ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ …

ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ …


ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ …

(06.09.2024 – 15:07 +0530 – lankacnews.com)

ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදු දීමෙන් රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත ගොනු කළ බී වාර්තාව සලකා බලමිනි.

ඒ අනුව මහින්ද ජයසිංහ, අමාලි කළුපහන යන සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

+++++++

+


රාජ්‍ය ඇමති චාමර සම්පත් පොලිසියේ යකා නැටූ හැටි මෙන්න (06.09.2024)

+


සජිත් – දිලිත් – නාමල් සහ අරියනේත්‍රන් එක් වන විවාදය – 07-09-2024

+


NPP ආවොත් බුද්ධාගම ඉවරයි | ආනන්ද සාගර හිමි අනතුරු අඟවයි | මේගොල්ලො නිරාගාමික රාජ්‍යයක් හදනවා (08.09.2024)

+


අනුර ජනපති උනොත් මිනිසුන්ගේ දේපළ කොල්ල කාලා රට විනාශ කරන ජවිපෙ සූදානමක් (06.09.2024)

+


ඔය NPP එකේ උන් ගෑනියෙක්ට ගෞරව කරන්නවත් දන්නේ නෑ, මොකෝ NPP ගියාම කැලණියේ වගේ සියලු පව් ටික හේදෙනවද? (07.09.2024)

+


සවිමත් සියල්ලන් බිමට සමතලා කරන – ‘ලෝක දඩයක්කාරයාගේ’ ආසියානු භූමිකාව (08.09.2024)

+

ජනාධිපතිවරණයේ උණුසුම්ම පැය සහ ඇමෙරිකාවේ ‘ප්ලෑන් A ‘ මෙහෙයුම | මාධ්‍ය ආයතන වාරණය කළ විමල්ගේ අනාවරණය! (08.09.2024)

+


විනිසුරුවරිය රහසේ ගහපු ගේම සාක්ෂිත් එක්කම මෙන්න | රටම කැළඹූ රෝයල් පාක් සිද්ධියේ හෙළි නොවූ කතාව (09.09.2024)

+


salon ඇතුලේ හොර රහසේ වෙන දේවල් මෙන්න | 2024-09-09 | Neth Fm Balumgala

+


53 හැවිරිදි පුද්ගලයාගේ ’23 නේ සිහිනය’ කඩා වැටෙද්දී කාන්තාවන් 3 ම උසාවියට

(10.09.2024 – divaina.lk)

යාපනයේ සිට ස්විස්ටර්ලන්තයට ගොස් එහි පුරවැසිභාවය ලබාගෙන සිටින 53 හැවිරිදි දෙමල පිරිමියෙකු රවටා රුපියල් ලක්ෂ පනහක (50) මුදලක් වංචනිකව ලබාගත් යාපනයේ කාන්තාවන් තිදෙනෙකු (3) පොලිසිය විසින් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් තිදෙනා (3) සංවිධානය වී වයස අවුරුදු 23 ක තරුණියක් යොදාගෙන සකස් කළ ‘ටික් ටොක් වීඩියෝවක්’ ස්විස්ටර්ලන්තයේ සිටි පුද්ගලයාගේ ජංගම දුරකතනය වෙත යවා තිබේ.

පසුව එම තරුණිය හා ස්විස්ටර්ලන්ත ජාතිකයා අතර මිතුදමක් ගොඩනගා ගෙන තිබේ. පසුව ස්විස්ටර්ලන්ත ජාතිකයා ඇය ලබාදුන් බැංකු ගිණුමට වරින්වර මුදල් එවා තිබේ.

එම මුදලෙන් කොටසක් එවා ඇත්තේ ස්විස් ජාතිකයා යාපනයට පැමිණි පසුව ඔවුන් දෙදෙනාට (2) එකට ජීවත් වීමට අතිසුඛෝපභෝගී කාමරයක් ඉදිකිරීම පිණිසය. තරුණිය එසේ ජීවත් වීමට කැමති බව ස්විස්ටර්ලන්ත ජාතිකයාට දැනුම් දීමෙන් පසුව ඔහු ඒ සඳහා මුදල් එවා තිබේ. කාලයත් සමගම එම තරුණිය වෙනස් වී ඇති අතර දුරකතන ඇමතුම් ලබා ගැනීම නැවතී තිබේ.

ස්විස්ටර්ලන්ත ජාතිකයා එහි සිට යාපනයේ සිටින තම ඥාතීන් බැලීමටත්, පෙම්කළ තරුණිය සමග නිවාඩුවක් ගත කිරීමටත් සිතා යාපනයට පැමිණි පසුව තරුණිය සඳහන් කළ ලිපිනයේ එවැනි අයෙකු පදිංචි නොමැති බව අනාවරණය වී තිබේ.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කොට තමන් මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් අංකය ද පොලිසියට බාර දී තිබේ.

බැංකු ගිණුම ඔසේ පරීක්ෂණ සිදු කළ යාපනය පොලිසියට එම ගිණුම වයස අවුරුදු 47 ක කාන්තවකගේ බවට තහවුරු වීමෙන් පසුව පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට තිබේ.

ඇය මේ සිද්ධියේ සියල්ල හෙළි කිරීමෙන් පසුව පොලිසිය එම කාන්තාවන් තිදෙනාම (3) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසත් ලබා ගත් මුදල් ඉතාම ඉක්මනින් ආපසු ලබා දෙන බවටත් පොලිසියට පොරොන්දු වී ඇතත් යාපනය පොලිසිය මේ කාන්තාවන් තිදෙනා (3) යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ


ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති හෙට (11) මධ්‍යම රාත්‍රි සිට තහනම්

(10.09.2024 – 07:37 +0530 – sinhala.adaderana.lk)

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වන බවය.

ඊට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කිරීම සිදුකරන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරායා සඳහන් කළේය.

පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 2024 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන දින පැවැත්වීමට නියමිතය ෴


ලංකාවට තවත් බංග්ලාදේශයක් වෙන්න ඉඩ දෙන්න එපා ! තුන් බෑ ජටිලයන්ගේ කුමන්ත්‍රණයෙන් බේරෙන විදිහ මෙන්න ! (09.09.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *