‘සර්වජන බලය’ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට (17) යාපනයේ දී

‘සර්වජන බලය’ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට (17) යාපනයේ දී


‘සර්වජන බලය’ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට (17) යාපනයේ දී

(16.08.2024 – 17:23 +0530 – sinhala.adaderana.lk)

‘සර්වජන බලය’ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (16) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ තිබේ.

එහිදී පළමුවෙන් දිලිත් ජයවීර මහතා, ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජී හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අස්සජී හිමියන් සමඟ සුහද කතාබහක නිරත වූ දිලිත් ජයවීර මහතා ‘සර්වජන බලයේ දෙවැනි (2) කෙටුම්පත’ ද උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

විහාරස්ථානයට රැස්ව සිටි පිරිස සමඟ ද ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සුහද කතාබහක නිරත වන අයුරු එහිදී දක්නට ලැබුණි.

මේ අතර, ‘සර්වජන බලය’ රැලි මාලාවේ මංගල රැලිය, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) යාපනයෙන් ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපතිවරණයක දී ජාතික මට්ටමේ සන්ධානයක ජනපති ධුර අපේක්ෂකයෙක් සිය මංගල ජන රැලිය යාපනයෙන් ආරම්භ කරන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ද මෙය වේ ෴

+++++++++

+

+


පොලිස් වෙඩිල්ලෙන් පාරේ ගිය රාජා මරුට

(16.08.2024 – 09:25 +0530 – sinhala.adaderana.lk)

මහ මග ගමන් කරමින් සිටි වනඅලියෙකුට පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් එම වනඅලියා මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.

දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්‍රදේශයේදී මෙම වනඅලියා වෙඩිවැදී මියගොස් ඇත.

බකමූණ වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ ඊයේ (15) රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන ‘රාජා’ නමින් හඳුන්වන වනඅලියෙකි.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම වනඅලියාගෙන් කිසිඳු පුද්ගලයෙකුට කරදරයක් නොමැති බවය.

බකමූණ පොලීසියේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු (3) පොලීසියේ ත්‍රිරෝද රථයෙන් මුර සංචාරයක යෙදී සිටින අවස්ථාවේදී ත්‍රිරෝද රථයට වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් T56 ගිනිඅවියකින් වනඅලියාට වෙඩිතබා ඇතැයි බකමූණ පොලීසිය පවසයි.

මෙම සිද්ධිය නිසා ඊයේ (15) රාත්‍රී කාලයේදී ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හබරණ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතා පැවසීය ෴

දඹුල්ල දම්පුර ප්‍රදේශයේ දී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ඇත්තේ බකමූණ පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකි (3) ෴


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට (2) ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනෙක් (4) අමානුෂික ලෙස පහර දීලා

(16.08.2024 – 10:16 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනෙක් (4) පළමු වසරේ සිසුන් දෙදෙනකුට (2) පහරදී තිබෙනවා.

එම සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි අක්බාර් නේවාසිකාගාරයට අදාළ ජ්‍යේෂ්ඨ සිසුන් පිරිස ඇතුළු වී බරපතළ ලෙස ඔවුන් දෙදෙනාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනාට මේ වන විට විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

පහර කෑමෙන් තුවාල ලත් සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසු වූ එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක් වූ සිසුන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පහර දුන් සිසුන් සිව්දෙනා විද්‍යා පීඨයේ තෙවන හා සිව්වන වසරවල අධ්‍යාපනය ලබන බව හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඩොලර් පන්ලක්ෂයක දඩයක්

(16.08.2024 – 09:01 +0530 – hirunews.lk/sinhala)

සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ඩොලර් පන්ලක්ෂ හතළිස් අටදහසක (5,48,000) දඩයක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

අධිකරණය නියෝග කර ඇත්තේ 2015 සිට 2018 වසර දක්වා කැන්බරාහි සේවය කළ ඇය, සිය සේවිකාවවන ප්‍රියංකා ධනරත්න හට ගෙවිය යුතු අවම වැටුප වංචා කර ඇති බවයි.

මෙම වසර 03 ක කාලය සඳහා සිය ගෘහසේවිකාවට ගෙවා ඇත්තේ ඩොලර් 11,200 ක් පමණක් බවත්, එය පැයට ඩොලර් ශත හැත්තෑපහක් (0.75) බවත්, අධිකරණය ප්‍රකාශ කළා.

අදාළ ගෘහසේවිකාවගේ විදේශ ගමන් බලපත්‍රය තමන් සන්තකයේ තබාගනිමින් රාජතාන්ත්‍රික නිලධාරිනිය ඇයට නිවසින් තනිව පිටතට යාමට අවස්ථාව ලබාදී නොමැති බවයි අධිකරණයට අනාවරණය වී ඇත්තේ ෴


ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් යාපනයෙන් ඡන්ද සටන අරඹයි

(17.08.2024 – 14:06 +0530 – sinhala.adaderana.lk)

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ යාපනයේදී පැවැත්වීමට නියමිතය.

අද (17) පෙරවරුවේ යාපනයට පැමිණි ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රථමයෙන් ශ්‍රී නාග විහාරයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය.

එම අවස්ථාවට සර්වජන බලයේ සෙසු පක්ෂ නායකයින්ද එක්විය.

එහිදී ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියන් බැහැදැක ‘සර්වජන බලයේ දෙවෙනි (2) කෙටුම්පත’ ද උන්වහන්සේ වෙත පිළිගැන්වීය.

ඉන් පසුව ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහහතා ප්‍රමුඛ පිරිස යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණ යාපනය රදගුරු පදවියේ අනුනායක ගරු පී.ජේ. ජේබරත්නම් පියතුමා හමුවිය.

උන්වහන්සේට ද එහිදී සර්වජන බලයේ දෙවෙනි කෙටුම්පත පිළිගැන්වීම සිදු කෙරුණි.

අනතුරුව ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහහතා ප්‍රමුඛ පිරිස යාපනය මොහිදීන් ජුම්මා පල්ලිය වෙත පැමිණ එහි ප්‍රධාන මවුලවි ඒ.එම්. රලීම් මවුලවිතුමා හමුවී ආශිර්වාද ලබාගත්තේය.

උන්වහන්සේට ද එහිදී සර්වජන බලයේ දෙවෙනි කෙටුම්පත පිළිගැන්වීය.

පසුව ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහහතා ප්‍රමුඛ පිරිස යාපනය නල්ලූර් කෝවිලට පැමිණ හින්දු ආගමික වතාවත්වල නිරත වුණි.

මාධ්‍ය අදහස් දක්වමින් සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා :

“අපේ මැතිවරණ ව්‍යාපාරයේ පළවෙනි රැලිය පැවැත්වීමට අපි යාපනය තෝරගත්තේ ඉතාම වැදගත් හේතුවක් නිසා. අපි විශ්වාස කරන්නේ එකමුතු ජාතිකත්වයයි. අපි නිශ්චිත වැඩපිළිවෙළක් සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන කණ්ඩායමක්. අපේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබෙන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්. උතුරේ… නැගෙනහිර විතරක් නෙමෙයි ලංකාවේ සෑම කෙනෙකුගේම ජීවිත සතුටු කරන වැඩපිළිවෙළක්.”

++++++++

+

+


රනිල්ගේ ගෑස් සිලින්ඩරේට බාල්දියක් පෙරළෙයි | මැතිවරණ කොමිසමත් වංගුවක් ගහලද.? | ජනාධිපතිවරණය හබක් වෙයිද..? (17.08.2024)

+


ටෙලිකොම් කියමින් බැංකු ගණුදෙණුකරුවන්ගේ මුදල් ගන්නා ජාවාරමක්…

(17.08.2024 – 18:20 +0530 – lankacnews.com)

හැටන් ටෙලිකොම් කාර්යාලයේ ප්‍රවර්ධන අංශයේ නිලධාරින් බව පවසමින් හැටන් ටෙලිකොම් කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ ස්ථාවර දුරකථන සම්බන්ධතා ඇති පාරිභෝගිකයන්ට ජංගම දුරකථන අංකයකින් දුරකථන ඇමතුම් ලබාගෙන එම ගණුදෙණුකරුවන්ගේ මහජන බැංකු ගිණුම් වලින් මුදල් වෙනත් ගිණුමකට මාරු කර ගැනිමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව ටෙලිකොම් පාරිභෝගිකයන් පවසයි.

හැටන් ටෙලිකොම් කාර්යාලයේ ප්‍රවර්ධන අංශයේ නිලධාරින් බව පවසමින් රාත්‍රි කාලයේ ස්ථාවර දුරකථන අංක වලට ඇමතුම් ලබාගෙන ‘සර් අපි හැටන් ටෙලිකොම් කාර්යාලයේ ප්‍රවර්ධන අංශයෙන්, සර් පසුගිය මාස කිහිපය තුල ටෙලිකොම් කාර්යාලයට නිසිලෙස නියමිත වේලාවට බිල්පත් ගෙවා තියෙනවා, එම බිල්පත් වල වටිනාකම ලොකු අගයක්, ඔබ ගෙවා ඇති බිල්පත් මුදල් අපි විනාඩි දහයකින් ආපසු සර්ගේ ගිණුමට බැර කරනවා, ඒ සදහා මහජන බැංකුවක පවත්වාගෙන යන ඕනැම ගිණුමක අංකයක් අපිට ලබා දෙන්න’ යනුවෙන් පවසන එම පුද්ගලයාට ගිණුම් අංකය පැවසිමෙන් පසු ක්ෂණික ගණුදෙණුකරුගේ ජංගම දුරකථන අංකයට පැමිණෙන රහස් අංකය ලබාගෙන දුරකථන ඇමතුම ලබාගත් පුද්ගලයා විසින් ඇමතුම විසන්ධි කරනු ලබයි.

ගිණුම් අංකය ලබාදිමෙන් පසු ගණුදෙණුකරුගේ දුරකථන අංකයට බැංකුවෙන් කෙටි පණිවිඩයක් මගින් ඔහුගේ ගිණුමේ තිබු ශේෂයේ උපරිමය වෙනත් ගිණුමකට බැර වි ඇති බවට පණිවිඩයක් ලැබිමෙන් පසු මෙය වංචාවක් බව පාරිභෝගිකයන් අනාවරණය කරගෙන ඇත.

මේ පිලිබදව හැටන් සහ මස්කෙලිය ප්‍රදේශයේ ටෙලිකොම් පාරිභෝගිකයන් කිහිපදෙනෙකු විසින් මස්කෙලිය පොලිසියට පැමිණිලි කර ඒ පිලිබදව හැටන් ටෙලිකොම් කාර්යාලයේ නිලධාරින් සහ මස්කෙලිය සහ හැටන් මහජන බැංකු ශාඛාවල කලමණාකරුවන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.

හැටන් ටෙලිකොම් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එවැනි ප්‍රවර්ධන කටයුත්තක් ටෙලිකොම් කාර්යාලය මගින් සිදු නොකරන බවත්, එවැනි දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්විමෙන් වැලකි සිටින ලෙසත්, ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කරන ලෙස ටෙලිකොම් ආයතනය විමර්ෂණ අංශයට එම ලිපි යොමු කර ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ


සිසුවියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට ගුරුවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට

(17.08.2024 – 19:59 +0530 – hirunews.lk/sinhala)

සිසුවියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පාසල් ගුරුවරයෙකු සහ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයා සමග එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ල වන අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මෙසේ අත්අඩංගුවට ගත් බවයි මාතලේ, මහවෙල පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර, පසුව ඒ සම්බන්ධයෙන් මහවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් පසුවයි සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී මෙම සිසුවිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරයෙකු විසින් ඇය ලිංගික අතවරයට ලක් කර තිබෙන බව සනාත වී තිබෙනවා.

මෙම සිදුවීම කිසිවෙකුට නොදන්වන ලෙස නියෝජ්‍ය විදුහල්පතිනිය දන්වා තිබෙන බවයි හෙලි වී ඇත්තේ.

පසුව ඒ බව සිසුවිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සැකපිට එම 51 හැවිරිදි ගුරුවරයා සහ 49 හැවිරිදි නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට ගත් බවයි මහවෙල පොලීසිය පවසන්නේ.

ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *