පොළොන්නරුවේ වැනසී යන නටඹුන්

පොළොන්නරුවේ වැනසී යන නටඹුන්


පොළොන්නරුවේ වැනසී යන නටඹුන්

(18.12.2023 – 13:42 +0530 – hirunews.lk/sinhala)

දෙස් විදෙස් ප්‍රජාවගේ වැඩි ආකර්ෂණයක් දිනාගත් මෙරට පුරාවිද්‍යා ස්ථානවල සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී අඩු ලුහුඬුකම් දක්නට ලැබීම කනගාටුදායි තත්ත්වයක්.

නෙළුම්පොකුණ පොළොන්නරුව රාජධානියේ පිහිටි දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආර්ෂණයක් දිනාගත් සුවිශේෂි ‍ඓතිහාසික නිර්මාණයක්.

නෙළුම්පොකුණ හා සමානව මෙම ප්‍රදේශයේ තවත් අනුපොකුණු 05 ක් නිර්මාණය කර තිබෙනවා.

මීට වසර 900 කට පමණ ඉහත මහා පරාක්‍රමබාහු රජ දවසේ ඉදිවූ මේ නිර්මාණවලට අද අත්ව ඇත්තේ ඉතා ඛේදනීය තත්ත්වයක්.

පොළොන්නරුව ඇටමල්පිටිය ප්‍රදේශයේ පිහිටි කෝන්වැව ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කෘෂි කටයුතු සඳහා මීට වසර 8 කට පෙර වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ වැව මැද පිහිටා තිබූ අනුපොකුණක් ගලවා ඉවත් කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කටයුතු කළ බව ප්‍රදේශවාසීන් පවසනවා.

වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩින්කඩ සිදුකරන අතරතුර 2021 වසරේදී වැව් දසදහසක් (10,000) ප්‍රතිසංකරණය කිරීමේ වැඩසටහනින් කෝන්වැව ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් යළිත් පියවර ගෙන තිබුණා.

නමුත් නිසි ප්‍රමිතියකින් තොරව ආරම්භ කළ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට කොන්ත්‍රාත්කරුවන් අතරමැද නවතා දමා ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ජනතාව චෝදනා කරන්නේ, හුදු ව්‍යාපෘති හේතුවෙන් ඓතිහාසික වටිනාකම්ක් ඇති මෙම පුරාවිද්‍යා ස්ථාන මෙලෙස විනාශ කර දමා බලධාරීන් නිහඬව බලා සිටින බවයි.

+


තරුණියක් අපයෝජනය කළ කපුවෙකුට වසර විස්සක (20) සිර දඬුවම්

(18.12.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

කන් ඇසීමේ දුර්වලතාවකට ශාන්තිකර්මයක් කරගැනීම සඳහා දේවාලයකට ගිය තරුණියකට බරපතල අපයෝජනයක් සිදුකළ කපුවෙකුට වසර විස්සක (20) බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙලෙස සිර දඩුවම් නියම කරනු ලැබුවේ පේරාදෙණිය – කැලියල් පිටිය ප්‍රදේශයේ පදිංචි මම්පිටිය දේවාලයේ කපුවාටයි.

2014 වසරේදී විසි හැවිරිදි (20) වියේ පසුවූ අදාළ තරුණියට මහනුවර – වෙලම්බොඩදී අදාළ කපුවා විසින් මෙම අපයෝජනය සිදුකර තිබුණා ෴


එකෙක් බ්ලැක්මේල් කළා – අනෙකා වීඩියෝව අන්තර්ජාලයට දැම්මා – සිසුවිය අපයෝජනයට ලක් වූ හැටි

(18.12.2023 – 19:58 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවියන් සමග ප්‍රේම සබඳතා පවත්වමින් ඔවුන් ලැඟුම්හල් වෙත රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඒවා වීඩියෝගත කර සමාජ මාධ්‍යට මුදා හළ පාසල් සිසුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙනු අතර සැකකරුවන් මහනුවර ප්‍රදේශයේම පාසල් දෙකක (2) උසස් පෙළ හදාරණ සිසුන් බවයි වාර්තා වන්නේ.

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක 15 හැවිරිදි සිසුවියක් මහනුවර නගරයේ ලැඟුම්හල වෙත රැගෙන ගොස් අපයෝජනයට ලක් කර එය සිසුවා විසින් වීඩියෝගත කර තිබෙනවා. පසුව එම වීඩියෝව සිසුවියගේ ජංගම දුරකථනයට යොමු කර ඇයව බියට පත්කොට යලිත් වරක් ලැඟුම්හලක් වෙත රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්.

පසුව මේ සම්බන්ධයෙන් පාසල් සිසුවිය ඇය සමග ප්‍රථමයෙන් ප්‍රේම සබඳතාවය පවත්වාගෙන ගිය පාසල් සිසුවෙකුට දැනුම් දී තිබෙනවා.

එහිදී එම සිසුවා ඇයට ප්‍රකාශ කර ඇත්තේ එම වීඩියෝව තමන් වෙත යොමු කරන ලෙසයි. ඒ අනුව සිසුවිය එම වීඩියෝව අදාළ සිසුවාට ලබා දී ඇති අතර ඔහු විසින් එය අන්තර්ජාලයට යොමු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරුව අපයෝජනයට ලක් වූ සිසුවියගේ මව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිසුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනුණා.

+


අමාත්‍යාංශ 7 ක් රුපියල් බිලියන 58 ක බදු මුදලක් රේගුවට ගෙවීමට තිබේ

(18.12.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයේ දී ශ්‍රී ලංකා රේගුව වෙත අමාත්‍යාංශ 7 ක් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් විසින් රුපියල් බිලියන 58 ක බදු මුදලක් ගෙවීමට තිබෙන බව රේගු ආරංචි මාර්ග පවසනවා.

මෙම බදු මුදල ශ්‍රී ලංකා රේගුවට වෙත ගෙවීමට නොහැකි වී ඇත්තේ බදු මුදල් ගෙවීමට රජයට මුදල් නොමැතිකම හේතුවෙන්.

බදු මුදල් නොගෙවා ඇත්තේ ස්වාභාවික සම්පත්, ආහාර සුරක්ෂිත, පරිසර, ජනාධිපති ලේකම් කාර්‍යාලය , කර්මාන්ත හා වාණිජ කටයුතු , විදුලිබල හා බලශක්ති, ජාතික ගොඩනැගිලි හා ආරක්ෂක ආමාත්‍යංශ ඇතුළු රාජ්‍ය ආයතන ශ්‍රී ලංකා රේගුවට බදු නොගෙවා ඇති බව සඳහන් ෴


සෝමවතිය පුදබිමට එන බැතිමතුන්ට දැනුම්දීමක්

(18.12.2023 – 11:07 +0530 – hirunews.lk/sinhala)

පැවති වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බැවින් සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් පෙරේදා (16) මෙම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය නවතා දමනු ලැබුවා ෴


කිරිබත්ගොඩ සමාජශාලාවක වෙඩි තැබීමක්

(18.12.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala)

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවක අද (18) අලු‍යම වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අලුයම 02:00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙහිදී වෙඩි ප්‍රහාර 06 ක් එල්ල කර ඇති අතර, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන් ෴


මහරගම කණ්ඩුල හස්තියාට ඇත්ගොව්වාගෙන් පිහි ප්‍රහාරයක්

(18.12.2023 – 09:43 +0530 – sinhala.adaderana.lk)

පානදුර ප්‍රදේශයේ පෙරහැරකට සහභාගී කරවීමට රැගෙන ගොස් සිටිය දී මහරගම කණ්ඩුල හස්තියාට ඇත්ගොව්වා විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (17) පස්වරුවේ සිදු කළ මෙම පහරදීම සම්බන්ධයෙන් ඇත්ගොව්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කණ්ඩුල හස්තියාගේ සිරුරේ පිහි ඇනුම් තුවාල කිහිපයක් පවතින අතර, සිද්ධිය වන අවස්ථාවේ දී ඇත්ගොව්වා බීමතින් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴


දිනකට අන්තර්ජාල මුදල් ඉපයීම්, වෙළඳාම් පිළිබඳ පැමිණිලි 05 ක්

(18.12.2023 – 07:42 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම් පිළිබඳ වංචාවන්ට හසුවීම් සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බැවින් ‘මැසෙන්ජර්’ සහ ‘වට්ස්ඇප්’ හරහා ලැබෙන ත්‍යාග ප්‍රදානයන් හා දිනුම් ඇදීම්වලට අදාළ සැකකටයුතු සබැඳි විවෘත කිරීමෙන් වළකින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ජනතාවට දැනුම් දෙනවා.

දිනකට එවැනි පැමිණිලි 05 කට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බවයි එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ.

අන්තර්ජාල මුදල් ඉපයීම් වෙළඳාම හරහා රුපියල් ලක්ෂ 80 ක මුදලක් අහිමි වූ බවට මෘදුකාංග ඉංජිනේරුවරයෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කර තිබුණා.

ලැබී ඇති පැමිණිලිවලට අනුව අවුරුදු 20 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිස් වැඩි වශයෙන් මෙම අන්තර්ජාල මුදල් ඉපයීම් සම්බන්ධ වංචාවන්ට හසුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

විදේශගතව සිටින සංවිධානාත්මක පුද්ගලයන් සහ ජාලගත මෙරට පිරිසක් මෙම වංචා සිදු කරන බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම තම බැංකු ගිණුම් අංක සහ රහස්‍ය මුරපද වෙනත් පාර්ශවයන්ට ලබාදීමෙන්ද, වළකින ලෙස ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම් දෙනවා ෴


දරුකමට හදාගත් වයස අවුරුදු පහමාරක (5½) දැරියට වද දුන් රුහුණේ කථිකාචාර්යවරයා අත්අඩංගුවට

(18.12.2023 – 20:56 +0530 – sinhala.adaderana.lk)

දැරියක් කෲරත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දරුකමට හදාගත් වයස අවුරුදු පහමාරක (5½) දැරිය මෙලෙස එම කථිකාචාර්වරයා කෲරත්වයට පත්කර ඇති බව හෙළිවී ඇත.

අදාළ කථිකාචාර්වරයා සිය නිල නිවසේදී දැරියට විවිධ හිංසා සිදුකර ඇති බවට පසුගිය සිකුරාදා පොලීසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව දැරිය එදිනම පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබේ.

වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දැරිය කෲරත්වයට සහ විවිධ හිංසනයන්ටද ලක්ව ඇති බවය.

+


රාජගිරියේ අකුරු තුනේ රෝස් චිකන් නරක් වෙලා – ලෝකයේම දන්න චිකන් කඩේ රෝස් චිකන් කුණු වෙලා ගඳ ගහනවලු

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *