සඳුදා (08), අගහරුවාදා (09) රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් වර්ජනයක

සඳුදා (08), අගහරුවාදා (09) රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් වර්ජනයක


සඳුදා (08), අගහරුවාදා (09) රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් වර්ජනයක

(06.07.2024 – 19:58 +0530 – hirunews.lk/sinhala)

මූලික වැටුප රුපියල් 20,000 කින් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් සඳුදා (08) සහ අගහරුවාදා (09), ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා ගුරු, තැපැල් ඇතුලු රාජ්‍ය සේවයේ අංශ රැසක් එක්වන බවයි ‘රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ’ සම කැඳවුම්කරු ධම්මික මුණසිංහ කියා සිටියේ.

පසුගිය සතියේ දෙදින (2) ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වූ ගුරු – විදුහල්පතිවරුන් ද එදින ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරතවන බවයි ‘ලංකා ගුරු සංගමයේ’ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ.

‘ලංකා ගුරු සේවා සංගමයේ’ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ද සදහන් කළේ, ගුරු – විදුහල්පතිවරුන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

කෙසේ වෙතත්, ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ’ සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන් සදහන් කළේ, මෙම වර්ජනයට සම්බන්ධ වන්නේද යන්න පිළිබදව මෙතෙක් තීරණය කර නොමැති බවයි.

මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැකීමට මහනුවරට අද (06) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර, වැටුප් වැඩි කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමර්ගයට අදට (06) දින 66 ක් ගතවනවා.

මෙවන් පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශය වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට ලිපියක් යොමු කර තිබුණේ අමාත්‍යාංශ ලේකම්වරියගේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුවයි.

එහි දැක්වෙන්නේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට පාදක වී ඇති මාසික හිලව් දීමනාව ලබාදීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පෙනී සිටින බවයි.

නමුත් මෙම අවස්ථාවේදී අදාළ ඉල්ලීම සලකා බැලීම අපහසු බැවින් එම ඉල්ලීම් මීලඟ අයවැයේදී සලකා බැලීමට නියමිත බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම සේවක වර්ජනයට සම්බන්ධ වූ සියලු‍ම සේවක කොටස්වලට කිසිදු ආකාරයක දඬුවම් පැණවීමක් සිදු නොකරන බවද එම ලිපියේ දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව ද, අදහස් පළ කළා.

එහි සම සභාපති මංගල දබරේරා අද (06) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ, මෙම ලිපිය සාධනීය වුවද ලබන සතියේ බලධාරීන් සමඟ පැවැත්වෙන සාකාච්ඡාවෙන් අනතුරුව වර්ජනය අත්හරින්නේ ද යන්න පිළිබදව තීරණය කරන බවයි ෴

මේ වසරේ (2024) යලි රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමක් සිදු කළ නොහැකි බව ජනපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

ඒ මෙම වර්ෂය මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් බල ගැන්වීමේ උත්සවයට අද (06) වැල්ලවායේ දී එක්වෙමින් ෴


සයිබර් අපරාධවල නිරත වූ ලාංකිකයන් පිරිසක් ඩුබායි සිට පිටුවහල් කෙරේ

(07.07.2024 – 11:08 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකිරීමට නියමිතයි.

පසුගිය පළමු වන දා (01) ‘කලීජ් ටයිම්ස්’ පුවත්පතේ පළවූ ලිපියක් මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර තිබුණා.

ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සිදු කළ සොයා බැලීමේදී ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකුද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි අනාවරණය වූ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසද සති දෙකක් (2) තුළ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴


‘හිරකරුවෝද මනුෂ්‍යයෝය’ හැබැයි අපා දුක් විඳිනවා; නිලධාරීන්ද දුක් විඳිනවා (07.07.2024)

+


‘මාලිමාව’ ‘ගැහැණු එජාපයක්’ වෙයි. ජනපති සටනට ‘සර්වජන බලය’ හා ‘එජාපය’ පමණක් ඉතිරිවෙයි (06.07.2024)

+


ජනපතිවරණය කල් දැමීමේ තැතක්. මුද්‍රණාලයත් වැඩේට හවුල් කර ගනී (08.07.2024)

+


ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

(08.07.2024 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවත් පෙත්සම් කරුණට නියම කර තිබෙනවා.

අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *