පියුමි හංසමාලිගේ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය කෝටිපති කුඩ්ඩාගේ ගෙදර

පියුමි හංසමාලිගේ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය කෝටිපති කුඩ්ඩාගේ ගෙදර


පියුමි හංසමාලිගේ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය කෝටිපති කුඩ්ඩාගේ ගෙදර

(05.07.2024 – lankadeepa.lk)

රුපියල් කෝටි හයකට (6) අධික වටිනා ‘කුශ් හා කොකේන්’ ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කරන ලද ‘බී.එම්.ඩබ්ලිව්.’ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

මෙම වසර මුලදී, කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කරන ලද ‘කුෂ්‍’ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් හා ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ගෑම් 500 ක් ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි.

මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරු වන සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ලද තොරතුරු අනුව සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිවංශ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු මෙම වසර (2024) මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.

+++++++++++

+++++++++++

+++++++++++

පියුමිගේ සුදු වෙන ක්‍රීම් සමට හිතකරද?

(05.07.2024 – lankadeepa.lk)

නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ වනවිට පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපනයට වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය.

පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇසුරුම රුපියල් 35,000 වටිනා බව ඇය මෑතකදී ප්‍රකාශ කළ බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කිරීමට නීතිමය රාමුවක් හෝ ඒ සඳහා පනතක් නොමැති බවද ආරංචි මාර්ග පැවැසුවේය. ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට එය බාධාවක්වී තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පිළිබඳ අදහස් දක්වමින් ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ මහතා ප්‍රකාශ කර සිටියේ සමස්තයක් ලෙස සම සුදු කිරීමේ ආලේපන සම්බන්ධ ගැටළු පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබෙන බවයි.

පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමට ඒවා ප්‍රවර්ධනය කරන්නන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දිරිමත් කරන බවද වෛද්‍ය සේමගේ මහතා පැවැසුවේය.

සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් සෞඛ්‍ය ගැටලු පවා මතුවීමට ඉඩ ඇති බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති රූපලාවන්‍ය නිෂ්පාදන විශේෂයෙන් සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් වැලකී සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ‘පියුමි හංසමාලි’ සහ ‘ලොලීයා ස්කින් කෙයාර්’ ආයතනය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය ෴


අන්තර්ජාල වංචා ඉහළට

(06.07.2024 – 07:49 +0530 – sinhala.adaderana.lk)

වසරේ ගතවූ මාස 5 ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවය.

ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් චරුක දමුණුගල මහතා සඳහන් කළේ මාස දෙකක් (2) ඇතුළත ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි විශේෂයෙන් ළමා ලිංගික හිංසන 27 ලැබී ඇති බවය.

එම පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴


‘සර්වජන බලයේ’ උපාය මාර්ගික වැඩපිළිවෙළ කලින්ම එලියට දාලා ; සංවාදයටත් විවෘතලු (07.07.2024)


පාසැල් ලමුන් 6 දෙනෙකු රෝහලට යැවූ නුගවෙල අනතුර

(06.07.2024 – facebook.com/accident1stofficial/)

අලදෙණිය පොලිස් වසමේ නුගවෙල පාසල් හන්දියේදී මාර්ගය අයිනේ සිටි සිසුන් පිරිසක් සහ මවක එම මාර්ගයේ ගමන් ගත් ලොරියකට යටවීමෙන් පසුගිය 04 වන දින සිදුවූ අනතුරකින් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කෙරුනා.

වයස අවුරුදු 11- 12 අතර දැරියන් හතර දෙනෙකු (4), දරුවන් දෙදෙනකු (2) සමග මවක මෙසේ තුවාල ලැබුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *