ජනපතිවරණය සැප්තැම්බර් 21, නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 – මැතිවරණ කොමිසම නිවේදනය කරයි

ජනපතිවරණය සැප්තැම්බර් 21, නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 – මැතිවරණ කොමිසම නිවේදනය කරයි


ජනපතිවරණය සැප්තැම්බර් 21, නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 – මැතිවරණ කොමිසම නිවේදනය කරයි

(26.07.2024 – 07:39 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ ජනපතිවරණයට අදාළ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත්කරනු ලැබුවා.

ඒ අනුව ජනපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම නිවේදනයකර සිටින්නේ.

එමෙන්ම නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වැනිදා සිදුකිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම නිවේදනය කර සිටින්නේ.

ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද මැතිවරණ කොමිසම මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා ෴

ඒ අනුව අද සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි එහි දැක්වෙන්නේ.

අගෝස්තු 14 වනදා පමණක් මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි.

අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ රුපියල් 50,000 මුදලක් ඇප ලෙස තැන්පත් කළ යුතු වනවා.

අදාළ අපේක්ෂකයා වෙනත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 75,000 ක් ෴

+++++++++

රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

(26.07.2024 – 09:22 +0530 – sinhala.adaderana.lk)

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා ඇප මුදල් තැන්පත් කර තිබේ.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය ෴

+++++++++

මැතිවරණ නියෝග නිසි ලෙස ක්‍රියාත්මක කරන්න – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

(26.07.2024 – 08:42 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන නියෝග අදාල ආයතන විසින් නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණක් පැවැත්වීම සඳහා සියළු අපේක්ෂකයින් ද අදාල නියෝග පිලිපදින ලෙසයි.

එමෙන්ම මැතිවරණ සංවිධාන කටයුතු සියළු දේ සිදු කෙරෙමින් පවතින බව හෙතෙම කියා සිටියා.

දැනට මැතිවරණ සම්බන්ධිකරණ කරන මැතිවරණ කටයුතු සම්බන්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ අදාල කටයුතු සිදු කරන බව ආර්.එම්.ඒ. එල්. රත්නායක පවසනවා. ඉදිරියේදී පත්වන පොලිස් පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු අවධාරණ කලා.

අද (26) දින සිට මැතිවරණ නිති රිතී ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ සහ මැතිවරණ පනතට අනුව ක්‍රියාත්මක වන අතර ඉදිරියේ මැතිවරණ කොමිසම් සභාව මගින් නිකුත් කරන නියෝග උපමාන ගැසට් පත්‍රයක නිකුත් කරන්නට කටයුතු කරන බව ආර්.එම්.ඒ. එල්. රත්නායක වැඩිදුරටත් කියා සිටියේය ෴


පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය කියයි

(26.07.2024 – 08:09 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට (2) වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී ඇත.

ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා වෙත දැනුම් දී තිබේ ෴

+++++++++

අද (26) පාර්ලිමේන්තුවේදී සිදුකල ‘අගමැතිගේ විශේෂ ප්‍රකාශය’

(26.07.2024 – 09:36 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව අද (26) පෙරවරු 09:30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව පිළිබඳව රජයේ නිල ස්ථාවරය අග්‍රාමාත්‍යවරයා එහිදී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරනු ඇත.

+++++++

+

https://www.parliament.lk/en/business-of-parliament/webcast/parliament-live?view=vod


වැඩබලන පොලිස්පති කෙනෙක් පත් කරන්න බැරිනනම් ජනපතිට ඉල්ලා අස්වෙන්නයැයි විපක්ෂනායක සජිත් කියයි

(26.07.2024 – 10:46 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පති කෙනෙක් පත් කරන්න බැරිනනම් ජනපතිට ඉල්ලා අස්වෙන්න යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකරවරයා මේ බව පැවසුවේ අද (26) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්.

විපක්ෂනායකවරයා කියා සිටින්නේ වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කළ නොහැකි බව පැවසිම පිලිගත නොහැකි තත්ත්වයක් බවයි ෴


ආණ්ඩුව පැරදුණාම සමහර ජනමාධ්‍යවලට කුමක් වෙයිද දන්නේ නෑ

(26.07.2024 – dinamina.lk)

අද බලයේ ඉන්න අය පැරදුණාම සමහර ජනමාධ්‍යවලට කුමක් වෙයිද දන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

දේශපාලන රැස්වීමක් අමතමින් ඔහු මේ බව කීවේය.

“දැන් අප මේ කතා කරන වේලාවේ බලයේ ඉන්නෙ පරදින අය. සමහර ජනමාධ්‍යයත් ඒගොල්ලන්ගෙයි. පරදින්න ඉන්න අයගෙයි. ඒගොල්ල පැරදුනාට පස්සෙ මේ සමහර ජනමාධ්‍ය ජනතාවගෙ ඒවා බවට පත් වෙනවා. සමහර ඒවට මොනව වෙයිද දන්නෙ නැහැ. වහල දායිද මොකක් වෙයිද දන්නෙ නැහැ. ජනමාධ්‍ය ආයෙ නොකර ඉඳියි ද දන්නෙ නැහැ. ඒ තරම් පච කියන්නෙ සමහර ජනමාධ්‍ය මඟින්. එක මාධ්‍යයක් තිබෙනවා අකුරු දෙකයි තිබෙන්නේ. එකට ‘මඩ ටී.වී.’ කියන්නත් පුළුවන්. උදේ හිටන් රූ වෙනකල් මඩ” යැයි ද හෙතෙම කීවේය ෴

++++++++

+


රියැදුරු බලපත්‍රය පර්ස් එකේ අරන් ගිය කාලේ ඉවරයි

(26.07.2024 – 14:42 +0530 – hirunews.lk/sinhala)

රියැදුරු බලපත්‍රය ඊ-රියැදුරු බලපත්‍රයක් බවට පත්කරන බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණාංශයේ නියෝජ්‍ය කොමසාරිස් සුරංගි පෙරේරා පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ ‘හිරු වෙබ් ටොක්’ වැඩසටහනට එක්වෙමින්.

+


අගමැතිගේ ප්‍රකාශයට නීතිඥ සාමූහිකයේ විරෝධය

(26.07.2024 – 20:24 +0530 – sinhala.adaderana.lk)

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

ඔහු පවසන්නේ ව්‍යවස්ථාදායක සභාව අධිකරණයේ අභියෝගයට ලක්කළ නොහැකි බවට වන ප්‍රකාශය පදනම් විරහිත බවය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් තවදුරටත් මෙලෙස අදහස් පළ කළේය.

“කියවා බලන්න පොලිස් ආඥා පනත. ගිය වරත් මේ ප්‍රශ්නයකට මුහුණදුන්නා කලින් පොලිස්පතිවරයෙක් සම්බන්ධවත්. ඒ නිසා පොලිස්පතිවරයෙක් එහෙම හදිසියේ කනෙන් අල්ලලා දොට්ට දාන්න බෑ. එහෙම හිතාගෙන ඉන්න අය ඇති. ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අනුගමනය කළ යුතුයි පවතින නීතිය. පොලිස්පතිවරයාට තම ධුරයේ සේවය කිරීම තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැත. එබැවින් පොලිස්පතිවරයා විසින් සිය ධුරයෙහි සිදුකරනු ලබන රාජකාරි කටයුතු වැළැක්වීමට ජනාධිපතිවරයාට මෙලෙස වැඩබලන පත්වීමක් ද කළ නොහැක. තවමත් පොලිස්පති ධුරය දරන්නේ හිටපු පොලිස්පතිමයි. ධුරය හිස්වෙලා නෑ. ඒ වගේම පාර්ලිමේන්තුව උත්තරීතරයි. ව්‍යවස්ථාදායක සභාවේ බලය අධිකරණයකින් විමසා බැලිය නොහැක. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැත. එබැවින් වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවේ.”

‍ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා :

“අද දින තුළ අගමැතිවරයා, දක්වා සිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තීරණ ප්‍රශ්න කරන්න බෑ කියලා අධිකරණයට. ඒ කාරණාව සම්පූර්ණයෙන් සාවාද්‍යයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) යන්න කියන වගන්තිය අගමැතිතුමා කියවන්න ඕනේ. එහෙම වුණානම් ඒකෙන් පේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත්. අද ජනාධිපතිවරයා කියනවා නම් ඔහුට ධුරයේ කාර්යයන් කරන්න බෑ කියලා එහෙම නම් ඔහු තාවකාලිකව අයින් වෙලා කරන්න පුළුවන් කෙනෙකුට භාරදෙන්න ඕනේ. ඒකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. වැඩබලන පොලිස්පතිවරයා පත්කරන්න ඕනේ ජනාධිපතිවරයා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණ වගකීමක්. ඒකෙන් ඔහුට මඟ හැරයන්න බෑ.”

++++++++

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ කිව්වෙ පට්ට පල් බොරුවක් – මං විවෘත විවාදයකට ආරාධනා කරනවා (26.07.2024)

++++++++

27-07-2024

+


ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

(26.07.2024 – 17:25 +0530 – sinhala.adaderana.lk)

පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසය.

ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2025.01.01 වන දින සිට රජය විසින් ශ්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ‘E ගමන් බලපත්’ ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම්කිරීමේ ක්‍රමවේදය පහත දැක්වෙන පරිදි නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වේ.

ජූලි 16 වන දින සිට ගමන් බලපත් අයදුම් කිරීම සඳහා https://www.immigration.gov.lk/ සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකළ හැකිය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *