රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ගෙන් අභියෝගයක්

රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ගෙන් අභියෝගයක්


රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ගෙන් අභියෝගයක්

(17.11.2023 – 23:47 +0530 – hirunews.lk/sinhala)

‘රට බංකොළොත් කිරීමට වගකිවයුතු රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය වහා අහෝසි කරනු.!’ යන මැයෙන් ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ නම් සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත්කිරීමේ වගකීම භාරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා (14) තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්ව ජන අරගලයෙන් පන්නා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කළ යුතුය යන්නයි.

එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රටේ මිලියන 21 ක ජනතාව ගෑස් හිඟයෙන්, ඉන්ධන හිඟයෙන්, විදුලි කප්පාදුවෙන්, බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටියදී එකමුතු නොවූ පාර්ලිමේන්තුවක් මේ රට බංකොළොත්භාවයට පත්කළ මෙම කල්ලියට එරෙහිව එකමුතු වේ යැයි ඔවුන් කිසිසේත් විශ්වාස නොකරන බව‍යි.

එමෙන්ම මෙවන් තීරණාත්මක අවස්ථාවකදී රටේත්, රටේ ජනතාවගේ යුක්තිය වෙනුවෙනුත් සටන් කළ හැකි දේශපාලන ස්වාධීනත්වයක්, පෞරුෂයක් හැකියාවක් හෝ අභිලාෂයක් සහිත දේශපාලනඥයන් කිසිවෙකු වත්මන් පාර්ලිමේන්තුව තුළ ඇතැයි ඔවුන් විශ්වාස නොකරන බවත්, එසේ සිටිනවා නම් රට විනාශයට ගෙන ගිය බවට රටේ උත්තරීතර නීතිය ඉදිරියේ හෙළිදරව් වූ පිරිසගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන එන මෙන් එම සංවිධානය අභියෝග කරන බවත් එම නිවේදනයේ සඳහන්.

‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ විසින් නිකුත් කළ එම සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනය පහතින් :


සීනි ආනයනකරුවන්ගේ සීනි ගබඩා පරීක්ෂාවක්

(17.11.2023 – 23:34 +0530 – hirunews.lk/sinhala)

සීනි ආනයනයේදී පැනවෙන බදු ඉහළ නැංවීමත් සමග සීනි සඳහා පාලන මිලක්ද පැනවීමට පසුගියදා රජය පියවර ගත්තා.

නමුත් එවන් පසුබිමක මේ වන විට වෙළෙඳපොළ තුළ දැඩි සීනි හිඟයක් ද මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෘජුවම වගකිවයුතු ආයතනය වන පාරිභෝගික අධිකාරියෙන් කළ විමසීමකදී සඳහන් කළේ සීනි ආනයනකරුවන්ගේ ගබඩාවල පවතින සීනි තොග පිළිබඳ මේ වනවිට පරික්ෂාවන් සිදුකරන බවයි.

සීනි ආනයනයේදී කිලෝවක් සඳහා ශත 25 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉදිරි වසරක කාලයක් සඳහා රුපියල් 50 ක් දක්වා වැඩි කළ අතර ඒ සමගම සීනි සඳහා පාලන මිලක්ද රජය මගින් පණවනු ලැබුවා.

ඒ අනුව පැකට් කළ සහ පැකට් නොකළ, සුදු හා දුඹුරු සීනි සඳහා මිල ගණන් 4 ක් පනවමින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් ගැසට් කෙරුණේ ඒ වනවිට වෙළඳපළේ පැවැති මිලට වඩා ඉහළ අගයක් නියම කරමින්.

කෙසේ වෙතත් මේ වනවිට දිවයිනපුරා සීනි හිඟයක් මතුව තිබෙනවා.

සිල්ලර වෙළෙඳුන් චෝදනා කරන්නේ තොග වෙළඳපළේ සීනි මිල, ගැසට්කර ඇති සිල්ලර මිලටත් වඩා ඉහළ අගයක පවතින බැවින් සීනි වෙළඳාම පාඩු ගෙනදෙන බවයි.

සීනි සඳහා පනවා තිබූ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමත් සමඟ වෙළෙඳපොළ තුළ සීනි මිල ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් සෘජුවම වගකිවයුතු ආයතනයට වන පාරිභෝගික අධිකාරියෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී එහි මාධ්‍ය අංශය සඳහන් කළේ මෙරටට සීනි ආනයනය කරන ආනයනකරුවන් 14 දෙනෙකු සිටින බවත් ඔවුන්ගේ ගබඩාවල පවතින සීනි තොග පිළිබඳ මේ වන විට පරික්ෂාවන් සිදුකරන බවයි.

ඒ අනුව වෙළෙඳපොළට අවශ්‍ය සීනි අදාළ ගබඩාවලින් මුදාහැරීමට කටයුතු කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

+


මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ව පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහයක්

(17.11.2023 – 21:23 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) ප්‍රදේශවාසීන් පහරදී, පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සහා කිරීමේ සිදුවීමක් කොම්පඤ්ඤවීදිය, වෑකන්දවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණි.

පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබා එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පසුව සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු (3) ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (16) රාත්‍රි කොම්පඤ්ඤවීදිය 57 වත්ත ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී යතුරු පැදියකින් මත්ද්‍රව්‍යයද රැගෙන පැමිණි සැකකරු තවත් පුද්ගලයෙකු සමඟින් එහි නිවසකට ඇතුළුවී ඇති අතර එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අදාළ නිවසට තුළට යාමට උත්සාහ දරා තිබුණි.

එම අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙක් (2) කෑ ගසා පරුෂ වචන කියමින් පවසා ඇත්තේ, “පොලීසියෙන් ඇවිත්, මුන් වටකරලා ගහපල්ලා” යනුවෙනි.

එහිදී අවට පදිංචිකරුවන් පොලු, මුගුරු සහ මන්න පිහි ආදියද රැගෙන පොලිස් නිලධාරීන් වටකර පහරදීමට උත්සාහ දරා තිබේ.

එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු ප්ලාස්ටික් බෝතලයක තිබූ පෙට්‍රල් පොලිස් නිලධාරීන්ගේ සිරුරුවලට විසිකර ගිනි තැබීමට උත්සාහ දරනවාත් සමඟ නිලධාරීන් අහසට වෙඩි තබා එම ස්ථානයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.

අනතුරුව කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිදුකළ මෙහෙයුමේදී පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ කාන්තාවන් තිදෙනෙකු (3) ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා ඔහු සමග සිටි අනෙක් පුද්ගලයා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු පැමිණි යතුරුපැදිය පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය අතරතුර පෙට්‍රල් ශරීරගතවීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති අතර ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අනෙක් නිලධාරියා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබයි.

+


බොහෝ අනාවැකි කී මහා ගණිතඥයා ලොවක් පුදුම කල හැටි |ආතර් සී ක්ලාක්ගේ පරීක්ෂණ වල ගණන් හැදුව Dr. M.G. Arlis (17-11-2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *