‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සොයා පොලිසිය මහජන සහාය පතයි

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සොයා පොලිසිය මහජන සහාය පතයි


‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සොයා පොලිසිය මහජන සහාය පතයි

(03.08.2024 – 21:44 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරියේ දී පසුගිය 08 වැනිදා වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සහ සිව් දෙනෙකුට (4) බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සැකකරුවන්ගේ තොරතුරු පහතින් :

නම – තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නොහොත් ‘සංඛ’
ජාතික හැඳුනුම්පත් අංකය – 951350753V

නම – පැටි හරඹගේ අජිත් රෝහණ නොහොත් ‘චණ්ඩි’
ජාතික හැඳුනුම්පත් අංකය – 199207801772
ලිපිනය – අංක 655/ඒ, මාකුඹුර , අහුන්ගල්ල

නම – මුතුවාදුර තරිඳු මධුසංඛ ද සිල්වා නොහොත් ‘බහිරවයා’

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකතනවලට දන්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම දුරකතන අංකයන් පහතින් :

ස්ථානාධිපති, අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ – 072 422 2223
ස්ථානාධිපති, අතුරුගිරිය පොලිස් ස්ථානය – 071 859 1657


JVP කුවේට් ප්‍රසංගයක 24 දෙනෙකු එරට බලධාරීන් අත්අඩංගුවට ගනී

(03.08.2024 – 22:40 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ‘එතෙර අපි සංවිධාන’ විසින් ඊයේ (02) පවත්වන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම ප්‍රසංගයට සහභාගී වූ සංවිධායකයින්, සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.

ඒ පිළිබඳව තානාපති කාර්යාලයද දැනුවත් කර ඇති බවත්, ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කර ගැනීමට කුවේට් නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයාගේ X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *