දළදා පෙරහැර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බලන්න – මහාචාර්ය චන්න ජයසුමනගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

දළදා පෙරහැර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බලන්න – මහාචාර්ය චන්න ජයසුමනගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්


දළදා පෙරහැර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බලන්න – මහාචාර්ය චන්න ජයසුමනගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

(28.08.2023 – 13:58 +0530 – lankaleadnews.com)

ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ උතුම් පින්කමක් ලෙස සැලකෙන, දෙස්-විදෙස් අබෞද්ධ ජනතාවගේ පවා මහත් ගෞරවයට, ආකර්ෂණයට ලක්වන මහනුවර දළදා පෙරහරත්, අනෙකුත් අලි ඇතුන් ගමන් කරන පෙරහැරත් කඩාකප්පල් කිරීමට යම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් වේද යන්න සොයා බලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අධිබල ලේසර් කිරණ නිකුත් කරන උපකරණ රට තුළ භාවිතා කිරීම පිළිබඳවත් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසත් එම පැමිණිල්ලෙන් ඒ මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.


ඉන්දියාවට ලියා දෙන්න යන ත්‍රිකුණාමලයේ ඉඩමක් ගැන වසන්ත මුදලිගේ හෙළිකරයි

(28.08.2023 – 16:42 +0530 – lankaleadnews.com)

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉඩම් වර්ග සැතපුම් 624 ප‍්‍රමාණයක් ඉන්දියාවට ලියා දීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය සාමාජික වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි.

එම භූමි ප‍්‍රමාණය කොළඹ දිස්ත‍්‍රික්කයට සමාන ඉඩම් ප‍්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ත්‍රිකුණාමලයේ අදාළ ඉඩම් වල පදිංචි වී සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවද හෙතෙම පවසයි.

එම ප්‍රදේශයේ සිටින පවුල් තුන්දාස් පන්සියයක් (3500) ඉවත් කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී සාකච්ඡා වී ඇති බවද මාධ්‍ය හමුවකදී ඔහු හෙළිකරයි ෴


‘රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?’ උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් බත්තරමුල්ලේ දී

(28.08.2023 – 08:30 +0530 – lankaleadnews.com)

මේ වනවිට ‘රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?’ යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ‘උත්තර ලංකා සභාගය’ කටයුතු යොදා තිබෙන අතර එහි තවත් සම්මන්ත්‍රණයක් ඊයේ (27) සවස බත්තරමුල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක – විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක – පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම සංවාද කවයේ නායක – ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ශෂී පෙරේරා මහතා ඇතුළු උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයෝ සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය

+


+


දකුණේ සහජීවනය උතුරටත් ලබා දෙනු ! පොන්නම්බලම්ගේ ජාතිවාදය හෙළා දකිමු ! යන තේමාව යටතේ 2023.08.26 දින පිවිතුරු හෙළ උරුමය විසින් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිවරයාගේ කොළඹ පිහිටි නිවස ආසන්යේ පැවැත්වුනු උද්ඝෝෂණය :

+


විගණනයෙන් එළියට ආ ජාතික අපරාධයක්

(28.08.2023 – 21:47 +0530 – sinhala.adaderana.lk)

විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක කෙරුණු, දුම්රිය හරස් මාර්ගවල විදුලි සංඥා පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ සවිකළ පද්ධති එකසිය අසූ අටකින් (188) අනූ හතරක්ම (94) මේවන විටත් අක්‍රීය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි.

ඒ අනුව, ඊට වැය කළ රුපියල් මිලියන පන්සියයක (500) මුදල අපතේ ගොස් ඇතැයි එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය.

මුහුදුබඩ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142 න් 60 ක් සහ පුත්තලම් මාර්ගයේ සවිකළ පද්ධති 46 න් 34 ක් ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

එහෙත් එම පද්ධති සඳහා වන මුළු මුදලින් 95% ක්, එනම් රුපියල් මිලියන 1003 ක මුදලක් ඉකුත් වසරේ අගෝස්තු මාසය වන විට ගෙවා අවසන්ව තිබීමත් විශේෂත්වයකි.

ගෙවුණු මාස කිහිපය තුළ දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරු බොහෝමයකට හේතුව දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂිත ගේට්ටු නොමැතිවීම මෙන්ම විදුලි සංඥා සහ සීනු සක්‍රීය නොවීමෙන් බවට වාර්තා වෙයි.

මීට අමතරව තවත් මාර්ග ආරක්ෂණ පද්ධති 10 ක් නිසි පරිදි අත්හදා බැලීම් සිදුකර දුම්රිය දෙපාර්තාමේන්තුව වෙත බාර දී නොතිබූ බවද අනාවරණය කර තිබේ.

මෙම විමර්ශනයේ හෙළිකර ඇති අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙරට දුම්රිය සේවය වසර 160 කට ආසන්න කාලයක් පැරණි වුවත් 2022 වසරේදී නියමිත පරිදි වේලාවට ධාවනය වී ඇත්තේ මුළු දුම්රිය ගමන් වාරවලින් 28% ක් පමණක් වීමය.

එනම් 72% ක්ම දුම්රිය නියමිත පරිදි ධාවනය වී නොමැත.

මෙලෙස දුම්රිය සංඥා පද්ධති සම්බන්ධව විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සම්බන්ධ විශේෂ වාර්තාවක් ජාතික විගණන කාර්යාල විසින් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ආණ්ඩුකාරවරයා ඉදිරියේ බිම වාඩිවී හිමිවරු ලබාගත් අවසරය

(28.08.2023 – 21:18 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය, බොරලුකන්ද රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ අත්හිටුවමින් මින් පෙර ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා අද (28) තීරණය කළේය.

ඒ එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සිදුකළ විරෝධතාවකින් අනතුරුවය.

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ නවත්වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගයට විරෝධය පළ කරමින් ගෝකණ්නපුර සුරැකීමේ සංවිධානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට අද පැමිණ තිබුණි.

එලෙස පැමිණි පිරිසට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීමට අවස්ථාව නොලැබීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

පසුව භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ත්‍රීකුණාමලය – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණි.

පසුව මෙම ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කිරීමට භික්ෂූන් වහන්සේ පිරිසකට අවස්ථාව හිමි වුණි.

ඒ වන විට දිස්ත්‍රික් සංවර්ධන රැස්වීම එහි පැවැත්වෙමින් තිබූ අතර ඒ නිසා පැය දෙකක (02) පමණ කාලයක් එහි රැඳී සිටීමට භික්ෂූන් වහන්සේට සිදුව තිබේ.

එහිදී භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිස දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවති ශාලාවට ඇතුළුවීමත් සමඟ එහි නොසන්සුකාරී තත්ත්වයක් හට ගත්හ.

පසුව පැය 04 ක පමණ කාලයකින් පසු අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය ආණ්ඩුකාරවරයා නිකුත් කිරීමෙන් පසු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස විසිර ගියහ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *