බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක්

බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක්


බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක්

(19.03.2024 – 11:29 +0530 – hirunews.lk/sinhala)

පාතාල මර්දනයට විශේෂ පොලිස් ඒකක යෙදවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් යොදවා ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

පසුගිය දින කිහිපයේ වෙඩි තැබීම් සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වූ අතර ඒ අනුව සංවිධානාත්මක අපරාධ ක්‍රියා මර්දනය සඳහා පොලිසිය මෙම පියවර ගෙන තිබෙනවා ෴


ජේලර්වරයාගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියට චෝදනා එල්ල වූ රැඳවියා මීගමුව බන්ධනාගාරයට

(19.03.2024 – 10:46 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල බන්ධනාගාරය තුළට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගත් ජේලර්වරයාගේ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියේ චෝදනා එල්ල වූ රැඳවියා මීගමුව බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා.

සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කළේ.

ඊයේ (19) පෙරවරුවේ ජේලර්වරයා නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට මල්වඩමක් සහ ඉටිපන්දමක් තබා ගොස් ඇති බවට පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ජේලර්වරයාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කළේ ෴


කොළඹ කොටස් වෙළඳපොල ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක 10 අතරට

(19.03.2024 – 11:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශක (ASPI) 2024 වසරේ මේ දක්වා ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක 10 අතරට ශ්‍රේණිගත වී ඇති බව Bloomberg වෙබ් අඩවි දත්ත පෙන්වා දෙනවා.

ඒ එක්සත් ජනපද ඩොලර් අනුව 12.96% ක ධනාත්මක මිල ප්‍රතිලාභයක් ලැබීම හේතුවෙන්.

Bloomberg දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දර්ශකය ඊයේ (18) වනවිට ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක අතර 7 වන ස්ථානයට පත්ව ඇති අතර, එය ජපන් සහ ලන්ඩන් කොටස් වෙළඳපල දර්ශකද අභිබවා ගොස් තිබෙනවා.

කෙන්යාව සහ කසකස්තානය 2024 වසරේ මේ දක්වා ගෝලීය වශයෙන් හොඳම ක්‍රියාකාරී කොටස් වෙළඳපොලවල් වන අතර, පිළිවෙළින් 28.9% සහ 20.11% ක ධනාත්මක ඩොලර් මිල ප්‍රතිලාභයක් ලබා තිබෙනවා ෴


රේගු වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරයි

(19.03.2024 – 11:53 +0530 – hirunews.lk/sinhala)

අතිකාල සේවාවලින් ඉවත්වූ රේගු වෘත්තිය සමිති අද (19) උදෑසන සිට ‘අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්’ ආරම්භ කර තිබෙනවා.

රේගු වංචා සම්බන්ධයෙන් වැටලීම් කරන නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට ත්‍යාග මුදල් ලබාදෙන අරමුදල මුදල් අමාත්‍යාංශයට පවරාගැනීමට එරෙහිව පසුගිය සිකුරාදා ඔවුන් අතිකාල සේවාවලින් ඉවත්වී මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

මේ හේතුවෙන් බහාලූම් 4000 ක් පමණ මේ වන විට වරාය තුළ සහ ඉන් පිටත ගොඩ ගැසී ඇති බවයි බහලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ ෴


ගෝඨාභයගේ හිටපු ව්‍යායාම උපදේශක හෙරොයින් සමඟ අත්අඩංගුවට

(19.03.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශාරිරික අභ්‍යාස පුහුණු උපදේශකවරයකු ලෙස කලක් කටයුතු කළ බව පැවසෙන හිටපු කොමාන්ඩෝ සෙබළෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 02 ක් සමග මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු නැවත රාජකාරියට අනුයුක්ත කිරීමේදී විනය කඩ කිරීමේ හේතු ගණනාවක් හේතුවෙන් කොමාන්ඩෝ බළකායෙන් ඉවත්කර තිබෙන බව පැවසෙන සැකකරු පසුව පාතාලය හා සම්බන්ධතා පවත්වමින් මත්කුඩු ජාවාරමට යොමුව තිබෙන බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

යහලතැන්න, නෙල්ලිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියෙකු වන සැකකරු හෙරෝයින් මත්කුඩු ජාවාරම් කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


මාස 3 ක් ගත වීමට පෙර සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 5 පනී

(19.03.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ (2024) ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඊයේ (18) වනවිට එය සටහන් වූයේ 537,887 ක් ලෙසයි.

මෙම මාසයේ මේ දක්වා සංචාරකයින් 111,284 ක් පැමිණ තිබෙනවා ෴


මන්ත්‍රී දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

(19.03.2024 – 14:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වී තිබෙනවා.

මීට පෙරද ඊයේ (18) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාරදෙනු ලැබුවා ෴

+

කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ද කෝප් සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එහිදී ට්විටර් පණිවිසියක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා විසින් කථානායකවරයාට ඒ බව නිල වශයෙන් දැනුම් දුන් බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද අද (19) පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වූ අතර, ඊයේ (18) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාරදෙනු ලැබුවා ෴

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වී තිබෙනවා ෴

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු Shanakiyan Rasamanickam ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වී තිබෙනවා ෴

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ද පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (කෝප්) ඉල්ලා අස්වී තිබෙනවා ෴

+++++++++

+


වියළි කාලගුණය මැද හිනිදුමට මිලිමීටර් 101.5 ක වර්ෂාපතනයක්

(19.03.2024 – 14:50 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට උණුසුම් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මොහොතක ගාල්ල, හිනිදුම ප්‍රදේශයට මිලිමීටර් 101.5 ක් වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 21 වනදා සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් එය උණුසුම් කාලගුණ තත්ත්වය මගහැරීමට ප්‍රමාණවත් නොවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (19) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වන මිලිමීටර් 37.1 රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා ෴


ඡන්දය වෙනුවෙන් බාර් ලයිසන් 200 ක් දීමේ සැලැස්මක් ගැන සජිත් කියයි

(19.03.2024 – 15:12 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණය ඉලක්ක කර ගනිමින් අලුතින් සුරාසැල් 200 ක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කළා.

ඉන් බලපත්‍ර 15 ක් දැනටමත් නිකුත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂද එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා.

+


රුපියල් කෝටි 10 කට අධික රත්‍රං සමඟ දෙදෙනෙකු (2) ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

(19.03.2024 – 18:28 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 10 කට අධික රන් ආභරණ තොගයක් නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙන ආ මගීන් දෙදෙනෙකු (2) කටුනායක ගුවන් තොටුපලේදී රේගු ආදායම් අධීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට රත්‍රං කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් විසින් මෙලෙස රැගෙන විත් තිබූ අතර, ඔවුන් අම්බලන්ගොඩ සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴


මවක් උපන් ගමන් බිළිඳා පුලුස්සා දමයි

(19.03.2024 – 20:26 +0530 – hirunews.lk/sinhala)

අලු‍ත උපන් දරුවා පුළුස්සා ඝාතනය කළ 29 හැවිරිදි මවක් මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව සැමියාගෙන් වෙන්ව ජීවත්වන අතර, වෙනත් සබඳතාවක් හේතුවෙන් ගැබ්ගෙන තිබූ බවයි.

පසුගිය 15 වැනිදා ඇය එම බිළිඳා ප්‍රසූතකර ඇත්තේ සිය නිවස ඉදිරිපිට ගසක් අසළ වන අතර, පසුව බිළිඳා පොලිතින් උරයක බහා එයට ඇඳුම් කිහිපයක්ද දමා කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් කසළ පුලු‍ස්සන ස්ථානයකදී පුලුස්සා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

දරු ප්‍රසූතියෙන් පසු අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් කාන්තාව කිළිනොච්චිය රෝහලට ඇතුළත්ව ඇති අතර, රෝහල් පොලිසිය කළ දැනුම්දීම අනුවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බිළිඳා පිළිස්සීමට සහය දුන් බවට සැක කරන දේවගැතිවරයෙක් ද පසුව අත්අඩංගුවට ගත්තා.

දරුවා ගිනි තැබූ ප්‍රදේශයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් විසින් සිදු කළ අතර එහිදී බිළිඳා පිලිස්සූ බවට සාක්ෂි කිහිපයක්ද සොයාගැනීමට හැකි වී තිබෙනවා.

+


මුදල් අරවුලක් මත ගුරුවරියක් තවත් ගුරුවරියකට තියුණු ආයුධයකින් පහර දී තුවාල කරයි

(19.03.2024 – 21:26 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල ප්‍රදේශයේ පාසල් දෙකක (2) ගුරුවරියන් දෙදෙනෙකු (2) අතර ඇති වූ මුදල් අරවුලක් මත එක් ගුරුවරියක් අනෙක් ගුරුවරියට ඇයගේ නිවසේදී තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

බදුල්ල පොලිසිය සදහන් කළේ 47 හැවිරිදි තුවාල ලැබූ ගුරුවරිය මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 50 හැවිරිදි අනෙක් ගුරුවරිය බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


ජීවිත දහස් ගණනක් රැකගත් ‘සුවසැරිය’ ලෝකෙන්ම පළමු තැනට… ලෝක බැංකුවෙන් එළියට ආ අලුත්ම වාර්තාව… (19.03.2024)

+


TV Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා (18.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *