැකකරු පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී.ජී.පී. කරුණාරත්න අවසර ලබාදී තිබෙනවා.
මෙම සැකකරු අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි වෙළඳසැළක අත්උදව්කරුවෙකු ලෙස සේවය කළ 24 හැවිරිදි අයෙක්.
අදාළ වෙඩිතැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPIලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැඳී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවටයි විමර්ශන හෙළිවී ඇත්තේ ෴
අනුර අතිශය දූෂිතයි; ඒවගේම ඉරිසියයි (17.09.2024)
+
+
+
+
නිහඬ කාලය ගැන දැනුම්දීමක්
(17.09.2024 – 21:41 +0530 – sinhala.adaderana.lk)
ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.
ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත.
මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීම තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ෂයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබේ.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි හෙට (18) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතය.
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධාන රැලි මෙලෙස පැවැත්වෙනු ඇත.
ඒ අනුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් රැලිය මැද කොළඹ ප්‍රදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් රැලිය ද මැද කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇත.
සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අවසන් රැලිය කොට්ටාව නගරයේදීත්,
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ජන රැලිය පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇත.
අවසන් ප්රචාරක රැලි සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද පොලීසිය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ ෴
සජිත් උතුරට දෙන ඔස්ලෝ බලය බෙදිල්ල මෙන්න (17.09.2024)
+++++++++
ගම්මන්පිල ගෙන් බරපතල හෙළිදරව්වක් (18.09.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴