බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් ජීප් රථය හමුවෙයි
(24.01.2024 – 09:02 +0530 – hirunews.lk/sinhala)
බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ජිප් ගාල්ලේ, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන තිබෙනවා.
වෙඩික්කරුවන් පැමිණි ජිප් රථය මේ වනවිට පරිහරණය කරන පුද්ගලයා කවුරුන්ද යන්නද හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ (23) රාත්‍රියේ දියත් කර තිබුණා.
මෙම ප්‍රහාරයට හමුදාවට සම්බන්ධ අයෙක්ද පැමිණ ඇති බව මේ වන විටත් තහවුරු වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
එම පුද්ගලයාව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයා විවිධ අපරාධවලට සම්බන්ධ අයෙක්.
වසර හය හතක්ම ඔහු බන්ධනාගාරගතව සිටි අයෙක් බවද සඳහන් ෴
++++++++
++++++++
එක් (1) වෙඩික්කරුවෙක් හමුදාවට සම්බන්ධ අයෙක් – කඹුරුපිටියේදී ජීප් රිය නවතා වෙඩික්කරුවෙක් මාතර බසයක නැඟලා
(24.01.2024 – dinamina.lk)
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන මිනිස් ඝාතන නඩුවකට පෙනී සිටීමට යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක ‘සමන් පෙරේරා’ නොහොත් ‘රෝයල් බීච් සමන්’ ඇතුළු පස් දෙනකු (5) ඝාතනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී පෙරේදා (21) උදෑසන එල්ලවුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධීකරණය කළ බව කියන පුද්ගලයාව හඳුනාගෙන කොටු කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
වෙඩික්කරුවන් පැමිණි ජිප් රථයද මේ වනවිට පරිහරණය කරන පුද්ගලයා කවුරුන්ද යන්නද හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ. ජිප් රථය ඊයේ (23) සවස් වන විටත් කඹුරුපිටිය ප්‍රදේශය ආශ්‍රිතව යම් ස්ථානයක නතර කර තිබී ඇත.
එම ජිප් රථය සමඟ මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ (23) රාත්‍රියේ දියත් කර තිබුණි
මෙම ප්‍රහාරයට හමුදාවට සම්බන්ධ අයෙක්ද පැමිණ ඇති බව මේ වන විටත් තහවුරු වී ඇත. එම පුද්ගලයාව අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලිසිය විශ්වාස කරයි.
මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයා විවිධ අපරාධවලට සම්බන්ධ අයෙකි. වසර හය – හතක්ම (6-7) ඔහු බන්ධනාගාරගතව සිටි අයෙක් බවද සඳහන්ය.
බෙලිඅත්තේ සිදුවූ මෙම පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද සැකකරුගෙන් අද (24) වන විට අනාවරණය කර ගැනීමට හැකි වෙතැයි පොලිසිය විශ්වාස කරයි.
ඒ අනුව මෙම ප්‍රහාරයට සම්බන්ධ සෙසු සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරයි.
ජීප් රියෙන් බැසගත් සැකකරු පාසල් සිසුන් භාවිතකරනු ලබන කළු පැහැති බෑගයක් කරේ එල්ලාගෙන සිටි අතර මුව ආවරණයක්ද එම අවස්ථාවේ දී පැළද සිට ඇත.
සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටි ඔහු වැඩි කලබලයකින් තොරව ජිප් රථයෙන් බැස මාර්ගය දිගේ ඇවිදගෙන ගොස් මාතර බලා යන මගී බස් රථයකට ගොඩවී තිබේ. ඒ අතර ජිප් රථය කඹුරුපිටිය නගරය පසුකර ගමන්කර ඇත.
මෙම කරුණු හෙළිවී ඇත්තේ වෙඩික්කරුවන් ගමන් කළ ජිප් රථය පළාගිය මඟ දෙපස වෙළඳ සැල් හා නිවාසවල ඇති ආරක්ෂක කැමරා රැසක් පරීක්ෂාකරමින් කළ විමර්ශනයකදීය.
මාතර බස් රථයට ගොඩවුණු වෙඩික්කරු බස් රථයෙන් බසින ලද්දේ කුමන ප්‍රදේශයකදීදැයි සොයා මේ වන විට විමර්ශනයක් ආරම්භකර ඇති අතර ජිප් රථයේ ගමන් මඟද මේ වන විට ආරක්ෂක කැමරා 100 කට වැඩි ප්‍රමාණයක් පිරිස්සමින් සොයා බලමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
වෙඩික්කරුවන් ගමන් ගත් මෙම ජිප් රථය වෙඩි ප්‍රහාරයෙන් පසු පළාගියේ කඹුරුපිටිය නගරය ඔස්සේ මෙන්ම, රථය මෙම ප්‍රහාරයට සූදානමින් වෙඩික්කරුවන්ද රැගෙන පැමිණ ඇත්තේ කඹුරුපිටිය දෙස සිට බව පෙනී ගොස් තිබේ.
විමර්ශනයේදී පෙනී ගොස් ඇති අකාරයට අනුව වෙඩික්කරුවන් පැමිණි ජිප් රථයයේ සිටි වෙඩික්කරුවන් සිය ඉලක්කය ලබාගැනීමට අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුව ආසන්නයේ බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිට ඇත.
‘සමන් පෙරේරා’ ඇතුළු පිරිස අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන විට වෙඩික්කරුවන්ට කල්තියා තොරතුරු ලැබී ඇති බව විශ්වාස කරන විමර්ශන නිලධාරීන් එසේ අපරාධකරුවන් අතර තොරතුරු හුවමාරුවීම් සිදුවී තිබේදැයි තහවුරුකර ගැනීමට දුරකථන ජාල පරීක්ෂාවක්ද මේ වන විට සිදුකරමින් පවතී. එසේම වෙඩික්කරුවන් රැගත් ජිප් රථය ගමන්කළ මාර්ග මේ වන විට හඳුනාගෙන සිටින බැවින් දුරකථන ජාල විමර්ශනයට එය මහත් පහසුවක් වී ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය. හඳුනාගෙන ඇති ආකාරයට අනුව වෙඩික්කරුවන් පැමිණි වාහනයේ සටහන්ව තිබී ඇත්තේ 65-2615 අංකයයි. එම අංකය එම වාහනයේ සැබෑ අංකය නොවන බවත් වෙනත් වාහනයක අංකයක් බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ආරක්ෂක කැමරා මගින් හඳුනාගත් කඹුරුපිටියෙන් බැස මාතර බස් රථයට ගොඩ වූ පුද්ගලයාගේ රුව කඹුරුපිටිය නගරයේ ඇති ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබී ඇත. ඒ ඔස්සේ ඔහුගේ මුහුණේ තරමක් පැහැදිලි ඡායාරූපයක්ද මතුකර ගැනීමට හැකියාව ලැබී ඇත. එම ඡායාරූපය ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය (AFRS) වෙත මේ වන විටත් යොමුකර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
මෙම පස් (5) පුද්ගල ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබායි හී රැඳී සිටින ප්‍රබල පාතාලයේ අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ‘කොස්ගොඩ සුජී’ නමැති අය බවට තොරතුරු මේ වන විට පොලිසිය හඳුනාගෙන ඇත. කුළී ඝාතකයන් පිරිසක් යොදා ඔහු මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව පෙනී යන්නේ යැයි විමර්ශන භාර උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ‘කොස්ගොඩ සුජී’ගේ කුලී ඝාතකයන් අතර හමුදාවලින් පළාගිය පිරිස්ද එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන්ද සිටින බව එම නිලධාරියා කීය. මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ මනාවට ගිනි අවි පුහුණුව ලැබූවෙක් බව පෙනී යන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය.
‘කොස්ගොඩ සුජී’ විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව අනාවරණය වීමත් සමඟ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ඊයේ (23) උපදෙස් ලබා දී ඇත්තේ ‘කොස්ගොඩ සුජී’ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලුම සහයකයන්ගේ ජාල ගත වාර්තාවක් වහාම ලබාදෙන ලෙසය.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කෙරන විමර්ශන ප්‍රගතිය විමසා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සමඟ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (23) උදෑසන මාර්ගගත ක්‍රමවේදය (Online) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ. මෙම මාර්ගගත සාකච්ඡාවට විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.
ඝාතනය වූ ‘සමන් පෙරේරා’ට එරෙහිව ඝාතන චෝදනා ඇති බවත් 2004 වර්ෂයේදී කොස්ගොඩ පොලිස් වසමේ දී ‘කොස්ගොඩ සුජී’ගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති බවත් පොලිසිය කියයි. 2016 වර්ෂයේදී ගාල්ල පොලිස් වසමේ දී ‘සුජී’ගේ ඥාතියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද ‘සමන් පෙරේරා’ට චෝදනා එල්ලවී තිබී ඇත.
‘සමන් පෙරේරා’ ඉලක්කරගෙන ‘කොස්ගොඩ සුජී’ විසින් 2018 වර්ෂයේ දී ඉදුරුව ප්‍රදේශයේ දී ඔහු ගමන්කරමින් සිටි වාහනයට වෙඩි තබා තිබේ. එහි දී ඔහු සමඟ සිටි විදේශකයකු බරපතළ තුවාල ලබා තිබුණි.
‘කොස්ගොඩ සුජී’ සහ ‘සමන් පෙරේරා’ අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුලක ප්‍රතිඵලයක් නිසා බෙලිඅත්තේ ප්‍රහාරය සිදුව ඇති බව පෙනී ගොස් තිබේ. දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා යටතේ විමර්ශන කණ්ඩායම් 06 ක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. ඒ හැරුණු කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බලකාය, පොලිස් විශේෂ කාර්යාංශය ඇතුළු විශේෂිත පොලිස් අංශ කිහිපයක්ම එම විමර්ශනයන්ට සහාය ලබාදෙන බව සඳහන්ය.
මේ අතර ඝාතනය වූ පස්දෙනාගේ (5) පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු තංගල්ල රෝහලේ දී ඊයේ (23) සවස සිදු කරන ලදී.
රථයේ රියදුරා ලෙස කටයුතු කළ රාජපක්ෂ නමැති අයගේ බෙල්ල ප්‍රදේශයට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාලයක් හේතුවෙන් අභ්‍යන්තර ලේ වහනය නිසා ඔහුගේ මරණය සිදුවී ඇති බවත් සෙසු සිවු (4) දෙනාගේ මරණ සිදුව ඇත්තේ හිසට වෙඩි වැදීමෙන් මොලයට සිදුවූ හානි හේතුවෙන් බවත් තංගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න සෙල්ලහේවා, අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ.එස්. සෙනෙවිරත්න යන මහත්වරු විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.
හිසට අමතරව සිරුරේ ස්ථාන රැසකටද වෙඩි වැදීම් තිබී ඇතත් එම තුවාල මරණයට හේතුවී නැති බව සඳහන්ය.
(ගයාන් කුමාර වීරසිංහ,රක්ෂණ ශ්‍රියන්ත, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අම්බලන්තොට සමුහ)
+
+
ඝාතනයට ලක් වූ ජනබලවේගය පක්ෂයේ නායක ‘සමන් ප්‍රසන්න පෙරේරා’ පාතාල ක්‍රියාකාරකම්වලට සමිබන්ධ වූවකු බවට අනාවරණය වීමෙන් පසු ඔහු පිළිබඳ දැන සිටි කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව දැඩි විමතියක් පළ කරති.
දෙදහස් පහ (2005)වසරේදී පමණ දකුණේ සිට කුරුණෑගලට පැමිණ ඇති ‘සමන් පෙරේරා’ ඔහු වර්තමානයේ පදිංචිව සිටින කුරුණෑගල ආඳාගලවත්තට ආසන්නයේ පිහිටි කුඩා නිවෙසක් කුලියට ගෙන තම බිරිය සහ පුතුන් දෙදෙනා (2) සමඟ එහි පදිංචිව සිට ඇත. කුඩා දරුවන් දෙදෙනා (2) යග්ගපිටිය ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර ඔවුන්ට අධ්‍යාපනය දී තිබිණි. ඉන් අනතුරුව ක්‍රමයෙන් දේශපාලනයට පිවිසි ඔහු ටික කලකින් තම කුලී නිවෙස ආසන්නයේම වෙන්දේසි ඉඩමකින් බිම් කොටසක් මිල දී ගෙන එහි තෙමහල් සුපිරි නිවෙසක් ගොඩ නඟා ඇත. කුරුණෑගල පැමිණි පසුව ත්‍රිරෝද රථයක් භාවිත කළ ඔහු වසර ගණනාවක ඇවෑමෙන් කෝටි ගණනක් වටිනා සුපිරි ඩිපෙන්ඩර් රථයක හිමිකරුවකු බවටද පත් වූයේ ප්‍රදේශයේ ජනතාවටද ප්‍රශ්නාර්ථයක් ඇති කරවමිනි. ඔහුට හිතවත් විදේශිකයකු ඔවුන් සමඟ රැඳී සිටිමින් දියුණුව සඳහා උදවු උපකාර කරන බවටද ප්‍රචාරය වී තිබෙන බවද ජනතාව කියති.
ඔහු නායකත්වය දැරූ දේශපාලන පක්ෂයේ මුල් පෙළේ සාමාජිකයන් වූ ‘ගලගොඩඅත්තේ ඥානසාර’ සහ ‘අතුරලියේ රතන’ හිමිවරුන් ඔහුගේ නිවෙසට යන එන ආකාරය ප්‍රදේශවාසීන්ට පසුගිය දේශපාලන සමයේ දුටු සුලබ දසුනක් විය. ක්‍රියාකාරි දේශපාලනඥයකු වුවද ඔහුට හිතවත් ක්‍රියාකාරි දේශපාලන නියෝජිතයන් කුරුණෑගල ප්‍රදේශයේ නොවූහ. ප්‍රදේශයේ වුවද ඔහු ඇසුරු කර තිබුණේ ඉතා සුළු පිරිසකි. ප්‍රදේශයේ මාධ්‍යවේදීන් පවා ඔහු ඇසුරු නොකිරීමද විශේෂත්වයකි. ඔහු බොහෝ විට තම දේශපාලන අදහස් තොරතුරු ඉදිරිපත් කළේ කුරුණෑගල මඟහැර කොළඹට ගොස්ය.
(කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න)
+++++++++
සමන් පෙරේරා මහ මග වෙඩි තබා ඝාතනය කරේ – රතන හිමිද ? කොස්ගොඩ සුජීද ? (23.01.2024)
(වේදිනිගම විමලතිස්ස හිමි, කීර්ති රත්නායක, චමුදිත සමරවික්‍රම සමග)
+++++++++
බෙලිඅත්තේ ඝාතකයා අපි අඳුරගත්තා | මේක දේශපාලන පලිගැනීමක්..? | මෙන්න පොලිසිය දැන් කියන දේ (24.01.2024)
++++++++++
පංච (5) පුද්ගල ඝාතනය සැලැසුම් කළ සැකකරු කොටු කරගනී
(24.01.2024 – 13:12 +0530 – hirunews.lk/sinhala)
බෙලිඅත්තේ පුද්ගලයන් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු වන අතර සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවටයි අනාවරණයවී ඇත්තේ ෴
+
Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 416 | 2024-01-15
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴