නීති විරෝධිව ආනයනය කළ නිමි ඇඳුම් හා උඳු තොගයක් රේගු භාරයට

නීති විරෝධිව ආනයනය කළ නිමි ඇඳුම් හා උඳු තොගයක් රේගු භාරයට


නීති විරෝධිව ආනයනය කළ නිමි ඇඳුම් හා උඳු තොගයක් රේගු භාරයට

(13.02.2024 – 17:54 +0530 – hirunews.lk/sinhala)

රේගුවට ප්‍රකාශ නොකළ රු. ලක්ෂ 1500 ක් වටිනා නිමි ඇඳුම් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ රේගු ආදායම් අධික්ෂණ අංශය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ ද්‍රව්‍ය රාජසන්තක කර අවශ්‍ය නීතිමය පියවර ගන්න මුදල් රාජ්‍ය ඇමතිගෙන් උපදෙස් ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.

මැලේසියාවේ සිට ආනයනය කරන ලද අඩි 40 ක් දිග බහාලුම් හතරක (4) රෙදි ලෙස පෙන්වමින් මෙම නිමි ඇඳුම් සඟවාගෙන පැමිණ ඇති බව සඳහන් වෙන්නේ.

රේගු නිලධාරීන්ට ඇති වූ සැකයක් මත රඳවා පරීක්ෂා කිරීමේ දී, එක් බහාලුමක නිමි ඇඳුම් 44,000 කට ආසන්න ප්‍රමාණයක් බැඟින් බහාලුම් හතරේහිම (4) තිබූ නිමි ඇඳුම් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙහි සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 150 කට ආසන්න බවත්, එයින් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 60 ක් වන බවත් රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම නිමි ඇඳුම් වත්තල, කොළඹ හා පානදුර ප්‍රදේශවල පිහිටි ඇඟලුම් ආයතන තුනක් (3) විසින් මෙරටට ආනයනය කරනුලැබ ඇති බව පැවසේ.

එසේම නීති විරෝධිව මෙරටට ආනයනය කරන ලද උඳු කිලෝ ග්‍රෑම් 12,688 ක ප්‍රමාණයක් ද සොයා ගැනීමට ද රේගු නිළධාරීන් සමත් වී තිබෙනවා.

උඳු ගෙන්වීමට තහනම් කර ඇති මෙහොතක සහල් බවට පෙන්වමින් එක් කන්ටේනරයක භාගයක (½) ප්‍රමාණයක් වන පරිදි මෙම උඳු රැගෙන එනුලැබ ඇති බවටයි රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන් 8.8 ක් වන බවත්, මෙමඟින් රජයට අහිමිවීමට ගිය බද්ධ රුපියල් මිලියන 3.8 ක් වන බවත් රේගු ආදායම් අධික්ෂණ අංශය පවසනවා.

නීතිවිරෝධිව ආනයනය කළ මෙම නිමි ඇඳුම් හා උඳු තොගය නිරීක්ෂණය කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැමිණි අතර අමාත්‍යවරයා මෙම සියලු භාණ්ඩ තොග රාජසන්තක කර අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා රේගු නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ෴

++++++++

+


පිටකොටුවේ පොලිසියේ නිලධාරින්ට වට කර පහර දුන් කාන්තාවන් අත්අඩංගුවට

(13.02.2024 – 18:39 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත අලුත්කඩේ ලොකට්ලෙන් වත්ත ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු (4) සහ ප්‍රදේශවාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ මෙම සිද්ධියෙන් පසුව යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් පැමිණි 40 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදී දේපළවලට ද අලාභහානි කළ බවයි.

අලුත්කඩේ ලොකට්ලේන් වත්ත ප්‍රදේශයට ඊයේ (12) අලුයම 02:30 ට පමණ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකු (4) සිවිල් ඇඳුමින් පැමිණ තිබුණේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමටයි.

එම කාන්තාව අත්අඩංගුවට ගෙන මරදාන පොලිසිය වෙත රැගෙන යන අවස්ථාවේ තරුණයින් දෙදෙනෙකු (2) එම නිලධාරීන්ට පහරදී ඇති අතර පසුව එම නිලධාරීන් ද ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

අනතුරුව ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමග නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණා.

අදාළ කාන්තාවට අමතරව තවත් කාන්තාවන් තිදෙනෙකු (3) පොලිසි නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණේ රාජකාරීයට බාධා කිරීම හේතුවෙන්.

ප්‍රදේශවාසීන් පැවසුවේ පොලිස් නිලධාරීන් පැමිණ සිටියේ කාන්තා පොලිස් නිලධාරිනියන් ද නොමැතිව බවයි.

එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිවිල් ඇඳුමින් සැරසුණු 40 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් ලොකට්ලේන් වත්තට පැමිණ තමන්ට පහරදී දේපළවලට ද අලාභහානි කළ බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මරදාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

++++++++

+


සෞඛ්‍ය සේවයට අදාළව ගැසට් නිවේදනයක්

(13.02.2024 – 20:16 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අණ පරිදි එය නිකුත් කර ඇති බවය.

ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත ෴

+++++++++

පොදු ප්‍රවාහන, තැපැල් සේවා අත්‍යවශ කරමින් ගැසට් නිවේදනයක් : මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව

(13.02.2024 – monara.com)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරි ඇති බලතල ප්‍රකාරව මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් තිබෙනවා.

ඒ අනුව පොදු ප්‍රවාහනය සහ තැපැල් සේවාව මෙලෙස අත්‍යවශ සේවා බවට පත් කර ඇති අතර මෙමගින් මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සහ පවත්වාගෙන යාම සහ සියළුම තැපැල් සේවා කටයුතු අත්‍යවශ සේවා පවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ෴


සෞඛ්‍ය වර්ජනය හෙටත් (14)

(13.02.2024 – 21:08 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව අද (13) උදෑසන ආරම්භ කළ වර්ජනය හෙට (14) දිනයේදීත් එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

මෙම වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් අදත් (13) දැඩි අසීරුතාවයකට පත් වුණා.

වෛද්‍යවරුන්ට අනුමත කළ රුපියල් 35,000 ‘ඩැට්’ දීමනාවක තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සංගම් මීට පෙර ද අවස්ථා කිහිපයකදී වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණා.

ඊයේ (12) මුදල් අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්වීමත් සමඟයි ඔවුන් නැවත අද (13) පෙරවරු 06:30 සිට වර්ජනය ආරම්භ කිරීමට තීරණය කළේ.

එසේම ප්‍රධාන හෙද සංගම් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සිය සහය පළ කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් හෙට (14) දිනයේ මෙම වර්ජන ක්‍රියාමාර්ගයට තම සහය ලබාදෙන බව, ‘සමස්ත ලංකා හෙද සංගමය’ පවසනවා.

මේ අතර,රෝහල් සේවා අඛන්ඩව පවත්වාගෙන යාම සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1200 කට වැඩි පිරිසක් අද (13) රෝහල් සදහා අනුයුක්ත කර තිබුණා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද කොළඹදී අද (13) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

වර්ජනයේ නිරත වෘත්තිය සමිතිවලට යළි සේවයට පැමිණෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉල්ලා සිටියේ ෴


මෝදර වීදිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

(13.02.2024 – 23:40 +0530 – hirunews.lk/sinhala)

මෝදර වීදිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තෑබීමකින් පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අවන්හලක හිමිකරුවකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ.

වෙඩිතැබීමෙන් කිහිප පොළකටම තුවාල ලැබූ අවන්හලේ හිමිකරුව ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මෝදර පොලිසියෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා ෴


අරුන් සිද්ධාර්ථන් මිහින්තලේ හිමි එක්ක අලුත් දේශපාලනයකට එකතුවෙයි | පාලකයන්ගේ රෙදි ගැලවුණු සාකච්ඡාව (13.02.2024)

+


බොළඳ සමීක්ෂණවලින් ජවිපෙ ඉන්න තැන කියන්න බෑ – උදය ගම්මන්පිල (13.02.2024)

+

ජනපතිවරණය අහෝසි කරන, ‘NGO + ආණ්ඩුවේ’ මෙහෙයුම මෙන්න – උදය ගම්මන්පිල (13.02.2024)

+


හරින් ප්‍රනාන්දු කියනවා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්ලු ඊට එරෙහිව සිවිල් සංවිධාන එකමුතුව (13.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *