මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සිදුවූ බිහිසුණු බස් අනතුර

මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සිදුවූ බිහිසුණු බස් අනතුර


මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සිදුවූ බිහිසුණු බස් අනතුර

(25.03.2024 – 16:59 +0530 – sinhala.adaderana.lk)

මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, එහි හිමිකරු සහ තවත් අයෙක් ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

තොරතුරු වාර්තා වන්නේ බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එම ස්ථානයේ පහළ මාර්ගයේ 1990 සුවසැරිය ගිලන් රථයක් ගමන්කරමින් තිබුණද එයට ඉන් අනතුරක් සිදුව නොමැති බවය.

පසුව තුවාලකරුවන් එම ගිලන් රථයෙන්ම ප්‍රතිකාර සඳහා රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබේ.

එසේම වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ බස් රථය අලෙවි කිරීම සඳහා කොළඹ ප්‍රදේශයට රැඟෙන එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවටය.

+


බදුල්ලේ බස් සේවක ගැටුම

(25.03.2024 – 19:37 +0530 – sinhala.adaderana.lk)

බදුල්ල – මුත්තෙටුවේගම අතර ධාවනය වන පුද්ගලික බස් රථයක සේවකයන් හා එම මාර්ගයේම ධාවනය වන ලංගම බස්රථයක සේවකයන් අතර අද (25) සවස බදුල්ල මධ්‍යම බස්නැවතුම්පොළේදී ගැටුමක් ඇතිවුණි.

එහිදී තුවාල ලැබූ ලංගම සේවකයින් දෙදනෙකු (2) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කළ අතර පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලික බස්රථයේ රියදුරු සහ සහායකව අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.

බස්රථ ධාවන වේලාව පිළිබඳ ඇතිවූ බහින්බස්වීමක් සමග පුද්ගලික බස්රථයේ රියදුරු විසින් ලංගම බස්රථයේ රියදුරාට සහ කොන්දොස්වරයාට පිහියකින් ඇන තුවාල සිදුකර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

මේ සිද්ධියෙන් පසුව ලංගම සේවක පිරිසක් පුද්ගලික බස්රථයකට පහරදී අලාභ හානි සිදුකර ඇති අතර මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

+


හෙරොයින් සමග කොටුවූ ‘අයියා’ගේ පැටිකිරිය

(25.03.2024 – 22:36 +0530 – sinhala.adaderana.lk)

බන්ධනාගාරගත කර සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වසන්ත කුමාර’ යන අයගේ මුදල් කටයුතු භාර ප්‍රධානියා ලෙස සැලකෙන ‘අයියා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා අද (25) වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු මීට පෙර නඩු 187 කට වරදකරු වී වසර 60 ක සිරදඬුවම් නියමව බන්ධනාගාරගතව සිට යහපත් කල්ක්‍රියාව හේතුවෙන් එම දඬුවම් කාලය වසර 10 කින් අවසන් කර නිදහස්ව සිටි අයෙකි.

45 හැවිරිදි සැකකරු අද (25) වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ‘යුක්තිය මෙහෙයුම’ට සමගාමීව ගම්පහ ඉඳිගොල්ල ප්‍රදේයේදීය.

සැකකරු මීට මාස 7 කට පෙර එම සුඛෝපභෝගි නිවස රු. 100,000 ක කුලී පදනම මත ලබා ගෙන ඇත්තේ ව්‍යාපාරිකයෙකු බව හඟවමිනි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6430 ක්, ඡංගම දුරකථන 8 ක්, දුරකථන සිම්පත් 10 ක්, බැංකු කාඩ්පත් 7 ක් හා නවීන මෝටර් රථයක් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය භාරයට ගනු ලැබීය.

බන්ධනාගාරගතව සිටි කාලයේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වසන්ත කුමාර’ යන අය සමග ගොඩනගා ගත් සම්බන්ධතා මත මෙම හෙරොයින් ජාවාරම දිගු කලක සිට මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවාගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන කිරීමට කටයුතු යොදා තිබේ.

+


මැක්ඩොනල්ඩ් වැහුනේ මෙන්න මෙහෙමයි – sudaa studio (25.03.2024)

+


ගව රැලක් පුද්ගලයෙකුට පහරදෙන අයුරු CCTV සටහන් වුණේ මෙහෙමයි (25.03.2024)

+


බාගෙට හදා නතරකර තිබෙන කොහුවල පාලම – දැන් ට්‍රැෆික්එක වැඩි වෙලා (25.03.2024)

+


තායිලන්තයෙන් ගෙන් වූ සතුන් 88 දෙනෙකු සමග යුවළක් කටුනායකදී අත්අඩංගුවට

(26.03.2024 – 06:48 +0530 – sinhala.adaderana.lk)

තායිලන්තයේ සිට මෙරටට ගෙන්වූ සතුන් 88 දෙනෙකු සමග ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් සමග ඒකාබද්ධව සිදුකළ වැටලීමක දී සැකකරුවන් ජීවී සතුන් සමග සිය භාරයට ගැනීමට හැකි වූ බව රේගුව ප්‍රකාශ කළේය.

ඊයේ (25) පස්වරුවේ බැංකොන් නුවර සිට පැමිණි ගුවන් යානයකින් පැමිණි අදාළ යුවළ වාතාශ්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා පෙට්ටිවල සතුන් රැගෙනවිත් තිබේ.

ඉබ්බන්, ගෙම්බන්, ඉත්තෑවන්, ලේනුන්, මත්ස්‍යයින්, කැස්බෑවුන්, කටුස්සන්, හැම්ස්ටර්, සැලමැන්ඩා, මීයන් සහ තවත් පණු විශේෂයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ සතුන් අතර වේ.

එම සතුන් ගුවන් තොටුපොළ සත්ත්ව නිරෝධායන ආයතනය වෙත භාර දී ඇති අතර සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ සැකකරුවන් අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ ෴


මාළු දැලේ පැටලී තරුණයෙක් මරුට

(26.03.2024 – 06:49 +0530 – sinhala.adaderana.lk)

වාලච්චේන, පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (25) සවස් කාලයේදී මරණකරුගේ පියා විසින් වාලච්චේන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එසේ මියගොස් අත්තේ, මයිලතැන්න, පුනානි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

මරණකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් රැකියාවක් නොමැතිව නිවසේ පසුවන අතර ඔහු විසින් මාළු දැලක් රැගෙන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනවලදී ඇති බව අනාවරණය වී ඇත.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


දරුවන් වෙනුවෙන් 25.03.2024 දින ඇරඹුණු සුවිශේෂී වැඩසටහන

+


ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත තවදුරටත් අඩු කරයි

(26.03.2024 – 08:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 මාර්තු 25 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 8.50% සහ 9.50% දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරනවා.

එහිදී මධ්‍ය කාලීනව 5% ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව මෙම තීරණයට එළඹුනු බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මාලාවේ ප්‍රතිලාභ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ප්‍රමාණවත් ලෙස ලබාදීම සහතික කිරීම සඳහා වෙළඳපොළ ණය පොලී අනුපාත අඩු කිරීමට සියලු මූල්‍ය ආයතන කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවද එහිදී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *