මැතිවරණ ප්‍රචාරක වියදම් නිරික්ෂණයට ‘ඡන්ද සල්ලි මීටරේ’ නමින් වෙබ් අඩවියක්

මැතිවරණ ප්‍රචාරක වියදම් නිරික්ෂණයට ‘ඡන්ද සල්ලි මීටරේ’ නමින් වෙබ් අඩවියක්


මැතිවරණ ප්‍රචාරක වියදම් නිරික්ෂණයට ‘ඡන්ද සල්ලි මීටරේ’ නමින් වෙබ් අඩවියක්

(17.08.2024 – 14:56 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.

‘ඡන්ද සල්ලි මීටරේ’ ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

ඒ, ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා’ ආයතනය, පැෆ්රල් සංවිධානය ඇතුළු ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක් එක්වයි මෙය නිර්මාණය කර ඇත්තේ.

මෙම උත්සවය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගී වී තිබෙනවා.

මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව ඉක්මවා මුදල් යොදවා ඇති බවට මැතිවරණයෙන් පසුව අනාවරණය වුවහොත් ජනාධිපති ලෙස තේරී පත්වූවත් ඔහුගේ ධුරය අහෝසි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන පවතින බවයි.

+

https://chandasallimeetare.lk/

++++++

“ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් සිමාව ඉක්මවුවහොත් ධුරය අහෝසියි”

(17.08.2024 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි සීමාවන් ඉක්මවා මුදල් යොදවා ඇති බවට අනාවරණය වුවහොත් ජනාධිපති ලෙස තේරී පත්වූවත් ඔහුගේ ධුරය අහෝසි කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මැතිවරණ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ මැතිවරණ ප්‍රචාරක වියදම් සම්බන්ධයෙන් කොළඹ දී පැවැති වැඩසටහනකට එක්වෙමින්.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඉලක්ක කරගනිමින් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා’ ආයතනය, ‘පැෆ්රල්’ සංවිධානය ඇතුළු ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක් (6) එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.

‘ඡන්ද සල්ලි මීටරේ’ ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

එහීදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව ඉක්මවා මුදල් යොදවා ඇති බවට මැතිවරණයෙන් පසුව අනාවරණය වුවහොත් ජනාධිපති ලෙස තේරී පත්වූවත් ඔහුගේ ධුරය අහෝසි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන පවතින බවයි.

+


ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 ක තද වැසි

(17.08.2024 – 13:51 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 150 ක පමණ තද වැසි අද (17) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි අතර, එමඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර, ඊයේ (16) රාත්‍රියේ පුත්තලම ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාපතනයත් සමග ඇතිවූ සුළඟක් හේතුවෙන් පුත්තලම නගර සභාවේ ශ්‍රවණාගාරයේ සහ පුස්තකාලයේ වහළ ගැළවී ගොස් තිබෙනවා ෴


ඒඩ්ස් ව්‍යාප්තිය සියයට 300 කින් ඉහළට

(17.08.2024 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් (300%) ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

2018 වසර වනවිට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03 ක් පමණ හඳුනා ගැනීමට සමත් වුවද මේ වනවිට එම අගය දශම එක (0.1) දක්වා එනම් සියයට තුන්සිය ගුණයකින් (300%) පමණ ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මේ වනවිට දිවයින පුරා ඒඩ්ස් රෝගීන් තුන්දාස් පන්සීයක් (3500) පමණ හඳුනාගෙන ඇති අතර, එයට අමතරව ළමුන් පනස් දෙනෙකුට (50) ආසන්න ප්‍රමාණයක් ඒඩ්ස් රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ නවතම දත්ත උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා.

රෝගීන් හඳුනා ගන්නා ප්‍රතිශතය අනුව අවම වශයෙන් ශ්‍රී ලංකාව තුළ රෝගී පන්දහසකට (5000) ආසන්න ප්‍රමාණයක් සිටිය යුතුවන අතර, මේ අනුව සායන වලට නොපැමිණි මේ දක්වා හඳුනා නොගත් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බවද ඔහු පවසනවා.

දැනට හඳුනාගෙන සිටින රෝගීන්ගෙන් සියයට අසූ එකකට (81%) ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර, ඉදිරි කාලයේදී රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය වැඩි වීමක් සිදුවිය හැකි බැවින් මේ සම්බන්ධව ජනතාව දැනුවත්ව සිටීම ඉතා වැදගත් බවයි ඔහු සඳහන් කරන්නේ.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික ආශ්‍රිතව වැඩිම එඩ්ස් රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බවත්, වාර්ෂිකව නවක ඒඩ්ස් රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණය හත්සීයකට (700) අසන්න බවත්, ඔහු පවසනවා.

තවද, සමලිංගික සබඳතා, ලිංගික ශ්‍රමිකයන් සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින් අතර රෝග ව්‍යාප්තිය බහුල වන අතර, පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරද රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බව හඳුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා ෴


“ඔබේ ප්‍රශ්න වලට සවන් දෙන කෙනෙක් මෙහේ ඉන්නවාද?” ඊනියා ස්වයංපාලන නියෝජිතයන්ගේරෙදි ගැලවූ විමල්ගේ කතාව! (17.08.2024)

+


ගජමුතු 03 ක් අලෙවි කිරීමට පැමිණි තිදෙනෙකු (3) අත්අඩංගුවට

(18.08.2024 – 07:44 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට (1,30,00,000) ආසන්න වටිනාකමකින් යුත් ගජමුතු 03 ක් අලෙවි කිරීමට පැමිණි තිදෙනෙකු (3) පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාවනැල්ල හා පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකාර වයස අවුරුදු 28, 31 හා 65 හැවිරිදි වියේ පසුවන්නන්.

මොවුන් නීති විරෝධි ලෙස ඉතා සූක්ෂම මෙම ගජමුතු අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින බවට පාලවිය ගුවන් හමුදා බුද්ධි අංශ නිළධාරින්ට ලද තොතුරකට අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් දැණුවත් කර ඉන් අනතුරුව විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් උපාය දූතයකු යොදවා අදාළජාවාරමට සම්බන්ධ තැරව්කරු සමග දුරකථනය ඔස්සේ සති කිහිපයක් කතා බස් කිරීමෙන් අදාල තැරව්කරු විසින් අලෙවිකරුවන්ට ගජමුතු තුනද රැගෙන පුත්තලමට එන ලෙස දන්වා තිබෙනවා.

පසුව අදාළ අලෙවිකරුවන් මාවැනැල්ල ප්‍රදේශයේ සිට මරුටි වර්ගයේ කාර් රථයකින් ගජමුතුද රැගෙන පුත්තලමට පැමිණි අවස්ථාවේදී පුත්තලම කලපු තීරය ඉදිරිපිටදී සැකකරුවන් සහ ඔවුන් සන්තකයේ තිබූ ගජමුතු තුනක් (3) ජංගම දුරකථන දෙකක් (2) සමග ඒවා ප්‍රවාහනයට යොදා ගැනුන කාර් රථය ද පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ මූලික ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ සිය ඥාති සහෝදරයකු විසින් පවත්වා ගෙන යනු ලබන ස්වර්ණාභරණ වෙළදසැල වෙත මෙම ගජමුතු අලෙවි කර දෙන ලෙස කිසියම් පුද්ගලයකු විසින් ලබා දී තිබූ ගජමුතු බවත්, ඒවා රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කිරීමට තමන් කටයුතු කරමින් සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශණ සදහා පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබූ අතර, ඔවුන් පුත්තලම පොලිසිය මගින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ඔබට රුපියල් ලක්ෂ තුනහමාරක් – දරුවාට ශිෂ්‍යත්වයක් – පහසුවෙන් ඔබේ අතට – ETF

https://etfb.lk/

+


තිදරු පියා ට කළ සැත්කම වැරදුණා ද ?

(18.08.2024 – 08:27 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ජාතික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී මැදිරිගිරියේ පදිංචි තිදරු පියෙක් මියයාම සම්බන්ධයෙන් සැත්කම සිදුකළ වෛද්‍යවරයා වගකීම භාරගත යුතු බවට ඥාතීන් චෝදනා කරයි.

මියගිය පුද්ගලයාගේ නහරයක් කැපී සිදුවූ අධිර රුධිර වහනයෙන් පුද්ගලයා මියගොස් ඇති බවට වෛද්‍යවරයෙක් සඳහන් කළත්, සැත්කම සිදුකළ වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ යම්කිසි දෙයක් ඇනී මෙලෙස නහරයකට හානි සිදුවී ඇති බවටය.

2023 වසරේ නොවැම්බර් මාසයේදී මැදිරිගිරිය ප්‍රදේශයේ බස් රථයක ගැටී මැදිරිගිරියේ පදිංචි ‘ශාංචන රාජපක්ෂ’ නමැති 41 හැවිරිදි තිදරු පියා අනතුරකට ලක්වී තිබුණි.

වම් අතෙහි වූ කිසියම් තැලීමක් හේතුවෙන් ඔහුගේ වම් අත ඉස්සීමේ අපහසුතාවයක් දිගින් දිගටම පැවතීම එදිනෙදා රාජකාරී කිරීමේදී ශාංචනට බාධාවක් වී විය.

ඊට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර පෞද්ගලික රෝහලකින් වෛද්‍යවරයකු හමුවූ ඔහුට පවසා තිබුණේ, ස්නායු බිඳීමක් සිදුව ඇති බැවින් ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවය.

පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මය සිදුකරනවා නම් රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් වැය වන බවත්, රජයේ රෝහලක සිදුකරනවා නම් දිගු කලක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුවන බවත් එහිදී වෛද්‍යවරයා සඳහන් කර තිබුණි.

ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහු ජූලි 21 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන්නේ අදාළ ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහාය.

එම සැත්කම සිදුකරනු ලබන්නේ, මහනුවර පෞද්ගලික රෝහලේදී ශංචනව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසිනි.

ඒ අනුව එම තිදරු පියාගේ සැත්කම කොළඹ ජාතික රෝහලේදී ජුලි 22 වැනිදා සිදුකරනු ලබයි.

සැත්කමින් පසු ශාංචනට සිහිය නොමැතිවීම හේතුවෙන් ඔහුගේ බිරිඳ මේ පිළිබඳ වෛද්‍යවරයාගෙන් විමසා තිබේ.

දිනෙන් දින ශාංචනගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඔහුගේ මොළය මියයන්නට පටන්ගැනීමත් සමග වෛද්‍යවරුන් පවසා ඇත්තේ රෝගියා බේරාගැනීමට නොහැකිවීම හේතුවෙන් ශ්වසන ආධාරක ඉවත් කිරීමට සිදුවන බවය.

මියගිය ශාංචනගේ පියා පවසා සිටියේ, ‘මරණයට සූදනාම් වන්න කිව්වා’ යනුවෙනි.

වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් සිය සැමියා මියගිය බවට සඳහන් කර ශාංචනගේ බිරිඳ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපි යොමුකර තිබේ.

ශාංචනගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් නිකුත් කර නොමැති අතර අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසා ඇත්තේ ඔහුගේ දේහය භූමදාන කරන ලෙසටය.

මේ සම්බන්ධයෙන් විමසීමට කොළඹ ජාතික රෝහලේ බලධාරීන් සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළද එය අසාර්ථක විය.

+


ග්‍රාම නිලධාරි වෘත්තිය ක්‍රියාමාර්ගය ජනාධිපතිවරණය අවසන් වනතුරු නවත්වයි

(18.08.2024 – 11:17 +0530 – hirunews.lk/sinhala)

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ‘ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය’ පවසනවා.

ඒ අනුව මෙම වර්ජනය ජනාධිපතිවරණය අවසන් වනතුරු නවත්වන බවයි එම සන්ධානය පවසන්නේ.

ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරුණා.

එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ ප්‍රකාශ කළේ ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළ බවයි ෴


දිලිත් ජයවීර උපායමාර්ගික සැලැස්ම පැහැදිලි කරයි (18.08.2024)

+


තණමල්විල සිසුවියට තග දැමූ හම්බන්තොට දොස්තර අත්අඩංගුවට | අම්මා කියන සේරම බොරු – දොස්තරවරු කියයි (18.08.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *