රුපියල් කෝටි 4½ ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් 3 ක් අත්අඩංගුවට – ප්‍රධාන සැකකරු පළා යයි

රුපියල් කෝටි 4½ ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් 3 ක් අත්අඩංගුවට – ප්‍රධාන සැකකරු පළා යයි


රුපියල් කෝටි 4½ ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් 3 ක් අත්අඩංගුවට – ප්‍රධාන සැකකරු පළා යයි

(21.12.2023 – 07:52 +0530 – sinhala.adaderana.lk)

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කුලී පදනම මත ලබාගත් කාමරයක පවත්වාගෙන ගිය වාහන වෙළඳාම් ආයතනයක වාහන කිහිපයක් ලියාපදිංචි අංක සහ වර්ගය සටහන් කර අලෙවි කිරීමට මිල ගණන් කැඳවා විමසීම සඳහා දුකරථන අංකයක් ද සඳහන් කර ඉරුදින පුවත්පතක දැන්වීමක් පළ කර තිබු බවය.

එම දැන්වීම අනුව ගැනුම්කරුවන් දෙදෙනෙකු (2) මෝටර් රථයක් හා ජිප් රථයක් මිලදී ගැනීම සඳහා ඊයේ (20) එම ස්ථානයට පැමිණ තිබේ.

එහිදී කාර්යාලයේ සිටි කළමනාකරු හා ආයතන ප්‍රධානියා සම්බන්ධ වී ගැනුම්කරුවන්ට අදාළ වාහන පෙන්වා අලෙවි කිරීමට අවශ්‍ය ලේඛන සකස් කිරීමට පෙර මුදල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව එක් ගැනුම්කරුවෙකුගෙන් රුපියල් එක්කෝටි විසිපන්ලක්ෂයක (1,25,00,000) මුලක් ද අනෙක් පුද්ගලයාගෙන් රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක (3,30,00,000) මුදලක්ද ලබාගෙන ඇත.

පසුව වාහන ස්විච් යතුරු හා ලේඛන සකස් කර ලබාදෙන තෙක් රැඳී සිටින ලෙස දන්වා මුදල් ලබාගත් පුද්ගලයා ආයතනය ඇතුළත කාමරයකට ගොස් මුදල් ද රැගෙන පිටුපස දොරකින් පළාගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් ගැනුම්කරුවන් දෙදෙනා (2) සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර එම ආයතනයේ ප්‍රධාන කළමනාකරු, සහකාර කළමනාකරු හා මුදල් අයකැමි වශයෙන් සිටි පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බවය.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 41, 43 හා 65 යන වයස්වල පසුවන පන්නිපිටිය, මාළිගාවත්ත හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

පළාගිය ප්‍රධාන සැකකරුට විදේශ ගමන් වළක්වාලමින් තහනම් නියෝගයක් ලබාගැනීමට කටයුතු කර ඇති අතර, අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වංචා විමර්ශන කාර්යාංශයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

+


වෛද්‍ය නිර්දේශ සහ ඖෂධවේදීන් නොමැතිව බෙහෙත් වික්ක 5ක් අත්අඩංගුවට

(21.12.2023 – 07:04 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය නිර්දේශ සහ ඖෂධවේදීන් නොමැතිව ඖෂධ නිකුත් කළ සැකකරුවන් 5 දෙනෙක් සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) සීදුව පොලිස් නිලධාරීන් විසින් ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හා සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව සීදූවේ ඖෂධහල් ආශ්‍රිතව වැටලීමක් සිදුකර ඇත.

පාසල් ආශ්‍රිතව පිහිටා ඇති එම ඖෂධහල් මඟින් වෛද්‍ය නිර්දේශ නොමැතිව හා ඖෂධවේදීන් නොමැතිව ඖෂධ නිකුත් කිරීම හා නියමිත මාත්‍රාව ඉක්මවා ඖෂධ නිකුත් කිරීමේ වරදට පුද්ගලයින් 5 දෙනෙකු මත්පෙති 1,600 ක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 23, 29, 32, 53 හා 65 ක් වූ බණ්ඩාරවෙල, වැලිසර, දිවුලපිටිය, මීගමුව හා සීදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


උසස් පෙළ ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

(21.12.2023 – 12:14 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයැදුම්පත් භාර ගැනීම හෙටින් (22 දා) අවසන් වන බව ජනාධිපති අරමුදල සඳහන් කරනවා.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 01 සිට ආරම්භ කර තිබෙනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දිවයිනේ අධ්‍යාපන කලාප 100 ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50 ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000 ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ලබා දෙන බවද සඳහන්.

2022(2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000 ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සඳහන් වෙනවා.

මේ සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ https://www.presidentsoffice.gov.lk/ ජනාධිපති අරමුදලේ https://www.presidentsfund.gov.lk/ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ https://pmd.gov.lk/ වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකියි ෴


පාසල් නිවාඩු ලැබෙන දිනයන් නිකුත් වෙයි

(21.12.2023 – 11:31 +0530 – hirunews.lk/sinhala)

2023 තුන්වන (3) පාසල් වාරයේ දෙවන (2) අදියර හෙටින් (22) අවසන් වෙනවා.

ඒ අනුව එහි තුන්වන (3) අදියර ලබන පෙබරවාරි මස පළමුවනදා (01) ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ.

උසස් පෙළ විභාගය ජනවාරි මස 04 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඊට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශපත්‍රයේ විෂය, මාධ්‍ය, උපන්දිනය සහ නම මාර්ගගත ක්‍රමයට සංශෝධනය කර ගැනීම සඳහා ලබාදී ඇති කාලය හෙට (22) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ෴


වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුව එළි දකී

(21.12.2023 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ලබන (2024) ජනවාරි මස පළමුවනදා (01) සිට ක්‍රියාත්මක වන වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම භාණ්ඩ අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකියි :

  • ළඳරු කිරිපිටි
  • තිරිඟු පිටි
  • දේශීය ඇඟලුම් නිෂ්පාදන
  • අධ්‍යාපන සේවා
  • අධ්‍යාපනික සේවා
  • පොදු මගී ප්‍රවාහන සේවා
  • විදුලිය බෙදා හැරීම
  • භූමදාන සහ ආදාහන සේවා
  • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආගමන කවුන්ටරයෙන් ඔබ්බට ආපනශාලා සේවා
  • විදේශ දූත මණ්ඩල සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් වෙත භාණ්ඩ හා සේවා
  • ආපදා සහන සඳහා විදේශීය සංවිධාන මගින් අරමුදල් සපයන භාණ්ඩ හෝ සේවා
  • මුල්‍ය සේවා (විවිධ කාණ්ඩ)
  • සෞඛ්‍ය සේවා (රෝහල් කාමර ගාස්තු හැර)
  • දේශීයව නිෂ්පාදනය කරන අත්යන්ත්‍ර රෙදිපිළි
  • සහල්, සහල් පිටි සහ දේශීයව නිෂ්පාදනය කරන ලද පාන්
  • සකස් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ ධීවර නිෂ්පාදන
  • ඉන්ධන

ඇතුලු භාණ්ඩ කිහිපයක් මෙලෙස වැට් බද්දෙන් නිදහස් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴

++++++++

From Inland Revenue Department, Sri Lanka
19-12-2023 – Notice to Taxpayers :

Value Added Tax (VAT) Exemptions (Available on or after 01.01.2024) (pdf file)


රුපියල් ලක්ෂ 920 ක මුදල් සහ දේපල පොලිස් භාරයට

(21.12.2023 – 10:05 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය’ මෙහෙයුම යටතේ ඊයේ (20) සිදුකළ වැටලීම්වලදී සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නම ගිය අපරාධකරුවන් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 920 ක වටිනාකමකින් යුත් මුදල් සහ දේපල නීතිවිරෝධී වත්කම් හා දේපල විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

‘අසංක ප්‍රියදර්ශන’ හෙවත් ‘කුඩු අසංක’, ‘හෙට්ටිආරච්චිගේ ශ්‍රියානි’ හෙවත් ‘කුඩු ශ්‍රියානි’, ‘නලින් චතුරංග’ හෙවත් ‘ලඩියා’ ඇතුලු තවත් අපරාධකරුවන් පිරිසකගේ දේපල හා වත්කම් මෙලෙස භාරයට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

බස් රථ 3 ක්, මෝටර් රථ 2 ක්, යතුරුපැදි 2 ක්, තෙමහල් නිවසක් ඇතුලු වටිනා ඉඩම් 4 ක්, රත්‍රං පවුම් 50 ක් මෙන්ම, 1,23,000 ක මුදල් ද ඒ අතර වනවා. අත්අඩංගුවට ගත් බස් රථ අතරට ‘නලින් චතුරංග’ හෙවත් ‘ලඩියා’ට අයත් රුපියල් මිලියන 16 ක් වටිනා බස් රථ දෙකක් (2) ද අයත් ෴

++++++

+

+


නිවුන් දරුවන් බිහි කළ මව දින නවයකට (9) පසු නිවසින් පලා ගිහින්

(21.12.2023 – 09:56 +0530 – hirunews.lk/sinhala)

සිය කුළුඳුල් නිවුන් දරුවන් බිහි කළ මවක් දින නවයකට (9) පසුව ලිපියක් ලියා පසුගිය 19 වන දින නිවසින් පලා ගොස් තිබෙනවා.

මෙම කාන්තාව වයස අවුරුදු 29 ක අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම දරු ප්‍රසුතිය සිදු කර ඇත්තේ ඔවුන් විවාහ වී වසර හයකට (6) පමණ පසුව බවයි වාර්තා වන්නේ.

නිවුන් දරු ප්‍රසුතියේදී ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ඇයට දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලැබීමට සිදු වී ඇති අතර ඇය නිවසට පැමිණ ඇත්තේ මිට දින කිහිපයකට පෙරයි.

පොලිසිය පවසන්නේ ඇය නිවසින් පිටව යන විට ජංගම දුරකථනය ඇතුළු වෙනත් බාහිර භාණ්ඩ කිසිවක් රැගෙන ගොස් නොමැති අතර දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් දුන් ඖෂධ පමණක් බවයි.

ඇය සිය ලිපියේ පවසා ඇත්තේ “මට වේදනාව ඉවසන්න බැහැ. ඒ නිසා මම ගෙදරින් යනවා දරුවන් දෙදෙනා රැකබලා ගන්න” යනුවෙනි.

කෙසේ වෙතත් දින නවයක් (9) වයසැති මෙම දරුවන් රැකබලා ගැනීම සහ ආහාර ලබා දීම දුෂ්කර කාර්යයක් වී ඇති බැවින් ඇය පිළිබඳව තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

++++++++

නිවුන් දරුවන් බිහි කළ මවගේ මළසිරුර හමු වේ

(21.12.2023 – 13:20 +0530 – sinhala.adaderana.lk)

බලපිටිය මංකඩ වෙරළ තීරයේ තිබී ඊයේ (20) පස්වරුවේ කාන්තා මළසිරුරක් අහුංගල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ කාන්තාව පසුගිය 18 වැනිදා සිට අතුරුදන් ව ඇති බවට ඇගේ සැමියා විසින් අහුංගල්ල පොලීසියට පැමිණිලි කර ඇති අතර, මියගොස් ඇත්තේ, 29 හැවිරිදි අහුංගල්ල, ගල්වෙහෙර පදිංචි ව සිටි දෙදරු මවකි.

ඇය දින කිහිපයකට පෙර සිසේරියන් සැත්කමකින් නිවුන් පිරිමි දරුවන් බිහි කර ඇති අතර, සැත්කමේ වේදනාව දරාගත නොහැකි බවට පවසමින් ලියූ ලිපියක් ඇගේ නිවසේ තිබී හමු ව තිබේ ෴


චන්ද්‍රගුප්ත සියල්ල වමාරයි… කෙහෙළිය රට පනී??? වෛද්‍ය සංගම් ඇවිලෙයි – භූත සමාගමක් ගැනත් හෙළිදරව්වක් (21.12.2023)

+

+

මාව ගෙදර යවපු චන්ද්‍රගුප්ත අද මහා උළු ගෙදර – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා (21.12.2023)

+

19-12-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *