දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම්

දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම්


දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම්

(20.03.2024 – 07:19 +0530 – hirunews.lk/sinhala)

තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සඳහන් කරනු ලැබුවේ ඉකුත් ජනවාරි මාසයේදී.

ඒ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන් ෴


රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

(20.03.2024 – 07:13 +0530 – hirunews.lk/sinhala)

රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (19) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

+


කාන්තාවන් දෙදෙනෙකු සමග කුඩු සාදයක් දැමූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා (2)

(20.03.2024 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු (2), කාන්තාවන් දෙදෙනකු (2) ඇතුළු පස් දෙනකු (5) මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසනවා.

අඟුලාන පොලිසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරකු සහ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස්ට ලද තොරතුරකට අනුව නවාතැන්පොළ වටලා සැකකරුවන් පරීක්ෂා කිරීමේදී අඟුලාන පොලිසියට අනුක්ත කොස්තාපල්වරයා සන්තකයේ තිබී ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 ක් ද දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 20 ක් සහ විද්‍යුත් තරාදියක් ද සැකකාරියන් දෙදෙනා (2) සන්තකයේ තිබී ‘තුල්’ නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 260 ක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිගෑම් 40 ක් සමඟ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සඳහා යොදා ගන්නා උපකරණ රැසක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ කොස්තාපල්වරයා මෙම සාදය සඳහා සහභාගි වී ඇත්තේ රාජකාරි අතරතුරදී බවයි අනාවරණය වී ඇත්තේ ෴


ශ්‍රීලංකන් යානයක් කාර්මික දෝෂයකට ලක් වී යලි ගොඩබස්වයි

(20.03.2024 – 08:38 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා ඊයේ (19) අලු‍යම පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 173 දරන ඒ 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානය අලුයම 01:10 ට පිටත්ව ගොස් තිබූ අතර, යානයේ සමතුලිතතාවය පවත්වා ගෙන යන පද්ධතියේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් විනාඩි 40 කට පසු යළි කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බලධාරියෙකු සඳහන් කළේ.

හදිසි ගොඩ බැස්සවීමක් ප්‍රකාශයට පත් කරමින් එය ගොඩබස්සවා තිබූ අතර, ඒ වනවිට එහි මගීන් 85 දෙනෙකු ගමන් කර තිබුණා.

මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ෴


හය (6) ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අප්‍රේල් සිට වවුචරයක්

(20.03.2024 – 09:27 +0530 – hirunews.lk/sinhala)

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දෙවන (2) දිනටත් අද (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

හෙට (21) පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පස්වරු 04:30 ට ඊට අදාළ ඡන්දය පැවැත්වීමට නියමිතයි. මේ අතර, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මත්පැන් අලෙවිසැල් සදහා නව බලපත්‍ර 200 ක් ලබා දීමේ සුදානමක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (19) පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් සිදුකළා.

එමෙන්ම, ‘කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා’ සදහා බදු පැනවීම සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් මතු කළා.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේ මෙරට පාසල්වල හය (6) ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අප්‍රේල් මස සිට වවුචරයක් නිකුත් කරන බවයි ෴


කෝප් කමිටුවට පත් කළ ‘වසන්ත යාපා’ත් ඉල්ලා අස්වෙයි

(20.03.2024 – 09:52 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ‘වසන්ත යාපා බණ්ඩාර’ කෝප් කමිටුවට පත් කළ බව නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

නමුත් තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ෴

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා ෴

ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අද (20) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප්) ඉල්ලා අස්වී තිබෙනවා.

මින් පෙර එම කමිටුවේ සාමාජිකත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වසන්ත යාපා අබේවර්ධන, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර්, දයාසිරි ජයසේකර, චරිත හේරත්, ශානක්‍යන් රාසමානික්කම්, හේෂා විතානගේ, ගාමිණී වලේබොඩ යන පිරිසද ඉල්ලා අස් වුණා.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, සභාපතිත්වයට පත්වීමෙන් අනතුරුව මේ වනවිට කෝප් කමිටුවේ 30 දෙනාගෙන් 10 දෙනෙකුම ඉවත් වී තිබෙනවා.

+


පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණයක්

(20.03.2024 – 10:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එහි ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී අද (20) පෙරවරු 10:00 ට පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂයේ තවත් පිරිසක් කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් පුද්ගලයකුට ලබා දිය යුතු බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය ෴


මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම කල්දාන්න මුදල් කමිටුවේ නිර්දේශයක්

(20.03.2024 – 10:34 +0530 – hirunews.lk/sinhala)

පිළිගත් විසඳුමක් ලැබෙන තුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම කල් දැමිය යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

ඒ මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේදීයි.

එමගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ මේ පිළිබඳ ස්වාධීන කමිටුවක් පත් කර එහි වාර්තාව සති 4 ක් තුළ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට භාර දෙන ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එහි සේවකයන්ගේ වැටුප් සහ දීමනා සියයට 27 ත් සියයට 70 ත් අතර ප්‍රතිශතයකින් වැඩි කරගැනීම පිළිබඳව පසුගිය දිනවල පාර්ශ්ව රැසකගෙන් චෝදනා එල්ල වුණා.

මහබැංකු අධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු දැක්වීම සඳහා අවස්ථාවක් ඉල්ලා තිබූ අතර පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට මෙන් ම පක්ෂ නායක රැස්වීමකටද දී පසුගියදා මහ බැංකු නිලධාරීන් කැඳවනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම කාරක සභාව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබෙනවා.

පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිවීම කල් දැමිය යුතු බවත් එමගින් නිර්දේශ කර තිබෙනවා.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ නිර්දේශ සාකච්ඡාවට තුඩුදී ඇති වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන කමිටුවක් කඩිනමින් පත් කිරීම ස්වාධීන කමිටුවේ සාමාජිකයින් ලෙස ශ්‍රි ලංකා මහ බැංකුවේ මෙන්ම මහ බැංකුවට පරිබාහිරව සහ රාජ්‍ය අංශය තුළ ඉන් පිටත අය නම් කළ හැකි විය යුතුයි.

ස්වාධීන කමිටුව විසින් ඒ පිළිබඳ වාර්තාව සති 04ක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීම පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිවීම කල් දැමිය යුතුයි.

+

+


පෙම්වතා විසින් පෙම්වතිය බිල්ලට දෙනුලැබූ හැටි

(20.03.2024 – 11:35 +0530 – hirunews.lk/sinhala)

පෙම්වතා සමඟ යතුරු පැදියකින් මත් කුඩු බෙදා හරිමින් සිටියදී පොලිසියට හසුවී තරුණිය හැරදමා පෙම්වතා පලා යාමේ පුවතක් මාදම්පේ පොලීසියෙන් වාර්තා වනවා.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ විලත්වව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක්.

මෙම තරුණිය තම පෙම්වතා සමඟ කලක සිට මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක යෙදී සිට ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


‘භුතයන්’ දෙකක් (2) එකට ගැටී අයෙක් මරුට

(20.03.2024 – 11:50 +0530 – hirunews.lk/sinhala)

මාතලේ, විල්ගමුව, එළවනාකන්ද ප්‍රදේශයේ අද (20) අලුයම සිදුවූ රිය අනතුරකින් එක් (1) අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

එහිදී අද (20) අලුයම 02:20 ට පමණ මැදවච්චියේ සිට අම්පාර ප්‍රදේශයේ ගොයම් කැපීම සඳහා එකම දිශාවට ගමන් කරමින් තිබූ ගොයම් කපන මැෂින් පටවාගත් ට්‍රැක්ටර් රථ දෙකක් (2) එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි විල්ගමුව පොලිසිය සඳහන් කළේ.

එහිදී පොලිසිය සඳහන කළේ එළවනා කන්දේ බෑවුම් ප්‍රදේශයදී මෙම යන්ත්‍ර දෙක (2) පටවා ගත් ට්‍රැක්ටර් රථ දෙක (2) ගමන් කිරීමේදී එක් යන්ත්‍රයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව අනික් යන්ත්‍රයේ ගැටීමෙන් පහළ බෑවුම් ප්‍රදේශයට ධාවනය වී මෙම අනතුර සිදුවී ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බවයි.

එමෙන්ම අනතුරෙන් එක් ට්‍රැක්ටරයක ගමන් ගත් 26 හැවිරිදි ඉහළ මල්ගස්වැව, පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *