පාසල්වල පළමු (1) ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම පසුගිය වසර දහය (10) තුළදී 40,000 කින් පමණ පහළ වැටී ඇත

පාසල්වල පළමු (1) ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම පසුගිය වසර දහය (10) තුළදී 40,000 කින් පමණ පහළ වැටී ඇත


පාසල්වල පළමු (1) ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම පසුගිය වසර දහය (10) තුළදී 40,000 කින් පමණ පහළ වැටී ඇත

(07.04.2024 – 20:29 +0530 – hirunews.lk/sinhala)

පාසල්වල පළමු (1) ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම පසුගිය වසර දහය (10) තුළදී 40,000 කින් පමණ පහළ වැටී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසන්නේ දරු උපත් ප්‍රමාණය අඩු වීම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි.

රජයේ පාසල් සඳහා පළමු (1) ශ්‍රේණියට ඇතුලත් කෙරෙන දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් දක්නට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත නිරීක්ෂණය කිරීමේදි පැහැදිලි වන අතර 2021 වසරේදී පළමු (1) ශ්‍රේණියට සිසුන් 304,105 ක් ඇතුලත් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

පසුගිය 2022 වසරේදී පළමු (1) ශ්‍රේණියට ඇතුලත් කළ දරුවන් සංඛ්‍යාව 292,216 ක් දක්වා ක්‍රමයෙන් අඩු වී ඇති අතර ආර්ථික අර්බුදය හමුවේ ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ගේ පාසල් හැරයෑමද ඉහළ ගොස් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ ෴


ඉන්දියාවේ ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට

(07.04.2024 – 17:38 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‘අසල්වැසියන්ට මුල්තැන’ විදෙස් ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කර තිබූ අතර ඉන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි ෴


ඉන්ධන පරිභෝජනය 50% කින් අඩුවෙලා

(07.04.2024 – 19:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50 කින් පමණ අඩු වී ඇති බව ‘ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ පවසනවා.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට හේතුවක් වී ඇති බවයි ‘ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ පේනවා දෙන්නේ.

මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික පෙට්‍රල් පරිභෝජනය බැරල් 28,000 ක් පමණ වනවා ෴


රත්තරන් පොරවාගෙන සිටි ‘කුවේට් දේවාල කපුවෙක්’ අත්අඩංගුවට..

(08.04.2024 – 06:08 +0530 – lankacnews.com)

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් පොරවාගෙන නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන අයෙකු ඇතුළු තිදෙනෙක් (3) ඉතා මුවහත් අඩි 04 කට ආසන්න දිගින් යුත් ‘සුදු යකඩ කඩුවක්’ ද සමග ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ රුපියල් ලක්ෂ විසි පහක (25,00,000) මුදලක් පොලීසියට ලබා දී පලා යෑමට උත්සාහ කල බවද ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නො. 17 කොරොස්වත්ත දිවුල්ගල්ල නාරම්වල ලිපිනයේ පදිංචි ජයසූරිය ආරච්චිලාගේ දිනුක මධුෂාන් (38), එම ලිපිනයේම පදිංචි හේරත් මුදියන්සෙලාගේ ගයාත්‍රී චන්ද්‍රලතා (46) සහ නො. 39 දඹගිරිගම හොරොම්බාව ලිපිනයේ පදිංචි මොහන්දිරන්ලාගේ චාමර පුෂ්පකුමාර (32) නැමැති තිදෙනා (3) ය. මෙයින් පළමු (1) හා දෙවන (2) සැකකරුවන් අඹුසැමියන් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ඇල්පිටිය පොලීසිය කියයි.

අද (07) පෙරවරුවේ ඇල්පිටිය, ‘කුරුදුගහ හැතැප්ම’ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල්වන හා පිටවන වාහන සෝදිසි පරීක්ෂාවකට ඇල්පිටිය පොලීසිය විසින් ලක්කර තිබේ. පිවිසුමෙන් පිටතට පැමිණි නවීන පන්නයේ මෙම කේඩීඑච් වාහනය පරීක්ෂා කිරීමේදී ඉහත සදහන් සැකකරුවන් තිදෙනා (3) අත් අඩංගුවට ගත්බව ඇල්පිටිය පොලීසිය කියයි. ඔවුන් අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණියේ තැඹිලි ගෙඩියක් බොන්නට බවත් වත්තල ප්‍රදේශයේ සිට ගැල්ල, ඉමදූව දක්වා ගමන් කිරීමට පැමිණි බවත් පොලීසියට ප්‍රකාශ කර තිබේ. සැකකරුවන්ගේ වාහනය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිශ්පාදිත සිගරැට් පෙට්ටි 05 ක් සහ ‘සුදු යකඩ කඩුව’ සොයාගෙන තිබේ.

සැකකරුවන් තිදෙනාම (3) ඉතා විශාල වශයෙන් රත්රන් ශරීරයේ පලඳාගෙන සිටි බවත් එම තිදෙනා (3) පැලැඳි තිබූ රත්රන් වල වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවත් ඇල්පිටිය පොලීසිය කියයි. සැකකරුවන් පැලැඳ සිටි රත්රන් ඔවුන්ගෙන් ඉවත් කර විශාල ප්‍රමාණයේ භාජන 03 ක තැන්පත් කිරීමටද පොලීසිය කටයුතු කර තිබේ. සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ඇති සැකකරුවන් මුදාහරින්නේ නම් රුපියල් ලක්ෂ 25 ක මුදලක් එම අවස්ථාවේදීම පොලීසියට ලබා දීමට හැකි බවද ප්‍රකාශ කළේ යැයි ඇල්පිටිය පොලීසිය කියයි. සැකකරුවන් තිදෙනාගේ (3) පදිංචි ප්‍රදේශයන් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරන බවත් වත්තල, කොළඹ, අනුරාධපුරය, කහටගස්දිගිලිය ආදී ප්‍රදේශ ප්‍රකාශ කරන බවත් ඇල්පිටිය පොලීසිය කියයි.

සැකකරුවන් පැමිණි වාහනයේ කුවේට් රටේ හා ශ්‍රී ලංකාවේ ස්ටිකර් අලවා තිබූ බවත් මොවුන් ‘ශ්‍රී ලංකිකයන් රට යවන ඒජන්සියක් පවත්වාගෙන යන්නේද’ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඇල්පිටිය පොලීසිය කියයි. සැබෑ ලෙසම ‘පළමු (1) සැකකරු කුවේට් රටේ දේවාලයක් පවත්වාගෙන යන්නේද’ සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුව තිබෙන බවද ඇල්පිටිය පොලීසිය කියයි.

ජයකාන්ත ලියනගේ


ඇළකට විෂ ද්‍රව්‍ය මුදා හැරි බවුසරය ප්‍රදේශවාසීන්ගේ භාරයට (07.04.2024)

+++++++++

+


‘හිරු CIA’ අනාවරණය කළ බාල ගම්මිරිස් රට පැටවීමට ගත් උත්සාහයට වැට (07.04.2024)

+


බලහත්කාරයෙන් අරන් යන්න හදපු බයික් එක – “ආයි ආයි ඔහොම ගහනවද?” (07.04.2024)

+


ජංගම දුරකථන භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පොලීසියෙන් තවත් මෙහෙයුමක්

(07.04.2024 – 13:31 +0530 – sinhala.adaderana.lk)

ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයන් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව එම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ ඇත.

එම මෙහෙයුම ඊයේ (06) සිට එළඹෙන 10 වනදා දක්වා ක්‍රියාත්මක කර ඇත්තේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතය අනුවය.

ඒ අනුව, ඊයේ (06) දිනය තුළ ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේද භාවිත කරමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් 198 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇත.

මොවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ඔස්සේද, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 71 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුලුනු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීය පවසයි ෴


දියේ ගිලී වාර්ෂිකව ජීවිත 800 ක් අහිමි වෙයි

(08.04.2024 – 07:41 +0530 – sinhala.adaderana.lk)

දියේ ගිලීම් හේතුවෙන් දෛනිකව පුද්ගලයින් මියයෑමේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණය සහ කළමනාකරණය පිළිබදව අංශ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

වාර්ෂිකව පුද්ගලයින් 800 කගේ පමණ ජීවිත දියේ ගිලීම් හේතුවෙන් අහිමි වී යන බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා කියා සිටියේය.

“සාමාන්‍යයෙන් ලංකාවේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් (2 – 3) දියේ ගිලීම්වලට ලක්වෙලා මිය යනවා. ඒ ප්‍රමාණය අපේ තියෙන තොරතුරු එක්ක සාමාන්‍යයෙන් වාර්ෂිකව 700 – 800 ක් අතර ප්‍රමාණයක්. අවුරුදු කාලේ මේ ප්‍රවණතාවය යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා.”

නුපුරුදු ස්ථානවල දිය නෑමේ දී ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේය ෴


ධීවර මා දැලකට ඩොල්ෆින් මාලු රංචුවක් අසුවෙයි..

(08.04.2024 – 08:40 +0530 – lankacnews.com)

යාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයින් පිරිසක් පියවර ගෙන තිබුණි.

ධීවරයින් විසින් ඒලන ලද මා දැලකට මෙම ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු හසුව ගොඩට ගසාගෙනවිත් අසිරුව සිටින අවස්ථාවේදී ප්‍රදේශයේ ධීවරයින් සියලු දෙනා එක්ව අදාල ඩොල්ෆින් මසුන් නැවත මුහුද දෙසට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

එහිදී දැඩි පරිශමයක් යොදා ඩොල්ෆින් මසුන් 11 දෙනාම කිසිදු හානියක් නොකොට නැවත මුහුදටම මුදාහැරීමට ප්‍රදේශයේ ධීවරයින් පියවර ගැනීඹ කාගෙත් ප්‍රශංශාවට ලක්විය.

මේ දිනවල වඩමාරච්චි මුහුදු සීමාවේ ඩොල්ෆින් මසුන් බහුලව ගැවසෙන හෙයින් ධීවර කටයුතු සිදුකිරීමේදී අදාල මසුන් ප්‍රවේශම් කරන ලෙසටද නාවික හමුදාව විසින්ද ධීවර ප්‍රජාව වෙතට දැනුම් දී ඇත.

වන්නි රොමේෂ් මධූෂංඛ


ධාවනය වෙමින් තිබු රථයක් මතට ගසක අත්තක් කඩා වැටෙයි.. ජිවිත 99 න් බේරෙයි..

(08.04.2024 – 12:40 +0530 – lankacnews.com)

ධාවනය වෙමින් තිබු වෑන් රථයක් මතට ප්‍රධාන මාර්ගය අභියස පිහිටි විශාල මාර ගසක අත්තක් කඩා වැටිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු (3) බේරි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටල්ගල ප්‍රදේශයේදිය.

දික්ඔය පොඩයිස් වතුයායේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු වෑන් රථයේ පිටුපසට මාර ගසේ අත්ත කඩා වැටි ඇති බවත්, මාර ගසේ අත්ත කඩා වැටිමෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, අත්ත කඩා වැටිමෙන් ප්‍රධාන මාර්ගය හරහා ඇද තිබු දුරකථන රැහන් සහිත කණුවක්ද කඩා වැටි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ප්‍රධාන මාර්ගයට ගස කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය මිනිත්තු 30 ක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබූ අතර, පසුව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටි තිබු මාර ගසේ අත්ත කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමනය යලි යථා තත්ත්වයට පත් විය.

එම මාර්ගයේ බටල්ගල වතුයායේ මාර්ගය අභියස ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් සහිත මාර ගස් කිහිපයක් පිහිටා ඇති බවත්, එම ගස් කපා ඉවත් කරන ලෙසට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය හරහා වතු පාලන අධිකාරියට අවස්ථා කිහිපයකදි දැනුම් දි තිබුණද එම අවධානම් සහිත ගස් කපා ඉවත් කිරිමට වතු පාලන අධිකාරිය පියවර නොගැනිම හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

+++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *