දයාසිරි පන්නා ශ්රීලනිපය ‘ලංසා වංගුවෙන්’ ගෙඩිය පිටින් රනිල්ට …
දයාසිරි පන්නා ශ්රීලනිපය ‘ලංසා වංගුවෙන්’ ගෙඩිය පිටින් රනිල්ට …
(08.09.2023 – 09:20 +0530 – lankacnews.com)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නෙරපීම එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්රීලනිපය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා පෙර සූදානමක් යයි ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සහය දැක්වීමේ යෝජනාවට දයාසිරි ජයසේකර මහතා තදින් විරුද්ධ වී තිබේ.
ඒ වෙනුවට ඔහු ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් අපේක්ෂකයෙකුගේ නායකත්වයෙන් යුත් සන්ධානයක් සඳහා සහාය ලබා දිය යුතු බවයි.
ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මූලික වී තිබේ.
මේ වන විටත් මේ වන විට නිමල් ලන්සා මහතා විසින් සම්බන්ධීකරණය කරමින් සිටින නව දේශපාලන සන්ධානය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් සමීපව කටයුතු කරමින් සිටියි.
එම නව සන්ධානයද මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට සූදානමින් සිටියි ෴
++++++++
දයාසිරි ඉවත් කළාට ‘නිදහස ජනතා සන්ධානයෙන්’ විරෝධය
(07.09.2023 – 23:05 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර එම තනතුරින් ඉවත් කිරීම විශාල පාවා දීමක් බව නිදහස ජනතා සන්ධානයේ නායකයින් පවසනවා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කෙරුණු දයාසිරි ජයසේකර සහභාගි වූ සාකච්ඡාවකට එක් වෙමින් එම සන්ධානයේ නායකයින් මේ බව සඳහන් කළා.
මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ඔහු පැවසූයේ තමා සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතු නොවන බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු අද (07) ලිපියකට ද අත්සන් කළ බවයි වාර්තා වන්නේ.
+
+
ත්‍රිකුණාමල කොටුවට පනින්න ‘ට්‍රොයි අශ්වයෙක්’ සූදානම්
(08.09.2023 – 10:37 +0530 – lankaleadnews.com)
ත්‍රිකුණාමලයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරලු කන්ද රජමහ විහාරයට අනුමත වූ ඉඩම තහනම් කිරීමට වාචික උපදෙස් දුන් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ට අභියෝග කල පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන නාහිමියන් ඇතුළු බෞද්ධ බලවේගය නිහඬ කරවන්නට මේ වන විට බොහෝ කටයුතු කෙරෙමින් පවතී. ත්‍රිකුණාමලයේ බෝගස් හතර පුණ්‍ය භූමියේ පැවැත් වීමට නියමිතව තිබූ උපසම්පදා සැමරුම් උත්සවය කඩකප්පල් කිරීමෙන් ඇරඹුණු ක්‍රියාවලිය තුළ නැගෙනහිර පළාතේ මේ බෞද්ධ ප්රබෝධය ඇති විය. මෙම තත්වය පාලනය කිරීම පිණිස විවිධ උපක්‍රම භාවිතා කරනු දැකිය හැකිය. ඉන් පළමුවැන්න නම් බොරලුකන්ද වැනි ස්ථානයන් ගොඩ නැන්වීම පිණිස ප්‍රාදේශීය සභා අනුමැතිය ගත යුතුය යන කොන්දේසියයි. ඊට අමතරව ත්‍රිකුණාමලයේ පේද්‍රික් කොටුව පුරාවිද්‍යා රකෂිතයේ සිදු වන සංවර්ධන ක්‍රියාදාමයන් පාලන කිරීමට එකඟතා ගිවිසුමක් ඉදිරිපත් කිරීම දැක්විය හැකිය.
ත්‍රිකුණාමලය නොහොත් ත්‍රිමලය කඳු මුදුන් තුනක් සහිත උස් බිමකි. තුන්වන සියවසේ දී මහසෙන් රජ දවස මෙම කඳුගැටයේ ඉඳිකර තිබූ ජෛන තීර්ථකාරාමයක් විනාශ කර විහාරස්ථානයක් ඉඳි විය. ගෝකණ්න විහාරය නමින් ප්රකටව පවතින්නේ එයයි. මෙම විහාරය ආශ්‍රිතව දේවාල සතරක් පිහිටා තිබී ඇතැයි පෝල් ඊ.පීරිස් මහතා සිය පෘතුගීසි යුගය ග්‍රන්ථයේ වාර්තා කරයි. පරංගීන් මෙම විහාරය සහ දේවාලය සුණු විසුණු කර දැමූහ. බුදු පිළිම ගල් කණු කොරවක් ගල් සඳකඩ පහන් සියල්ල මුහුදට ඇද දැමූහ. ඉන්පසු වර්ෂ 1623 දී මෙම කඳු ගැටය ඔවුන් ගේ සුපුරුදු බල කඳවුරක් බවට පත් කරගත්හ.විහාරය සහ දේවාලය විනාශ කරලන්නට ප්‍රථම පරංගීන් විසින් මෙහි එකතු වන ධනයෙන් පණම් 1280 ක් කප්පම් ගත්හ. අනතුරුව දෙවන රාජසිංහයන් ලන්දේසීන් සමග එකතුවී ත්‍රිකුණාමල බලකොටුවට පහර දී අල්වා ගත්හ.
‘බලේ බලේ රාසිං දෙවියන්ගේ බලේ – ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ’ යයි ජන කවියා සඳහන් කලේ මේ වික්‍රමය දැක්වීමටයි. වර්ෂ 1766 දී ලන්දේසීන් සමග කීර්ති ශ්‍රී රාජසිංහයන් ගිවිසුමක් ඇති කර ගෙන මුහුදු වෙරළේ සිට ගව්වක ප්‍රමාණයක් අත් හරින තෙක් මේ බල කොටුව උඩරට රාජධානිය සතු විය. ඉන්පසු ලන්දේසීන් ගේ යුධ මධ්‍යස්ථානයක්ව පැවතී තිබී 1796 න් පසු මෙම බල කොටුව වැඩි දියුණු කරගත් ඉංග්‍රීසීන් නැගෙනහිර පළාතේ මර්මස්ථානය එය බවට පත් කරගත්හ. මෙම පේද්‍රික් බලකොටුවේ ඉහළ අන්තයේ පැරණි බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව පැවති අතර බෞද්ධයන් එයට වන්දනාමාන කළහ.
පරංගීන් විසින් මෙම සිද්ධස්ථානය කඩා බිඳ දමා නටබුන් මුහුදට ඇද දමා විනාශ කිරීමේ දී එහි සිටි බෞද්ධ ගණින්නාස්සේ කතෝලික ආගමට හරවා ගත් බව ක්වේරෝස් දක්වා ඇත.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු වූ එම්. එච්. සිරිසෝම මහතා සන්සෝනි කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේ මෙම ස්ථානයේ කිසිදු හින්දු කෝවිලක් පැවති බවට සාක්ෂි හමුනොවන බවයි. ඒ වෙනුවට ඉංග්‍රීසින් විසින් සකස් කළ පේද්‍රික් කොටුව ආසන්නයේ ළිඳක් ගොඩ දමන විට ශිව ප්‍රතිමාවක් හමු වූ ඇති බවද පසුව එය ත්‍රිකුණාමල නගරයේ හින්දු ජනතාවට භාර දුන් බවද කියා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් කරන ලද කැණීම් වලදී පස්වන අග්ගබෝධි රජු විසින් කරවන ලද භාවනාරාමයක නටබුන් මෙහි හමූ වී ඇති බව වාර්තා කර තිබෙන බැවින් සිරිසෝම මහතාගේ සාක්ෂියේ ප්‍රබලත්වය ඉස්මතු වෙයි.
1952 දී පමණ සිදු වූ මෙම සිදුවීම ත්‍රිකුණාමල නගර සභාවේ බලය ෆෙඩරල් පක්ෂයට හිමි වි තිබූ කාලයයි. ඔවුහු පේද්‍රික් බලකොටුව ආසන්නයේ කඳු ගැටයේ කෝවිලක් ඉඳි කොට යට කී ප්‍රතිමා දෙක එහි තැන්පත් කළහ.අනතුරුව 1964 වර්ෂයේ දී මෙහි පැවති ඉපැරණි බෝධින් වහන්සේ කෝවිල් කොමිටිය විසින් කපා දමා තිබේ. ඒ කාලයේ ත්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයන් නැවත බෝධි රෝපණයක් කරලීමට සැරසුනද ත්‍රිකුණාමලයේ හිටපු දිසාපති වරයෙක් වන එම්.බී.සේනානායක මහතා විසින් එය වළක්වා තිබේ. සන්සෝනි කොමිසමේ සාක්ෂි වලදී මේ බැව් හෙළි විය. එයට අමතරව කිලිවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධියද ත්‍රිකුණාමල නගරය ආශ්‍රිතව පැවති බෝගස් 12 ක්ද කපා දමා ඇත.1981 ජනවාරි මාසයේ දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සද්ධාමංගලකරුණාරත්න මහතා මෙම ෙඑතිහාසික පුරාවිද්‍යා භූමිය නොහොත් පේද්‍රික් කොටුව අක්කර 372 යි රූඩ් 01 යි පර්චර්ස් 3.6 වශයෙන් අංක 1381 යටතේ නිල වශයෙන් ගැසට් කර තිබේ. ඒ අනුව මෙම භූමිය දැන් පුරාවිද්‍යා රක්ෂිතයකි.මෙහි පුරාවිද්‍යා සංචාරක බංගලාවක් වත්මන් ගෝකණ්න විහාරය කෝවිල ආදියද තිබේ.
මෑතකදී මෙම ස්ථානය වැඩි දියුණු කරලීම පිණිස මධ්‍යම සංස්කෘතික අරමුදල මැදිහත්ව ඇත. පැරණි පේද්‍රික් කොටුව යළි සකස් කර සංචාරක ගමනාන්තයක් කරලීම එහි අරමුණ විය. නමුත් සංචාරකයන්ට මෙහි පහසුකම් නැත.විදෙස් සංචාරකයන් ගෙන් ඩොලර් දහයක මුදලක් අය කරන්නේ නම් ඔවුන්ට පහසුකම් තිබිය යුතුයි. එසේම සම්බන්ධන් මන්ත්‍රීවරයාට ගෝකණ්න විහාරය හිසරදයකි. ඔහු වරක් යොමු කළ ලිපියක දක්වා තිබුණේ ගෝකණ්න විහාරයේ බුදු පිළිමය දැක දැක හින්දු වන්දනා කරුවන්ට කෝනේශ්වරමට යෑම සිත රිදවන කාරණයක් බවයි.ඒ නිසා කෝනේශ්වරමට ඇතුල් වීමට වෙනත් මගක් අවශ්‍ය යැයි ඔහු කියා ඇත. මේවාට උඩ ගෙඩි දෙන වත්මන් සංස්කෘතික ඇමතිවරයා මෙහි පාලනය පුරාවිද්‍යාවෙන් ඉවත් කිරීමට උපක්‍රම යොදවන්නෙකි. මේ අතර ඉන්දියානු සංචාරකයන්ට ශාලාවක් මෙම භූමිය තුළ ඉඳි කිරීමට තොන්ඩමන් ආණ්ඩුකාරවරයා ඉල්වා ඇත. එයට පුරාවිද්‍යා අනුමැතිය හිමි වී නොමැත. එහි නවතම අවස්ථාව ත්‍රිකුණාමල නගර සභාව මෙයට මැදිහත් වීමයි.
නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා බොරලු කන්ද රජමහා විහාරය සඳහා අනුගමනය කිරීමට සැරසෙන උපාය මාර්ගය එනම් නගර සභාව මැදිහත් කරවීම මෙතනදීද අනුගමනය කරමින් ඇත.මේ වන විට නගර සභාවේ පාලනය විසින් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට එකඟතා ගිවිසුමක් ඉදිරිපත් කර තිබේ.එහි දක්වන කාරණය අනුව පේද්‍රික් කොටුව ආසන්නයේ පවතින කටයුතු පුරාවිද්‍යාවේ අධික්ෂණය යටතේ ඔවුන් භාරයට ගැනෙනු ඇත. දැනුට ඔවුන් කසල බැහැර කිරීම කඩ බදු දීම වැනි පළාත් පාලන ක්‍රමවේද අනුගමනය කරමින් සිටියද මෙම ගිවිසුම මගින් පුරාවිද්‍යා රක්ෂිතය ද පාලනය කරමින් කෝනේශ්වර කෝවිලේ සංවර්ධන කටයුතු වලට මැදිහත් වීමට අවස්ථාව උදා කරගැනීමට මාන බලයි. දැන් මෙම එකඟතා ගිවිසුම මගින් මෙම ස්ථානය පාලනය කිරීම මෙන්ම මුලු ත්‍රිකුණාමල නගරයේ පවතින පුරාවිද්‍යා ස්ථාන පාලනය කරලීමට උත්සාහයක් පවතින බව පෙනේ. මෙහි පිටිපස තිබෙන්නේ ඉන්දීය දේශපාලනයයි.
ත්‍රිකුණාමල මුදුහුද තීරය ආශ්රිත ප්‍රදේශය බලශක්ති හා සංචාරක කේන්ද්‍රස්ථානයක් කරමින් ඉන්දීය දේශපාලන මැදිහත් වීමකට මුල පිරූ රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා අනියමින් බලය බෙදීමට කැස කවමින් සිටින හැටි මෙහි යථාරථයක් ලෙසට දැක්විය හැකිය. නගර සභාවේ බලතල යටතේ බෞද්ධ සිද්ධස්ථාන අටක් ත්‍රිකුණාමලයෙන් ඉවත් කිරීමට යෝජිතය. එසේම සිංහල ජනයා ත්‍රිකුණාමලයෙන් සහ සමස්ත නැගෙනහිර පළාතෙන් ඉවත් කිරීම දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා ඇත.
මතුගම සෙනෙවිරුවන්
මව්පිය සෙනෙහස අහිමිව තනිවූ දඹුල්ලේ දරුවන් තිදෙනා
(08.09.2023 – 14:56 +0530 – hirunews.lk/sinhala)
ආර්ථික දුෂ්කරතා සහ විවිධ ගැටලු හේතුවෙන් මව්පිය සෙනෙහස අහිමිව තනිවූ දරුවන් තිදෙනෙකුගේ (3) පුවතක් හිරු ප්රවෘත්ති අංශයට කුරුණෑගල – ගිරිබාව ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අවුරුදු 5, 7 සහ 14 වයස්වල පසුවන මෙම දරුවන් කටුමැටි ගෙපැලක තනිව ජීවත් වන අතර ඔවුන්ට පාසල් යාමටවත් නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.
පියා අහිමිවූ මෙම දරුවන් රැකබලා ගත් මව ද ආර්ථික දුෂ්කරතා පැවතීම හේතුවෙන් කුවේට් රාජ්‍යයේ විදේශ රැකියාවකට ගොස් ඇති අතර ඇය ද මේ වනවිට එරට අතරමංව සිටින බවයි වාර්තා වන්නේ.
පියාත් නොමැතිව ජීවත් වන මෙම දරුවන්ගේ එකම ඉල්ලීම වන්නේ විදේශ රටක සිරවී සිටින තම මව මෙරටට ගෙන්වා දෙන ලෙසයි.
මෙම තත්ත්වය මත කුලී රැකියාවන් වල නිරත වෙමින් තම බාල සොහොයුරා සහ සොහොයුරිය රැක බලා ගැනීමට සිදුව ඇත්තේ 14 හැවිරිදි පිරිමි දරුවාටයි.
කෙසේ වෙතත්, විදෙස් ගතව සිටින මව හිරු ප්රවෘත්ති අංශයට දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවූ අතර ඇය කියා සිටියේ තමන් රැකියාවක් බලාපොරොත්තුවෙන් විදෙස් ගතව වුව ද එය නොලැබීම හේතුවෙන් දැඩි අසරණභාවයට පත්ව ඇති බවයි.
+
දයාසිරිව ‘හෙලිකොප්ටරයෙන් ගෙනියන්න’ පක්ෂ නායකයෝ රැස්වෙති – මෛත්‍රීට සියලුදෙනාගේ අත්සනින් යුත් ලිපියක්
(08.09.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ ප්‍රධාන ලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර ඉවත් කිරීම පිළිබඳ සිය බලවත් අකමැත්ත සහ විරෝධය පළ කරමින් ‘නිදහස් ජනතා සන්ධානය’ නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් සිය අත්සනින් යුතුව ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ සභාපති, හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
‘නිදහස් ජනතා සන්ධානය’ නියෝජනය කරන සියලුම නායකයන් විසින් ඊයේ (07) පවත්වන ලද විශේෂ විධායක කමිටු රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව මෙම ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
දයාසිරි ජයසේකර ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරමින් ආණ්ඩු විරෝධී, ප්රගතිශීලී දේශපාලන බලවේග ඒකරාශී කිරීම උදෙසා විශාල දායකත්වයක් සැපයූ බවත්, ආණ්ඩු විරෝධී කණ්ඩායම් ඒකරාශී කර ගනිමින් පාර්ලිමේන්තුව තුළ ද විපක්ෂයේ කාර්යභාරය විශිෂ්ට ලෙස ඉටු කළ බවත් එම ලිපියෙහි සඳහන්.
මෙවැනි වාතාවරණයක් තුළ ආණ්ඩුවේ වුවමනාවට ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ ආණ්ඩුව සමඟ ගනුදෙනුවක් සහිත පාර්ශ්වයේ අවශ්‍යතාවය වෙනුවෙන් දයාසිරි ජයසේකර ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් කිරීම, ‘නිදහස් ජනතා සන්ධානය’ ඇති කර ගත් එකඟතාවය කඩකිරීමක් බවත්, ආණ්ඩුව සමඟ එකඟතාවයන් සහිතව කටයුතු කරන පාර්ශ්ව සිය සන්ධානය සමඟ කටයුතු නොකරන බැවින්, මේ පිළිබඳ ‘නිදහස් ජනතා සන්ධානය’ නියෝජනය කරන සියලුම පක්ෂ සහ කණ්ඩායම්වල විරෝධය සහ අකමැත්ත ප්‍රකාශ කර සිටින බවත් ‘නිදහස් ජනතා සන්ධානය’ නියෝජනය කරන සියලුම නායකයන් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ සභාපති මෛත්‍රීපාල සිරිසේන වෙත එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා ෴
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන්ගේ පවුල් පිටින් විනාශ කරන රහස් මෙහෙයුමක් (08.09.2023)
++++++++++
++++++++++
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ Channel 4 වීඩියෝව පිළිබඳ අති උතුම් මැල්කම් රංජිත්ර කාදිනල්න්ජි හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාව.. (08.09.2023)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
pal horu deshapaaluwan goda okkoma maha patta horaata nayaka kama denna hadanawa. Rata jaathiya aagama mae pal horungen nidahas karaganna kenek naddo. Ponsekaa mahathmayo obawath idiriyata enna.