16 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ නැටුම් ගුරුවරයෙක් අත්අඩංගුවට

16 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ නැටුම් ගුරුවරයෙක් අත්අඩංගුවට


16 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ නැටුම් ගුරුවරයෙක් අත්අඩංගුවට

(24.07.2024 – 22:23 +0530 – hirunews.lk/sinhala)

‘බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ’ කාමරයක් තුල දී 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ‘පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයෙකු’ ලෙස සේවය කළ ‘පෞද්ගලික නර්තන ගුරුවරයෙකු’ සැකපිට තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබා දීම සදහා සැකකරු පැමිණි අවස්ථාවේදී මූලික විමර්ශණයකින් අනතුරුවයි සැකකරු අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකාර නර්තන ගුරුවරයා විසින් තවත් බාලවයස්කාර දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් ඉකුත් 13 වැනි දින හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක (5) ශරීර ඇප මත මුදා හැර සිටින අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴


මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් 111 ක්

(24.07.2024 – 16:51 +0530 – hirunews.lk/sinhala)

මහනුවර නගර සභා බල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් 111 ක් හඳුනා ගෙන ඇති බව එම මහ නගර සභාව පවසනවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ඉල්ලීමකට ලබා දී ඇති පිළිතුරේ මේ බව සඳහන්.

මහනුවර මහ නගර සභාවේ තොරතුරු නිලධාරි සහ ප්‍රධාන නාගරික ඉංජිනේරුවරයා විසින් ලබා දී ඇති තොරතුරු අනුවයි මේ බව වාර්තා වන්නේ.

මෙම අනවසර ඉදිකිරීම් 111 සම්බන්ධයෙන් නගර සභා ආඥාපනත සහ නාගරික සංවර්ධන අධිකාරියේ අණපනත් අනුව අවශ්‍ය පියවර ගෙන ඇති බව පැවසෙනවා.

මහනුවර නගර සභා බලප්‍රදේශයේ සිදු කරන අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි කතා බහක් ඇතිව තිබූණා.

ඒ අනූව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම තොරතුරු හෙළිකරගෙන ඇති බවයි ‘හිරු වාර්තාකරු’ පවසන්නේ ෴


සිරකරුවකු පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් (2) රෝහලට

(24.07.2024 – 19:30 +0530 – hirunews.lk/sinhala)

සිරකරුවෙකුගේ මාංචුවෙන් පහර කෑ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු (2) මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවකු හෙට (25) කල්මුනේ මහාධිකරණයේ පවතින නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට තිබූණා.

එම නඩුව සදහා අද (24) එම රැඳවියා බෝගම්බර බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ මඩකලපුව බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියා.

මේ අතරතුර උඩුදුම්බර ප්‍රදේශයේදී ආරක්ෂාව භාරව ගිය සැරයන්වරයෙකුට හා මාංචු භාර නිලධාරියා හට මෙම සිරකරුට යොදා තිබූ මාංචුවෙන් පහර දී තිබෙනවා.

එම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා (2) උඩුදුම්බර රෝහල වෙත ඇතුලත් කළ පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකිරීමට කටයුතු කෙරුණා.

සිදුවීමත් සමග බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් උඩුදුම්බර පොලිස් ස්ථානය වෙත ගොස් නැවත රැඳවියා බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙන්වා ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පැවසුවේ.

එහිදී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිරකරු අධිකරණයවෙත ඉදිරිපත් කිරීම සඳහා නැවත මඩකලපුව බන්ධනාගාරයවෙත මාරුකිරීමට කටයුතු කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සිදුවීම පොලිසියට පැමිණිලි කළ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴


විශ්‍රාමිකයන්ට රු. 3000 ක විශේෂ මාසික දීමනාවක් 2024 සැප්තැම්බර් මස සිට

(24.07.2024 – 20:07 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000 ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා :

“රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරලා තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම තිබෙන වැටුප් විෂමතා එකවර විසඳන්න තමයි කමිටුව පත් කළේ. ඒ අතරතුර ඒ කමිටුවේම අදහසක් අනුව තමයි මේ කටයුතු සම්පූර්ණ වෙනකම් විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3000 ක දීමනාවක් දෙන්න තීරණය කළේ. ලක්ෂ 7 කට විතර ඒ ප්‍රතිලාභය ලැබෙනවා.”


641කට එකවර උමතුවෙන් පෙම් කළ පරිගණක පෙම්වතිය. AI ගැන අමුතු කතාවක් උදය ගම්මන්පිල ගෙන් (24.07.2024)

+


‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන පිළිකුලෙන් හෙළා දකිමු !

(23.07.2024 – facebook.com/UdayaGammanpilaFanPage)

තර්ජනය සහ මර්දනය ‘ජනතා විමුක්ති පෙරමුණ’ට නුහුරු දෙයක් නොව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ අංක එක සහ දෙක බව මෙරට ජනතාවට සිහිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන ‘පිවිතුරු හෙළ උරුමය’ පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

1987 – 89 භීෂණ සමයේ දී ‘ජනතා විමුක්ති පෙරමුණේ’ කැලෑ නීතිය රජ කළ අතර රටේ සියලූ පුරවැසියන් වෙත ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීමට ඔව්හු කටයුතු කලෝය. ගල්කටස් යුගයක් ලංකා දේශපාලන ඉතිහාසයට එක් කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපල ගිනි තැබීම, තමන්ට එරෙහිව අදහස් ප‍්‍රකාශ කරන්නන්ගේ කටවල් කපා දැමීම එවකට ඔවුන් විසින් සිදු කරන ලද අමානුෂීය ක‍්‍රියාදාමයන්ගෙන් කොටසක් පමණි.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව වහසිබස් දොඩනා ‘ජනතා විමුක්ති පෙරමුණ’ එදා පේ‍්‍රමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යෙව්දීන් අමු අමුවේ ඝාතනය කර දැමුවේ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ, නිදහසේ සිතීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතීන්ද වලපල්ලට යවමිනි.

සිය ලේ වැගිරුණු අතීතය ‘මාලිමාව’ නමැති පිරුවටයෙන් වසාගෙන යලි කරළියට පැමිණීමට ‘ජනතා විමුක්ති පෙරමුණ’ කටයුතු කළද සිය පැසිස්ට්වාදී සංකල්පයන්ගෙන් බිඳකුදු බැහැර නොවී ඇති බව ඔවුන් වර්තමානයේ සිදුකරන ඇතැම් ප‍්‍රකාශ සාක්ෂි දරයි.

උදේට රූපවාහිනී නාලිකාවල ‘පත්තර කියවන හඩ්ඩලාට’ ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බවත් රට පැන්න ද එම රටවල සිටින මාලිමාවේ පිරිස් ඔවුන් ගැන බලාගනු ඇති බවත් පවසමින් ‘චමුදිත සමරවික‍්‍රම’ සහ ‘හඩ්සන් සමරසිංහ’ යන මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් වෛරී ප‍්‍රකාශ සිදු කිරීමට ‘ජාතික ජන බලවේගයේ’ විධායක සභික ‘වසන්ත සමරසිංහ’ මහතා කටයුතු කලේය.

ඉන් අනතුරුව, තමන් සිදු කරනු ලබන ප‍්‍රකාශ සම්බන්ධයෙන් ‘චමුදිත සමරවික‍්‍රම’ මහතාට ඉදිරියේදී ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාජබ විධායක සභික ‘කේ.ඩී. ලාල්කාන්ත’ මහතා විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අනුව පෙනී යන්නේ තමන්ට බලය ලැබෙතැයි හැඟීමක් ඇති වූ වහාම සමාජයේ වගකිවයුතු කාර්යභාරයක් ඉටු කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළු සමස්ථ සමාජයට ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීමට ‘මාලිමාවේ පැසිස්ට්වාදී කල්ලිය’ කටයුතු කරන බවයි.

2022 වසරේ ක‍්‍රියාත්මක වූ අසාර්ථක ඊනියා අරගලයේ දීද සිය දේශපාලන විරුද්ධවාදීන්ට ජීවිත තර්ජන ඇති කරමින් නිවාස හා දේපළ ගිනිබත් කරමින් ඔවුන් ගෙනගිය ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලිය මීට තවත් සාක්ෂියකි.

මෙරට ඕනෑම දේශපාලන නායකයෙකු පිළිබඳව හෝ එවැනි නායකයෙකු විසින් සිදු කරනු ලබන ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදහස් ප‍්‍රකාශකිරීමට, ජනතාව දැනුම්වත් කිරීමට, සංවාදයෙහි යෙදීමට මාධ්‍යවේදියා සතු අයිතිය ‘පිවිතුරු හෙළ උරුමය’ ලෙසින් අප පිළිගන්නා අතරම එම අයිතීන් උල්ලංඝනය කිරීමට ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් දරනු ලබන මෙම සාහසික උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

තමන්ට බලය ලැබෙතැයි සිතා නොලැබුණු බලයකින් හිස උදුම්මාගෙන ස්වාධීනව අදහස් ප‍්‍රකාශ කරන මාධ්‍යවේදීන් කෙරෙහි වෛරී ස්භාවයකින් කටයුතු කරනා ‘ජනතා විමුක්ති පෙරමුණ’ට මෙරට බලය ලබාදීමට නොව පුනරුත්ථාපන කඳවුරක පුනරුත්ථාපනය සඳහා යැවීමට එක්වන මෙන් අප නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මීට
දේශප්‍රේමීත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය
උදය ගම්මන්පිල
නායක


පොලිසියේ සෙට් එකක් කරපු කැත වැඩක් | පොලිසියෙන් වාහනේ ඇතුලට ගංජා දාලා | වැඩේ මාට්ටු වෙලා කට උත්තරත් නැහැ (24.07.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *