පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ උන් ඔක්කොම නටන්නෙ ඇමරිකානු තානාපතිගේ පදේට – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ උන් ඔක්කොම නටන්නෙ ඇමරිකානු තානාපතිගේ පදේට – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර


පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ උන් ඔක්කොම නටන්නෙ ඇමරිකානු තානාපතිගේ පදේට – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර (29.08.2023)

++++++++++++++

++++++++++++++

+


ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තයත්, 30 වැනි ප්‍රාන්තයත් බවට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ චරිතයේ කැපවීම පිළිබඳ සුවිශේෂී හෙළිදරව්ව

(29.08.2023 – 10:11 +0530 – lankaleadnews.com)

අගමැති ලෙස හත්වතාවක් සහ ජනාධිපතිවරයා ලෙස එක් වතාවක් ඉන්දියාවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ස්වෛරීභාවය ඉන්දියාවට පාවා දීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව්ව මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

ඉන්දියානු භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් ‘සර්ධාර් පණික්කාර්’ විසින් සකස්කළ සැලසුම සාර්ථක කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කටයුතු කර ඇති ආකාරය ද මෙමගින් අනාවරණය වේ.

අදාළ සවිස්තරාත්මක තොරතුරු සඳහා : (pdf files)


නැගෙනහිර සිංහල, දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ… පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ඉඩම් කොල්ලයට හවුල්වෙලා

(29.08.2023 – 20:53 +0530 – lankaleadnews.com)

පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මුදල් වලට තමන්ගේ ඉඩම් අනීතික ලෙස වෙනත් පාර්ශව වලට පවරාදෙන බව පවසමින් පොතුවිල් කනගර් ප්‍රදේශයේ සිංහල, දෙමළ ජනතාව උද්ඝෝෂණයක නිරත විය.

එම ජනතාව පවසන්නේ 1980 ගණන් වල සිට තමන් මෙම ඉඩම්වල පදිංචි වී සිටි බවත්, යුද්ධයෙන් අවතැන්වී අනාත කඳවුරුවල සිටිය දී නැවත මෙම ප්‍රදේශයේ පදිංචි කළ බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි බොහෝ නිලධාරීන් තමන්ට මෙම ස්ථානයේ ජීවත් වීමට ඉඩ නොදෙන බවත්ය.

මෙම මහා ඉඩම් මංකොල්ලය පිටුපස ඉඩම් විකුණන කොන්ත්‍රාත්කරුවන් පිරිසක් ද සිටින බවත්, අදාළ නිලධාරීන් මුදල්වලට ඔවුන් සමග එක්වී කටයුතු කරන බවත් ජනතාව පවසති.

++++++++++++

+


දෙමළ දේශපාලකයන් තමන්ගේ පටු අරමුණු ඉටුකරගන්න රට තුළ ජනවාර්ගික ප්‍රශ්න නිර්මාණය කරනවා – අරුන් සිද්ධාර්ථ

(29.08.2023 – 09:00 +0530 – lankaleadnews.com)

දෙමළ දේශපාලකයන් සිය පටු අරමුණු ඉටුකර ගැනීමට රට තුළ ජනවාර්ගික ප්‍රශ්න නිර්මාණය කිරීමට උත්සාහ දරන බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.

එමෙන්ම දෙමළ ජනතාව උතුරේ දේශපාලකයන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම දකින්නට නොලැබෙන්නේ එම දේශපාලකයින් ජීවත්වන්නේ උතුරේ නොව කොළඹ බව දන්නා නිසා බවද ඒ මහතා පවසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *