උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක්

උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක්


උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක්

(29.02.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ‘හීට් ස්ට්‍රෝක්’ රෝගී තත්ත්වය ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

ගත වූ පැය 24 තුල උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36.8 කොළඹ සහ රත්මලාන ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, සිරුරේ සිසිල් බව ආරක්ෂා කර ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් කියා සිටියා.

+

+


මෝටර් රථ‍යක් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(29.02.2024 – 14:33 +0530 – hirunews.lk/sinhala)

කුලී ගමනක් යන මුවාවෙන් මෝටර් රථ‍යක් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු (2) මත්ද්‍රවය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්තෙගොඩ සහ කිරිවත්තුඩුව පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

ඔවුන් මොටර් රථය කොල්ල කෑම් සිදුකර ඇත්තේ රියැදුරට මත්පැන් ලබාදීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරනු ලබනවා ෴


කැබිනට් තීරණයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

(29.02.2024 – 14:33 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරය දරන සමයේ දී භාවිත කළ කොළඹ පැජට් පාරේ පිහිටි සුපිරි නිල නිවස විශ්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුගේ පාවිච්චිය සඳහා ලබා දී තිබුණු කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

+


HIV ආසාදිතයින් ඉහළට

(29.02.2024 – 17:07 +0530 – hirunews.lk/sinhala)

HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14 කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ සඳහන්කර සිටියේ පසුගිය වසරේ දී නව ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

2023 වසරේදි යාපනය ශීක්ෂණ රෝහල මගින් ඒඩ්ස් රෝගීන් හය දෙනෙකු (6) හඳුනා ගෙන සිටි අතර එම වසරේදී එක් (1) රෝගියෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉතිරි ඒඩ්ස් රෝගීන් පස් දෙනා (5) ගෙන් එක් (1) අයෙකු ඊයේ (28) යාපනයශීක්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴


රටම බලා සිටි ඉන්ධන මිල අද (29) අඩු වෙයි ?

(29.02.2024 – 17:34 +0530 – hirunews.lk/sinhala)

මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව ශක්තිමත් වීම හමුවේ ඉන්ධන මිල අඩුකිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව එමයි ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.

මෙවර මිල සංශෝධනයේදී ඛනිජ තෙල් සංස්ථාව ලැබූ ලාභයේ වාසියද ජනතාවට ලබා දෙන බවටයි ආරංචිමාර්ග පවසන්නේ ෴


මා අත්අඩංගුවට ගන්න එපා.. – රංගන ශිල්පිනී දමිතා අබේරත්න අධිකරණයෙන් අපේක්‍ෂිත ඇප ඉල්ලයි..

(29.02.2024 – 10:00 +0530 – lankacnews.com)

රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා නිසි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට නොගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ඇය හා ඇගේ සැමියා විසින් ගොනු කරන ලද ඇපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් සලකා බලමිනි.

කොරියානු රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ තිහකට (30,00,000) ආසන්න මුදලක් වංචා කරන ලදැයි සිදුකරන පරීක්ෂණ වලට අදාළව පේක්ෂිත ඇප අයදුම් පත්‍රය යොමු කර තිබින ෴

++++++++


සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්

(29.02.2024 – 18:25 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.

ඒ පාසල් පොත් බෑගයේ බර වැඩි වීම නිසා සිසුන්ට ඇතිවන කොඳුඇට පෙළේ ආබාධ වැනි තත්ත්වයන් සැලකිල්ලට ගෙනයි.

එහි එක් පියවරක් ලෙස තෝරාගත් පෙළපොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විට අවශ්‍යය පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

තවද සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස්කර ඇති වැඩපොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පති සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳවද එම නිවේදනයේ ඇතුලත්.

එම ක්‍රියාමාර්ග සහ අදාළ නිවේදනය පහතින් :

+

+


කොටහලු උත්සවයක සිදුවුණු ආරවුලක් අවසානයේ පුද්ගලයෙකුව ඝාතනය කරයි

(29.02.2024 – 18:50 +0530 – hirunews.lk/sinhala)

හොරවල ප්‍රදේශයේ කොටහලු උත්සවයක දී සිදුවුණු ආරවුලක් අවසානයේ පුද්ගලයෙකුව කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ 32 හැවිරිදි වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

මෙම ආරවුල සිදු වී ඇත්තේ පැරණි කෝන්තරයක් සම්බන්ධයෙන් එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ෴


අබිරහසක් ඉතිරිකරමින් සිව් (4) දිනකට පසු හමු වූ තරුණයාගේ සිරුර

(29.02.2024 – 19:26 +0530 – hirunews.lk/sinhala)

සිව් (4) දිනක් තිස්සේ අතුරුදහන්ව සිටි තරුණයකුගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයේ තලවකැලේ පුඩලුඔය මාර්ගයේ පාලම යට තිබි (29) දින සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.

මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ හොලිරුඩි ප්‍රදේශයේ පදිංචි කසුන් ලක්මාල් නැමැති 25 හැවිරිදි තරුණයෙකුගේ සිරුරයි.

මිට දින කිහිපයකට පෙර ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින කොත්මලේ ඔයේ නාගසේන ප්‍රදේශයේ දිය නැමට ගිය තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්වු අතර එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව පවසා ගිය තම පුතා ආපසු නිවසට නොපැමිණි නිසා බිරිද විසින් තලවපොලිසියට පැමිණිල්ලක් කළ බවයි මියගිය තරුණයාගේ පියා ප්‍රකාශ කළේ.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යෙමු කළ බව‍යි තලවකැලේ පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ ෴


ඌරගහ ගිනි තබා තිබුණේ PHI ඝාතකයන් පැමිණි යතුරුපැදියද?

(29.02.2024 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ඝාතනයට ලක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාරාට වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය ගිනි තබා විනාශ කර තිබියදී සොයා ගෙන තිබෙනවා.

ඒ, ඌරගස්මන්හංදිය – කරිජ්ජවේල්ල ප්‍රදේශයේ යතුරුපැදියක් ගිනි තබා ඇති බවට ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකින් අනතුරුවයි.

ඇල්පිටිය – පතිරාජවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රෝෂන් කුමාර ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය 26 වනදායී.

ඝාතනයට ලක් වන විට 51 හැවිරිදි වියේ පසුවූ ඔහු කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස කටයුතු කළා.

ඝාතනයෙන් පසු වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ඇල්පිටිය නගරය හරහා ඌරගහ දෙසට ගමන් කර තිබූ අතර පොලිසිය අදාළ යතුරුපැදිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතින පසුබිමකයි ගිනි තබන ලද යතුරුපැදියක් ඌරගස්මන්හංදිය ප්‍රදේශයේ තිබී අද (29) උදෑසන සොයා ගැනුණේ.

යතුරුපැදියේ අංක තහඩුව ඉවත් කර ඇති අතර චැසි සහ එංජින් අංක ද මකා දමා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඝාතනයට අදාළව තවමත් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

+


සංචාරක මඟ පෙන්වන්නෙකු (?) අමෙරිකානු ජාතිකයින් පිරිසකට ගල් ප්‍රහාරයක්

(29.02.2024 – 21:47 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල, ඇල්ල, ප්‍රදේශයේ දී අමෙරිකානු ජාතිකයින් පිරිසකට ගල් ප්‍රහාරයක් එල්ල කිරිමට උත්සහ කළ සංචාරක මඟ පෙන්වන්නෙකු (?) ඇල්ල සංචාරක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංචාරකයින් මෙම මඟ පෙන්වන්නා (?) සමඟ යාම ප්‍රතික්ෂප කිරිම නිසා ඔහු මෙලෙස හැසිරී ඇති අතර, එම අවස්ථාවේ දි සංචාරකයින් එය රූගත කර පොලිසියට ලබා දි තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *