නුගේගොඩ නගරයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

නුගේගොඩ නගරයේ වාහන ගමනාගමනය සීමා කෙරේ


නුගේගොඩ නගරයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

(01.12.2023 – 20:59 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ නගරය හරහා ගමන් කරන කැළණි වැලි දුම්රිය මාර්ගයේ ස්ටැන්ලි තිලකරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට (02) දින උදෑසන 08:00 සිට අනිද්දා (03) උදෑසන 06:00 දක්වා මෙම මාර්ගය වසා තැබෙනවා.

පොලිසිය පවසන්නේ මේ නිසාවෙන් මහජනතාවට සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

විකල්ප මාර්ග මෙසේය :


ප්‍රධාන සන්නාමවලට යැවෙන කාර් ස්පෙයාර් පාර්ට්ස් දැන් රටේම හැදෙනවා. විමල්ට රමේෂ්ගෙන් ක්‍රෙඩිට් එකක් (01.12.2023)

+


භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

(01.12.2023 – 20:54 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 02 වන වගන්තිය යටතේ පනවන ලද සහ 2023 ජනවාරි 04 දිනැති අංක 2313/34 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත නියමය 2023 දෙසැම්බර් මස 01 වැනිදා සිට අවලංගුවන බවයි වාර්තා වෙන්නේ.

මෙම නියමය 2023 දෙසැම්බර් මස 01 දිනයෙන් ආරම්භ වී 2024 දෙසැම්බර් 31 වැනි දින දක්වා 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ දෙවැනි (2) වගන්තියේ (03) වැනි උප වගන්තියේ විධිවිධානවලට යටත්ව වලංගුවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ මේ සඳහා යටත්වනු ඇති :

  • යෝගට්
  • වෙඩරු
  • කිරිවලින් නිපද වූ තැවරුම්
  • සියලුම වර්ගවල පෙරන්ගාන ලද හෝ පිටිකරන ලද කේජු
  • බොම්බයි ලූණු
  • රට ඉඳි (අලුත්)
  • රට ඉදි (වියළි)
  • දොඩම් (අලුත්)
  • මිදි (අලුත්)
  • මිදි (වියළි)
  • ඇපල්, අනෙකුත් පළතුරු
  • සැමන්
  • හුරුල්ලන්
  • සාඩින්
  • සාඩින් සහ හාල්මැස්සෝ

කොස්තාපල් ව හැප්පූ රියදුරා අත්අඩංගුවට

(02.12.2023 – 10:00 +0530 – sinhala.adaderana.lk)

තලංගම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගයේ අකුරේගොඩ හන්දියේ දී රථවාහන හසුරුවමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ත්‍රිරෝද රථයකින් හප්පා අනතුරට ලක් කළ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ, බස්නාහිර පළාත් දකුණ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකි.

නිලධාරියා තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කර ඇත.

රියදුරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴


දියණියට අතවර කළ යුද හමුදා කම්කරුවා අත්අඩංගුවට

(02.12.2023 – 08:45 +0530 – sinhala.adaderana.lk)

තම දියණියට වසර 02 ක පමණ කාලයක් ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා කම්කරුවෙකු කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, විතිකුලිය, වන්නිගම පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙකි.

සැකකරු වව්නියාව, පම්පෙමඩුව 17 වන පාබල හමුදා කඳවුරේ කම්කරුවෙකු ලෙස සේවය කරන අයෙකු බවට අනාවරණය වී ඇත.

වයස 12 ක් වන දියණියට සැකකරු විසින් වසර 02 ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදු කරන බවට කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරක් ලැබී තිබිණි.

එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කොබෙයිගනේ පොලීසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව සිදු කළ විමර්ශන හරහා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත් ව ඇති බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


අවශ්‍ය කර සිටි සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

(02.12.2023 – 07:48 +0530 – sinhala.adaderana.lk)

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෙකු (4) පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 28 වනදා පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (01) පස්වරුවේ මෙම සැකකරුවන් පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔවුන් සතු ව තිබී කඩුවක් සහ මන්නා පිහියක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30, 37, 43 සහ 53 වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින්’ සිද්ධිය ගැන තවත් කතාවක්

(02.12.2023 – 07:36 +0530 – sinhala.adaderana.lk)

‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින්’ වංචාව සම්බන්ධ‍යෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පරීක්ෂණ නිවැරදිව සිදු කිරීමට වගබලා ගත යුතුව ඇති බවයි.

මේ අතර, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගත යුතු බව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

එසේම ඖෂධ මිලදී ගැනීමේ දී නිසි ආකාරයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු කිරීම මඟින් සිදු වන වංචා දූෂණ වළක්වා ගැනීමේ හැකියාවක් පවතින බව විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කර ඇත ෴


ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කරයි

(02.12.2023 – 19:06 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබේ.

ජනාධිපති කාර්යාලය විසින් එම වැඩසටහන ආරම්භ කර ඇති අතර රාජ්‍ය ආදායම් එකතු කිරීමේ අංශය මෙය ක්‍රියාවට නංවා ඇති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනා ජනාධිපති කාර්යාලයට කැඳවා බදු ලිපිගොනු සකස් කිරීම මෙහිදී සිදුවෙයි.

මේ වනවිට මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ බදු ලිපිගොනු විවෘත කර ඇති බව වාර්තා වෙයි.

දෙසැම්බර් මස 01 වනදාට පෙර‍ එම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස දැනුම්දී ඇතත් පවතින විවිධ ගැටළු හේතුවෙන් එම කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

කෙසේවෙතත් දැනට බදු ලිපිගොනු පවත්වාගෙන යන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔවුන්ට පවතින ගැටලු ඉදිරිපත් කර ඒවා නිරාකරණය කරගෙන ඇති බවද සඳහන්ය.

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සහ බදු ලිපිගොනුවක් නඩත්තු කිරීම මෙම වැඩසටහනේ බලාපොරොත්තුව බවද මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉදිරියේදී බදු ලිපිගොනු විවෘත කිරීමට ද නියමිතය ෴


දුම්රිය මාර්ගයේ ගමන් කළ විදේශිකයෙක් දුම්රියේ ගැටී මරුට

(02.12.2023 – 17:11 +0530 – sinhala.adaderana.lk)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටී විදේශිකයෙකු මියගොස් තිබේ.

සිය බිරිඳ සමග මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දෙහිවල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

අනතුරින් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 57 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *