කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සහයක්?

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සහයක්?


කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සහයක්?

(26.03.2024 – 11:36 +0530 – hirunews.lk/sinhala)

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමට ටී 81 අත්බෝම්බයක් යොදා ගනිමින් නාදුනන තුවක්කුකරුවෙක් විසින් එල්ල කිරීමට සැලසුම් කරන ලද ප්‍රහාරයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ඔත්තුකරුවෙක් විසින් යොමු කරන ලද ලිපියකට අනුව අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් ප්‍රකාරව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ.

රාජ්‍ය ඔත්තුකරුවෙකුට ලැබුණු තොරතුරක් අනුව මහේස්ත්‍රාත් තිබිණ ගමගේ ඝාතනය කිරීමට එම පුද්ගලයා විසින් දුරකතන මාර්ගයෙන් අදාල අත්බෝම්බය ඉල්ලා ඇති අතර ඒ අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

+


රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට (27) වර්ජනයක

(26.03.2024 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියලු පිළිකා රෝහල්වල විකිරණ ප්‍රතිකාර සේවාවලින් ඉවත් වී හෙට (27) සංකේත වර්ජනයක නිරත වීමට ‘රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය’ තීරණය කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය ලේකම්වරයාගේ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපි නොසලකා මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරිය එම රෝහලේ විකිරණ ශිල්පීන්ගේ අමතර සේවා ගෙවීම් සිදු නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ෴


විල්ගමුව පොලිස් ස්ථානයේ ගිනි අවියක් අතුරුදන්

(26.03.2024 – 09:28 +0530 – hirunews.lk/sinhala)

මාතලේ, විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවේ රාත්‍රී සේවා මුර රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙකු සතු T-56 ගිනි අවිය පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ (25) රාත්‍රී රාජකාරි සිදුකරන ලද විල්ගමුව පොලිස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවිය සහ පතොරම් සහිත මැගසිනය අතුරුදන් වී ඇති බවයි.

එහිදී රාත්‍රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා සතු ගිනි අවිය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන මේ වනවිටත් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළා ෴


ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි දිවි සැරිය නිමකරයි

(26.03.2024 – 10:33 +0530 – hirunews.lk/sinhala)

70 දශකයේදී කලා ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

‘පෙම් බැන්ද සිත් බැන්ද, ඇගේ සිනහව තහනම්, නෙළුම් විලේ, සිතේ සතුට, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි’ ඇතුළු ගීත රැසකින් ගීත කලාව සුපෝෂණය කළ ඔහු මියයන විට 77 වැනි වියේ පසුවුණා.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ ෴


මස්සිනා නෑනාට කළ අපරාධය

(26.03.2024 – 11:27 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේදී සිය බිරිදගේ, වයස අවුරුදු පහලොවක (15) නැගණිය ගැබිනියක් කළ මස්සිනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසල් ගොස් ආපසු පැමිණෙන අවස්ථාවලදී සැකකරු ඇයව පාලු ස්ථානවලට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සිද්ධිය ගැන සැක සිතී සැකකරුගේ බිරිඳ ඔහුගෙන් ඒ පිළිබදව විමසූ අවස්ථාවලදී දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඇති වී ඇති අතර මීට මාස කීපයකට පෙර පහලොස් (15) හැවිරිදි දැරියත් සැකකරුත් නිවසින් අතුරුදන්වී පසුව මේ ගැන බිරිද විසින් පුදුකුඩීඉරිප්පු පොලීසියට කරණ ලද පැමිණිල්ලකින් පසුව පොලීසිය සිදු කළ විමර්ශනවලදී දෙදෙනා අඹු සැමියන් වශයෙන් නිවසක ජීවත් වෙමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී දැරිය පරීක්ෂා කළ මුලතිව් රෝහලේ වෛද්‍යවරු ඇය ගැබිණියක් බව සනාථ කොට ඇති අතර සැකකරුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩීඉරිප්පු පොලීසිය පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදේණිය විශ්ව විද්‍යාලයට පැවරේ

(26.03.2024 – 11:37 +0530 – hirunews.lk/sinhala)

චීන රජය විසින් රුපියල් කෝටි 400 ක් වැය කොට ඉදිකළ දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පවරා දීම අද (26) සිදු කෙරුණා.

චීන – ශ්‍රී ලංකා ජල පර්යේෂණ මධ්‍යස්ථානය ලෙසින් නම් කර ඇති එය පවරා දීමේ අවස්ථාවට චීන විද්‍යා ඇකඩමියේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිංග් යැන්ග් මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ එක්ව සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මෙමගින් ජලය සම්බන්ධ සියලු‍ම පර්යේෂණ කටයුතු මෙන්ම පාංශු, වායු ගෝලය, පාරිසරික දූෂණ, සෞඛ්‍යමය ගැටළු ඇතුළු පුළුල් පරාසයක් තුළ‍ පර්යේෂණ සිදු කිරීමට හැකි වනවා.

මෙම ආයතනය මගින් විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් නොව උසස් පෙළ පාසල් සිසුන්ට, උසස් අධ්‍යාපනය හදාරණ සිසුන්ට, විදෙස් සිසුන්ට අවශ්‍ය සියලු‍ම අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා අවස්ථාව සැලසෙන බව සදහන් ෴


ලංකාවේ අවම වැටුප රුපියල් 5000 කින් ඉහළට

(26.03.2024 – 12:28 +0530 – hirunews.lk/sinhala)

‘ජාතික අවම වැටුප් පනත’ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500 ලෙස නියම වී තිබූ අතර එය 17,500 දක්වා වැඩි කිරීම සඳහා මෙසේ අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජාතික අවම දෛනික වැටුප ද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇති ෴


භාණ්ඩ 64 ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට

(26.03.2024 – 12:47 +0530 – hirunews.lk/sinhala)

2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ එම පනත යටතේ බදු ක්‍රියාත්මක වීමේදී පැන නැගී ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 210 ක් යටතේ වූ භාණ්ඩ වර්ග 64 ක් ආනයනය කිරීමේදී තනි සංයුක්ත බද්ද අය කිරීම සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දෙනු ලැබුවා ෴


‘හරක්කටා’ පහසුකම් රැසක් ඉල්ලයි

(26.03.2024 – 13:10 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ නමැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් ප්‍රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයාබලා අප්‍රේල් මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නීතිපතිවරයාට නියෝග කළා.

‘හරක්කටා’ නමැත්තා විසින් ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මෙම නියෝගය ලබා දුන්නා.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වනවිට රැඳවුම් භාරයේ පසුවන තම සේවා දායකයා විසින් පහසුකම් කීපයක් ඉල්ලා සිටින බව සඳහන් කළා.

ඒ අනුව නීතිඥවරු හමුවී උපදෙස් ලබාදීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයෙකු වෙනුවෙන් ලබා දෙන මිනිත්තු 15 ක කාලය පැයක් දක්වා වැඩි කරන ලෙසත්, විත්තිකරු රඳවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා තිබේදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කරන මෙන් විත්තිකරු ඉල්ලා සිටින බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එසේම විත්තිකරුව තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා විත්තිකරුගේ මව, පියා සහ බිරිද හමුවීම සඳහා දැනට ලබාදෙන මිනිත්තු 15 ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත්, තම දරුවා සමඟ දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඊට අමතරව විත්තිකරුට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු විසින් ඉදිරිපත් කරනු ලබන පහසුකම් අතුරින් ලබාදිය හැකි ඒවා කවරේ දැයි කරුණු පරීක්ෂා කර බලා අප්‍රේල් මස 08 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් රජයේ නීතිඥ සජිත් බණ්ඩාරට නියෝග කරනු ලැබුවා ෴


කෙහෙළියගේ විරෝධතා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

(26.03.2024 – 13:20 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයාව ලෙස සිටියදී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල් භාවිතා කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට (2) එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය අද (26) ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන මෙම නඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමටයි මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අවසර ලබා දුන්නේ.

අනතුරුව නඩු විභාගය ජූලි මස 22 වනදා පැවැත්වීමටද දින නියම වුණා.

නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස්දහසක (2,30,000) පමණ මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීමෙන් දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා ෴


පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ගැටුමකින් 10 ක් රෝහලේ

(26.03.2024 – 14:05 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුවියන් හය (6) දෙනෙකු සහ සිසුන් හතර (4) දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක මෙම ගැටුම ඇති වී තිබෙන අතර එම අධ්‍යාපන ආයතනය බාරව සිටින පුද්ගලයා මේ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියට පැමිණිලි කර ඇති බවද සඳහන්.

මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතනය රජයේ ලියාපදිංචි කරන ලද එකක් වන අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසු සිසුවියන්ට එහි නේවාසිකව අධ්‍යාපනය ලබා දෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් මත හටගත් බව කියන ආරාවුලක් දුර දිග යෑම මෙම ගැටුමට හේතු වී ඇති බවයි ෴


“සියලුම පාසැල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙනවා” – විපක්ෂ නායක

(26.03.2024 – 14:53 +0530 – hirunews.lk/sinhala)

කිසිදු වර්ගීකරණයකින් තොරව හතලිස් එක් ලක්ෂයක් (41,00,000) වන සමස්ත පාසැල් දූ දරුවන්ටම මේ වසර (2024) අවසන් වීමට පෙර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, තංගල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.

‘සක්වළ සුහුරු පන්ති කාමර’ ලබාදීමේ වැඩසටහනේ 134 වැනි අදියරය යටතේ හම්බන්තොට, තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *