‘වට්ස්ඇප් ගෲප්’ එකක පිහිටෙන් කොටුකර ගත් ‘හොර බදු නිලධාරීන්’

‘වට්ස්ඇප් ගෲප්’ එකක පිහිටෙන් කොටුකර ගත් ‘හොර බදු නිලධාරීන්’


‘වට්ස්ඇප් ගෲප්’ එකක පිහිටෙන් කොටුකර ගත් ‘හොර බදු නිලධාරීන්’

(30.08.2024 – 14:37 +0530 – sinhala.adaderana.lk)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන පෙන්වා මුදල් වංචා කිරීමට පැමිණි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්ගම දර්ගා නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි ස්ථානයකට ඊයේ (29) සවස ඇතුළු වූ එම පුද්ගලයා සහ කාන්තාව ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා, ඔවුන් සතුව තිබූ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලේඛන පෙන්වා ඇත.

පසුව එම වෙළඳසැලෙන් මුදල් වංචා ලෙස ලබාගැනීමට උත්සාහ කළ මෙම දෙපළ, ප්‍රදේශවාසීන් එක්ව අල්ලා අලුත්ගම පොලීසියට භාරදී තිබේ.

වෙළෙඳසැලට ඇතුළු වූ එම දෙපළ එම වෙළෙඳසැල නියමිත බදු ගෙවා නැති බවත්, රුපියල් ලක්‍ෂ දහයක හිඟ මුදලක් ඇති බවත් පවසමින් හිමිකරුව නොමඟ යවා ඇත.

කෙසේ නමුත් වෙළෙඳසැලේ හිමිකරු තම පුතාට මේ බව දැනුම් දී ඇති අතර, ඔහු විසින් මෙම යුවළ වංචාවක් කිරීම සඳහා පැමිණි දෙදෙනෙකු බවට හඳුනාගෙන ප්‍රදේශවාසීන් හා එක්ව ඔවුන් දෙදෙනාව අලුත්ගම පොලීසියට බාරදී තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ බදු නිලධාරීන් ලෙස පුද්ගලයින් කණ්ඩායමක්ම අලුත්ගම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවත්, මොවුන් දෙදෙනා අල්ලා ගැනීමෙන් පසු අනෙක් පුද්ගලයින් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් ය.

මෙම කණ්ඩායම මීට පෙර කඳාන ප්‍රදේශයේද රන් භාණ්ඩ වෙළෙඳසැල්වලට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර එම වෙළෙඳසැලේ හිමිකරුගේ පුත්‍රයා ඒ බව වට්සැප් සමූහයක් මගින් හඳුනාගෙන තිබූ නිසා මෙම වංචාව හෙළිකර ගැනීමට ඔවුන් සමත්වී තිබුණි.

ආදායම් නිලධාරී ලෙස පෙනී සිටින වංචනික කණ්ඩායම් මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල වංචාකාරී කටයුතු සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අලුත්ගම පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව කඳාන, මාතලේ, පානදුර ආදී ප්‍රදේශවලද මෙවැනි සිදුවීම් සිදුව ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

සැකකාර මෙම දෙපළ අද (30) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

+++++++

+


“රණවිරු දඩයමට සැරසෙන සියලු දෙනා හෙළිදරව් කළ යුතුයි !” – දිලිත් ජයවීර, සර්වජන බලය (30.08.2024)

+


ජෙවීපී කියන යකා – මාලිමාව කියන ඔළු බක්කව දාගෙන ඉන්නෙ – අනිල් ශාන්ත නව මඟ ජාතික ව්‍යාපාරයේ ලේකම් (30.08.2024)

+


වාර්තා බිඳ දමමින් අනුරයියාට විශිෂ්ඨ ජයක්! | ජනාධිපතිවරණය උඩු යටිකුරු කළ නවතම සමීක්ෂණ වාර්තාව මෙන්න! (29.08.2024)

+


“අධ්‍යාපනය, සෞඛ්‍ය ගැන නොදන්න පිරිසක් මාලිමාවේ ප්‍රතිපත්ති ලියලා තියෙන්නේ”

(31.08.2024 – 08:41 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියා ඇත්තේ අධ්‍යාපනය, සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිදු පලපුරුද්දක් නොමැති අයෙකු විසින් බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදිය.

එහිදී එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ කියා සිටියේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞඛ්‍ය, ආර්ථිකය පිළිබඳව මූලික සංකල්පයක් දන්නේ නැති අය තහවුරු වන අයය.

එමෙන්ම මෙහි ඖෂධ පිළිබඳ ප්‍රතිපත්තියේ කොටසින් සඳහන් කර ඇත්තේ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සම්බන්ධයෙන් නමුත් මේය හදිසි ප්‍රතිකාරයක් ද යන්න සඳහන් කිරීම විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මෙහිදි ප්‍රශ්ණ කර සිටි.

+


හිටපු පොහොට්ටු මන්ත්‍රීගේ ජංගම දුරකතනයෙන් රහස් එළියට | වසන්ත ඝාතනය කොටි සංවිධානයේ වැඩක්ද? (31.08.2024)

+

++++++++

30-08-2024

ඉන්ධන මිල පහළට

(31.08.2024 – 21:42 +0530 – hirunews.lk/sinhala)

මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 332 ක් ලෙස සටහන් වුණා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 377 ක්.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 307 ක්

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 352 ක්

භූමිතෙල් මිල මෙවරද සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස පවතිනවා.

එමෙන්ම ලංකා අයි.ඕ.සී. සමාගමත් සිපෙට්කෝ මිලට සමාන අයුරින් ඉන්ධන මිල අඩු කරනු ලැබුවා.

SINOPEC සමාගමේ ඉන්ධන මිල ගණන්ද වෙනස් කර තිබෙනවා. SINOPEC සමාගමේ ඉන්ධන මිලද වෙනස් කෙරුණු සිපෙට්කෝ ඉන්ධන මිලට සමාන කර තිබෙනවා.

+


නීතිය අතට ගත් කොන්දොස්තරයා පොලිස් අත්අඩංගුවට

(31.08.2024 – 21:17 +0530 – sinhala.adaderana.lk)

වේගයෙන් ධාවනය වූ බස් රථයක් සෙමින් ධාවනය කරන ලෙස ඉල්ලීමක් කළ මගියෙකුට කොන්දොස්තරයෙකු පහරදී තිබේ.

එලෙස අද (31) පෙරවරුවේ එම පහරදීම සිදුකර තිබුණේ ‘මාර්ග අංක 163 දෙහිවල – විදේශ සේවා’ බස් රථයක සිටි කොන්දොස්තරයෙකි.

අදාළ කොන්දොස්තරයා එම මගියාට පරුෂ වචනයෙන් බැණ පහරදී ප්‍රතිචාර දක්වන අයුරු ජංගම දුරකථනයක පටිගත කර තිබුණි.

පසුව පහරදීම දීම සිදුකළ අදාළ කොන්දොස්තරයා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි ෴


ඩුබායි හි නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට ‘පොදු සමා කාලයක්’

(31.08.2024 – 18:37 +0530 – sinhala.adaderana.lk)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක (2) ‘පොදු සමා කාලයක්’ ලබාදී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ හෙට (01) සිට ඔක්තෝබර් මස 31 වනදා දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇති බවය.

එරට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ, රේගු හා වරාය ආරක්ෂණය සදහා වන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට සහ වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට හෝ අදාළ විසා ඇතුලු ලියකියවිලි නීත්‍යානුකුලව සකසා ගැනිමට අවස්ථාව හිමිවෙයි.

පොදු සමා කාලය තුළදි විසා නීත්‍යානුකුලව සකසා ගැනිමට හෝ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස රැදි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ ෴


ජීවත් කරන්න බෑ කියලා රෝහලෙන් මැෂින් ගලවපු ළමයා ලෝකෙටම අඬලා දුක කිව්ව සංවේදී කතාවක් ! (30.08.2024)

+


ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද ? ධම්මරාජ මහා බෝසතානන් වහන්සේගේ උත්තරය (01.09.2024)

+


විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියෝ අපවත් වෙති

(01.09.2024 – 14:24 +0530 – hirunews.lk/sinhala)

කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත්වී තිබෙනවා.

කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ රෝහලකදී ප්‍රථිකාර ලබමින් සිටියදීයි අපවත්වී ඇත්තේ.

අපවත්වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා ෴

අපවත්වී වදාළ, කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 03 වනදා (අඟහරුවාදා) පැවැත්වීමට නියමිතයි.

එදින පස්වරු 04:00 ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී ආදාහන පූජෝත්සවය සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

දේහය මහජන ගෞරවය සඳහා හෙට (02) පෙරවරුවේ සිට කොළොන්නාව රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, කලක් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

අපවත්වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 48 ක් ෴

+++++++++

23-04-2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *