‘සර්වජන බලය’ එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර

‘සර්වජන බලය’ එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර


‘සර්වජන බලය’ එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර

(04.08.2024 – 16:54 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය.

මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින් ඔහු ඒ බව පැවසීය.

+


තලවකැලෙන් අතුරුදන් වූ සිසුවියන් තිදෙනා (3) සහ සිසුවා (1) ගාල්ලෙන් හමුවෙයි

(04.08.2024 – 17:14 +0530 – sinhala.adaderana.lk)

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස (14) දින සිට අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා (3) සහ සිසුවා (1) ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොළක සිටියදී අද (04) පොලිස් භාරයට ගත් බව තලවකැලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසීය.

මෙම සිවුදෙනා (4) මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු සකස් කරන කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇති බවත්, එම සිසු සිසුවියන් අවුරුදු 14 සහ 16 වයස් කාණ්ඩවල පසුවන ළමුන් නිසා ඔවුන්ව කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් රැකියාවකට බඳවාගෙන නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

අතුරුදහන්ව සිටි එම සිවුදෙනා (4) ගෙන් එක් ඥාතියෙකු එම කුරුඳු කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිට ඇති බවත්, ඔහු සොයාගෙන ඔවුන් මෙම කුරුඳු කර්මාන්ත ශාලාවේ රැකියාවට ගොස් ඇත.

කෙසේ නමුත් රැකියාව නොලැබුණු නිසා එම සිවුදෙනා (4) එම කර්මාන්ත ශාලාවට අයත් නේවාසිකාගාරයක මාසයකට ආසන්න කාලයක් රැඳී සිට ඇත.

එම සිසුවියන් තිදෙනා (3) සහ සිසුවා (1) සන්තකයේ තිබූ දුරකථන අංකයක් ඔස්සේ විමර්ශන සිදු කර ඔවුන් සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට තලවකැලේ පොලීසියේ නිලධාරින් පිරිසකට හැකිවිය.

ඒ අනුව මේ වනවිට එම සිව්දෙනා (4) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසීය වැඩිදුරටත් පැවසීය.

මෙම සිසුවියන් තිදෙනා (3) සහ සිසුවාගේ (1) නිවසේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් රැකියාවක් සොයාගෙන නිවසින් පැන ගොස් ඇති බව එම වතුයායේ පදිංචිකරුවන් පැවසීය ෴


බදුල්ල – කැප්පෙටිපොළ මාර්ගයේ බදුල්ල Pizza අවන්හල අසල නවතා තිබූ මෝටර් රථයක් මතට මාර්ගයේ පසෙක තිබූ විශාල ගසක් කඩාවැටීමෙන් අද (04) පස්වරුවේ සිදුවූ අනතුර :

+


මින්නේරිය : හිතුනා හැරෙව්වා – හැප්පුනා පෙරලුනා (04.08.2024)

+


11 හැවිරිදි දැරියක ගැබිනියක් කළ සුළු පියෙකුට වසර 60 ක සිර දඬුවමක්

(04.08.2024 – 15:07 +0530 – sinhala.adaderana.lk)

තම බිරිදගේ පළමු විවාහයේ 11 හැවිරිදි දියණිය දූෂණය කර ගැබිනියක් කර දරුවෙකු ප‍්‍රසූත කිරීමට සැලැස්වීම සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් (3) ලබා සිටි, ගැහැණු දරුවන් තිදෙනෙකු (3) සිටින සුළු පියෙකුට, වසර හැටක (60) බරපතළ වැඩසහිත සිර දඬුවමක් පැනවීමට මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් දර්ශිකා විමලසිරි මෙනවිය තීන්දු කළාය.

එක් (1) අධි චෝදනාවකට වසර විස්ස (20) බැගින් මෙම සිර දඬුවම නියම කෙරිණ.

මහනුවර මහාධිකරණය විසින් මෙවැනි වරදකට විත්තිකරුවෙකුට හැට (60) වසරක සක‍්‍රිය සිර දඬුවමක් නියම කළ පළමු අවස්ථාවද මෙය වෙයි.

ඊට අමතරව චෝදනා තුනටම (30) වෙන් වෙන් වශයෙන් රුපියල් දසදහස (10,000) බැගින් දඩ මුදල් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසරක (1) බරපතළ වැඩසහිත සිර දඬුවමක් නියම කළාය.

තවද වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක (10,00,000) වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර දෙකක (2) බරපතළ වැඩසහිත සිර දඬුවමක්ද නියම කළාය.

2016 වසරේ ජනවාරි මස 21 වනදා හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බලප‍්‍රදේශයට අයත් වට්ටප්පොලදී මෙම විත්තිකරු විසින් බාල වයස්කාර දැරිය ව අවස්ථා තුනකදී (3) බරපතළ ලෙස දූෂණය කළ බවට අධිචෝදනා ගොනු කර තිබිණ.

වින්දිත දැරිය විසින් ප‍්‍රසූත කළ දරුවා මෙම විත්තිකරුට දාව උපන් දරුවෙකු බව ඩී.එන්.ඒ. පරික්ෂණයක් මගින් තහවුරු කර තිබිණ ෴


ඉඟිනියාගල ත්‍රිත්ව (3) ඝාතන ගැන තවත් තොරතුරු හෙළිවෙයි

(04.08.2024 – 14:20 +0530 – sinhala.adaderana.lk)

ඉඟිනියාගල සිදුකළ වෙඩි තැබීම් දෙකකින් (2) පොලිස් නිලධාරියෙක් ඇතුළු තිදෙනෙකු (3) අද (04) ජීවිතක්ෂයට පත්විය.

අද (04) අලුයම සිදුකළ එම වෙඩිතැබීමේ සිදුවීම්වලින් ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මතභේදයක් පැවති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම සැකකාර පොලිස් නිලධාරියා මොනරාගල, කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපසේවා පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු අද (04) උදෑසන කරාඬුගල පොලිස් ස්ථාන පරිශ්‍රයේදී T-56 ගිනි අවියකින් වෙඩිතබා ගෙන සියදිවි නසාගෙන තිබුණි.

එම සිද්ධි සම්බන්ධයේ අදහස් දැක්වූ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා :

“ඝාතනයට ලක්වූ මව සහ දියණියන් දෙදෙනාගේ (2) නිවස ආසන්නයේ යි සිය දිවි නසාගත් බවට සැකකරන පොලිස් නිලධාරීයා පදිංචිවෙලා ඉන්නේ. ඒ වගේම ඔවුන් අතර ඉඩමක් පිළිබඳව ආරවුලක් තිබෙන බවට වාර්තා වෙනවා. ඒ වගේම අනෙක් පොලිස් කොස්තාපල්වරයාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ඉඟිනියාගල පොලිස් වසමේ සිදුවූ ත්‍රිත්ව (3) ඝාතනය පිළිබඳ අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඒ වගේම කරාඬුගල ප්‍රදේශයේ ජීවිත්කෂයට පත්වූ සිද්ධිය ගැනත් බිබිල මහෙස්ත්‍රාත් අධිකණයටත් කරුණු වාර්තා කිරීමට පියවර අරගෙන තිබෙනවා. මහෙස්ත්‍රාත් පරික්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ ඝාතන සියල්ල පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.”

මේ අතර එම සැකකරු විසින් මොනරාගල, කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියාව අද (04) අලුයම 02:45 ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ 33 හැවිරිදි පොලිස් නිලධාරියෙකි. ඔහු අම්පාර නාමල්ගම ප්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ නිදාගෙන සිටියදී එළියට කැඳවා වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා විය.

මේ අතර අනෙක් වෙඩිතැබීම අද (04) අලුයම 03:30 ට පමණ සිදුකර තිබුණේ ඉඟිනියාගල, නෙල්ලියද්ද හදබිමගම කෙළවර ප්‍රදේශයේදීය.

එහිදී 54 හැවිරිදි කාන්තාවක් සහ 17 හැවිරිදි ඇගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබුණි.

+

සියදිවි නසා ගත් පොලිස් නිලධාරියාගේ බිරිඳ කළ හෙළිදරව්ව

(04.08.2024 – 20:21 +0530 – sinhala.adaderana.lk)

ඉඟිනියාගල සහ නාමල්ඔය ප්‍රදේශ වල සිදුකළ ත්‍රිත්ව ඝාතන සම්බන්ධව මේ වන විට තොරතුරු රැසක් හෙළිව තිබේ.

එම වෙඩි තැබීම් හේතුවෙන් පොලිස් නිලධාරියෙක් සහ කාන්තාවක් සහ පාසල් යන වයසේ සිටි දියණියක් ජීවිතක්ෂයට පත්වුණි.

එම වෙඩි තැබීම් සිදුකල පොලිස් නිලධාරියා පසුව සියදිවි නසාගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සියදිවි නසාගත් පොලිස් නිලධාරියාගේ බිරිඳ පවසන්නේ පොලීසියේ ඇති ප්‍රශ්න සිය සැමියාගේ කරපිටින් යවන බවක් තමාට ඔහු පැවසූ බවයි.

“පහුගිය දවස් ටිකේම කතා කළේ නෑ මොකවත්. කන්න දුන්නත් කන්නෙත් නෑ; බාගයක් කාලා ඔය ඇති කියලා තියනවා. පොලීසියේ ඔක්කොම ප්‍රශ්න එයාගේ කරපිට දානවා කියලා තමා එයා කියුවේ. ඊයේ (03) පාන්දර කියුවා දරුවෝ දෙන්නා බලාගන්න කියලා.”

කෙසේ නමුත් මේ සම්බන්ධව අදහස් දක්වමින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පැවසුවේ ඝාතනයට ලක්වූ 54 හැවිරිදි කාන්තාව සහ ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියා අතර ඉඩම් ආරවුලක් පැවැති බවයි.

“අනේ එයාට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඔය කෑල්ල කෙටුවා. ඊට පස්සේ එයාලා කියුවා ඒක නතර කරන්න, ඔය කෑල්ල එයාලට අයිති කෑල්ලක් කියලා. මම කියුවා ඒක අපිට නෑ දැන් ඒක අයිති අම්මලාට කියලා. අම්මලත් එක්ක බලාගන්න කියලා තමයි මෙයා කියුවේ. ඒක අපි අතහැරලාම හිටියේ…”

+++++++++

+

05-08-2024

+


අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය දාහකය නිසා පරිසරය දුෂණය වෙනවා – ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක්

(04.08.2024 – 15:24 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ‘සායනික අපද්‍රව්‍ය දාහකය’ හේතුවෙන් අනුරාධපුර නගරය තුළ දැඩි පරිසර දූෂණයක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, රෝහලෙන් බැහැර කරන ශරීර කොටස් ඇතුළු අපද්‍රව්‍ය පුළුස්සා දැමීම සඳහා මෑතකදී ඉදි කළ මෙම සායනික අපද්‍රව්‍ය දාහකය මගින් රෝහල් භූමිය සහ අවට නිවෙස්වලට දැඩි දුමාරයක් සහිතව සම්පූර්ණයෙන් විනාශ නොවූ අළු කැබලි පතිත වීමත් දැඩි දුර්ගන්ධයක් පැවතීමත් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි.

මෙම දාහකය විධිමත් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව පිහිටුවා ඇති බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මෙම දාහකයෙන් පිළිස්සීමට ලක් නොවූ කාබන් අංශු හා අපජලය නලයක් මාර්ගයෙන් බැහැර කිරීම හේතුවෙන් අනුරාධපුර නුවර වැවේ බිහිරි සොරොව්ව නමින් හඳුන්වන ඇළ මාර්ගය ද දැඩි අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, මෙය පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ශක්‍යතා අධ්‍යයනයක් සහිතව ඉදිකර ඇති බවයි.

අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කල විමසීමකදී ඔහු පැවසුවේ පරිසර හානියක් සිදුවන බවට චෝදනා කරන පුද්ගලයින් රෝහලේ ප්‍රේරණ කලාපයේ අනවසරයෙන් රැඳී සිටින පුද්ගලයින් බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *