මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්


මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

(04.10.2023 – 18:42 +0530 – hirunews.lk/sinhala)

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර සිටියේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, ඉඹුල්පේ ප්‍රදේශවලටද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇලපාත, කලවාන, රත්නපුර, අයගම, ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශවලට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව ද සඳහන් ෴

නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම ගඟ දැනට පිටාර මට්ටමේ පවතින අතර තවදුරටත් වැසි ඇතිවුවහොත් ගංවතුර තත්ත්වයක්ද ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විටත් දිස්ත්‍රික්ක 12 කට අයත් පුද්ගලයින් පීඩාවට පත්ව තිබෙනවා ෴


මාතර සියලුම පාසල් 05 සහ 06 යන දිනවල වැසෙයි

(04.10.2023 – 18:48 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ඔක්තෝම්බර් 05 සහ 06 යන දිනවල වසා තැබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් සඳහන් කර සිටිනවා.

එමෙන්ම අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා ෴


හෙට (05) උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු වීම හෝ ප්‍රමාද වීම සිදුවේ

(04.10.2023 – 21:48 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ක්‍රියාකරුවන්ගේ වැඩවර්ජනය හේතුවෙන් හෙට (05) උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දුම්රිය නියාමකයින් අද (04) පෙරවරුවේ සිට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයට හේතුව දුම්වැටියක් නිසා ඇතිවු ආරවුලක් බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් මගී ජනතාවද දැඩි දුෂ්කරතාවට පත්වූ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද (04) දුම්රිය ගමන්වාර 78 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවයි.

මෙම දුම්රිය වර්ජනයට හේතුවූයේ දුම්වැටියක් සම්බන්ධයෙන් ඇතිවූ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිගයාමෙන් මාලිගාවත්ත දුම්රිය අංගනයේ උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් විසින් පහරදීමේ සිද්ධියක් ෴

+++++++++

+


නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළට

(04.10.2023 – 22:06 +0530 – sinhala.adaderana.lk)

නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පානදුගම ප්‍රදේශයෙන් ජල මට්ටම මීටර් 6.87 ක් දක්වා ඉහළගොස් ඇති බවය.

රාත්‍රී 8 ට පමණ එහි අගය සටහන්ව තිබුණේ මීටර් 6.85 ක් ලෙසටය.

මෙය මීටර් 7.50 ක් දක්වා ඉහළගියහොත් මහා ගංවතුර තත්ත්වයක් බවට පත්විය හැක.

මේ වනවිට නිල්වලා ගඟේ පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි ෴

++++++++

++++++++

+


නිරුවත අලෙවි කළ තවත් විවාහක යුවළක් අත්අඩංගුවට

(04.10.2023 – 19:16 +0530 – sinhala.adaderana.lk)

මෙරට තුළ තහනම් වෙබ් අඩවියක් මාර්ගයෙන් සිය නිරුවත් දර්ශන අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33 න් හැවිරිදි විවාහක කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සිය සැමියා සමග මෙම ජාවාරම සිදුකර ඇති අතර, ඔවුන් එක් දර්ශන වාරයක් සඳහා රුපියල් 2,000 සිට 8,000 දක්වා මුදලක් අය කර ඇති බව පොලීසිය පැවසීය.

+


‘හරක් කටා’ට දුරකථනයක් දී තොරතුරු රැසක් ලබාගනී

(04.10.2023 – 19:12 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ‘කුඩු සළිඳු’ට කිරිපිටි, ඉඟුරු බිස්කට්, ක්ෂණික නුඩ්ල්ස් ඇතුළු ආහාර පාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතීඥයින් මෝසමක් මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ එම ආහාර පාන ලබා දෙන්නේද යන්නය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසූවේ ආපන ශාලාවෙන් කිරි තේ ඇතුළු අවශ්‍ය ආහාරපාන ලබාදෙන බවය.

මේ අතර, ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ රටවල් රැසක සංචාරය කරමින් මෙරට අපරාධ ජාලය මෙහෙයවා ඇති බව විමර්ශකයින් අනාවරණය කරගෙන තිබේ.

‘හරක් කටා’ හා ‘කුඩු සලිඳු’ නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, ඩුබායි, ප්‍රංශය, ජර්මනිය, මැඩගස්කරය හා කෙන්යාව ඇතුළු රටවල සංචාරය කරමින් මෙරට තුළ අපරාධ මෙහෙයවා ඇති බවට ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ එම රටවල මොවුන්ගේ අපරාධ ජාලයේ සාමාජිකයන් සිටින බවය.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවයරාගේ හා අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත තොරතුරු ලබාගැනීමේ අරමුණින් විදෙස්ගත අපරාධකරුවන්ගේ ජාලය හා සම්බන්ධවීමට ‘හරක් කටා’ට සහ ‘කුඩු සලිඳු’ට දුරකථනයක් ලබාදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය පසුගිය දිනවල ‘හරක් කටා’ගේ සමීපතමයින් විසින් අපරාධ සඳහා භාවිත කළ ගිනිඅවි කිහිපයක්ම සොයාගෙන ඇත්තේ එම දුරකථනය මගින් ලබාගත් තොරතුරුවලට අනුවය.

එමෙන්ම සෑම බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනකම ස්ථවාර දුරකථනයකින් නියමිත කාලයක් සඳහා නිවසට දුරකථන ඇමතුමක් ලබාදීමටද ‘හරක් කටා’ට අවස්ථාව සලසාදී ඇති අතර ඒ ඔහුට අවශ්‍ය කරන ඖෂධ ඇතුළු භාණ්ඩ පිළිබඳ දැනුම්දීම සඳහා බව විමර්ශන නිලධාරීන් පවසයි.

මේ අතර ‘හරක් කටා’ගේ නීතීඥයින් විසින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව විදෙස්ගතව සිටින ඔහුගේ බිරිඳට ද එම දුරකථන මාර්ගයෙන් ඇමතුම් ලබාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වෙයි.

මේ අතර මෙම දුරකථනයට අමතරව ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකුගේ ජංගම දුරකථනයක්ද රහසිගතව භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඒ ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමට සහායදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනයයි.

‘හරක් කටා’ට පළායෑමට තැත්කිරීම සඳහා සහාය වී මේ වනවිට අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වූ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායන අවස්ථාවේදී රැගෙන ගොස් ඇත්තේ අදාළ ජංගම දුරකථනය බවට ද අනාවරණ වී තිබේ.

කඩවත ප්‍රදේශයේදී පුළුස්සා දමා තිබුණු එම ජංගම දුරකථනයේ කොටසක් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයා ගත්තේය.

+


පිළියන්දල තැන තැන දමා ගිය යතුරුපැදි තුනක් (3)

(04.10.2023 – 14:52 +0530 – sinhala.adaderana.lk)

අයිතිකරුවෙකු නොමැති යතුරුපැදි තුනක් (3) පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන දෙකක (2) දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

එම යතුරුපැදි කැස්බෑව ජාලියගොඩ අතුරු මාර්ගයේ, බටකැත්තර මාළු බෝක්කුව ආසන්නයේ සහ බෝකුන්දර මැද්දෝවිට වීරසිංහ මාවතේ දමා ගොස් තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.

මෙලෙස සොයාගත් යතුරුපැදි සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

මේ අතර පිළියන්දල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් වැටලීමක් සඳහා යමින් සිටියදී අණ නොතකා ධාවනය කළ සැක සහිත යතුරුපැදියක් පසුපස හඹාගොස් යතුරුපැදිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිවී ඇත්තේ එම යතුරුපැදියද සොරකම් කරන ලද එකක් බවය.

මීට සතියකට පෙර අඟුලාන ප්‍රදේශයේදී එම යතුරුපැදිය සොරකම් කළ බවත් එහි ලියාපදිංචි අංකය කළු පැහැති ගම් ටේප් ඇලවීමෙන් වෙනස් කළ බවද පිළිගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති 29 හැවිරිදි වියේ පසුවන සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


යුනිලීවර් සබන් මගඩිය එළියට – ගාමිණි නම්ගම් එක්කම හෙළිකරයි – බදු වංචා වලක්වන හැටි මෙන්න (04.10.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *