පොලිස් වෙසින් කතුන් කොල්ලකා ලිංගික අතවර කළ හිටපු සෙබළා

පොලිස් වෙසින් කතුන් කොල්ලකා ලිංගික අතවර කළ හිටපු සෙබළා


පොලිස් වෙසින් කතුන් කොල්ලකා ලිංගික අතවර කළ හිටපු සෙබළා

(29.07.2024 – 19:56 +0530 – sinhala.adaderana.lk)

පොලිස් නිලධාරියෙකු බවට හඟවා කාන්තාවන් බියගන්වා රන් ආභරණ සහ මුදල් කොල්ලකා ඔවුන්ව ලැඟුම්හල්වලට රැගෙන ගොස් ලිංගික අතවර සිදුකළ හිටපු යුද හමුදා සෙබළෙකු සහ ඊට අනුබල දුන් පුද්ගලයෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු මියගිය පොලිස් නිලධාරියෙකුගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක්ද සකස් කරගෙන තිබූ බවය.

පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඟලුම්හලක සේවිකාවක් පසුගිය 14 වැනිදා සිය පෙම්වතා හමුවී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු ඇයට පවසා ඇත්තේ එම ත්‍රිරෝද රථයෙන් නිවසට යා හැකි බවය.

ඒ අනුව, ඇය ත්‍රිරෝද රථයට ගොඩවී මද දුරක් ගමන් කරමින් සිටියදී එහි පසුපස අසුනේ සිටි පුද්ගලයා ඇයට පොලිස් හැඳුනුම්පතක් පෙන්වා තිබුණි.

එහිදී ඔහු ඇඟලුම් සේවිකාව බියවද්දවා ඇත්තේ, පොලිස් නිලධාරියෙකු වන තමා, ඇය අනාචාරයේ හැසිරෙන තැනැත්තියක් බවට සියලු තොරතුරු සොයාගත් බව පවසමිනි.

පසුව ඇයව සුපිරි වෙළෙඳසැලක් අසලට රැගෙනවිත් ඇය පැළඳ සිටි රන්මාලය, පෙන්ඩන්ට් දෙක, අත්පළඳනාව බලහත්කාරයෙන් ගලවාගෙන ඇති අතර, ඇයගේ ATM කාඩ්පතින් රුපියල් 150,000 ක මුදලක්ද ලබාගෙන පිළියන්දල මොරටුව පාරේ පිහිටි ලැඟුම්හලකට ඇයව රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

ඇයව ලැඟුම්හලට රැගෙන යන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබේ.

අනතුරුව ඇයව පිළියන්දල නගරයට රැගෙනවිත් වෙනත් ත්‍රිරෝද රථයක නංවා පිටත් කර යවා තිබේ.

එම සිදුවීමට මුහුණදුන් ඇඟලුම් සේවිකාව සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 15 වැනිදා කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ අතර එමඟින් ඇය පවසා තිබුණේ සැකකරු ඇයට ලිංගික අතවර සිදුකර නිරුවත් ඡායාරූපද ලබාගත් බවටය.

ඇය විසින් ලබාදුන් ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකයට අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය, ත්‍රිරෝද රථයේ ලියාපදිංචි හිමිකරු හොරණ ප්‍රදේශයේ අයෙකු බවට අනාවරණය කරගෙන තිබේ.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලට අනුව සිද්ධියේ ප්‍රධාන සැකකරු බටුවන්දර, ලූල්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවුණි.

හිටපු හමුදා සෙබලෙක් වන සැකකරු 57 හැවිරිදි එක්දරු පියෙකි.

ඔහු සන්තකයේ තිබී ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක්, ‘අයිස් මත්ද්‍රව්‍ය’, රංගන ශිල්පිනියක් ඇතුළු කාන්තාවන් පස්දෙනෙකුගේ (5) ජාතික හැඳුනුම්පත්, පිරිමි පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පතක් (1), සිම්පත් 18 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 5 ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

එමෙන්ම සැකකරුට අනුබල දුන් ත්‍රිරෝද රථ රියදුරා, ත්‍රිරෝද රථයද සමඟ අත්අඩංගුවට ගැනුණි.

පොලීසිය පැවසුවේ, සැකකරු ව්‍යාජ පොලිස් හැඳුනුම්පත සඳහා යොදාගෙන තිබුණේ මීට වසරකට පෙර සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි නසාගත් ඇහැළියගොඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රියංක සිල්වා මහතාගේ ඡායාරූපයක් බවය.

එහි නම ලෙස සඳහන්ව ඇත්තේ පොලිස් පරීක්ෂක අජිත් ද සිල්වා යනුවෙනි.

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඇඟලුම් සේවිකාවට සහ තවත් කාන්තාවක් කිහිපදෙනෙකුට ලිංගික අතවර සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනද තිබූ බව පොලීසිය පැවසීය.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරු ‘පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු’ බවට හඟවා කාන්තාවන් මුලාකර, බියවද්දවා රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකා පසුව ලිංගික අතවරයන් සිදුකර ඇති බවය.

තමා විසින් කොල්ලකන මුදල් රංගන ශිල්පිනියන් සහ සුරූපි කාන්තාවන්ගේ ඇසුර සඳහා වැය කරන බවත්, ඔවුන් සමග පවත්වන ලිංගික සබඳතා ජංගම දුරකථනය මගින් රූගත කරගන්නා බවත් සැකකරු පොලීසියට පවසා තිබේ.

සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර ඔහුගේ වංචාවන්ට හසුවූ අය වේනම් නොපමාව පැමිණිලි කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

+


ඇමැතිට විරෝධය පා ලේක්හවුස් දෙවැනි කර්තෘත් ඉල්ලා අස්වේ…

(29.07.2024 – 15:50 +0530 – lankacnews.com)

විෂය භාර ඇමතිවරයාගේ අනිසි මැදිහත් වීම් මත කලකිරීමට පත්ව Sunday Observer කර්තෘ ‘ප්‍රමෝද් සිල්වා මහතා’ සිය කර්තෘ ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සෑම අගහරුවාදා දිනකම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම පැය තුනකට (3) අධික කාලයක් පැවැත්වීම, එම රැස්වීම නියමිත වේලාවට ආරම්භ නොකිරීම සහ සන්ධ්‍යාව වන තෙක් පැවැත්වීම ද කර්තෘවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

අමාත්‍යවරයාගේ නම භාවිතා කරන සෑම අවස්ථාවකම ‘ආචාර්ය’ ලෙස භාවිතා කිරීම රාජ්‍ය මාධ්‍ය සදහා අනිවාර්ය කර තිබේ.

එසේම සියලු රාජ්‍ය මාධ්‍ය ඔහුගේ පුවත් දෙකක් (2) හෝ අවම වශයෙන් ප්‍රචාරය කළ යුතු බවට ද දන්වා ඇත.

විපක්ෂය ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට සහ සිය පුවත්පතේ විශේෂාංග රාශියක් ආරම්භ කිරීමට එරෙහිව ‘ප්‍රමෝද් සිල්වා මහතා’ මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මිට පෙර ද අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පාමින් DAILY NEWS පුවත්පතේ කර්තෘ ‘ජයන්ත ශ්‍රී නිශ්සංක මහතා’ සේවය අතහැර විදේශ ගත විය.


වංගු ගහලා වැඩේ අල කරගන්න එපා | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයෝ ආණ්ඩුවට අනතුරු අඟවයි (30.07.2024)

+


යක්කල මංසන්ධියේදී කන්ටේනරයක් බස් රථයක ගැටී සිදුවූ විනාශය | 10ක්ම රෝහලේ, සමහරුන්ට අසාධ්‍යයයි (29.07.2024)

++++++++++

+


රාජපක්ෂවරු ඉවත් වුණේ රනිල් ශක්තිමත් කරන්නද? විශේෂ හෙළිදරව්වක් (30.07.2024)

+


K සුජීවාත් නයන වාසුල ඝාතනයට හවුල්ද? – නීතිඥ චූලා අදිකාරි (30.07.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *