‘පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය’ ගැන විශේෂ ප්‍රකාශයක්

‘පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය’ ගැන විශේෂ ප්‍රකාශයක්


‘පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය’ ගැන විශේෂ ප්‍රකාශයක්

(18.07.2024 – 10:53 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශකර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියළ කර අතේ අතේ තබාගෙන සිටින්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බවයි.

++++++++++

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා :

+

+


“කුඩු සල්ලිවලින් යැපෙන නීතිඥවරු සෙට් එකක් ඉන්නවා” – ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

(18.07.2024 – 15:09 +0530 – hirunews.lk/sinhala)

‘කංජිපානි ඉම්රාන්’ සහ ‘ගණේමුල්ලේ සංජීව’ නීතියෙන් බේරුණු හැටි ඔවුන්ගේ නීතිඥයන් හොඳින්ම දන්නා බව ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ කුඩු සල්ලිවලින් යැපෙන නීතිඥයන් පිරිසක් සිටින බවයි.

සියලු නීතිඥයන් එසේ නොවන බවද සමහරු මිලියන ගණන් මුදල් ලබා දුන්නද කුඩු නඩු සඳහා ඉදිරිපත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :

+

අතුරුගිරියේදී වෙඩි තැබීමකින් මියගිය ‘ක්ලබ් වසන්ත’ නමැත්තා මිය යන විට ඔහු රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (18) බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මියගිය ‘ක්ලබ් වසන්ත’ නැමැත්තා සුඛෝපභෝගී ජීවිත ගත කරන වීඩියෝ පට විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වී රටටම ණය වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව‍යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++

+


ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප

(18.07.2024 – 11:26 +0530 – hirunews.lk/sinhala)

බරපතල වැඩ සහිත වසර හතරක (4) සිර දඬුවම් නියම වී සිටි ‘බොදුබල සේනා සංවිධානයේ’ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියම කළා.

ඒ කොළඹ මහාධිකරණය නියම කළ මෙම දඬුවමට එරෙහිව උන්වහන්සේ ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

2016 වසරේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු කරමින් ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිරදඬුවම් නියම කෙරුණේ පසුගිය මාර්තු මස 28 වැනිදායි.

ඒ, කොළඹ මහාධිකරණය විසින්. එහිදී ඥාණසාර හිමියන්ට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කෙරුණා.

ඉන් අනතුරුව ‘බොදුබල සේනා සංවිධානයේ’ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පසුගිය අප්‍රේල් 01 වනදා ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළා.

කෙසේ වෙතත් ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.

+++++++++

+++++++++

+


ඉස්කෝලෙ ඇවිත් ටියුෂන් කරපු ගුරුවරයාට වැඩ තහනමක්

(18.07.2024 – 12:03 +0530 – hirunews.lk/sinhala)

පාසලේ සේවයට වාර්තා කිරීමෙන් පසුව අමතර පංතියක මුදලට ඉගැන්වූ බව කියන ගුරුවරයෙකු පිළිබඳව වාර්තා වනවා.

මේ බව අනාවරණය වීමෙන් එම ගුරුවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක උසස් පෙළ සිසුන්ට ‘සංයුක්ත ගණිතය’ ඉගැන්වු ගුරුවරයෙකුගේ වැඩ මෙසේ තහනම් කළ බවයි පැවසෙන්නේ.

සැකකාර ගුරුවරයා පාසල පවත්වන කාලයේදී පිටතට ගොස් උපකාරක පංතිවල උගන්වනවායැයි දෙමාපියන් පිරිසක් විසින් පැමිණිලි කර තිබෙනවා.

ඒ උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙතයි.

මේ අනුව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මාණ්ඩලික නිලධාරින් පිරිසක් සමග අදාල පාසලේ නිරික්ෂණයක නිරතව තිබෙනවා.

එහිදී සැකකාර ගුරුවරයා පැමිණිමේ ලේඛනයේ අත්සන් තබා පාසලෙන් පිටතට ගොස් තිබුණා.

ඔහු ගැන සොයා බැලීමේදී සාලියපුර ප්‍රදේශයේ උපකාරක පංතියක උගන්වමින් සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අනුවයි ඊයේ (17) දින සැකකාර ගුරුවරයාගේ වැඩ තහනමට ලක්කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්. සමරකෝන් පියවර ගෙන තිබුණේ ෴


කුරුණෑගල බුවනෙකබා ගොඩනැගිල්ල කැඩූ හිටපු නගරාධිපතිගේ වසර තුනක (3) සිර දඬුවම වසරකට (1) අඩුවෙයි

(18.07.2024 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක (3) සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු (5) ගේ සිර දඬුවම එක් වසරක් (1) දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළා.

එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් වල තීන්දුව දෙමින් විනිසුරු පී.කුමාරන් රත්නම්ගේ එකගතාවය සහිතව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

එම සිර දඬුවම කුරුණෑගල මහාධිකරණය විසින් එම තීන්දුව ලබා දුන් 2023 වසරේ දෙසැම්බර් මස 14 වනදා සිට ක්‍රියාත්මක විය යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා.

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු (5) කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් (3) බැගින් සිර දඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා.

එම සිර දඩුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසින් මෙම අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම් වල තීන්දුව දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා ෴


සෑම 4 දෙනෙකුගෙන් එක් (1) අයෙකුටම තමන්ගේ ජීවිත කාලය තුළ ‘ආඝාතය’ වැළඳීමේ ප්‍රවණතාවයක්

(18.07.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

සමාජයේ සෑම 4 දෙනෙකුගෙන් එක් (1) අයෙකුටම තමන්ගේ ජීවිත කාලය තුළ ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ පවසනවා.

වෛද්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (17) පැවති ආඝාතය වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ආඝාතය යනු මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම නිසා හෝ පුපුරායාම නිසා හදිසියේ ඇති වන රෝග තත්ත්වයක්.

එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ ආඝාතය හඳුනා ගැනීමට ප්‍රධාන රෝග ලක්ෂණ 03 ක් පවතින බවයි. ඒවා නම් :

  • එනම් කට පැත්තට යෑම,
  • අත හෝ කකුලක් පණ නැති වීම,
  • භාෂාව හැසිරවීමේ ප්‍රශ්නයක් ඇති වීම

මෙයට අමතරව,

  • සිරුරේ එක් පැත්තක අත සහ කකුල අකර්මන්‍ය වීම
  • සිරුරේ එක් පැත්තක ඇතිවන හිරි වැටීම
  • කථනය අකර්මන්‍ය වීම හෝ වෙනස් වීම
  • මුහුණේ එක් පැත්තක ක්‍රියාකාරිත්වය අඩු වීම
  • වමනය, කරකැවිල්ල සහ සමබරතාවය නැති වී යාම
  • ගිලීමේ අපහසුතාවය
  • එක් ඇසක් නොපෙනී යාම

ආදී රෝග ලක්ෂණද දැකගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් වැඩිවීම, ස්ථූලතාවය හා දුම්පානය ආදී කරුණු නිසා මෙම රෝග තත්ත්වය උත්සන්න වන අතර ඒ පිළිබඳව ඉතා සැලකිලිමත්වන ලෙසයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ ෴


රුපියල් කෝටියක කප්පම් ඉල්ලා පුද්ගලයෙකු පැහැරගත් 4 දෙනෙකු අත්අඩංගුවට

(18.07.2024 – 09:30 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියක මුදලක් ලබාගැනීමේ අරමුණින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් නාරම්මල – මැදගොඩ – ප්‍රදේශයේ පාළු නිවසක රදවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 4 දෙනෙකු ‘පොලිස් විශේෂ කාර්ය බලකා’ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා සිය ගම් ප්‍රදේශය වන මාතලේ බලා පිටව යමින් සිටියදීයි මාවතගම ප්‍රදේශයේ දී පිරිසක් පැමිණ පැහැරගෙන ගොස් තිබුණා.

පසුව මේ සම්බන්ධයෙන් ‘පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ’ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අදාළ නිවසේ සගවාගෙන සිටිය දී මුදගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 31 ත් 39 ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් නාරම්මල සහ කටුපොත ප්‍රදේශ වල පදිංචිකරුවන් බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම පැහැර ගැනීම සැළසුම් කර ඇත්තේ, අදාළ පුද්ගලයා සමග කුවේට් රාජ්‍යයේ සේවය කළ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා ෴


රුවන්වැල්ලේ වයස අවුරුදු 5 දැරිය මව විසින් ඝාතනය වෙලා

(18.07.2024 – 14:38 +0530 – hirunews.lk/sinhala)

රුවන්වැල්ල කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳකට වැටී කුඩා දැරියක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දැරියගේ මව විසින් ඇයව ළිඳට දමනු ලැබ ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි.

පසුගිය 16 දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ, වයස අවුරුදු 4 යි මාස 10 ක් පමණ වන කුඩා දැරියක්.

දැරියගේ මව කථන ආබාධිත බැවින් භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව මෙම සිද්ධියේ තොරතුරු හෙළිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව අසනීප තත්වයේ පසුවන හෙයින් ඇයපොලිස් ආරක්ෂාව යටතේ කරවනැල්ල පොලිසියේ ප්‍රතිකාර ලබනවා ෴


කොල්ලුපිටියේ ගෙවල් සුද්දකළ ‘මරදානේ ඉම්රාන්’ කොටුවෙයි

(18.07.2024 – 11:10 +0530 – sinhala.adaderana.lk)

කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපොළ සොරාගැනීම් රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු (3) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

අත්අඩංගුවටගත් අය අතර ‘රෙඩ් බානාවත්තේ පුතා’ සහ ‘මරදානේ ඉම්රාන්’ යන අන්වර්ථ නම්වලින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනා (2) ද වන බව පොලීසිය කීය.

එම සැකකරුවන් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 15කට අධික වටිනා ලැෆ්ටොෆ් පරිගණක 6 ක්, පරිගණක කොටස්, ටැබ් යන්ත්‍ර, මිල අධික පාපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පුද්ගලික විශ්වවිද්‍යාලයකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී පරිගණක සොරා ගැනීම, නිවාස සංකීර්ණයක මුරකුටියේ තිබූ පරිගණක ඇතුළු දේපොළ රැසක් සොරා ගැනීම, කොම්පඤ්ඤ වීදිය සුපිරි වෙළෙඳසැලක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ තුනහමාරකට (3½) අධික වටිනා පාපැදියක් සොරා ගැනීම හා ලැප්ටොප් පරිගණක බහා තිබූ බෑග්වල තිබූ මුදල් පසුම්බිවල ATM කාඩ්පත් සොරාගෙන ඒවායින් කිරිපිටි සහ කේක් මිලදීගෙන තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *