රනිල්ගේ සෙල්ලම් අවසන් ? ජනපති එරෙහිව දෝෂාභියෝගයක් ! මහාචාර්ය GL අලුත් පිටුවක් පෙරළයි

රනිල්ගේ සෙල්ලම් අවසන් ? ජනපති එරෙහිව දෝෂාභියෝගයක් ! මහාචාර්ය GL අලුත් පිටුවක් පෙරළයි


රනිල්ගේ සෙල්ලම් අවසන් ? ජනපති එරෙහිව දෝෂාභියෝගයක් ! මහාචාර්ය GL අලුත් පිටුවක් පෙරළයි

(11.12.2023 – youtube.com/@VoiceTubeSriLanka)

+


ගිණුම් 41 ක්!!! – ජාවාරම්කාරයෝ රකින බැංකු ටිකට වැඩ වරදින ලකුණු – දේශබන්දු පුලුවන්නම් මේකවත් කරනවකෝ… (11.12.2023)

+


ගොනා ඇනපු පාට් එක ගැන විමල් කතාව ඉවර කරයි (13.12.2023)

+


රුපියල් කෝටි 110 ක් වන්දි ඉල්ලා මිහින්තලේ නා හිමිගෙන් යූටියුබ් නාළිකාවකට නඩු 22 ක්

(13.12.2023 – 11:47 +0530 – mawbima.lk)

‘මිහින්තලාවට හඬක්’ නමින් හඳුන්වන යූටියුබ් නාළිකාවක් ඔස්සේ තමන් වහන්සේට සිදු කළ අපහාස සහ තර්ජන හේතුවෙන් සිදුව ඇති හානියට වන්දි ලෙස රුපියල් කෝටි එකසිය දහයක (110) මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ඓතිහාසික මිහින්තලේ රජමහ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අදාළ යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයාට එරෙහිව වෙන් වෙන් වශයෙන් නඩු විසිදෙකක් (22) අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරනු ලැබීය.

ඓතිහාසික මිහින්තලා රජමහ විහාරධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් පවරා ඇති මෙම නඩු විසිදෙකෙහි (22) ම වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ මිහින්තලාවට හඬක් නමින් හඳුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන මිහින්තලේ ප්‍රදේශයේ ම පදිංචි ‘අජිත් එදිරිසිංහ’ යන අයයි.

මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩු විසිදෙකට (22) අදාළව එක් එක් නඩුවක් සඳහා ඉල්ලා ඇති වන්දි මුදල රුපියල් කෝටි (5) පහකි.

අදාළ නඩු විසිදෙක (22) අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න ප්‍රකාශ කොට ඇත්තේ, පෙත්සම්කාර වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඓතිහාසික මිහින්තලා රජමහ විහාරයේ විහාරාධිපති සහ භාරකරු මෙන් ම ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ හිමිනමක බවයි.

මෙම නඩුවල වගඋත්තරකරු ලෙස නම් කර සිටින ‘මිහින්තලාවට හඬක්’ නමින් හඳුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන ‘අජිත් එදිරිසිංහ’ යන අය සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස හුවා දක්වමින් පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ට දිගින් දිගට ම අපහාස කරමින් සිටින බවද ස්වකීය නඩුකර මගින් අධිකරණයට පවසා ඇති නීතිඥවරයා මේ තුළින් මිහින්තලා විහාරස්ථානය සහ විහාරාධිපති හිමියන් සම්බන්ධයෙන් පදනම් විරහිත වැරදි මත දෙස්–විදෙස් වශයෙන් සමාජගත කිරීමට වගඋත්තරකරු උත්සාහ දරමින් සිටින බවට ද චෝදනා කර තිබේ.

වගඋත්තරකරුගේ මෙම ද්වේශ සහගත ක්‍රියා කලාපයෙන් පෙත්සම්කාර විහාරාධිපතීන් වහන්සේගේ කීර්තිනාමයට සහ ගෞරවයට හානි සිදුවන බව ද අධිකරණයට ප්‍රකාශ කොට ඇති නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා වගඋත්තරකරු ස්වකීය යූටියුබ් නාළිකාවෙන් සමාජගත කරන තොරතුරු මුළුමනින් ම අසත්‍ය බව ද අවධාරණය කොට තිබේ.

ඒ අනුව තම සේවාදායක පෙත්සම්කාර විහාරාධිපතීන් වහන්සේට මිහින්තලාවට හඬක් යූටියුබ් නාළිකාව මගින් වගඋත්තරකරු සිදු කර ඇති අපහාස කිරීම හේතුවෙන් මෙම නඩුවේ වගඋත්තරකාර ‘අජිත් එදිරිසිංහ’ගෙන් වන්දි අයකර ගැනීමේ අරමුණින් පවරා ඇති මෙම නඩු විසිදෙක (22) විභාගයට ගන්නා ලෙසත් අධිකරණයෙන් අයැද ඇති නීතිඥ විජයරත්න මහතා පවරනු ලැබූ මෙම නඩුකර විසිදෙක (22) සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වීම නඩු විභාගයන් අතරතුර සිදු කරන බවත් ප්‍රකාශ කොට තිබේ.

මෙම නඩු විසිදෙක (22) ඉදිරි දිනයක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය ෴


මුදල් උපයන්න පාසල් නිල ඇදුමකින් අසභ්‍ය දර්ශන රූගත කළ සරසවි යුවලක් අත්අඩංගුවට

(13.12.2023 – 20:18 +0530 – hirunews.lk/sinhala)

මුදල් උපයා ගැනීමේ අරමුණින් පාසල් නිල ඇදුමින් සැරසී ලිංගික දර්ශනවල පෙනී සිටිමින් එම දර්ශන අන්තර්ජාලයට මුදා හැරි විශ්ව විද්‍යාල සිසුවෙකු සහ සිසුවියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ විශ්ව විද්‍යාලයක වෝහාරික වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉංජිනේරු විෂය හදාරන සිසුවෙක්.

පිළිමතලාව ප්‍රදේශයේ ඇති ලැගුම්හලකට පැමිණි යුවලක් ලිංගික දර්ශන රූගත කිරීමේ ක්‍රියාවලියක නිරත වන බවට කඩුගන්නාව පොලිසිය ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව අදාළ ලැගුම්හලට ගොස් ඔවුන් නවාතැන්ගෙන සිටි කාමරය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ජංගම දුරකථන කිහිපයක්, ජංගම දුරකථන රදවන සහ ලැප්ටොප් පරිඝණකයක් සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ.

විමර්ෂනවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් ලැගුම්හලේ කාමරය තුල ලිංගික දර්ශන රූගතකර ඇති බවටයි.

එලෙස රූගත කරන ලද දර්ශන අන්තර්ජාලයට යොමුකර ඇති අතර කලක සිට ඔවුන් මෙම ක්‍රියාව සිදු කර ඇති බවට සනාථ වී ඇත්තේ ඔවුන්ගේ අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් සංඛ්‍යාව ලක්ෂ 80 ත් ඉක්මවා තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා විවාහ ගිවස ගෙනද සිටින බව තහවුරු වී ඇති අතර දෙදෙනා අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

++++++++

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දැමූ යුවළක් අත්අඩංගුවට

(13.12.2023 – 21:31 +0530 – sinhala.adaderana.lk)

පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ක කාන්තාවක් සහ වයස අවුරුදු 29 ක පිරිමි පුද්ගලයෙකි.

ඔවුන් නිත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති අතර විවාහ උත්සවය ද එළඹෙන වසරේ සිදුකිරීමට නියමිතව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාම උපාධිධාරීන් වීම විශේෂත්වයකි.

මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තමන් මෙලෙස අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉන් මාසයකට රුපියල් ලක්ෂයකට (1,00,000) ආසන්න මුදලක් උපයා ඇති බවය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එහිදී අදාළ රූගත කිරීම් සඳහා යොදාගත් බව කියන පාසල් නිල ඇඳුම්, ටයි ඇතුළු දේවල් ද පොලීසිය සොයාගෙන ඇත.

කලක් තිස්සේ මෙලෙස මෙම ජාවාරම සිදුකර ඇති සැකකාරිය සහ සැකකරු විසින් සකස් කර ඇති අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් 4,400 ක් පමණ සිටින අතර ඔවුන්ගේ වීඩියෝ නැරඹුම් වාර මිලියන 8.7 ක් පමණ ඇති බවද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යුවළක් පිළිමතලාව ප්‍රදේශයේ ලැඟුම්හලක අසභ්‍ය දර්ශන රූගත කරන බවට කඩුගන්නාව පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්ඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴


ගුවන් යානයක් තුලදී දැරියක් අතරවරයට ලක් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

(13.12.2023 – 16:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික දැරියක් ලිංගික අතරවරයකට ලක් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ මෙම ගුවන් යානයේදී අදාළ දැරිය මෙම ඉන්දීය ජාතිකයා විසින් අතවරයට ලක් කර තිබුණා.

සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල , ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා (2) මෙම ගුවන් යානයේ ගමන් ගමන් කරමින් සිට ඇති අතර අවුරුදු 08 යි මාස 10 ක් වයසැති කුඩා දැරියයි මෙලෙස අතවරයකට ලක් ඇති බවයි වාර්තා වන්නේ.

මව විසින් ඒ පිළිබඳව ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කර ඇති අතර පසුව සැකකරු ගුවන් තොටුපල පොලිසිය වෙත භාර දී තිබුණා.

මේ වනවිට දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා ෴


ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට ගිනිතබයි

(13.12.2023 – 11:59 +0530 – sinhala.adaderana.lk)

අද (13) අලුයම 3 ට පමණ රහසිගතව වෙළෙඳසැලකට ඇතුළුවූ පුද්ගලයෙකු ඊට ගිනිතබා පළාගොස් තිබුණි.

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට එලෙස ගිනිතබා ඇති අතර ගින්නෙන් වෙළෙඳසැලේ අලෙවි කිරීම සඳහා තබා තිබූ භාණ්ඩ රැසක් විනාශවී තිබේ.

ගාල්ල අක්මීමන පොලිස් වසමේ තලගහ දෙහිදුව හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගනන් බලා නොමැති අතර ගිනිතබන අයුරු වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්වී ඇත.

+


දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව ගැන අභියාචනාධිකරණ නියෝගය

(13.12.2023 – 19:28 +0530 – sinhala.adaderana.lk)

දකුණු ආසියාවේ විශාලතම ‘වැට් බදු වංචා කිරීමේ සිද්ධිය’ සම්බන්ධයෙන් බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යපාරිකයින් තුන් දෙනෙකුගේ (3) දඬුවම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත අද (13) දින ස්ථිර කෙරුණි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරුවන් කොට බරපතළ වැඩසහිත වසර 20 බැගින් සිරදඬුවම් සහ දඩ මුදල් නියමවී සිටී ‘මොහොමඩ් සුබයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන්’ යන විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් මෙම තීන්දුවට එළඹුණි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු හා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවය.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ ආර්. ගුරුසිංහ යන විනිසුරුවරු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදුකිරීමට තරම් සාධාරණ කරුණු අනාවරණය වීමක් සිදු නොවන හෙයින් විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කළ යුතු බව සඳහන් කර තිබුණි.

ඒ අනුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් පනවන ලද දඬුවම් ස්ථිර කරමින් ඔවුන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තීන්දු වුණි.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් සම්බන්ධයෙන් සාපරාදී ලෙස වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් තුන් දෙනාට (3) කොළඹ මහාධිකරණය විසින් 2014 වසරේ සැප්තැම්බර් මස 26 වනදා බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිරදඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණි.

මහාධිකරණ නඩු විභාගය පැවති අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය මගහැර පළාගොස් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය පැවැත්වුණි ෴


දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන සියලුදෙනාට දැනුම්දීමක්

(13.12.2023 – 22:46 +0530 – sinhala.adaderana.lk)

පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මේ හේතුවෙන් සියලුම රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසටය ෴


13-12-2023

++++++++

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පක්ෂයේ නායකත්වයට පත්වූ දිනයක සිය විහාරස්ථානයට පැමිණි බව මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසනවා.

ඒ අවස්ථාවේ තමන් විසින් අනුර කුමාර දිසානායක හට පිරිත් නූලක් බැඳ ආශීර්වාද කොට හොඳින් රට පාලනය කරන ලෙස අනුශාසනා කළ බවයි හිමියන් සඳහන් කරන්නේ.

කෙසේ වුවද ආවාස ගෙයින් එළියට බසින අවස්ථාවේ ම අනුර දිසානායක පිරිත් නූල ගලවා මිදුලට විසි කළ බවත් ධම්මරතන හිමියන් පවසනවා.

එය දුටු සිය ශිෂ්‍ය හිමිවරුන් ද, රියදුරා ද තමන් වෙත අදාළ සිද්ධිය අනාවරණය කළ බවත් “එවුන් මිත්‍යාදෘෂ්ටිකයෝ. උන්ට ආගමක් දහමක් නෑ. ගණන් ගන්න එපා” යැයි තමන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළ බවත් ධම්මරතන හිමි වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

උන්වහන්සේ පසුගියදා යූටියුබ් නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා ෴

(බුද්ධිමත් බෞද්ධයන්ගේ ඡන්දය මෝඩ මිසදිටුවන්ට ලැබෙන්නේ නැත ! – අමරසර)


බබාලා 5000ක් ෆ්‍රිජ් එකේ ඉන්නවා|අවුරුදු 67 අම්මාටත් බබෙක් හම්බවුණා|එක බබෙක් ශිෂ්‍යත්වෙන් පළවෙනියා|07-12-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *