කාලගුණයෙන් තවදුරටත් අවවාදාත්මක නිවේදන

කාලගුණයෙන් තවදුරටත් අවවාදාත්මක නිවේදන


කාලගුණයෙන් තවදුරටත් අවවාදාත්මක නිවේදන

(06.10.2023 – 19:58 +0530 – sinhala.adaderana.lk)

නිල්වලා ගඟේ ද්‍රෝණියට මිලිමීටර 100 ක වැසි ඇති වීමේ හැකියාව හේතුවෙන් එම ගඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි උතුරා යාමේ අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව, අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රදේශවලට විශාල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

මේ අතර, අකුරැස්ස දියලපේ ග්‍රාම නිලධාරී වසමේ තැන්නපිටහේන ගම්මානයට ඉහළින් පිහිටි කන්ද ඊයේ (05) නාය යෑමට ලක් විය.

නමුත්, කන්ද නාය යෑමට පෙර ගම්මානයේ නිවාස 21 ක පුද්ගලයන් 74 දෙනෙකු තාවකාලි ව ඉවත් කෙරිණි.

ඒ ගම්වාසියෙකු කන්ද නාය යන බවට කළ දැනුම්දීමෙන් අනතුරුවයි.

තමා ගේ හඬට ඇහුම්කන් දී වහාම ක්‍රියාත්මක වී ජීවිත බේරාගැනීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා නිලධාරීන්ට අද (06) ස්තුතිය ද පළ කළේය.

නාය යෑම නිසා ඉවත් කෙරුණු පිරිස මේ වන විටත් තාවකාලික ව නවාතැන් ගෙන ඇත්තේ, අකුරැස්ස දියලපේ කනිටු විදුහලේය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයන් අවදානම ද නොතකා සිය නිවෙස් වෙත පැමිණ බඩු බාහිරාදිය ඉවත්කර ගැනීමට ද කටයුතු කර තිබිණි.

මේ අතර, මාතර වැලිහිද ප්‍රදේශයේ නිවසකට ඊයේ (05) රාත්‍රියේ පස් කන්දක් කඩා වැටී දැඩි අලාභ හානි සිදු ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් නිවෙස් හිමියන් නිවසින් එළියට පැන ගොස් ජීවිත බේරාගෙන තිබුණු බව සඳහන්ය.

වර්ෂාවත් සමඟ වැඩිම ජල ගැලීම් ප්‍රමාණය ද වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික්කයෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, නිල්වලා ගඟේ ද්‍රෝණියට මිලිමීටර 100 ක වැසි ඇති වීමේ අනාවැකි හේතුවෙන් නිල්වලා ගඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි උතුරායාමේ අවදානමක් ඇති විය හැකි බවයි.

මේ අතර, මාලිම්බඩ හා කද්දූව ආදී ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ තවත් පිරිසක් අදත් බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

ආපදාවට ලක්වූ වැඩි ම පුද්ගලයන් සංඛ්‍යාව වාර්තා වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 41,951 කි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ රත්නපුර, කෑගල්ල,කොළඹ, කළුතර, ගම්පහ, ‍මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික් අයහපත් කාලගුණයේ බලපෑමට ලක් ව ඇති බවයි.

ගිං ගඟ ද්‍රොණියට ද ඊයේ (05) රාත්‍රියේ මිලිමීටර 50 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පවතින ගංවතුර තත්ත්වයේ සුළු වර්ධනයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවරට තවදුරටත් පවතින්නේ ගංවතුර තත්ත්වයක් බව සඳහන්ය.

කුඩා ගඟේ ජල මට්ටම ද යළි ඉහළයමින් පවතින අතර, මිල්ලකන්ද මාපකයේ ජල මට්ටම අද (06) උදෑසන මීටර 6.91 ක් ලෙස ඉහළ ගොස් තිබිණි.

එමෙන්ම වර්ෂාව වැඩි වුවහොත් අත්තනගලු ඔය කැලණි, කළු ගංඟා ආශ්‍රිත ව පහත්බිම්වලට ගංවතුර ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුකුළේගඟ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එම අගය මිලිමීටර 72 කි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇති වන බවයි.

පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12 ක පවුල් 13,627 කට අයත් පුද්ගලයින් 55,780 ක් පීඩාවට පත්ව සිටින අතර, ඉන් පවුල් 355 කට අයත් පුද්ගලයින් 1473 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 15 ක රඳවා ඇති බව ද වාර්තා වේ.

රත්නපුර, මාතර, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක 04 ට දෙවැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

+


පිලියන්දල ශ්‍යාක්‍ය රාජධානියේ අවුලට මර්වින් මැදිවෙයි (06.10.2023)

+


රන් කෙල්ලට ලක්ෂ ගණන් මුදල් තෑගි සහ ඉඩම්

(06.10.2023 – 22:50 +0530 – hirunews.lk/sinhala)

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රු. ලක්ෂ 150 ක් ලබා දීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම, ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමකට රු. ලක්ෂ 100 ක් සහ ලෝකඩ පදක්කමකට රු. ලක්ෂ 50 ක් පිරිනැමීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

තවද, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් දී ඇත්තේ තරුෂි කරුණාරත්නට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ඉඩමක් ලබා දෙන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්ට උපදෙස් දුන් බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඇයට රුපියල් මිලියන 10 ක මූල්‍ය ත්‍යාගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා ෴


නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර

(07.10.2023 – 07:00 +0530 – sinhala.adaderana.lk)

අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි.

ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ ෴


මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වැසෙයි

(07.10.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala)

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන සඳුදා (09) සහ අඟහරුවාදා (10) වසා තැබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සඳහන් කර සිටියේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴

++++++++

+


මාතර සහ ගාල්ල ප්‍රදේශවල ගංවතුර සහන කටයුතු සඳහා යුද හමුදා සාමාජිකයින් 600 ක්

(07.10.2023 – 11:33 +0530 – hirunews.lk/sinhala)

ගංවතුර සහන කටයුතු සඳහා මාතර සහ ගාල්ල ප්‍රදේශවලට යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියේ නිලධාරීන් 600 ක් අනියුක්ත කිරීමට කිරීමට පියවර ගත් බවයි ෴


අනතුරට ලක්ව මියගිය පොලිස් සැරයන්ට වයස අවුරුදු 55 තෙක් වැටුප් දීමනා

(07.10.2023 – 14:34 +0530 – hirunews.lk/sinhala)

නිදහස් චතුරශ්‍රය ආසන්නයේදී රිය අනතුරකට ලක්ව මියගිය පොලිස් සැරයන්වරයාට ඔහු ජිවත්ව සේවයේ සිටියා සේ සලකා රජයේ සියලු‍ වැටුප් වැඩිවීම්, දීමනා සහ වැටුප් වර්ධක ලබාදීමට තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 55 වනතෙක් ඔහුට මෙම දීමනා ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව මියගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ තනතුර ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබුණා ෴


‘කොට සුපුන්’ ගේ මරණය ගැන තවත් තොරතුරු එළියට

(07.10.2023 – 14:48 +0530 – sinhala.adaderana.lk)

කුලී වෙඩික්කරුවකු ලෙස පුද්ගල ඝාතන සිදු කළ ‘සුපුන් ආකාෂ්’ හෙවත් ‘කොට සුපුන්’ නැමැත්තා අද (07) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත් විය.

ඔහු පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම දී ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු බව පොලීසිය පවසයි.

පාදුක්ක කෙලිමඬල ප්‍රදේශයේ පිහිටි ‘රියල් ස්ටේට්’ නම් ස්ථානයේ සංවිධානාත්මක අපරාධකරුවකු සැඟ ව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය වෙත තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් කණ්ඩායමක් අද (07) අලුයම 03 ට පමණ එහි ගොස් ඇත.

එහි දී අදාළ පුද්ගලයා විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත වෙඩි තැබීමක් සිදු කර තිබෙන බව සඳහන්ය.

එම අවස්ථාවේ දී ඔවුන් සිදු කළ වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර, පසු ව ඔහු රෝහල්ගත කිරීමේ දී මියගොස් තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, එලෙස මියගොස් ඇත්තේ, ‘සුපුන් ආකාෂ්’ හෙවත් ‘කොට සුපුන්’ නැමැති කුලී වෙඩික්කරු බවයි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ඔහු විසින් භාවිත කළ ටී 81 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත ෴


යක්ෂ දත් එන ලංකාවේ අත්භූත මිනිසාගේ දත් වෛද්‍යවරු ගලවන්න හදලා වුන දේ – 2027 වෙනකම් ලංකාවට එන කරදර (07.10.2023)

+


පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි (07.10.2023)

+

+


පාකිස්ථානු ව්‍යාපාරිකයාගේ ඩොලර් 900 ක් පැහැරගෙන

(07.10.2023 – 16:28 +0530 – hirunews.lk/sinhala)

මහනුවර නගරයට ආසන්න හෝටලයක නවාතැන් ගෙන සිටි පාකිස්ථානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් ඩොලර් 900 ක් සොරා ගත් බව කියන එම හෝටලයේම 22 හැවිරිදි සේවකයෙකු මහනුවර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති පාකිස්ථානු ජාතික ව්‍යාපාරිකයා මහනුවර නගරයට ආසන්න හෝටලයක නවාතැන් ගෙන ඇති අතර එහි කාමරයක් තුල ඔහුගේ ගමන් මල්ලේ තිබූ ඩොලර් 900 ක් (රුපියල් ලක්ෂ තුනකට ආසන්න) අතුරුදන්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය මගින් කළ විමර්ශණයේදී එම හෝටලයේම සේවය කළ 22 හැවිරිදි සේවකයෙකු විසින් මෙම මුදල ලබා ගෙන ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබියදී පොලීසිය මගින් සොයා ගෙන ඇති බව වාර්තා වෙනවා.

මහනුවර පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ සිදු කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *