ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ‘වේගා’ සමාගමෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ‘වේගා’ සමාගමෙන්


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ‘වේගා’ සමාගමෙන්

(14.03.2024 – 17:29 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් මරදාන දුම්රිය දෙපාර්තමේන්තු බඩු ගබඩා පරිශ්‍රයේදී විවෘත කර තිබේ.

සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කෙරෙන ‘වේගා’ සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ සම්පුර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය මෙම නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේදී සිදු කෙරේ.

අති නවීන තාක්ෂණය යටතේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තහඩු කැපීම, නැවීම සඳහා යොදාගැනෙන යන්ත්‍ර, බැටරි නිෂ්පාදන යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපාංග රාශියකින් මෙම කර්මාන්ත ශාලාව සමන්විතය.

මීට අමතරව දැනට භාවිතයේ පවතින පෙට්‍රල් භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථයක් පැය දෙකක (2) කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විදුලියට පරිවර්තනය කරදීමට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් මෙම කර්මාන්ත ශාලාව සතුවීම විශේෂත්වයකි.

මේ වනවිටත් පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ ඒකාබද්ධව එක් (1) මසක් තුළ ත්‍රීරෝද රථ සියයක් (100) විදුලියට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම කර්මාන්තශාලාවේ ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ඉදිරියේදී මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවාවන්හි නිරත ලියාපදිංචි ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙසටය.

කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමත් සමග මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළදීම විදුලියට පරිවර්තනය කරන ලද ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ඇතුළු අනෙකුත් නීතිමය කටයුතු සිදුකිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු එම ස්ථානයට සේවයේ යෙදවීම සඳහා පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරාම විදුලි ත්‍රීරෝද රථ හඳුනා ගැනීම සඳහා අංක තහඩුවට විශේෂ වර්ණයක් සහ සෑම විදුලි ත්‍රීරෝද රථයක් සඳහාම පරිසර හිතකාමී බව හැඟවෙන ආකාරයේ එකම වර්ණයකින් වර්ණ ගැන්වීමේ වැඩපිළිවෙලක් සඳහාද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

++++++++++++

+


රැඳවියන්ගේ ශ්‍රමයෙන් රුපියල් මිලියන 116 ක් උපයයි

(14.03.2024 – 20:52 +0530 – sinhala.adaderana.lk)

2022 සහ 2023 යන වර්ෂවලදී සංශෝධිත නව පනත් 107 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

2023 වර්ෂයේදී රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මගින් රුපියල් මිලියන 116 ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය :

“බන්ධනාගාරවල සිටින රැඳවියන් රටට වැඩ ඇති පිරිසක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය සමගින් රැඳවියන් බන්ධනාගාර තුළ සිටම රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව වැලිකඩ, මහර, අගුණකොලපැළැස්ස යන බන්ධනාගාර ආශ්‍රිතව මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මකයි. සපත්තු, කොයිල් සහ ආහාර මෙමඟින් නිෂ්පාදනය කෙරෙනවා.”

“එමෙන්ම දඩුවම් කාලයේදී නිවාස අඩස්සියේ රැඳවා තැබීම හරහා දඩුවම් කාලය අවසන් කරන්නේ (House arrest concept) කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු යසන්ත කෝදාගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව මේ වන විට අපට ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. එය මේ වන විට නීති කෙටුම්පත් කිරීම සඳහා යොමු කර තිබෙනවා. එය 2024 වසරේ දී නිතීයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. එමඟින් බන්ධනාගාර තදබදය සහ ආහාර ගැටළුව විසඳා ගැනීමට හැකි බව සඳහන් කළ යුතුයි.”

“මේ වන විට රැඳවියන් සඳහා වසරකට රුපියල් බිලියන 04 ක වියදමක් දැරීමට සිදුව තිබෙනවා. රැඳවියන් 12,000 ක් සිටිය යුතු බන්ධනාගාර තුළ මේ වන විට රැදවියන් 30,793 ක් සිටිනවා. මේ ගැටලුව විසඳීම සඳහා ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතයි.”


මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ටිපර් රථයක් නතර කරගැනීමට පොලීසිය වෙඩිතබයි

(14.03.2024 – 21:54 +0530 – sinhala.adaderana.lk)

පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩිතබා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය අද (14) සමත්විය.

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

ඔඩ්ඩුසුඩාන් පොලීසිය පැවසුවේ ටිපර් රථයේ රෝදයන්ට වෙඩිතබා රථය නතරකර ගැනීමට පොලීසිය සමත්වූ බවය.

මෙම මෙහෙයුමට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ අදාළ ටිපර් රථය පොලිස් නිලධාරීන් අනතුරට පත්කරගෙන යෑමට උත්සාහ කළ බවය.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

+


ගෝඨා එලවීමේ කුමන්ත්‍රනයේ බැසිල් ඇතුලු ඔය සේරම ඉන්නව (14.03.2024)

+

ගෝඨාභය පොතේ නොලියූ ඇත්ත කුමන්ත්‍රණය – පුද්ගලික ලේකම් ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව (14.03.2024)

+


ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක්

(14.03.2024 – http://biz.adaderana.lk)

Suzuki Motor Corporation Japan විසින් ජපානයේ නිෂ්පාදිත Suzuki WagonR වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත කැඳවීමක් (Safety recall) නිවේදනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ Suzuki වාහන සඳහා එකම බලයලත් නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව දන්වා සිටී.

මෙම ආරක්ෂිත නැවත කැඳවීම වාහනයේ ඉන්ධන පද්ධතිය තුළ ඇති ඉන්ධන අපිරිසිදු, අවහිරතා නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පියවරකි. විශේෂයෙන් වැරදි ඉන්ධන කියවීම්, ප්‍රමාණවත් ඉන්ධන සමබන්ධයෙන් නිසි අනතුරු ඇඟවීම් නොමැතිකම හේතුවෙන් එන්ජිම ඇනහිටීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙම යළි කැඳවීම සිදුකෙරෙනු ඇත. මෙලෙස බලපෑමට ලක් වූ මාදිලි අතර Suzuki WagonR Premium, Suzuki WagonR FX/FZ, Suzuki Spacia සහ Suzuki Stingray ඇතුළත් වන බව වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන 32,500 කට පමණ ආරක්‍ෂිත නැවත කැඳවීම බලපාන අතර, ඉන් වාහන 3,800 ක් පමණ මේ වන විටත් ආපසු කැඳවීමට ලක්කර ඇත. බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන්ට පරිගණක හෝ ජංගම දුරකථනවලින්
https://suzuki.lk/wagonrrecall/index.html වෙත ගොස් ඔවුන්ගේ චැසි අංකය ඇතුළත් කර ඔවුන්ගේ වාහනය ආපසු කැඳවීමේ කොටසක් දැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටී. මෙම වෙබ් අඩවිය නැවත කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ හිමිකරුවන් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙනු ඇත.

මේ සම්බන්ධයෙන් AMW සම්බන්ධතා මධ්‍යස්ථානය 011 760 9609 ඔස්සේ අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය ෴


කස්සප හිමි සෙන්දිල් තොණ්ඩමන්ට බාල්දියක් පෙරලයි – කපිල අතුකෝරළගේ වැලි ජාවාරමකුත් හෙළිකරයි – බැසිල්ගේ හෙන්චයියා කපිල සල්ලි වෙනුවෙන් අම්මා තාත්තාත් පාවා දෙනවා – කස්සප හිමි කපිල අතුකෝරළ ඉවරම කරයි (14.03.2024)

+

+


සිවිල් සංවිධාන නියෝජිතයින්ට වින කළ පොලිස් ලොක්කන්ට එරෙහිව පැමිණිල්ලක් – චමල් සංජිව රමේෂ්ට අනතුරු අඟවයි (14.03.2024)

+


ලංකාව සොයාගත් දියවැඩියාව නසන කුරුඳු කරල මෙන්න (09.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *