මවගේ අනියම් සැමියා විසින් දියණිය දූෂණය වෙයි

මවගේ අනියම් සැමියා විසින් දියණිය දූෂණය වෙයි


මවගේ අනියම් සැමියා විසින් දියණිය දූෂණය වෙයි

(10.02.2024 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මුළුතැන් ගෙය තුළ මවගේ අත් පා බැඳ දමා 13 හැවිරිදි දියණිය කාමරයකට ඇදගෙන ගොස් දූෂණය කළේ යැයි කියන පුද්ගලයකු ඊයේ (09) මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා එම මව සමඟ අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වන පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා බීමතින් නිවසට පැමිණ මුළුතැන්ගේ තුළ තමන් බැඳ දමා, තම දියණිය කාමරයකට ඇදගෙන ගොස් දූෂණය කළ බවට මව විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් දූෂණයට ලක්වුයේ යැයි කියන බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා ෴


කොළඹ බේස්ලයින් මාර්ගයේ වාහන 5 ක් ගැටේ

(10.02.2024 – 07:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ගුවන් පාලම අසලදී වාහන 5 ක් ගැටී සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු (2) කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඊයේ (09) පස්වරුවේ අඟුලාන සිට වත්තල දෙසට ධාවනය වූ බස් රථයක බේකරි ආහාර අලෙවි කරන ත්‍රිරෝද රථයක් ගැටී තිබුණා.

පසුව අදාළ ත්‍රිරෝද රථයේ තවත් යතුරුපැදියක් ගැටී ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ තදබදයක් හට ගෙන තිබුණා.

මෙම තදබදයත් සමගම එම මාර්ගයේ ගමන් ගත් බස් රථයක තවත් මෝටර් රථයක් ගැටී තිබූ අතර සිද්ධියත් සමග මාර්ග තදබදය තවත් දැඩිවී තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර අඟුලාන දෙස සිට පැමිණි බස් රථයේ රියදුරු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා ෴


ණය ලබාගෙන රජයේ මිලට වී මිලදී නොගන්නා මෝල් හිමියන් අසාදු ලේඛනයට

(10.02.2024 – 07:32 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ලබා දී ඇති මිල ගණන් යටතේ වී මිලට ගැනීමට කටයුතු නොකරන ණය මුදල් ලබා ගත් වී මෝල් හිමියන් සහ ගබඩා හිමිකරුවන් අසාදු ලේඛන ගත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

වී මිලට ගැනීම සඳහා ඔවුන්ට සහන පොලියක් යටතේ රුපියල් කෝටි 900 ක මුදලක් ණය වශයෙන් ලබා දීමට නියමිතයි.

මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිල ගණන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව තෙතමනය 14% ක මට්ටමේ පවතින නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 105 කට මිලට ගැනෙනවා.

එම සම්බා කිලෝවක් රුපියල් 120 කටත්, කීරි සම්බා රුපියල් 130 කටත් මිලදී ගත යුතුයි.

තෙතමනය 14% ට වඩා වැඩි නම් නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 90 කටත්, සම්බා රුපියල් 100 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගත යුතු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ෴


තැන තැන මාරක අනතුරු

(10.02.2024 – 06:58 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව ත්‍රීකුණාමලය මාර්ගයේ ආරුමුගත්තාන් කුඩිඉරිප්පු සමෘද්ධි බැංකුව අසලදී මාරක අනතුරක් සිදුව තිබෙනවා.

එරාවුර් දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටී එම දිශාවටම ධාවනය වු තවත් ලොරි රථයකද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මඩකලපුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 36 ක් වූ කාලි කෝවිල පාර, එරාවුර් 04 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

+

එමෙන්ම පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ ඊයේ (09) සිදු වූ අනතුරකින් තවත් පුද්ගලයෙක් (1) මිය ගොස් තිබෙනවා.

පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ අනුරාධපුර නගරයේදී යාපනය හන්දිය දෙසට ධාවනය වූ බවුසර් රථයක අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පැමිණි පා පැදියක් ගැටීමෙන් අදාළ අනතුරක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් වූ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


“ආණ්ඩුවේ මැතිවරණ අපේක්ෂකයන්ට සහය නැහැ” උදය ගම්මන්පිල කියයි

(10.02.2024 – 14:48 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයෙකුට සහාය ලබා නොදෙන බව, ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන සැප්තැම්බර් මස 18 ත් ඔක්තෝම්බර් මස 18 ත් අතර කාලයේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවයි.

+


විල්පත්තුව රක්ෂිතයේ ප්‍රේරණ කලාපය තුළ කැළෑ කැපීමක්

(10.02.2024 – 21:01 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග පවා නොතකමින් කෝමාරිකා වගාවක් මුවාවෙන් විල්පත්තුව රක්ෂිතයේ ප්‍රේරණ කලාපය තුළ කිසියම් පිරිසක් කැළෑ කැපීම සිදු කරන බව සමාජවාදී තරුණ සංගමය චෝදනා කරනවා.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සිදුවීම නිරීක්ෂණය සඳහා ගිය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසකට ප්‍රහාරයක් ද එල්ල කළේ එම පිරිස විසින් බවයි.

කෝමාරිකා වවනවා කියලා බැසිල්ගේ උදව්වෙන් තාඹුගල ගහපු ගේම – Hiru News (10.02.2024)

+


යාපනයේදී පැවති හරිහරන්ගේ ප්‍රසංගයක ප්‍රේක්ෂකයින් රැසක් තෙරපීමෙන් තුවාල ලබයි

(10.02.2024 – 16:54 +0530 – hirunews.lk/sinhala)

යාපනයේදී පැවති දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රසංගයක අධික තෙරපීමක් නිසා ප්‍රේක්ෂකයින් රැසක් තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රසංගය පවත්වා තිබුණේ ඊයේ (09) යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී.

තුවාල ලැබු ප්‍රේක්ෂකයින් රැසක් රෝහල් ගත කර ඇති බව වාර්තා වන්නේ

තවද, දකුණු ඉන්දීය සිනමා නළු නිළියන් රැසක් මේ ප්‍රසංගය සඳහා සහභාගී වී තිබෙනවා.

පොලිස් ආරක්ෂක රැකවල් බිඳ දමමින් පිරිස ප්‍රසංග භූමියට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව, මෙම ප්‍රසංගයේ තිබු අධික තදබදය පොලිසිය මැදිහත් වීමෙන් එය නිරාකරණය කර තිබෙනවා.

+


දරු උපතෙන් පසු නිවසට ආ මවගේ සිරුර ළිඳක

(10.02.2024 – 16:07 +0530 – sinhala.adaderana.lk)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක ළිඳක් තුළ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.

අද (10) උදෑසන එම සිරුර සොයාගත් බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

මෙය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.

මියගොස් ඇත්තේ, 29 හැවිරිදි එක්දරු මවකි.

මෙම කාන්තාව මීට දින 11 කට පෙර සිය දරු උපත සිදුකර ඊයේ (09) දින රෝහලේ සිට නිවස වෙත පැමිණ තිබුණි.

නිවසේ සිටි සියලුදෙනා නින්දට ගොස් ඇති අවස්ථාවේදී මෙම කාන්තාව නිවසෙන් පිටතට ගොස් ඇති අතර ඇය යළි නිවස වෙත නොපැමිණීම හේතුවෙන් පවුලේ අය සහ ප්‍රදේශවාසීන් එක්වී ඇයව සොයා තිබුණි.

පසුව අද (10) උදෑසන අදාළ කාන්තාවගේ සිරුර නිවස අසල තිබූ ළිඳ තුළ තිබී හමුවුණි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබේ ෴


දියවැඩියා ඖෂධයක් ගැන සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නේ නැහැ – මහාචාර්ය අර්ජුන ද සිල්වා

(10.02.2024 – 15:08 +0530 – sinhala.adaderana.lk)

තමා සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් බවට පවසමින් දියවැඩියා රෝගය සම්බන්ධයෙන් ව්‍යාජ වෙබ් අඩවියක අසත්‍ය පුවතක් පළකර ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ජනතාවට දැනුම්දෙන්නේ එම අසත්‍ය ලිපියේ දැක්වෙන පරිදි කටයුතු කිරීමෙන් දියවැඩියා රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවය.

Dionica නම් ඖෂධයක් සම්බන්ධයෙන් අදාළ අසත්‍ය ලිපිය පළකර ඇති අතර මහාචාර්ය අර්ජුන ද සිල්වා තවදුරටත් සඳහන් කරන්නේ තමා කිසිවිටෙකත් අදාළ ඖෂධය සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබානොදුන් බවය.

ඒ හේතුවෙන් දියවැඩියා රෝගීන් දැනට භාවිත කරන ඖෂධ නවතා හෝ එසේ නොමැතිව හෝ මෙම ඖෂධය භාවිත කරන ලෙස තමා කිසිවිටෙක පවසා නැති බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණය කරයි.

මෙවැනි ව්‍යාජ පළකිරීම්වලින් ජනතාව ප්‍රවේසම් වියයුතු බවත් මහාචාර්යවරයා පවසයි.

තවද මෙම අසත්‍ය පුවත ට තමාව සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් තමා දැනටමත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිළි කර ඇති බවත් ඔහු පැවසීය ෴


රුපියල් මිලියන 58 ක රත්‍රං පිට කිරීමට උත්සාහ කළ කතක් කොටු වේ

(10.02.2024 – 14:53 +0530 – sinhala.adaderana.lk)

රුපියල් මිලියන 58 ක වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 02 යි ග්‍රෑම් 750 ක් ගුවන් තොටුපොළෙන් පිට කි‍රීමට උත්සාහ කළ කාන්තාවක් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපොළ පිරිසිදු කරන වයස අවුරුදු 55 ක කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වැසිකිළියක් තුළ දී මෙම ස්වර්ණාභරණ සහ ජෙල් තොගය අඩංගු පාර්සලය වෙනත් කාන්තාවක විසින් සැකකාර කාන්තාවට ලබා දී ඇත.

එය ගුවන් තොටුපොළෙන් පිටත සිටින පුද්ගලයෙකු වෙත ලබා දුන් පසු ඇයට රුපියල් හැට දහසක (60,000) මුදලක් ලබා දෙන පොරොන්දුව මත තමන් මෙම පාර්සලය රැගෙන ගිය බව අත්අඩංගුවට ගත් කාන්තාව රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 55 හැවිරිදි වියේ පසු වන වේයන්ගොඩ – මිරිදියලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම සේවිකාව අත්අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *