උතුරේ සිංහල බෞද්ධයාගේ නිදහස දිනා ගැනීම පොන්නම්බලම්ගේ කොළඹ නිවස වටලා අරඹනවා.. – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

උතුරේ සිංහල බෞද්ධයාගේ නිදහස දිනා ගැනීම පොන්නම්බලම්ගේ කොළඹ නිවස වටලා අරඹනවා.. – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල


උතුරේ සිංහල බෞද්ධයාගේ නිදහස දිනා ගැනීම පොන්නම්බලම්ගේ කොළඹ නිවස වටලා අරඹනවා.. – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

(22.08.2023 – 16:40 +0530 – lankacnews.com)

දකුණේ සිංහල ජනතාව අතර නිදහසේ ජීවත්වන දෙමළ අන්තවාදී දේශපාලකයන්ට, උතුරුට ගොස් දකුණේ සිංහලයන් ලබාදී තිබෙන නිදහස උතුරේ දී සිංහලයන්ට අහිමි කිරීමට කිසිදු අයිතියක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

සිය සමාජ ජාලා වෙත වීඩියෝවක් එක් කරමින් පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සදහන් කර සිටියේය. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා තිබුණි.

පසුගිය අගෝස්තු 18 වැනිදා දෙමළ ජාතිවාදී පොන්නම්බලම් පරම්පරාවේ තුන්වන (3) පරම්පරාවේ නියෝජනය වන ගජේන්ද්‍ර පොන්නම්බලම් කුරුන්දි බෞද්ධ පුද බිමට ගොස් නටපු නාඩගම අපි හැමෝම දැක්කා. ඒක වළක්වන්න අපි එදා කුරුන්දි විහාරය දක්වා ආවේ නැත්තේ ඔහු අධිකරණ නියෝගයක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අරගෙන ආපු නිසා. අධිකරණ නියෝගයක් අරගෙන ආවම ඒක වළක්වන්න යෑම අධිකරණයට අපහාස කිරීමක් විදිහට සැලකෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔහු ඒ දේවල් කරනවා නිකම් බලාගෙන සිටීම ඔහුට සිංහ පණක් ලැබෙන්න නැත්නම් ජයග්‍රාහි මනසකට තල්ලු කරන්න හේතු වෙනවා. මේ වන විටත් කුරුන්දි විහාරයේ නායක ස්වාමීන් වහන්සේ අභියාචනාධිකරණ උසාවියට ඇපෑලක් ගොනු කරල තිබෙන නිසා ඒ තීන්දුව ගැන අපි තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

කුරුන්දි විහාරය වසර 2200 ක් පැරණි ඛල්ලාටනාග රජතුමා ඉදිකල බෞද්ධ විහාරස්ථානයක් කියන එක සනාථ වෙන්න ඕන තරම් සාක්ෂි තියෙනවා. එක පැත්තකින් එතන හමු වෙලා තියෙන චෛත්‍යය, විහාරගෙය, සලපතල මළුව වැනි පුරාවිද්‍යාත්මක නටබුන් වලින් සනාථ වෙනවා මේක බෞද්ධ විහාරයක් කියලා. දෙවනුව මේ පිළිබඳ අවට තියෙන ශිලා ලිපි ගණනාවකම මේ විහාරය පිලිබද තොරතුරු සඳහන් වෙනවා. ඒ නිසා ශිලාලිපි තමයි දෙවන සාක්ෂිය. තුන්වෙනුව මෙම ස්ථානය ගැන මහාවංශය වැනි ඓතිහාසික ග්‍රන්ථ ගණනාවක සඳහන් වෙනවා. ඒ නිසා මෙය බෞද්ධ විහාරස්ථානයක් බවට අංශුමාත්‍රයක සැකයක් ඇතිවීමට කිසිම හේතුවක් නෑ.

අනෙක් පැත්තෙන් මෙතන හින්දු කෝවිලක් කියලා කියන්න ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීතුමන්ද එතැනට ඇවිල්ලා පුද පූජා පවත්වන්න හින්දු කෝවිලක් කියලා කියන්න කිසිම සාක්ෂියක් පුරාවිද්‍යාත්මක වත් ඓතිහාසික ග්‍රන්ථ වලින් වත් ඒ වගේම ශිලාලිපි වලින් වත් ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම විහාර ගෙයි බිම තියෙන ගල් කණුවක එක ගල් කණුවක් රවුම් ගල් කණුවක් තිබෙනවා. මේ රවුම් ගල් කණුව ශිව ලිංගය ලෙස අර්ථ දක්වමින් තමයි ඔවුන් මේක කෝවිලක් බවට පත් කර ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙලා ඉන්නේ.

මේ නාඩගම නටන්න ආණ්ඩුව ඉඩ දීලා හිටියට මේ රටේ උරුමය ගැන වේදනාවක් තියෙන මේ රටේ පුරවැසියන්ට මේ නාඩගම නටන්න ඉඩ දීලා බලාගෙන ඉන්න බෑ. මේ නාඩගමට තවදුරටත් ඉඩ දුන්නොත් ලංකාවේ අපිට විතරක් නෙවෙයි සමස්ත ලෝක වාසීන්ට වසර දහස් ගණනක් පැරණි සුවිශේෂී පුරාවස්තු උරුමයක් අහිමි වෙන්න නියමිතයි. මොකද ලංකාවේ තිබෙන එකම පද්මාකාර හැඩයෙන් යුතු චෛත්‍යය තමයි තමයි කුරුන්දි විහාරය. ඒ වගේම කබොක් ගලෙන් නිර්මාණය කර තියෙන ඓතිහාසික ම චෛත්‍යය තමයි කුරුන්දි විහාරයේ තිබෙන්නේ. ඊටත් වඩා අපේ මූලාශ්‍ර ග්‍රන්ථවල ඓතිහාසික ග්‍රන්ථ වල කුරුන්දි සිංහල අට්ඨ කථා ග්‍රන්ථාරූඩ කළ විහාරස්ථානය තමයි කුරුන්දි විහාරය. එවැනි දැවැන්ත සුවිශේෂී ඉතිහාසයක් තියෙන මේ පුදබිම විනාශ කිරීමට ඉඩ දී බලා සිටීම මේ ආණ්ඩුවට පුළුවන් උනාට, ආණ්ඩුව මේ විනාශය කරන තුරු නිවටව බලාගෙන ඉන්න මේ රටේ ජනතාවට හැකියාවක් නෑ.

විශේෂයෙන්ම අපේ ඓතිහාසික උරුමය ගැන ආඩම්බර වෙන ඒ ගැන උදම් අනන එය ලෝක උරුමයක් විදියට සමස්ත ලෝකයටම ලෝකයට ම දායාද කළ යුතුයි කියලා සිතන ජනතාවට එයට කිසිසේත් ඉඩ තිබා බලාගෙන ඉන්න බෑ. අවාසනාවට මේ පුදබිම ඉතිහාසය පුරාම ඉතා හොඳින් තිබුණා අපි දැක්කා. රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණෙන සෑම අවස්ථාවකම උතුරු සහ නැගෙනහිර පළාත් වල බෞද්ධ සිද්ධස්ථානවලට අන්තවාදී දේශපාලන නායකයින්ගෙන් තර්ජන ගර්ජන එල්ල වෙනවා. එහෙම වෙන්නේ ඔවුන් ඉතා හොඳින් දන්නවා වෙනදා රටේ නීතිය තමන්ට එරෙහිව ක්‍රියාත්මක වුණත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ තමන්ට එරෙහිව කිසිවක් සිදු වෙන්නේ වෙන්නේ නෑ කියන එක. ඒ ආත්ම විශ්වාසය ඔවුන්ට තිබෙන නිසා තමයි ඔවුන් බය නැතුව ඇවිල්ලා මෙහෙම හැසිරෙන්නේ.

ඇත්තෙන්ම මේකෙ තියෙන ලොකුම විහිළුව තමයි ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රිතුමා කොළඹ ජීවත් වෙලා කොළඹ අධ්‍යාපනය ලබලා කොළඹ කොල්ලුපිටිය ඔහුගේ නිවසේ ජීවත් වෙන්නේ තුන්වැනි පරම්පරාව විදිහට. ඔහුගේ පියා ජීවත් වුණෙත් කොළඹ, ඔහුගේ සීය ජීවත් වුණෙත් කොළඹ. එතකොට ඔවුන් කොළඹ ජීවත් වෙමින් කොළඹ ඉගෙනගනිමින් ඔවුන්ගේ ළමයි කොළඹ පාසල් වලට යවමින් ඉඳලා හිටලා විවේකයට උතුරට ගිහිල්ලා උතුරේ ජාතිවාදය අවුස්සලා ඡන්දෙ දිනාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙලා ඔවුන් පාර්ලිමේන්තුවේ තියෙන සැප සියල්ල විඳින මින් කොළඹ සාමාන්‍ය ජනතාව අතර ජීවත් වෙනවා. ඇත්තෙන්ම ඔහු කොළඹ ජීවත් වෙද්දී ඔහුට කොළඹ ජීවත් වෙන්න කාගෙන්වත් කවදාවත් බාධාවක් වෙලා නෑ. පරම්පරා තුනටම බාධාවක් කවදාවත් එල්ල වෙලා නෑ. ඒ වගේම කොළඹ නගරයේ වැල්ලවත්තේදී කොටුවේදී ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන අවිස්සාවේල්ලේ දී අපි හින්දු කෝවිල් වලට ගිහිල්ලා ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරමින් අනුගත වෙලා අපිට මේ ආගම් සමග ජාතීන් සමග එකට ජීවත් වීමේ උවමනාව අපි යළි යළි යළිත් සනාථ කරල තිබෙනවා. හැබැයි උතුරේ ජනතා වත් එහෙමයි කියන එක අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. අපි කුරුන්දි විහාරය බලා ගියාම දෙමළ දේශපාලකයින් කිපිලා අපිට විරුද්ධව උද්ඝෝෂණයක් ලෑස්ති කරල තිබුනා. උද්ඝෝෂණයට සහභාගි වුණේ 26 දෙනයි. සාතිශය බහුතරයක් ජනතාව තීරණය කළේ අපිව බුලත් දීලා පිළිගන්න. අපිට කිරිබත් වලින් සංග්‍රහ කරන්න. ඔවුන්ගේ ප්‍රශ්න ලිඛිතව සහ වාචිකව අපිට ඉදිරිපත් කරන්න. අපිට එරෙහිව කටයුතු කරන්න නෙවෙයි.

මේ රටට සැබෑ සාමය උදා වන්නේ මේ අන්තවාදී ජාතිකවාදී දෙමළ දේශපාලනඥයින් ගේ ග්‍රහණයෙන් අහිංසක දෙමළ ජනතාව මුදා ගත් දවසට. එහෙනම් අපේ පලමුවෙනි පියවර වෙන්න ඕන මොකක්ද ? කොළඹ ඉඳගෙන උතුරේ දෙමළ ජනතාව ජාතිවාදී ලෙස උසි ගැන්වීම් කරන එකම දේශපාලනඥයා ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා නෙවෙයි. සුමන්දිරන්, විග්නේෂ්වරන්, නිර්මලනාදන් මේ සියල්ලම කොළඹ ජීවත් වෙමින් උතුරට ගොස් දේශපාලනය කරන්න කටයුතු කරන අය. ඒ නිසා ඔවුන්ට කිසිම අයිතියක් නෑ ඔවුන් දකුණේ දී සිංහලයන් සමඟ ජීවත් වෙමින් දකුණේ සිංහලයන් ලබාදී තිබෙන නිදහස උතුරේ දී සිංහලයන්ට අහිමි කරන්න. ඒ නිසා ඔබ දකුණේ විඳින නිදහස උතුරේ දී අපට ලබා දෙන්න කියලා ඉල්ලන්න අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවා.

ඒ නිසා අපි ලබන සතියේ ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ කොළඹ ගීතාංජලී නිවසට ගොස් ඔබ කොළඹ දී විදින මේ නිදහස උතුරේදී අපට දෙන්න කියන ඉල්ලීම උද්ඝෝෂණයක් ස්වරූපයෙන් කරල උතුරේ බෞද්ධයාගෙ සිංහලයාගේ නිදහස දිනා ගැනීමේ සටන පොන්නම්බලම් මහතාගේ නිවස අසලින් ආරම්භ කරන්න අපි සූදානම්.

මේ රටේ උරුමය රකින්න ඕන කියලා හිතෙන ජනතාවට, මේ රටේ ජාතික සමගිය ගොඩනැගිය යුතුයි කියලා හිතන ජනතාවට, මේ අන්තවාදී බෙදුම්වාදී දෙමළ දේශපාලකයින් ගේ ප්‍රෝඩාව අහිංසක දෙමළ ජනතාවට හෙළි කළ යුතුයි කියලා හිතන ජනතාවට, අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා අපි ආරාධනා කරනවා.

+


MTFE අධ්‍යක්‍ෂට ඇප නෑ.. මහජන මුදල් බිලියනයක් වංචා කරයි.. – CID අධිකරණයේදී

(22.08.2023 – 10:40 +0530 – lankacnews.com)

පිරමිඩාකාර මූල්‍ය ගනුදෙනුවක නිරත වන්නේ යැයි චෝදනා එල්ල වී මහ බැංකු විසින් හා රහස් පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරමින් ඇති MTFE ආයතනය විසින් රුපියල් බිලියනයක වැඩි මුදලක් නීතිවිරෝධී අයුරින් මහජනයාගෙන් එක්රැස් කරගෙන තිබෙන බව අධිකරණයට වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත්තේ මෙම ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් නොවන බවත් මෙරට විශාල පිරිසකගෙන් නීතිවිරෝධි ලෙස මුදල් එක්රැස් කර ගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇති බවත් ය.

2022 වසරේ සමාගම් මැදුරේ සමාගමක් ලෙස මෙම ආයතන ලියාපදිංචි කර ඇතත් එම සමාගම කටයුතු කරන නිවැරදි ආකාරයක් දක්වා නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ අතර විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින එම ආයතනය අධ්‍යක්ෂකවරයකු වන ‘ආර්.ඩී.ඩී. තුෂාර ජයවංශ’ විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබේ ෴


‘උමාරා ගස්..’ ජාතික ගීයට අපහාස කල බව තීන්දුයි.. කමිටු වාර්තාව නීතිපතිට…

(22.08.2023 – 09:20 +0530 – lankacnews.com)

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගායන ශිල්පිනි ‘උමාරා සිංහවංශ’ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ‍ව්‍යස්ථාව විරෝධී ආකාරයෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුව විසින් මෙම නිර්දේශ ලබා දී ඇත.

මෙම කමිටුව විසින් ‘උමාරා සිංහවංශ’ ගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

ව්‍යවස්ථාව අනුව ජාතික ගීය පද මාලාව මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු වුවත් ඇය එය උච්ච ස්වරයෙන් ගායනා කරන ලද බව විමර්ශකයන් තහවුරු කරගෙන තිබේ ෴


මේ රටේ ජාතිවාදී ප්‍රශ්නයක් නැහැ… ජාතිවාදයක් තියෙනවා නම් 52% ක් දෙමළ ජනතාව දකුණේ ජීවත් වන්නේ කොහොමද? – සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි

(23.08.2023 – 07:35 +0530 – lankaleadnews.com)

මෙරට කිසිඳු ජාතිවාදී ප්‍රශ්නයක් නොමැති බවත්, සියයට 52 ක් පමණ දෙමළ ජනතාව ජීවත්වන්නේ උතුරේ නොව දකුණේ බවත්, ජාතිවාදී ප්‍රශ්නයක් තිබුනා නම් ඔවුන්ට එසේ දකුණේ ජීවත් වීමට හැකිවන්නේ කෙසේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

ජාතිවාදය අවශ්‍යව ඇත්තේ දෙමළ දේශපාලකයන්ට බවත්, 19977 මැතිවරණයේ දී අමිර්තලිංගම් ගේ බිරිඳ පැවසුවේ ‘මේ රටේ අන්තිම සිංහලයාගේ හමෙන් සපත්තුවක් මසා දමාගන්නා තෙක් නින්ද යන්නේ නැති බව’ යැයි ද ඒ මහතා මෙහිදී සිහිපත් කර සිටියේ ය.

වීඩියෝව :

+


‘ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය’ නව ගෝලීය ප්‍රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳව කෙරෙන විද්වත් සාකච්ඡාව අගෝස්තු 24 දා පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී

(23.08.2023 – 07:07 +0530 – lankaleadnews.com)

ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය නම් මාතෘකාව යටතේ නව ගෝලීය ප්‍රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳව කෙරෙන විද්වත් සාකච්ඡාවක් අගෝස්තු මස 24 වනදා සවස 03:30 ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාගේ ප්‍රධාන දේශනයෙන් යුක්තව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගේ ආරාධිත දේශනයෙන් යුක්තවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ සමාප්ති දේශනයෙන් යුක්තව පැවැත්වෙන සාකච්ඡාව වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා විසින් මෙහෙයවනු ලබන්නේය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතාගේ අරමුණු පැහැදිලි කිරීමෙන් යුතුව පැවැත්වෙන මෙම සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව සහ ඕස්ට්‍රේලියාවේ SPUR සංවිධානය අනුග්‍රහය දක්වති. මෙම උත්සවයට සහභාගි වන ලෙස සියලු දෙනාටම සංවිධායක මණ්ඩලය විසින් ආරාධනය කරයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර හා නීතිඥ මනෝහර ද සිල්වා සූම් තාක්ෂණය ඔස්සේ එක්වන ‘දහතුනේ අනතුර’ විද්වත් සාකච්ඡාව අගෝස්තු 26 දා ඕස්ට්‍රේලියාවේ කැම්බර්වේල් පුස්තකාල පරිශ්‍රයේදී

(23.08.2023 – 06:54 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර හා නීතිඥ මනෝහර ද සිල්වා සූම් තාක්ෂණය ඔස්සේ එක්වන ‘දහතුනේ අනතුර’ විද්වත් සාකච්ඡාව අගෝස්තු 26 දා ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11:15 ට ඕස්ට්‍රේලියාවේ කැම්බර්වේල් පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ‘රාජ්‍ය අරාජිකත්වය පිළිබඳව සොයන ස්වාධීන කොමිෂන් සභාව’ට නියෝජනයක් කැඳවයි

(23.08.2023 – 06:34 +0530 – lankaleadnews.com)

2023 මාර්තු මස 03 වැනිදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත්කරනු ලැබූ 2022 වසරේ ඇති වූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳ පරීක්ෂණය කරන ස්වාධීන කොමිෂන් සභාවට නියෝජනයක් කැඳවමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

රාජ්‍ය නොවන කණ්ඩායම්, බෙදුම්වාදීන්, විවිධ රහස්‍ය කණ්ඩායම්, අන්‍යාගමික හා අනාගමික කණ්ඩායම් විසින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හිංසනයට ලක්කරමින්, බෞද්ධ ආගමික හරය විකෘත්ති කිරීමට දරණ උත්හායන් පිළිබඳව තොරතුරු හා එම සංවිධාන විසින් බෞද්ධ විරෝධී කටයුතු වලට මුදල් සැපයීමේ තොරතුරු ඇතුළත්ව කරුණු 17 ක් පිළිබඳව මෙමගින් තොරතුරු ලබා ගැනීමට නියමිතව තිබේ.

අදාළ නිවේදනය :


කුරුන්දි විහාරාධිපති සන්තබෝධි හිමියන්ගේත්, අරිසිමලේ තිලකවංශ හිමියන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් වහා කටයුතු කරන්න – මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි

(22.08.2023 – 18:53 +0530 – lankaleadnews.com)

උතුරු හා නැගෙනහිර පළාත් බෞද්ධකරණය කරන බවට දෙමළ දේශපාලකයන් නගන චෝදනා පදනම් විරහිත ප්‍රකාශ බවත්, එම දෙපළාත් අමුතුවෙන් බෞද්ධකරණය කළ යුතුව නැති බව හා ඉතිහාසයේ සිටම එම පළාත්වල බෞද්ධ ආගමික වෙහෙර විහාර පැවතුන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

යුද්ධයෙන් පසුව උතුරේ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් සියයට 80 ක් පමණ මේ වන විට විනාශකර ඇති බව මාධ්‍ය ආයතන පවා හෙළිකරන බවද, මෙලෙස උතුරේ පුරාවස්තු සංහාරය මගින් නැවතත් මේ රටේ යුදමය වාතාවරණයක් නිර්මාණය කිරීමට බෙදුම්වාදී කොටස් කටයුතු කරමින් සිටින බවද ඒ මහතා මෙහිදී පැවසීය.

මෙවැනි වාතාවරණයක් තුළ මෙම පුරාවස්තු ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කරන උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගේ හා නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ සංඝනායක අරිසිමලේ තිලකවංශ හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහා කටයුතු කරන ලෙසද චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

වීඩියෝව :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *