ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු (2) රෝහලේ

ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු (2) රෝහලේ


ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු (2) රෝහලේ

(07.02.2024 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 23 වැනිදා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු (2) රෝහල් ගතකර තිබෙනවා.

ඒ ආඳුරුප්පුවිදිය පොලිස් ස්ථානයේදී අමුත්තෙක් විසින් ඔවුන්ට ලබා දී ඇති කිරි පැකට්ටුවක් පානය කිරීම නිසයි.

එම කිරි පැකට්ටුව පානය කිරීමත් සමඟ සැකකරුවන් දෙදෙනාට (2) සිහි නැති වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සිහිය නැති වූ එම සැකකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

කිරි පැකට්ටුවේ විෂ ද්‍රව්‍ය තිබූ බවට සැක කෙරෙන බවයි පොලීසිය සඳහන්කර සිටියේ.

+


සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් ප්‍රකාශයක්

(07.02.2024 – 18:51 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (07) ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඔහුගේ මරණය සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය විසින් ප්‍රකාශයක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ ෴


‘කුඩු රොෂාන්’ට සහ ඔහුගේ බාල සොහොයුරාට ඇප

(07.02.2024 – 18:36 +0530 – hirunews.lk/sinhala)

යුක්තිය මෙහෙයුමේදී වරකාපොළ ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් ‘කුඩු රොෂාන්’ නමැති සැකකරුට සහ ඔහුගේ බාල සොහොයුරාට අද (07) ඇප නියම කර තිබෙනවා.

‘කුඩු රොෂාන්’ රුපියල් මිලියන 30 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 7 ක් මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ සොහොයුරා රුපියල් ලක්ෂ 50 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදා හැර ඇති බවද සඳහන් ෴


විදුලි සේවකයන් අදත් (07) විරෝධතාවක

(07.02.2024 – 17:51 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සහ දිවයිනේ පිහිටි එම මණ්ඩලයේ අනෙකුත් කාර්යාලය ඉදිරිපිට අද (07) දහවල් විරෝධතා පැවැත්වුණා.

ඒ එම මණ්ඩලය විකිණීම, වැඩ තහනම් කළ සේවකයින් යළි සේවයේ පිහිටුවීම, විදුලිබිල අඩු කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

බහුජන හා සිවිල් සංවිධාන එකමුතුව මූලිකත්වයෙන් මෙම විරෝධතා පැවැත් වුණා ෴


රුමේනියානු සංචාරකයෙක් මුහුදේ ගිලී මරුට

(07.02.2024 – 17:38 +0530 – hirunews.lk/sinhala)

මොරගල්ල මුහුදේ දියනාමින් සිටිය දී රුමේනියානු ජාතික සංචාරකයෙකු අද (07) දහවල් දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙසේ මිය‍ගොස් ඇත්තේ නිස්ටොරෙස්කූ ටීඩෝර් නැමති රුමේනියානු ජාතිකයෙක් බවයි පොලිසිය වාර්තා කරන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම පුද්ගලයා මොරගල්ල සංචාරක හෝටලයක රැදී සිට ඇති අතර, එම හෝටලයට ආසන්න මුහුදේ දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අලුත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා ෴


නිවස තුළ කැණීම් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

(07.02.2024 – 16:30 +0530 – hirunews.lk/sinhala)

ආරච්චිකට්ටුව – බුරුතකැලේ ප්‍රදේශයේදී නිවස තුළ කැණීම් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය වැටලීම කරන අවස්ථාව වන විටත් නිවස තුළ අඩි 18 ක් පමණ ගැඹුරට කැණීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ තිබී කැණීම් සදහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ කීපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවද සඳහන්.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ කාමරයක් තුළ මැණික් මල්ලක් තිබෙන බවට මිය ගොස් සිටින තම පියා පුතාට හීනෙන් පවසා ඇති බවත්, එම මැණික් මල්ල ලබා ගැනීමේ අරමුණ ඇතිව කැණීම් කටයුතු කර ඇති බවත් ය ෴


විෂ දුමක් ආග්‍රහණය වී රෝහල් ගත කළ ධීවරයින් අතරින් එක් අයෙක් ජීවිතක්ෂයට

(07.02.2024 – 16:18 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ ධීවර වරායේ විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් ධීවරයින් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා.

එම වරායේ බහුදින ධීවර යාත්‍රාවක භාණ්ඩ ගබඩාව තුළදී මෙම විෂ වායුව ආග්‍රහණය වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

එම සිදුවීමෙන් ධීවරයින් 8 දෙනෙකු රෝහල් ගත කළ බවයි වාර්තා වෙන්නේ ෴

අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රාවක විෂ දුමක් ආග්‍රහණය වීමෙන් රෝහල් ගත කළ ධීවරයින් 8 දෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා ෴


ඩොලර් මිලියනකට අධික අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් ලංකාවට

(07.02.2024 – 15:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට පිළිකා රෝගීන්හට ප්‍රතිකාර කිරීම සදහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම සඳහා ගිවිසුම් ගත වීම අද (07) සිදු වී තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයි.

මෙම අවස්ථාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු අනුග්‍රාහක ආයතනයේ පිරිසක් සහභාගීව ඇති බවයි වාර්තා වන්නේ.

පළමු අදියර යටතේ ඖෂධ තොගය වර්ෂයකට ප්‍රමාණවත් වන තරමට ගෙන්වනු ලබන බව පැවසෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මෙම පිළිකා ඖෂධ, වර්ග 13 කින් සමන්විත වෙනවා.

දෙවන අදියර යටතේ මෙරටට අවශ්‍ය වන තවත් ඖෂධ වර්ග තොගයක් ඉදිරි මාස කිහිපය තුළ දී ලබා දීමට එම ආයතනය සැලසුම් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


දේවගැති ජෙරොම්ගේ නඩුවකදී අධිකරණයෙන් CIDයට අවවාද

(07.02.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)

අන්‍යාගමිකයින් අතර සංහිඳියාව බිද හෙළන ආකාරයේ දේශන පැවැත්වීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ඇප නියම වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව පැවරූ නඩුවක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කර තිබෙනවා.

ඒ ඔහුගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අදාළවයි.

මෙහිදී සංවේදී අධිකරණ කලාපයට කරුණු වාර්තා නොකර එලෙස ගල්කිස්ස අධිකරණයේ නඩු පැවරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසුවා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද අද (07) අධිකරණය හමුවේ පෙනි සිටි අතර, නඩුව වැඩිදුර වාර්තා සඳහා අප්‍රේල් මස 03 වනදා කැදවීමට නියමිතයි ෴


අපිරිසිදු ආකාරයෙන් ආහාර පාන අලෙවි කළ කළුතර, මග්ගොන හා පයාගල ප්‍රදේශවල වෙළෙඳසැල් කිහිපයකටම නඩු

(07.02.2024 – 13:41 +0530 – hirunews.lk/sinhala)

කළුතර, මග්ගොන හා පයාගල ප්‍රදේශවල ගාලු පාර ආසන්නයේ පිහිටි ආපනශාලා හා වෙළඳසැල් ඊයේ (06) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කළා.

එහිදී ඉතා අපිරිසිදු ආකාරයෙන් ආහාර පාන අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයකටම නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.

මේ සඳහා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 70 දෙනෙකු පමණ එක්ව සිටියා.

මෙම පරික්ෂාව සිදු කෙරුණේ එම ආපනශාලා හා වෙළෙඳසැල් ප්‍රමිතියෙන් තොරව ආහාර අලෙවි කරන බවට හා ඒවා අපිරිසිදුව පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුවයි.

මෙහිදී අක්‍රමවත්ව පවත්වාගෙන ගිය ආපනශාලා කිහිපයකට අවවාද කරනු ලැබූවා.

කල් ඉකුත් වූ, නිසි පරිදි ශීතාගාරවල නොතැබූ , නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය සඳහන් නොකළ ආහාර වර්ග රැසක් මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගැනුණා.

ආපනශාලාවල සේවකයින්ගේ පිරිසිදුකම ගැන ද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානයට ලක්වුණා.

ඉතා අපිරිසිදු ලෙස පාරිභෝගිකයන්ට ආහාර අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයකටම මෙහිදී නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් පියවර ගත්තා.

+


පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් සොයා අද (07) සිට මෙහෙයුම්

(07.02.2024 – 13:22 +0530 – hirunews.lk/sinhala)

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද (07) සිට ආරම්භ කළ බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර පවසනවා.

ඒ සඳහා රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරීනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 234 ක් අනියුක්ත කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.

එසේම, කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් 109 ක්ෂණික අංකයට ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.

+


වීදි සුනඛයින් (පාරෙ බල්ලන්) නිසා අසරණ වූ පාසල් සිසුවිය

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *