විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ අයෙක් අත්අඩංගුවට

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ අයෙක් අත්අඩංගුවට


විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ අයෙක් අත්අඩංගුවට

(18.04.2024 – 20:41 +0530 – hirunews.lk/sinhala)

විදේශිකයෙකු රවටා රුපියල් 800 ක මුදලකට ‘තේ කෝප්පයක් සහ වඩේ එකක්’ අලෙවි කිරීමට පුද්ගලයෙකු කටයුතු කළ ආකාරය අප පසුගියදා ‘හිරු ප්‍රවෘත්ති’ තුළින් අනාවරණය කළ අතර මොරගොල්ල සංචාරක පොලිසිය අද (18) එම පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, කළුතර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙක් වන අදාළ පුද්ගලයා මෙලෙස වැඩි මිලට ආහාර අලෙවි කර ඇත්තේ වෙළෙන්දෙකු ලෙස පෙනී සිටිමින් බවයි.

මෙරට සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් තිබෙන වකවානුවක ඊට කළු පැල්ලම් එක් කරන සිදුවීම් දෙකක් (2) පසුගියදා ‘හිරු ප්‍රවෘත්ති’ ඔස්සේ අප අනාවරණ කළා.

කළුතර ප්‍රදේශයේ වෙළෙඳසැලකදී විදේශිකයෙකුට ‘තේ කෝප්පයක් සහ වඩේ එකක්’, රුපියල් 800 ක මුදලකට අලෙවි කිරීමේ සිදුවීමක් ද ඒ අතර වුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මොරගොල්ල සංචාරක පොලිසිය එම විදේශිකයා සම්බන්ධ කරගැනීමට උත්සහ ගත්ත ද ඔහු ඒ වන විටත් විදේශගතව සිටියා.

කෙසේ වෙතත් ‘X – සමාජ මාධ්‍ය’ ඔස්සේ ඔහුව සම්බන්ධ කරගත් පොලිසිය ඔහුගෙන් ලිඛිත පැමිණිල්ලක්ද ලබා ගෙන ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි.

විදේශිකයාට වැඩි මුදලට ආහාර අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ ඉන් අනතුරුවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අංශය ද එම වැටලීම සඳහා එක් වූ අතර, එහිදී හෙළි වුණේ අදාළ පුද්ගලයා එම වෙළෙඳසැළේ වෙළෙන්දෙකු (සේවකයෙකු) නොවන බවයි.

ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස කටයුතු කරන ඔහු එම විදේශිකයාට ආහාර ගැනීමට ස්ථානයක් පෙන්වන මුවාවෙන් පැමිණ, වැඩි මිලට ආහාර අලෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරා හෙට (19) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අදාළ වෙළෙඳසැලේ හිමිකරුට එරෙහිව ද නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම, බිල්පතක් ලබා නොදීම සහ පාරිභෝගිකයින් රැවටීමට ලක් කිරීම ඇතුළු චෝදනා යටතේයි.

ඒ අනුව ඔහුට ද හෙට (19) දිනයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

+


ශ්‍රී ලංකාවට සහය වන බවට IMF වෙතින් යළි සහතිකයක්

(18.04.2024 – 21:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ගෙවීම පැහැරහැර ඇති අමෙරිකානු ඩොලර් බිලියන 12 ක් වූ ‘ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම’ සඳහා එළැඹෙන මැයි මාසය වන විට ගිවිසුමකට එළඹෙනු ඇතැයි ‘බ්ලූම්බර්ග් වෙබ් අඩවිය’ පවසනවා.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ සහය ලබා දෙන බව එරට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ‘ණය ප්‍රතිව්‍යුහගතකරණය’ පිළිබඳව තොරතුරු උපුටා දක්වමින් ‘බ්ලුම්බර්ග් වෙබ් අඩවිය’ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12 ක් වන ‘ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම’ සඳහා ශ්‍රී ලංකාව මැයි මස මැද වන විට ගිවිසුමකට එළඹෙනු ඇති බව එම වාර්තාවේ සඳහන්.

‘බ්ලූම්බර්ග් වෙබ් අඩවිය’ වැඩිදුරටත් වාර්තා කරන්නේ ‘ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර’ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් බැඳුම්කර හිමියන්ගේ නියෝජිත කමිටුව සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වූවත් ඉදිරි සති කිහිපයේ නැවත එකඟතාවකට පැමිණිමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.

+


ව්‍යාපාරිකයෙකු ඝාතනය කර සිරුරට මිරිස්කුඩු ඉසලා (18.04.2024)

+


මිනිසත්කමට අරුතක් වූ දඩබ්බරයාට – අවසන් ගෞරව දැක්වීමට මහා ජන ගඟක් (18.04.2024)

+

+


“වර්තමාන ආණ්ඩුවත් පහුගිය රාජපක්ෂ ආණ්ඩුව වගේම අන්ත දුෂිත ආණ්ඩුවක්” (18.04.2024)

+


“පාවිච්චි කරපු වාහනවල කුලිය නොගෙවා සමහර වාහන ගිලලා” (18.04.2024)

+


පොලිසියට මාට්ටුවුණු නීතිවිරෝධී ගංජා තොගය මෙන්න (18.04.2024)

+


එළුවන් සොරකමට තිදෙනක් (3) පොලිස් දැලේ (18.04.2024)

+


දිවි රැකගත් ලාංකික නැවියෝ – ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකන් 21ක් බේරා ගනී (18.04.2024)

+


බීමතින් අනියම් බිරිඳ බලන්න ගිය පුද්ගලයාට දිවි අහිමිවුණු අබිරහස (18.04.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *