අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක්

අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක්


අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක්

(04.10.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

යාපනය පේදුරුතුඩුව කාර්කෝවලම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ ගේට්ටුව ඉදිරිපිටදී කිසියම් පිරිසක් විසින් පොලු මුගුරු වලින් පහර දීම නිසා ඔහු බරපතල තුවාල ලබා 03 දා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මෙම විදුහලේ සිසුවෙකු ඉතා අඩුවෙන් පාසලට පැමිණීම නිසා ඔහුට අවවාද කිරීමෙන් පසුව නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙම පහර කෑමට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

විදුහල්පතිවරයා විසින් මේ පිළිබදව පේදුරුතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව ගුරුවරයාට පහරදුන් පිරිසෙන් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේදුරුතුඩුව පොලීසිය ප්‍රකාශ කළේ ඔවුන් එම නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහර දෙන ලද්දේ ඔවුන්ගේ ඥාතියාට තරවටු කිරීම හේතුවෙන් බව පොලිසියට ප්‍රකාශ කළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට නියමිත අතර දැනට අත් අඩංගුවේ සිටින සැකකරුවන් තුන්දෙනා (3) පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ ෴


ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

(04.10.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනි ඉරිදා මධ්‍යස්ථාන 2888 කදී පැවැත් වීමට නියමිතයි ෴


වැස්සෙන් දිස්ත්‍රික්ක 10 කට පීඩා

(04.10.2023 – 07:44 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක පුද්ගලයන් 25,863 ක් පිඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබෙනවා.

මේ අනුව රත්නපුර, කෑගල්ල, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල සහ යාපනය යන දිස්ත්‍රික්කවල පදිංචි පවුල් 6,250 කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත් වී ඇති බවට සඳහන්.

මෙලෙස අධික වර්ෂාපතනයෙන් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි වාර්තා වන්නේ.

ඊයේ (03) පැය 24 ක කාලයක් තුළ වැඩිම වර්ෂාපතනය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය මිලි මීටර් 72 ක් පමණ වනවා.

එසේම අදත් (04) දිවයිනේ බස්නාහිර, දකුණු, සබරගමුව, වයඹ, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 75 කට අධික වර්ශාපතනයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

+++++++

+++++++++

+


ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

(04.10.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක සිලින්ඩරය රුපියල් 343 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 3470 ක් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ක සිලින්ඩරය රුපියල් 137 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 1393 ක් වනවා.

කිලෝ ග්‍රෑම් 2.3 ක සිලින්ඩරය රුපියල් 63 කින් වැඩි වී ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 650 ක් වන බව ද සඳහන් ෴

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 3985 ක් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ක සිලින්ඩරය රුපියල් 60 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 1595 ක් වනවා ෴


මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවලා

(04.10.2023 – 15:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට (1,00,000) ආසන්න ප්‍රමාණයක් බව 2019 වර්ෂයේදී කළ සංගණනයකදී වාර්තා වී තිබෙනවා.

මහනුවර ජාතික රෝහලේ මනෝ විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන අවධාරණය කළේ හෙරොයින් අධි මාත්‍රා ලබා ගැනීමෙන් සිදු විය හැකි මරණ ඉදිරියේදී වාර්තා විය හැකි පසුබිමක් පවතින බවයි.

මේ අතර, ‘මිරපෙනම්’ (Meropenem), ‘එරිත්‍රොපොයිටින්’ ඇතුළු ඖෂධ වර්ග 4 ක්, මිල දී ගැනීමේදී සිදු වූ රුපියල් බිලියන දෙකකට (2) ආසන්න මුදල් වංචාවක් පිළිබඳව විමර්ශනය කරන ලෙස ඉල්ලා බරපතළ දූෂණ වංචා පිළිබඳ කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා ඇතුළු ‘රෝගීන් සුරැකීමේ සංවිධානයේ’ නියෝජිතයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපි ගොනුවක් භාර දී තිබෙනවා ෴


කැලඹුන කාලගුණයෙන් දරුවන්ට හතිය වැඩි වෙලා

(04.10.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය නිසා දරුවන් අතර ‘ළමා හතිය’ ඇතුළු රෝග කිහිපයක් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ මේ දිනවල පවතින අධික වර්ෂාව, ජල ගැලීම් සහ සීතල වීම නිසා දරුවන් අතර ‘හතිය’ වැඩි වී තිබෙන බවයි.

ඊට අමතරව, වෛරස් උණ රෝග නිසා ඇති වන ඉහළ ශ්වසන මාර්ගයේ රෝග වගේම පහළ ශ්වසන මාර්ගයේ රෝග, ‘නිවුමෝනියා’ තත්ත්වයට ගොදුරුවීම පවා සිදු වෙන බව පැවසුවා.

මේ දරුවන්ට පිරිසුදු ආහාර, පිරිසුදු ජලය ආදිය නොලැබෙන තත්ත්වයක් ඇති වීම මඟින් ‘පාචනය’ වැලඳිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා කි‍යා සිටියා.

මීට අමතරව, වැස්සත් සමඟ මැස්සන්ගේ ප්‍රවණතාව වැඩි වීම නිසා පිරීසිදු ආහාර නොලැබී ගොස් තිබෙන බවත් මේ නිසා ‘පාචන’ තත්ත්වයක් ඇති වීමේ ප්‍රවණතාව වැඩි වී තිබෙන බවත් වෛද්‍යවරයාගේ අදහස වුණා.

එමෙන්ම, ‘මී උණ’ ඇති වීමේ අවදානමක් ද පවතින අතර මේ වර්ෂා සමය අඩු වූ පසු ‘ඩෙංගු උණ’ රෝගීන් වැඩි වීමේ අවදානමක් ද පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා සිටියා ෴

++++++++++

+


බේරුවල දුම්රිය – ත්‍රිරෝද රථ අනතුර CCTV කැමරාවේ

(04.10.2023 – 16:17 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ (2) දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම අනතුර සිදුව ඇත්තේ බේරුවල මරක්කලවත්ත හේන පාර ප්‍රදේශයේදීය.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන්කළ තවත් අයෙකු තුවාල ලබා ඇත.

කෙසේ වෙතත් එහි ගමන්කරමින් සිටි වයස අවුරුදු එකහමාරක (1½) සහ වයස අවුරුදු 8 අතර පසුවන කුඩා දරුවන් දෙදෙනාට (2) ඉන් කිසිදු හානියක් සිදුනොවීම විශේෂත්වයකි.

මුහුදු වෙරළ දෙස සිට ගොඩබිම දෙසට ත්‍රිරෝද රථය ධාවනය කර ඇති අතර එහිදී කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

දුම්රියේ ගැටීමත් සමග ත්‍රිරෝද රථය ඈතට විසිවී ගොස් තිබූ අතර අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබේ.

බේරුවල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

++++++++

+


සිදුවීමට යන්නේ බරපතළ දෙයක්! මේ කතාව අහන ඔබ පුදුමයට පත්වේවි… ජනාධිපති නීතිඥ සාලිය පීරිස් (04.10.2023)

+


උසස් පෙළ විභාගයට දින නියම වෙයි

(04.10.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර තිබෙනවා.

මෙම විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා 2023.10.06 සිට 2023.10.10 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *