කංජිපානි ඉම්රාන්’ – ‘ලොකු පැටී’ අත්අඩංගුවට?

‘කංජිපානි ඉම්රාන්’ – ‘ලොකු පැටී’ අත්අඩංගුවට?


‘කංජිපානි ඉම්රාන්’ – ‘ලොකු පැටී’ අත්අඩංගුවට?

(01.08.2024 – lankadeepa.lk)

කෝටිපති ව්‍යාපාරික ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක ‘කංජිපානි ඉම්රාන්’ සහ පාතාල සාමාජික ‘ලොකු පැටී’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තා බෙලරූස් හිදී සහ ‘ලොකු පැටී’ නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනය පාතාල නායක ‘කංජිපානි ඉම්රාන්’ විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ‘ලොකු පැටී’ විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ප්‍රංශයේ සැගව සිටි ‘කංජිපානි ඉම්රාන්’ බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

පාතාල නායක ‘කංජිපානි ඉම්රාන්’ විසින් ‘ක්ලබ් වසන්ත’ නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු පවසයි ෴

+++++++++

ලොකු පැටී (වම) සහ කංජිපානි (දකුණ)

+++++++++

++++++++

+

+

02-08-2024

+


නොසැලිමත් විශේෂඥ දොස්තරට හා රෝහලට රුපියල් ලක්ෂ 30 ක වන්දි ගෙවන්න නියෝග

(30.07.2024 – ada.lk)

සිසේරියන් සැත්කමකට ලක් කළ තරුණ කාන්තාවකගේ උදරයේ ‘පුළුන්’ හා ‘ගෝස්’ ගුලි ඉතිරිකර මසා දමා නොසැළකිලිමත් අන්දමින් කටයුතු කර ඇගේ ජීවීතය අනන්තරාදායක තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැත්කම කළ විශේඥ වෛද්‍යවරයාට හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්‍ෂ 30 ක වන්දියක් ගෙවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසරු සඳුන් විතාන මහතා අද (30) නියම කළේය.

සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයාගේ හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ නොසැළකිල්ල හේතූවෙන් මාස 05 කට අධික කාලයක් තමන්ට විඳීමට වු අනෙක වු දුක් කරදර සඳහා රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා පැවරූ නඩුව සම්බන්ධයෙන් පවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිලිකාර මවගේ වාසියට තීන්දුව දුන් දිසා විනිසරුවරයා සැත්කම කළ විශේඥ වෛද්‍යවරයා සහ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල එක්ව පැමිණිලිකාරියට රුපියල් ලක්‍ෂ 30 ක වන්දියක් ගෙවීමට නියම කළේය.

කැලණිය දළුගම ජොනික්වත්තේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය ගොනු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව මෙලෙස වන්දි ගෙවීමට නියම කරන ලද්දේ එම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි විශේඥ වෛද්‍ය සී. වර්ණුලසුරිය සහ කොළඹ 10 නොරිස් කැනල් පාරේ ‘ආසිරි සෙන්ට්‍රල්’ රෝහලට ය.

23 හැවිරිදි වියේ පසුවූ පෙත්සම්කාර පෙරේරා මහත්මිය ඇගේ දෙවැනි දරු ප්‍රසුතිය සඳහා විශේඥ වෛද්‍ය සී. වර්ණුලසුරිය යටතේ 2016 ජනවාරී 03 වැනිදා ‘ආසිරි සෙන්ට්‍රල් රෝහල’ට ඇතුලත් කළ බවත් එදිනම කළ සිසේරියන් සැත්කමක් මඟින් ඇය නීරෝගී දරුවකු බිහිකළ බවත් දැනුම් දුන් නීතීඥ සමන්ති ගමගේ මහත්මිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව දිගින් දිගටම අධික වේදනාවක් සමඟ විවිධ සංකූලතා මතුවීම හේතූවෙන් මේ පිළිබඳ විශේඥ වෛද්‍ය සී. වර්ණුලසුරියට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔහු ඒ පිළිබඳ නිසි සැළකිල්ලක් දක්වා නැතැයිද සඳහන් කළාය.

ඇගේ රෝගී තත්වය වඩාත් දරුණු අතට පත්වීම නිසා ඇය විශේඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා හමුවීමෙන් අතුරුව කළ ස්කෑන් පරීක්‍ෂණයේදී ඇගේ බඩවැල් ආශ්‍රීතව පුළුන් වැනි ද්‍රව්‍යයක් හඳුනා ගැනීම නිසාත් ඇගේ රෝගී තත්වය උත්සන්න වීම නිසාත් විශේඥ වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ලවා වහාම ශල්‍යකර්මයකට ලක් කළ බව දැනුම් දුන් නීතීඥ සමන්ති ගමගේ මහත්මිය එම ශළ්‍යකර්මයේදී ඇගේ කුසතුල තීබී ‘පුළුන්’ හා ‘ගෝස්’ ගුලි දෙකක් (2) ද ඒ සමඟ ඇලී තිබු බඩවැලේ කොටසක්ද ඉවත් කළ බවත් දැනුම් දුන්නාය.

විශේඥ වෛද්‍ය සී. වර්ණුලසුරිය නොසැළකිළිමත් අන්දමින් ශල්‍යකර්මය කිරීම හේතූවෙන් මෙන්ම ඒ පිළිබඳ කළ පැමිණිලි පවා නොසළකා හැරීම නිසා මේ තත්වය උද්ගත වු බවත් ඇයට මාස 05 ක පමණ කාලයක් ගතවතුරු කිසිවකුගේ පිහිටක් නොමැතිව ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වු බවත් පවසන නීතීඥ සමන්ති ගමගේ මහත්මිය මේ සිද්ධිය හේතූවෙන් අලුත උපත් දරුවාට කිරි දීමට නොහැකි වු බවත් වැඩිමහල් දරුවා පිළිබඳ නිසි සැළකිල්ලක් දැක්වීමටත් ඇයට නොහැකි බවත් පෙන්වා දුන්නාය ෴


හිටි හැටියේ මාලිගාවත්ත රත්වෙයි | තට්ටු තුනේ සෙල්ලම් බඩු ගබඩාවේ තට්ටු දෙකක් අළු ගොඩක් වෙයි (01.08.2024)

+


චීන යුවලක් සුපිරි ගේමක් ගහලා මාට්ටු | නොරොච්චෝලේ හෝටලයක් අරගෙන 54ක් එකතුවෙලා ලෝක සුද්දයක් දීලා (01.08.2024)

+


හිසට පොල් ගෙඩියක් වැටීමෙන් වයස අවුරුදු 3½ පෙර පාසල් දැරිය ජීවිතක්ෂයට

(01.08.2024 – 20:15 +0530 – sinhala.adaderana.lk)

හිසට පොල් ගෙඩියක් වැටීමෙන් සිදුවූ අනතුරකින් මාවනැල්ල නගරයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල මාවාන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි රනුලි හසත්මා එදිරිමාන්න නමැති අවුරුදු තුනහමාරක් (3½) වයසැති දැරියකි.

අද (01) උදෑසන 10:45 ට පමණ පෙර පාසල් පාලිකාව අදාළ පෙර පාසලේ ගේට්ටුව වැසීම සඳහා පන්ති කාමරයෙන් පිටව යාමේදී මෙම දැරිය සහ තවත් දරුවන් දෙදෙනෙක් (2) පාලිකාව සමග මිදුලට දිවගොස් තිබේ.

පසුව දරුවන් තිදෙනා (3) පාලිකාව සමඟ නැවත පෙර පාසල් ගොඩනැගිල්ල තුළට යමින් සිටියදී පෙර පාසලේ වත්තේ තිබූ පොල් ගසක ගෙඩියක් වැටීමෙන් මෙම දැරිය තුවාල ලබා තිබේ.

දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී දැරියගේ තත්ත්වය බරපතළ වූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යාවා තිබුණි.

එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී ඇත.

මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිත අතර, මාවනැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴


විදෙස් රැකියා වංචා සම්බන්ධයෙන් තිදෙනෙක් (3) අත්අඩංගුවට

(01.08.2024 – 16:17 +0530 – sinhala.adaderana.lk)

කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු තිදෙනෙකු (3) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

+

කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය යන රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් මිලියන 24 කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් (1) විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එම කාන්තාව විසින් කඳාන ප්‍රදේශයේ බලපත්‍රලාභී රැකියා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය විසින් ඉහත රටවල රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැත.

මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 19 ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාව අද (01) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණි.

+

එමෙන්ම සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (31) එම ස්ථානය වටලා තිබේ.

එහිදී ජර්මනිය, ඩුබායි හා කැනඩාව යන රටවල රැකියා ලබාදීම සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 13 ක් හා ජීව දත්ත පත්‍රිකා 11 ක් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණි.

අදාළ ස්ථානයේ හිමිකාරිය වූ සීදුව, අමන්දොලුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (1) එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය අද (01) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

+

එසේම කැනඩාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා රු. 1,452,000 ක මුදලක් වංචාකළ තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු (1) ද ඊයේ (31) දින විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔහු කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුව
ඊයේ (31) දින තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා ගෙන අද (01) දින අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරීමට නියමිතව තිබුණි ෴


අල්ලස් චෝදනාවට ඇමති වියාලේන්ද්‍රන්ගේ ලේකම් අත්අඩංගුවට

(01.08.2024 – 20:35 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම්වරයා අද (1) මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා දේශපාලන ක්‍රියාකාරිකයෙක් හා ව්‍යාපාරිකයෙක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා ෴

+++++++

+


අන්තර්ජාල අපරාධවලට සම්බන්ධ විදේශිකයන් පිරිසක් අල්ලයි

(02.08.2024 – 09:58 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – උඩුගම පාර ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා අපරාධ සිදුකළ විදේශිකයින් අටදෙනෙකු (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (01) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24 ත් 36 ත් අතර වයස්වල පසුවන චීන, කසකස්ථාන සහ කිර්ගිස්ථාන ජාතිකයින් පිරිසක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් සතුව තිබී පරිගණක යන්ත්‍ර 9 ක්, ජංගම දුරකථන 73 ක් සහ සිම්පත් රැසක්ද පොලිස් භාරයට ගෙන තිබුණා ෴


කරුණු දෙකක් සාක්ෂි සහිතවම සනාථ වෙයි.. ඇත්ත කියන්නේ සුජීවද අංජලීද ටැටූගේ අම්මද? (02.08.2024)

+


කාෂ්‍යප හිමි සිවුර ගලවයි ද? (23.07.2024)

+


‘ලොකු පැටී’ ඇල්ලුවේ ශ්‍රී ලංකා පොලිසියෙන් නොවෙයි. කංජිපානි ලංකාවට ගේන්නැතුව පන්නගන්න ද හදන්නේ? (02.08.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *