‘යුක්තිය මෙහෙයුම’ දරුවන් මත් උවදුරින් හා අපයෝජනවලින් මුදා ගැනීමටයි – මහජන ආරක්ෂක ඇමති

‘යුක්තිය මෙහෙයුම’ දරුවන් මත් උවදුරින් හා අපයෝජනවලින් මුදා ගැනීමටයි – මහජන ආරක්ෂක ඇමති


‘යුක්තිය මෙහෙයුම’ දරුවන් මත් උවදුරින් හා අපයෝජනවලින් මුදා ගැනීමටයි – මහජන ආරක්ෂක ඇමති

(24.02.2024 – 21:36 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය මෙහෙයුම’ ක්‍රියාත්මක වන්නේ රටේ දරුවන් මත් උවදුරින් හා අපයෝජනවලින් මුදා ගැනීමට බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

බොරලන්ද ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නව පොලිස් ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම සදහා එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

ඊට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද එක්ව සිටියා.

මේ අතර යුක්තිය මෙහෙයුමට මහා සංඝරත්නයේ සහය පළකිරීමේ අරමුණින් දිවයින පුරා විහාරස්ථානයන්හී වැඩ වාසය කරන මහා නායක හිමිවරුන් සහ අනුනායන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය අද කිරුලපන ශ්‍රී ඇලන්මැතිනියාරාම විහාරස්ථානයට වැඩම කර තිබුණා.

+


‘උක්කුවා’ ගේ මරණයට සක්‍රීය හමුදා සේවයේ නිරත කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

(24.02.2024 – 21:47 +0530 – hirunews.lk/sinhala)

රාගම මහබාගේ ප්‍රදේශයේදී පසුගියදා වෙඩිතබා ඝාතනය කළ ‘උක්කුවා’ නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් යුධ හමුදා කෝප්‍රල්වරයෙකු සහ එම සිද්ධියට ආධාර අනුබල දුන් හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපාරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ‘ඩුබායි නිපුන’ නැමත්තාගේ පිරිසක් විසින් බව පොලිසිය සැක කළා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘වැල්ලේ සාරංග’ යන අයගේ මස්සිනා වන ‘උක්කුවා’ ට පසුගිය 21 වැනි දා ‍මහබාගේ ප්‍රදේශයේදී ඔහුගේ ඌරු මස් අලෙවිසැලේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා.

වෙඩිතැබිම සදහා යුධ හමුදාවේ හිටපු සෙබලු‍න් දෙදෙනෙකු (2) සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින කොප්ප්‍රල්වරයෙකු පැමිණ ඇති බව පොලිසිය අනාවරණ කරගත්තා.

ඒ අනුව ඝාතන සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සක්‍රීය සේවයේ යෙදී සිටින, යුද හමුදා චෙංකලඩි කඳවුරේ හතර වැනි ගැමුණු හේවා බලඇණියේ සේවය කරන සෙබළා අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අවස්ථාවේදී පලා ගොස් තිබූ නමුත් යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරින්ට අම්පාර ප්‍රදේශයේ දී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

එමෙන්ම අදාළ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු හක්මන – උඩහවත්ත – නරවැල්පිට දකුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

ඔහු ගජබා රෙජිමේන්තුවේ සන්නද්ධ බුද්ධි බලකායට අනුයුක්තව සිටියදී සේවය අතහැරගොස් පසුව නිත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත්වී සිටි අයෙක්.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘ගනේමුල්ල සංජීව’ගේ මෙහෙයවීමෙන් කදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘සුරාජ් ප්‍රබෝධ ආදිහෙට්ටි’ හෙවත් ‘කොට්ටාවේ සුද්දා’ නැමැත්තා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබෙනවා.

ලද තොරතුරකට අනුව සැකකරු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා කදාන පොලීසියට භාරදෙනු ලැබුවා.

+


රුධිර කාන්දු එකක්යේ රෝගීන් මියගිය හේතු හොයන්න විශේෂඥ කමිටුව කුරුණෑගලට

(24.02.2024 – 22:29 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකයේ ගැටලු‍කාරි තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ පංච (5) පුද්ගල කමිටුව කඩිනමින් අදාළ තාක්ෂණික වාර්තාව ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියේ අද (24) පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලික වසා දමා ඇති අතර එම ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් කුලියාපිටිය, දඹදෙණිය, පොල්පිතිගම, නිකවැරටිය වැනි මූලික රෝහල් වෙත යොමුකර තිබෙනවා.

අදාළ ඒකකයට ඇතුළත් කළ ඇතැම් රෝගීන්ගේ යම් සංකූළතා සහ මරණ කිහිපයක් ජනවාරි මස සිට මේ දක්වා වාර්තා වී තිබුණා.

දැනට සැක පළ කරන්නේ එම ඒකකයට විෂ බීජයක් ඇතුළුවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවටයි.

රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ මේ හේතුවෙන් රෝගීන් පස් දෙනෙකු (5) පමණ මිය ගොස් ඇති බවයි.

ඒ පිළිබද වැඩිදුර සොයා බැලීම සදහා සෞඛ්‍ය අමාතාංශය විසින් පංච (5) පුද්ගල කමිටුවක් පත් කරනු ලැබූ අතර එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ප්‍රධාන වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ යි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ, සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කර පරික්ෂණ වාර්තා ප්‍රකාශයට පත් කිරීම ඉතා වැදගත් බවයි.

+


“තාඹුගලට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම මන්දගාමීයි” – Hiru News (24.02.2024)

+


කුරුවිට ඝාතනයේ සැකකරු වසර 22 කට පසු හසුවෙයි…”එතකොට වයස අවුරුදු 22 යි” (24.02.2024)

+


කොළඹ මහා පරිමාණ නිවාස ජාවාරමක්… (24.02.2024)

+


අපිට මෝඩයෝ වගේ ලයිට් බිල් ගෙවන්න බැහැ…”වෙනදා වගේ බිලක් එවන්න” (24.02.2024)

+


මහ රාත්‍රියේ කළ ගෑස් සොරකම (24.02.2024)

+


දුටු ගැමුණු රජතුමා මහා “චෝල” බලය පරාජය කළා… අසල්වැසියා කියලා අපි ඉන්දියාවට යටත් වෙන්නේ නෑ! (23.02.2024)

Wimal Weerawansa (MP)

+


නීතිපති කරන වැඩ ගැන ප්‍රශ්නයක් තියනවා | Saliya Pieris | @MeeMassooTV (24.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *