අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ‘ක්ලබ් වසන්ත’ ජීවිතක්ෂයට; ගායිකා කේ. සුජීවාට බරපතලයි

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ‘ක්ලබ් වසන්ත’ ජීවිතක්ෂයට; ගායිකා කේ. සුජීවාට බරපතලයි


අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ‘ක්ලබ් වසන්ත’ ජීවිතක්ෂයට; ගායිකා කේ. සුජීවාට බරපතලයි

(08.07.2024 – 11:00 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය, මංසන්ධිය ප්‍රදේශයේ මීට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී සිදුවූ වෙඩි තැබීමෙන් ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, බරපතළ තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පිණී කේ. සුජීවාද ඒ අතර වනවා.

එහිදී හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළ ඇයව කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා තිබෙනවා.

++++++++++

+++++++++

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙකක් (2) මරුට

(08.07.2024 – lankadeepa.lk)

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු (2) මියගොස් ගායිකාවක ඇතුළු සිවු දෙනකු (4) තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ව්‍යාපාරිකයකු වූ ‘ක්ලබ් වසන්ත’ නමැත්තා මියගොස් ඇති බව සඳහන් කරයි. ‘ක්ලබ් වසන්ත’ගේ බිරියද මේ වෙන විට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

ගායිකා ‘කේ.සූජීවා’ගේ සැලුනයක් (ටැටු) විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් ‘කේ.සුජාවා’ ද තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

+++++++++

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’

+++++++++++

gossiplankanews.com

සන්හිල් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ හෙවත් ‘කැරොකි වසන්ත’ අද සිදුවූ වෙඩි ප්‍රහාරයක් නිසා මියගියේය.

අද දින අතුරුගිරිය පිහිටි ටැටූ විලාසිතා සිදුකරන සාප්පුවකට (Unique Tatoo & Peercing Studio) ඔහු පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවිය.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ තුවාල ලද කේ සුජීවාගේ තත්වය බරපතල නොවන බව ජාතික රෝහල පවසයි. ඇයගේ පාදවලට වෙඩි වැදී ඇති බවත් සැත්කමක් කරන්නට නියමිත බවත් ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

සන්හිල් හෝටල් 6 ක් සහ ප්‍රකට ‘විනෝදාස්වාද ස්ථාන’ රැසක හිමිකරුවූ ඔහු කිසියම් ව්‍යාපාරික ගැටලුවක් මත මරා දමන්නට ඇතැයි දැනට අනුමාන කෙරේ.

ඒ ගැන පරීක්ෂණ ක්‍රියාත්මකය.

මීට වසර කිහිපයකට පෙර සිය ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරය අවස්ථාවේ ඔහු අදහස් දක්වමින් මෙසේ පැවසීය:

“මෙතනින් ආ ගමන පහසුම එකක් වුණේ නැහැ. මට වයස අවුරුදු 17 දී මේ ව්‍යාපාරය ආරම්භ කළ මට වයස අවුරුදු 20 දී නුවරඑළියේ පළමු සන්හිල් හෝටලය ආරම්භ කරන්න පුළුවන් වුණා.

අද අපි නුවරඑළිය, පාසිකුඩා, ගල්කිස්ස, කොල්ලුපිටිය, බොල්ගොඩ, කටුනායක ආදී නවීන සුඛෝපභෝගී හෝටල් හයක් දක්වා ව්‍යාප්ත වී තවත් ව්‍යාපාරික ක්ෂේත්‍ර රැසකට ද පිවිසීමට හැකි වී තිබෙනවා. අපි වසර 25 ක ගමන සමරන මේ මොහොතේ, අපගේ මෙහෙයුම් වේගයෙන් විදේශයන්හි ද ව්‍යාප්ත කරන බව ප්‍රකාශ කිරීමට මම ආඩම්බර වෙමි.

Sunhill Group මේ වන විට ඩුබායි වෙත ව්‍යාපාර ව්‍යාප්ත කරමින් සිටිනවා.”

+++++++++++

‘ක්ලබ් වසන්ත’ගේ ඝාතකයින් පැමිණි වාහනය හමුවෙයි

(08.07.2024 – 13:42 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අද (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි වාහනය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ඇතුළු තවත් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඒ අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදීයි.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකළ අතර, බරපතළ තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පිණී කේ. සුජීවා ද ඒ අතර වනවා.

එහිදී හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළ ඇයව කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න හෝ මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

++++++++++

++++++++++++

++++++++++++

++++++++++++

‘ක්ලබ් වසන්ත’ට මරු කැඳවූ ස්ථානයේ මීට වසර හතකට (7) පෙර ‘අතුරුගිරිය බණ්ඩා’ටත් මරු කැඳවලා

(08.07.2024 – 15:56 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළදී අද (08) උදෑසන (08) වෙඩි වැදීමෙන් ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ යන තැනැත්තාව ඝාතනයට ලක් වූ එම ව්‍යාපාරික ස්ථානයේම මීට පෙරත් වෙඩි තැබීමකින්ම ඝාතනයක් සිදුව තිබෙනවා.

ඒ 2017 වසරේ දී ‘දිසානායක වත්තේ ගම රාළලාගේ ට්‍රනිල් බණ්ඩාර ධර්මසිරි’ හෙවත් ‘අතුරුගිරිය බණ්ඩා’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමයි.

අනතුරුව එකළ මෙම රූපලාවණ්‍යාගාරය බණ්ඩා ඝාතනයට පළිගැනීමක් වශයෙන් ඔහුගේ පාර්ශවය විසින් ගිණි තබා විනාශකර තිබෙනවා.

ඉන් වසර හතකට (7) පසු අද දිනයේදී නැවතත් එම ව්‍යාපාරික ස්ථානය නවීකරණය කර නව ව්‍යපාරික ස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කරන මොහොතේ ‘ක්ලබ් වසන්ත’ට මරු කැඳවූ මෙම වෙඩි තැබීම සිදුව තිබීමත් විශේෂත්වයක්.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකළ අතර, ‘ක්ලබ් වසන්ත’ ඇතුළු තවත් අයෙක් ජිවිතක්ෂයට පත්වුණා.

එහිදී එම ස්ථානයේ සිටි ගායන ශිල්පිණී ‘කේ. සුජීවා’ ද වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළ ඇයව කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න හෝ මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ ෴

++++++++++++

+

++++++++++++++

ආරාධනා පත්‍රයෙන් ක්ලබ් වසන්තට ආ මාරයා

+++++++++++++++

‘ක්ලබ් වසන්ත’ ඝාතනය කළ රූපලාවන්‍යාගාරයේ තිබී ගිනි අවියක් සොයාගනී

(08.07.2024 – 17:20 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කරන ලද අතුරුගිරිය රූපලාවන්‍යාගාරය කඩුවෙල මහේස්ත්‍රාත් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එහිදී රූපලාවන්‍යාගාරයේ තිබූ කාන්තා බෑගයක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොයාගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සැක පල කරන්නේ අදාල ගිනි අවිය මියගිය වසන්තගේ බවටයි.

එමෙන්ම අදාල ස්ථානයේ තිබී හිස් කොපු උණ්ඩ 27 කට වැඩි ප්‍රමාණයක් සොයාගන තිබෙනවා ෴

++++++++++++++

+

+

+++++++++++++

‘වසන්ත’ට වෙඩි තැබීම ‘කංජිපානි ඉම්රාන්’ දෙසට?

(08.07.2024 – 20:10 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ සිදු කළ වෙඩි තැබීමෙන් ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ඇතුළු දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සිද්ධිය විදේශ රටක සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක කරනවා.

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා සහ විදේශයක සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තා අතර කලක පටන් දැඩි ආරවුලක් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.

ඊට හේතු වන්නේ, 2019 වර්ෂයේදී ‘මාකඳුරේ මධූෂ්’ නමැත්තා සහ ‘කංජිපානි ඉම්රාන්’ ඇතුළු පිරිසක් ඩුබායිහි පැවැත්වූ සාදයක් අතරතුර අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු ලබා දී ඇත්තේ ‘ක්ලබ් වසන්ත’ නමැත්තා බවට ‘කංජිපානි ඉම්රාන්’ තුළ සැකයක් පැවතීම විය හැකි බවද වාර්තා වනවා.

අතුරුගිරියේ මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබූ හිස් පතරොම් කොපු 27 තේම KPI ලෙස ලියා තිබූ අතර, ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

KPI ලෙසින් උණ්ඩ කොපුවල ලියා ඇති අකුරුවලින් කියවෙන්නේ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තාගේ කෙටි නාමය බවට ද පොලිසිය සැක පළ කරනවා.

ඒ, පසුගිය කාලයේ ‘කංජිපානි ඉම්රාන්’ විසින් මෙරටට රැගෙන එන ලැබූ මත්ද්‍රව්‍ය බොහොමයක එම KPI කෙටි නාමය සඳහන්ව තිබීම හේතුවෙන්.

එමෙන්ම ‘ක්ලබ් වසන්ත’ සහ ‘කංජිපානි ඉම්රාන්’ අතර කලක පටන් පවතින ආරවුල මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවට ද පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අතුරුගිරිය පොලිසියේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

අතුරුගිරිය ප්‍රදේශයේ අද (08) සිදු වූ වෙඩිතැබීමෙන් ගායනශිල්පී ‘කේ. සුජීවා’ තුවාල ලබා රෝහල්ගත කළා.

ඒ අනුව අද (08) දහවල් 2 ට පමණ ඇය ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ‘හිරු පුවත් අංශය’ට සඳහන් කළේ ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් (4) ශල්‍යකර්මයට සහභාගි වූ බවයි.

පසුව එම ශල්‍යකර්මයෙන් පසුව ඇයව සාමනය වාට්ටුවකට ඇතුළත් කර බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ.

තත්වය මේ වනවිට යහපත් බවත් කකුල කපා දැමීමෙන් තොරව බේරාගැනීමට හැකි වූ බවයි ඔහු සඳහන් කළේ ෴

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ තවත් වාහනයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඒ තුවක්කුකරුවන් පලා යාමට භාවිත කළ වෑන් රථයයි.

එම වෑන් රථය බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළේ.

++++++++++

sinhala.adaderana.lk

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී ඇත.

අද (08) සවස 06:15 ට පමණ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල, අයගම, දෙල්මෑල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී එම වෑන් රථය සොයාගෙන තිබේ.

එම වෑන් රථය අයගම දෙස සිට බුලත්සිංහල දෙසට පැමිණ ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

අදාළ වෑන් රථයේ ඉදිරිපස හා පසුපස අංක තහඩු නොමැති අතර ආදායම් බලපත්‍රයේ පිටපතක්ද ඉදිරිපස වීදුරුවේ අලවා ඇති බව වාර්තා වෙයි ෴

++++++++++

පාතාලේ සල්ලි ගල් කරලා Fun දාපු Club වසන්ත කංජිපනිගෙන් මැරුම් කාපු හැටි (08.07.2024)

++++++++++++

වෙඩි තැබීම CCTV :

+

+

නිල් ටී-ෂර්ට් කාරයා ඝාතකයන්ගේ ඔත්තුකරුවෙක් ද ?

++++++++++++

(09.07.2024 – 06:26 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිසට අදාල ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද වන බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *